IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බියර් අඩු කිරීම ගැන සංඝ සභාවේ චෝදනා

(හර්ෂණ තුෂාර සිල්වා)
 
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැයෙන් බියර් මිල අඩු කිරීමට යෝජනා කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය නොසලකා හැරීමක් යැයි ජාතික සංඝ සභාව අද (13) අවධාරණය කළේය. 
 
ආර්ථික ප්‍රතිපත්ති හා අයවැය සකස් කිරීමේදි රටේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති හා ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තැකීමක් කරන්නේ නැතිදැයි ද ජාතික සංඝ සභාව විමසා සිටියේය. 
 
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති හෑල්ලුවට ලක් කරන මංගල සමරවීර මහතා තවදුරටත් මුදල් අමාත්‍යධුරයේ තබා ගැනීම සුදුසු ද යන්න විමසා බලන්නැයි ජනාධිපතිවරයාට යෝජනා කරන බව ද ජාතික සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා කීහ. 
 
ආණ්ඩුවලට දුරාචාරයට සහාය නොදීමේ ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු බව ද ජාතික සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා පෙන්වා දුන්හ. 
 
රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ජාතික සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා එම කරුණු කීහ.



අදහස් (22)

බියර් අඩු කිරීම ගැන සංඝ සභාවේ චෝදනා

අනුර ඉලන්කෝන් Monday, 13 November 2017 12:36 PM

මත් කුඩු ප්‍රශ්නයක් නොවිච්ච බියර් ප්‍රශ්නයක් වෙච්ච සංඝ සභාවක් ....

:       4148       5835

PrasaMonday, 13 November 2017 02:50 PM

මේ සංඝ සභාවල් බොහෝමයක් එක්කෝ දේශපාලන අතකොළු, නැතිනම් ඒ අයගේ මමත්වය වෙනුවෙන් කරළියට එන්න හදන හාමුදුරුවරු... ඇත්තට කියනවා නම්, මේ ආණ්ඩුවේ පිළිවෙළකට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ මංගල ඇමැති විතරයි. පාටලීත් එක එක කතා කියනවා.. නමුත් වැඩ අතරමග.. කොහොමින් හරි දැන් සංඝ සභාව හදන්නේ මංගලව අඩපණ කරන්න. කතාවේ පොලිටිකල් බලපෑම ඔයාලට හිතාගත්තැහැකි. ඕකයි ලංකාවට දියුණු වෙන්න බැරි...

:       761       892

nishanMonday, 13 November 2017 10:27 PM

ඇයි මේ ආණ්ඩුවට කියන්නේ. ගිහින් මහින්දට කියන්නකෝ.

:       1       1

BamunuarachchiMonday, 13 November 2017 11:50 PM

අනුර ඉලන්කෝන් මේකනේ ප්‍රශ්නය මත් කුඩු වලට රජයෙන් අනුමැතියක් දීලා නැහැනේ කාටත් කියන්න පුලුවන් මත් අල්ලන්න කියලා විතරයි. නමුත් බියර් වලට රජයේ අනුග්‍රහය ලැබිලානේ අන්න ඒ නිසයි බියර් වලට විරුද්දව කතා කරන්නේ. මත්පැන් වලට විරුද්දව කතා නොකරන්නේ ක්‍රිස්තියානි අය විතරයි

:       67       50

Sanjeewa Monday, 13 November 2017 12:57 PM

ජනාධිපතිතුමා දුන් පොරොන්දුවක් තමයි මතට තිත සංකල්පය. අවුරුදු 3ක් කිට්ටුවෙන කොට තිතට මත වෙලා.

:       364       889

kap Monday, 13 November 2017 01:02 PM

මිනී මෑරුම්, හොරකම්, කුඩු, කසිප්පු නෝ ප්‍රොබ්ලම්.... බියර් අඩු කිරීම බුදු අම්මෝ, බිග් ප්‍රොබ්ලම්... අදම යමු උපවාස, වර්ජන, තර්ජන, උද්ඝෝෂණ කරන්න.

:       552       451

Bamunuarachchi Monday, 13 November 2017 01:07 PM

හාමුදුරුවරුනේ මොන කතාවක්ද ඔය කියන්නේ? බීර මිල අඩු කිරීම කොහොමද දුරාචාරයට මුල වෙන්නේ. ඉස්කාගාර මත්පැන්වල මිල වැඩිකලාම මිනිස්සු කසිප්පු බොනවා එතකොට එක දුරාචාරය නොවෙයිද? ඒ දුරාචාරයට මුල මොකක්ද ඉස්කාගාර මත්පැන්වල මිල වැඩිකිරීම නේද? ඊළඟට බියර් වල මිල අඩු කලාට කෑ ගහනවා මඩකලපුවේ අලුතින් ස්කාගාරයක් අරිනවා එ්කට කතා නැහැ. එ්ක දුරාචාරය නොවෙයිද? මොනවාද හාමුදුරුවනේ මේ හතර බීරි කතා.

:       869       653

rocky Monday, 13 November 2017 02:07 PM

අනේ හාමුදුවරුනේ, රටේ මැතිඇමැතිවරුන්ට ඔවුන්ගේ භාර්යාවන්ට අයිති අරක්කු තැබෑරුම් බාර් කොච්චර තියෙනවද? දේශපාලකයන් අතරේ කුඩු මුදලාලිලා කී දෙනෙක් ඉන්නවද? කී දෙනෙකුට ඉස්කාගාර තියෙනවද? ඒවාට එරෙහිව කතා කරන්න මොකෝ බැරි? මේ නිසා මුළු සාසනේම බෞද්ධයින්ට එපාවෙන දවසකුත් ලඟා වෙන්න පුළුවනි.

:       1232       386

Praba Monday, 13 November 2017 02:18 PM

බියර් කිව්වත්, කසිප්පු කිව්වත් ඔක්කොම ඇල්කොහොල්.. අපේ ගෑණු පිටරට වහල්කම් කරනවා. මිනිස්සු බීලා මැරෙනවා. පුදුමයි..

:       7       624

BamunuarachchiMonday, 13 November 2017 11:08 PM

ඕක ගැහැණු මිනිසුන්ගේ ප්‍රශ්නයක් මිස මත්පැන් වල ප්‍රශ්නයක් නොවෙයි මොකද මත්පැන් බොන්නේ ලංකාවේ මිනිස්සු විතරද? මත්පැන් තිබෙන්නේ ලංකාවේ විතරද? නේපාලය බෞද්ධ රටක් ඕනෑම කඩයකින් මත්පැන් ලබා ගන්න පුලුවනිලු නමුත් අපේ රටේ තරම් බේබද්දෝ ඒ රටේ නැතිලු.

:       17       27

සුරංගTuesday, 14 November 2017 02:54 AM

මහත්තයෝ බියර් බීලා මිනිස්සු මැරෙනවා අහල තියනවද ??

:       553       10

JayaweeraTuesday, 14 November 2017 03:32 AM

බියර් වලින් පටන් අරන් අනෙත් ඒවට යනව. අන්තිමේ සිරෝසිස් හැදිල 40න් මැරෙනව.

:       3       21

PrabaTuesday, 14 November 2017 04:11 AM

ලෝකයේ වැඩිම සිරෝසියස් වලින් මිය යන රට ලංකාවයි. බියර් විතරක් බීලා සිරෝසියස් හැදුන අය ඕනතරම් ඉන්නවා...

:       1       8

BamunuarachchiTuesday, 14 November 2017 04:18 PM

බියර් තියා කිසිම මත්පැන් වර්ගයක් නොබිව් අයටත් සිරෝසිස් හැදෙන බව දන්නවද?

:       0       0

Sanka Monday, 13 November 2017 05:25 PM

ජාතිය ගොඩ නගන්නේ කොහොමද බොන්නේ නැතුව ...?

:       0       0

sanju Monday, 13 November 2017 09:27 PM

බයිලා ගහන්නේ නැතුව මේ රටේ හොර දේශපාලකයන්ව එලවන්න කෑ ගහන්න......අර වන විනාශය ගැන කෑ ගහන්න, රටේ ඉන්න පාතාලේ නවත්වන්න කෑ ගහන්න.

:       0       29

Palitha Galapitiya Tuesday, 14 November 2017 01:22 AM

අනේ රටකට ගිය කලක්

:       0       0

Gihan Tuesday, 14 November 2017 03:49 AM

හාමුදුරුවො සියලුම මත් ද්‍රව්‍ය වලට විරුද්ධව කතා කරනව දැකල නැති උන්, බාර් ලයිශන් වලට විරුද්ධව ගමේ මිනිස්සු එකතු කරගෙන උද්ඝෝශන කරපුව, අමධ්‍යප සංවිධාන හදාගෙන කතා කරපුව මුන් නොදන්නේ මේ රටේ ඉන්න පිරිසක් වෙන්න බෑ.

:       1       86

Liyanage Ramanayake Tuesday, 14 November 2017 05:36 AM

මහ සංඝයා බල බලා ඉන්නේ ආණ්ඩුවට ගහන්න. වැඩක් කරන්නෙත් නැහැ.කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ.මෙහෙම ගියොත් බෞද්ධයාට බුදු දහමත් එපාවේවි.තුට්ටු දෙකේ කතා නැතුව පහුගිය ජනපතිගේ හොර කල්ලියේ ක්‍රියාකාරකම් ගැන දේශනා කරන්නේනම් මැනවි.

:       1       55

THILAK Tuesday, 14 November 2017 06:11 AM

සිංගප්පූරුව, මලයාසියාව ,තායිලන්තය වැනි රටවල පොඩි කඩයකින් උනත් සැර බීම ගන්න පුළුවන් . හැබයි ලංකාවේ වගේ බේබද්දෝ නෑ. ප්‍රංශයේ පාරදී උනත් කොල්ලයි කෙල්ලයි ඉඹ ගන්නවා . හැබයි ලංකාවේ වගේ පිරිමින්ට අසහනයක් නැ. ගණිකාවොත් නැ . එතොකොට ප්‍රශ්නය මොකද්ද ?

:       0       25

කුමාර් (ගල්ෆ්) Tuesday, 14 November 2017 12:00 PM

සඟ සභාව බියර් නොවෙය්නේ වැඩිපුර පාවිච්චි කරන්නේ, ඉහල මට්ටමේ සැර ජාතිනේ.

:       0       0

rocky Tuesday, 14 November 2017 01:00 PM

ප්‍රභා, ඔය කියන ගණන් හිලවු කොහෙන්ද අහුලා ගත්තේ. නොදන්නා දේවල් ගැන බොරු කියන්න එපා!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 43 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 106 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 150 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 305 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 681 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 878 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site