IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන බෙදන අංක සූත්‍රය එළියට

(යොහාන් භාසුර)

කිසිඳු විශේෂ වාහන ඝණයකට ඇතුළත් නොවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත බලශක්ති අමාත්‍යංශය වෙන්කර තිබේ.

අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින් දා, ඉලක්කම 3, 4 සහ 5 නම් අඟහරුවාදා සහ සිකුරාදා ද, ඉලක්කම 6, 7, 8 සහ 9 නම් බඳාදා, සෙනෙසුරාදා සහ ඉරිදා ද, ලෙස දින වෙන්කර තිබේ.

ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට සතියකට හෝ මාසයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකි බව ද මණ්ඩලය පවසයි.

 



අදහස් (18)

ඉන්ධන බෙදන අංක සූත්‍රය එළියට

Sunil Ambalangoda Wednesday, 22 June 2022 06:38 PM

ඉන්ධන පිරවුම්හල්වලට දිනපතා ඉන්ධන ලැබෙන්නේ නැතිනම් මොකද කරන්නේ...? තමන්ට අදාල දිනට ඉන්ධන නොලැබේ නම්, දවස් කීපයක් පෝලිමේ ඉන්න වෙනවා නම් මොකද කරන්නේ...? ගමේ පෝළිම​, චන්ඩින්ගේ පෝලිම වගේ පෝලිම් නවත්වන්න මොකද කරන්නේ....?

:       3       43

wicky Wednesday, 22 June 2022 07:09 PM

මේවත් ඉතින් ඇමැතිලාට අදාළ නැහැ. අපිට තණකොළ කපන්න සහ වත්තේ මැෂින්වලට පෙට්‍රල් ගන්න විදිහක් නැහැ. වවන්න කිව්වට වගාකරන මනුස්සයාට අවශ්‍ය කිසිම දෙයක් දෙන්නේ නැහැ.

:       2       32

SWISS Wednesday, 22 June 2022 07:12 PM

මොන බෙදන සූත්‍ර දැම්මත් වැඩක් නැහැ ඊළඟ තෙල් නැව ආවහම ගෙවන්න ඩොලර් එකතුවෙලා නැත්නම්...! මෙයට ප්‍රධාන හේතුව ණයට තෙල් අරගෙන ලංකාවේ ඉතා අඩු මුදලකටනේ විකුණන්නේ..? පොළවෙන් තෙල් උණන රටවල් වෙලත් මෙන්න ඇමරිකාවේ තෙල් ලීටරයක මුදල $ 2.28 [රු. 812 ].. එංගලන්තයේ ලීටරයක මුදල £1.87 [ රු. 840 ] යුරෝපයේ ලීටරයක මුදල යුරෝ € 2.18 [ රු. 813 ] ලංකාවේ ලීටරයක මුදල රු 450 කි..! ඒ කියන්නේ තෙල් නැව ගන්නට ගෙවන මුදලින් බාගයක මුදලට තමයි.. ඒ මුලු තෙල් නැවේම තෙල් රටතුළ විකුණන්නේ..!

:       54       23

lankaWednesday, 22 June 2022 08:59 PM

පුන්නක්කු ගණන් එකේ තණකොළවත් කන්න. එහෙ පඩියත් රුපියල් වලින් බලන්න.

:       7       56

ගමේ ජුවන්Wednesday, 22 June 2022 09:30 PM

මෙයා ඩොලර් රුපියල්වලට හරවන කෙනෙක්...

:       0       1

Sunil Ambalangoda Wednesday, 22 June 2022 07:45 PM

ඉන්ධන පිරවුම්හල්වලට දිනපතා ඉන්ධන ලැබෙන්නේ නැතිනම් මොකද කරන්නේ...? තමන්ට අදාල දිනට ඉන්ධන නොලැබේ නම්, දවස් කීපයක් පෝළිමේ ඉන්න වෙනවා නම් මොකද කරන්නේ? ගමේ පෝළිම​, චණ්ඩින්ගේ පෝළිම වගේ පෝළිම් නවත්වන්න මොකද කරන්නේ...?

:       3       26

de silva Wednesday, 22 June 2022 08:08 PM

ඉන්ධනහල්වල දිනපතා දෙන්න තෙල් තිබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අදාළ දිනේ පිරවුම්හලේ තෙල් නොමැති නම් කුමක්ද කරන්නේ...? සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මයේ හෝ වෙනත් ව්‍යාපාරවල යෙදෙන මිනිස්සු තෙල් ගන්නේ කොහොමද?

:       1       15

රැටිටා Wednesday, 22 June 2022 08:50 PM

ගම් ප්‍රදේශයෙන් පිට රැකියා කරන මිනිස්සු තමන්ගේ වාහනයට ඉන්ධන ලබා ගන්නේ කොහොමද? ඔවුන් වෙනුවෙන් කවුරුත් පෝලිම්වල ඉන්න කැමති වෙන්නේ නෑ. විශේෂයෙන් දුරබැහැර ප්‍රදේශවල සිට කොළඹ ප්‍රදේශයේ රැකියාව කරන අය අති අන්තයේ පමණක් නිවෙස්වල රැඳී සිටින්නේ.. වාහන අංකය අනුව ඔවුන් සතියේ දිනවල ඉන්ධන ලබාගන්නේ කොහොමද?

:       2       18

මතිශ පෙරෙරා Wednesday, 22 June 2022 08:51 PM

අදාල දිනට, එම ස්ථාන වලට පෙට්‍රල්, තොග ඇවිත් නොතිබුණොත්, මොකද වෙන්නේ...?

:       0       31

D Udara Sampath Dhanapala Thursday, 23 June 2022 03:17 PM

ඒ ක්‍රමයට ගහද්දී සමහරු දවස් 7 ම ගහන්න ඉඩ තියෙනවා. මොකද අංක තහඩුව මාරු කරගෙන එන්න පුළුවන් නේද යාළුවන්ගෙන් ඉල්ලලා... ඒ ගැන සැලකිලිමත් වුණොත් හොඳයි.

:       0       0

W M Chaminda kumara Thursday, 23 June 2022 04:41 PM

මෙම ක්‍රම හරියන්නේ කාර් සහ බයික්වලට පමණක් බවයි. ත්‍රි රෝද රථ හිමියන් ජීවනෝපාය කරගන්නේ එම රථයෙන්... එම නිසා මෙම ක්‍රමය නොගැලපෙන බවයි මගේ අදහස..!

:       0       0

K.G.Geethani Thursday, 23 June 2022 05:40 PM

ඔව්, ඒක හොඳයි, 3 වීල් සහ බයික් නිසා අපිට එකම දවසකවත් තෙල් ගන්න ලැබුණේ නෑ. මේ ක්‍රමය හොඳයි..

:       0       0

Thilak Thursday, 23 June 2022 09:21 PM

අදාල දිනට ඉන්දන තොග අදාල ප්‍රදේශයේ ඉන්දන හල වෙත නොලැබුනොත් මොකද කරන්නෙ. ප්‍රායොගික නැහැ එම වැඩපිලිවෙල.

:       0       0

Lal Silva Friday, 24 June 2022 09:52 AM

පෝලිම 1/3 කට බසසනවා ඒ ඇතිද?

:       0       1

Lalith perera Friday, 24 June 2022 10:55 AM

මේක හොඳ විසඳුමක් දිගු පෝළිම් වලට. මෙය හැකිතරම් ඉක්මණින් ක්‍රියාත්මක කරන්න.

:       0       0

කංචනමාල් වික්‍රමරත්න Friday, 24 June 2022 04:35 PM

මෙම ක්‍රමය ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ...

:       0       0

Danuska Friday, 24 June 2022 06:20 PM

මෙම ක්‍රම එකක්වත් හරියන්නේ නැහැ... ඉල්ලුමට සැපයුම දීම වැදගත්...

:       0       0

ASHOKA SAMAN Saturday, 25 June 2022 10:11 AM

අංක තහඩු ක්‍රමය හොඳයි... නමුත් ක්‍රියාත්මක කරන කොට මතුවෙන ගැටළු වැඩියි. එමනිසා සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කරන ස්ථානයෙන්ම කාඩ්පතක් නිකුත් කරන ලෙස යෝජනා කරමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 290 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 816 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2139 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2381 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 705 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 298 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site