IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සතො​ස හාල් කිලෝ ලක්ෂ 4 ක් සත්ත්ව ආහාරවලට

(මුදිතා දයානන්ද)

සතොස ගබඩාවල තිබූ සහල් කිලෝ 410,484 ක් සත්ත්ව ආහාරවලට වෙන් කිරීමට සිදුව ඇතැයි සතොස ආයතනයේ ප්‍රධානියෙකු පැවසීය.

මෙසේ සත්ත්ව ආහාරවලට යොමු කරන ලද සහල් අතර ආනයනික සහල් කිලෝ 388,484ක් හා දේශීය සහල් කිලෝ 22,000 ක් පවතින බවද ඔහු පැවසීය.

මෙසේ සත්ත්ව ආහාරවලට යොමුකර තිබෙන්නේ 2017 හා 2018 වසරවලදී ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 110,000ක් අතරින් බෙදාහැරීම් නොකර ගබඩාවල ඉතිරි වු සහල් බවද එම නිලධාරියා පැවසීය.

ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍යවරුන් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව මෙම සහල් සත්ත්ව අහාර ලෙස නිකුත් කිරීමට තීරණය කළ බවද ඔහු පැවසීය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුලු කණ්ඩායමක් වීරවිල, හිගුරක්ගොඩ හා කොළඹ මැක්ලම් වීදියේ සතොස ගබඩා පරීක්ෂා කළ අවස්ථාවලදී එම ගබඩාවල තිබී සත්ත්ව ආහාරවලට වෙන් කළ සහල් කිලෝ 54,25,000ක් සොයාගත් බවද පසුගිය දා වාර්තා විය.

වීරවිල සතොස ගබඩාවෙන් සහල් කිලෝ ලක්ෂ 50 ක්, හිඟුරක්ගොඩ ගබඩාවෙන් කිලෝ 406,000ක් හා මැක්ලම් වීදීයේ ගබඩාවෙන් කිලෝ 10,000 ක් වන පරිදිය.

හිඟුරක්ගොඩ ගබඩාවේ සත්ත්ව ආහාරවලට වෙන්කළ සහල් කිලෝ 56,000 ක් කල් ඉකුත් වීමට මාස දෙකකට පෙර මෙලෙස සත්ත්ව ආහාරවලට වෙන්කර තිබූ බවද මැක්ලම් වීදීයේ ගබඩාවේ තිබූ සහල් කිලෝ 19739 ක් සත්ත්ව ආහාරවලට වත් භාවිතා කළ නොහැකි තරමට කල් ඉකුත්ව තිබීම හේතුවෙන් මාළිගාවත්තේ වළ දැමීමට එහි නිලධාරීන් කටයුතු කර තිබූ බවද පසුගියදා වාර්තා විය.

පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා සහල් ආනයනය කිරිම සම්බන්ධයෙන් පරීක්ෂනයක් සිදුකරන්නේ දැයි අප කළ විමසීමකදි  අභ්‍යන්තර වෙළඳ , ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යංශ ලේකම් ජී.කේ. එස්. එල්. රාජදාස මහතා මෙසේ පැවසීය.

     ‘‘රටේ සහල් සිඟයක් ඇති වන බවට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් වගකීම දරණ ඇමතිවරයා සහල් ආනයනය කිරීමට පෙළඹෙනවා. සහල් හිගයක් නැතිව රටට සැපයීම ඔහුගේ වගකීමක්. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ඒවා ලංකාවට එනකොට මෙහේ අස්වනු කපලා.

අපේ රටේ වැඩි දෙනෙක් විදේශීය සහල්වලට වඩා දේශීය සහල්වලටයි කැමති. ඒ නිසා තමයි මේ සහල් අලෙවිය අඩුවෙන්නේ. ඒවා වසර කීපයක් ගබඩාවල තිබුණාම භාවිතයට ගන්න බැරිව සත්ත්ව ආහාරවලට වෙන්කරන්න සිදුවෙනවා.‘‘

 



අදහස් (32)

සතො​ස හාල් කිලෝ ලක්ෂ 4 ක් සත්ත්ව ආහාරවලට

Hafeel Friday, 07 February 2020 01:48 PM

මේකටත් කමිටුවක් පත් කරල කල් මරන්න...

:       120       442

lankaFriday, 07 February 2020 06:59 PM

ඕකෙන් පෙන්නුම් කරන්නේ ගබඩා කටයුතු සම්බන්ධයෙන් ඉන්න අධ්‍යක්ෂකවරු, කළමනාකාරවරු සහ පාලකවරු අදක්ෂ සහ නොසැලකිලිමත් බවයි. ඔවුන් මෙවැනි රජයේ මුදල් පරිහරණය කරන ආයතනයකට නුසුදුසු බවයි. මොවුන්ව මේ තනතුරුවලට සුදුසු නැහැ. කරුණාකර මොවුන්ව පලවා හරින්න.

:       0       134

NishanFriday, 07 February 2020 09:12 PM

අනිවාර්යයෙන්ම කරයි. රන්ජන්ගේ හඬපට නාඩගම නැටීම හැරුණාම මේ ආණ්ඩුව කරපු කිසිම දෙයක් නෑ. මේවට වගකිව යුතු අය මේ ආණ්ඩුවෙන් ආරක්ෂා කරනවා ඡන්ද බලාගෙන...

:       6       105

Sanath KandySaturday, 08 February 2020 03:48 AM

පහුගිය කාලේ සහල් මිල පොදු ජනතාවට දරාගන්න බැරි තරම් ඉහල යද්දිත් මේ සහල් තොග වෙළඳපලට නොදැම්මේ සහල් මෝල් හිමියන්ගේ මාවියාවට මේ දේශපාලකයෝ සහ නිලධාරින් සියලු දෙනා යටවී සිටින නිසා. නාමල් කරුණාරත්න සහෝදරයා ජාතික වගකීමක් ඉටු කරන්නේ. ජවිපෙ නොහිටින්න මේ අපරාධ ජනතාවට දැනගන්නවත් ලැබෙන්නේ නැහැ.

:       9       406

BamunuarachchiSaturday, 08 February 2020 07:26 AM

මෙතැන ලියන සමහරක් හිතනවා නොවැම්බර් 16 වැනිදායින් පස්සේ සතොසේට ගෙනාව හාල් තමයි මේ නරක් වෙලා තිබෙන්නේ කියලා....

:       4       40

NissankaSaturday, 08 February 2020 08:21 AM

නොවැම්බර් 16ට කලින් ගෙනාපු හාල් නොවැම්බර් 16න් පස්සේ බෙදාහරින්න තහනම්ද? හාල් ඒ වෙනකොටත් නරක්වෙලා තිබුණානම් ඇයි මේ ආණ්ඩුවෙන් ඒ ගැන හොයලා වගකිවයුත්තන්ට දඬුවම් නොකළේ? පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්වත් නැති නාමල් කරුණාරත්නලාට විතරද මේ ගැන කැක්කුමක් තියෙන්නේ? අපි පත්කරලා යවන අනිත් ජනතා නියෝජිතයන් නිදිද?

:       0       122

Sujeewa Friday, 07 February 2020 01:57 PM

රාජදාස ලේකම්තුමෝ, බයිලා කියන්න එපා. මිල වැඩි නම්, අවම වශයෙන් මේ සහල් ප්‍රමාණය, කල් පනින්න කලින් නොමිලේ දුප්පතුන්ට දුන්නා නම් ඒවා, වලදාන්න හෝ සතුන්ට දෙන්න අවශ්‍යතාවයක් නෑ නේද? රට බංකොලොත් කළා මදිවට බයිලත් කියනවා.

:       1       264

NishanFriday, 07 February 2020 09:15 PM

කල් ඉකුත් වෙන්නේ 2020 පෙබරවාරි මාසේ. මේ ආණ්ඩුව පත් වෙන්නේ 2019 නොවැම්බර් මාසේ. මාස 3 ක් බෙදා නොහැර කල් ඉකුත් වෙන්න ඉඩ දීලා තිබුනේ තවත් මාෆියා කාරයෙක්ව පෝසත් කරන්නද දන්නේ නැහැ...

:       0       22

Priyantha Friday, 07 February 2020 01:57 PM

විදුලි කොටන්න එපැයි මේ කරන අපරාදෙට...

:       0       243

පිටිගල මිලානෝ Friday, 07 February 2020 01:57 PM

වහාම සභාපතිගේ වැඩ තහනම් කරන්න.

:       0       218

Dil PereraFriday, 07 February 2020 02:29 PM

"ජරාපාලනය" වලපල්ලට යනකොට, මිනිහා අපාගත වෙලා ඇති. රටට කරපු හෙනයක්...

:       2       21

kamalFriday, 07 February 2020 10:18 PM

සභාපතිව පත් කරපු අයට මොකද...?

:       0       50

Raveendra Friday, 07 February 2020 02:32 PM

දැන් මේ විනාශයට වගකියන්න ඕනේ අහිංසක බදුගෙවන මහජනතාවද? නැත්නම් හිටපු " ඇමති, නියෝජ්‍ය ඇමති හා උගත් යයි කියාගන්නා එහි නූගත් උසස් නිලධාරීන් නොවේද?" එලෙසම දැන් නිදහස කරුණු කප්පරක් කියයි. රටටත් වැඩක් නැති, තමන්ටත් වැඩක් නැති මේ අය.. මේ කෙරුවා වූ පාපකර්මයට මෙලොවදීම උත්තර ලැබෙනු ඇත.

:       0       62

raheem Friday, 07 February 2020 03:22 PM

දැන් මේවා ගෙන්නපු හිටපු ඇමති තවම ලංකාවේ ඉන්නවා නේද? එයාවත් සත්තුන්ට කන්න දෙන්න.

:       0       58

Pradeep Friday, 07 February 2020 04:52 PM

බොහොම සරල හා පහසු උත්තරයක් ලේකම්ගෙන්. සාමාන්‍ය මිනිහෙක් අතින් පොඩි වරදක් වුණා නම් කොහොමද නීතිය? පහුගිය කාලේ හාල්මිල තව ටිකක් අඩුකරලා දුන්නා නම් අද මේ ටික විකිණිලා. අනික මේ හාල් සත්ව ආහාර වලටම වෙන්කරයිද...? මේවට කරන්නේ වී මෝල්වලට ගෙනියලා හාල් පොලිෂ් කරන මැෂින් එකට දාලා නැවත මිනිස්සුන්ට කන්නම අලුතින් බෑග්, ලේබල් ගහලා එවන එක.... අපි නොදන්නා මොනරතැන්න..

:       0       52

Chathuti Friday, 07 February 2020 06:15 PM

මේවා කන්න දීලා කට්ටිය පාර්ලිමේන්තුව වර්ජනය කරයිද? මීට කලින් මේවා කන්න දුන්නේ ජනතාවට නොදන්නාකමට මුදලක් දීලා කෑවා. දැනුයි මතක් වුනේ මේවා. සත්තුන්ට දෙන්න. ගුල්ලොත් එක්ක කිරිබත් හදලා දෙන්න

:       0       29

indra Friday, 07 February 2020 06:29 PM

හිතට එන දේවල් දැම්මොත් ඒවා පල වෙන්නේ නෑ... මොන පුද්ගලයා කරත් මේවා සහගහන අපරාධ. ජනතාවගේ මුදල් දියවන්නාවේ බලවතුන් වසර 70ක්ම මේ විදිහට විනාශ කරා.. කාට කියන්නද මේ දුක..?

:       0       13

3% Friday, 07 February 2020 08:34 PM

නාමල් කරුණාරත්නට විකාර...!!! මේ හාල් අපරාදෙනේ සත්තුන්ට දෙන්නේ.. මේ අය තමයි මේ හැම දේකටම ඇඟිලි ගහන්නේ...

:       104       0

VajiraSaturday, 08 February 2020 08:25 AM

හරියට නිවුස් එක කියවලා කමෙන්ට් කරන්න. නාමල් කරුණාරත්න තමයි මේ අපරාධය හෙළි කළේ. ජවිපෙ ගොවි සංවිධානය නොතිබෙන්න මේ අපරාධය රටට හෙළි වෙන්නෙත් නැහැ. හොර රහසේම මේවා විනාශ කරලා දානවා..

:       0       58

abaran Friday, 07 February 2020 10:58 PM

"රටේ සහල් හිඟයක් ඇතිවන බවට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් වගකීම දරණ ඇමතිවරයා සහල් ආනයනය කිරීමට පෙළඹෙනවා. සහල් හිඟයක් නැතිව රටට සැපයීම ඔහුගේ වගකීමක්. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ඒවා ලංකාවට එනකොට මෙහේ අස්වනු කපලා. අපේ රටේ වැඩි දෙනෙක් විදේශීය සහල්වලට වඩා දේශීය සහල්වලටයි කැමති. ඒ නිසා තමයි මේ සහල් අලෙවිය අඩුවෙන්නේ. ඒවා වසර කීපයක් ගබඩාවල තිබුණාම භාවිතයට ගන්න බැරිව සත්ව ආහාරවලට වෙන්කරන්න සිදුවෙනවා." මේ වගේ බයිලා ගහන රාජ්‍ය නිලධාරීන් කිසිම තනතුරකට සුදුසු නැත..මොවුන් පමණක් නොව මෙවැනි නිලධාරීන්ගේ කියුම් අසා නොමග යන ගොන් ඇමතිවරුන් රටෙන් පිටුවහල් කළ යුතුයි..

:       0       118

ranjith Saturday, 08 February 2020 12:41 AM

මහජන මුදල් විනාශ කරන නිලධාරීන්... මේ අයට ඔලුවක් නැතිද? එක්කෝ මේවා අඩු ගණනටවත් දුප්පත් මිනිස්සුන්ට දෙන්නට තිබ්බා..

:       0       105

මුණසිංහ Saturday, 08 February 2020 12:46 AM

ලේකම්ගේ කතාවෙන්ම පේන්නේ කිසිම සැලැස්මක් නැතිව වැඩ කර ඇති බව... මහජනතාවගේ මුදල් නැති නාස්ති කර ඇති බව... මෙතන බරපතල වංචාවක් සිදුව ඇති බව පේනවා. දේශපාලකයන් ඊට මැදිහත්ව ඇති... සමහරවිට සත්ව ආහාරවලට දෙන්න කලින් ඉඳන්ම ප්ලෑන් කරලත් ඇති... වහාම පරීක්ෂණ කරලා දැඩි දඬුවම් දෙන්න ඕනෑ කාටවුණත්...

:       0       60

Rohan Saturday, 08 February 2020 12:54 AM

ශ්‍රී ලංකා රජයේ දුර්වලම කළමනාකාරීත්වයක් තියෙන තැනක්..

:       0       53

Gamage Saturday, 08 February 2020 04:27 AM

හාල් හිඟයක් කියලා මිනිස්සුන්ට කන්නවත් නැතිව හාල්මිල අහස උසට ගියා... රජයේ ගබඩාවල හාල් හංගගෙන ඉඳලා කල් ඉකුත්වෙලා. තමන් සතුව ඇති සහල් තොග පිළිබඳවත් අවබෝධයක් නැති හරක්ද සතොසේ ඉන්නේ? රටේ සහල් හිඟයක් පවතින වෙලාවකවත් රජය සතු සහල් ගබඩා ගැන නොදන්න ඇමතිවරයා තොත්ත බබෙක්ද? හාල් මාෆියාවට ඇමතිවරයා ඇතුලු රජයත්, රජයේ ආයතනත් සම්බන්ධයි කියන එක නේද මේ ඔප්පු වෙන්නේ... ජනතා බදුමුදලින් යැපෙන පාඩු ලබන සතොස ජනතාවටම ද්‍රෝහිවෙලා...

:       0       126

palitha Saturday, 08 February 2020 06:46 AM

සතොසේ වැඩකරාට ඔය අය කොමිස් ගන්නේ පුද්ගලික හාල් මෝල් කාරයින්ගෙන්... ඔවුන්ගේ කීමට කොමිස් අරන් සතොසේ හාල් හංගනවා. ඔවුන්ගේ හාල් සතොසේ විකුණනවා. මහජනතාවගේ මුදලින් ගේන හාල් පරණ කරනවා..

:       0       47

Saman Saturday, 08 February 2020 08:00 AM

මෙලෙස කලමණාකරණය නොකර අදාල බලධාරි කටයුතු කිරීම සම්බන්ධ සියලු නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       51

Ruhunu Saturday, 08 February 2020 10:31 AM

මේ හාල් කොහෙන්හරි කරකවලා මිනිස්සුන්ටම කවාවි...

:       0       1

කපුරුහාමි Saturday, 08 February 2020 11:48 AM

කිසිම කළමනාකරණයක් හරියට නැතිකම... කාට කියන්නද? මෙහෙම නාස්තියක්... හෙනගහන වැඩ...

:       0       4

ravi Saturday, 08 February 2020 12:00 PM

ඔය කියන්නේ..., මේ ආහාරයට නුසුදුසු දේවල් සත්තුන්ට කන්න දීලා.. ඊට පස්සේ අපි මේ සත්තුන්ගේ කිරි, බිත්තර, මස්.. අපි ආහාරයට ගනිමු කියලා නේද..? ඇත්තටම මේ වගේ මොලයක් නැති කකුල්දෙකේ හරක් ඉන්න තවත් රටක් මේ ලෝකේ තියනවද..? පණ්ඩිතයන්, විශ්වවිද්‍යාලකාරයින්, උගත්තුන් එමටයි. එ්ත් හිතන්න, කල්පනාකරන්න ශක්තියක් තියන මොලයක් තියන එකෙක් නම්, අපි තාම දැකලා නැහැ.

:       0       4

banda Saturday, 08 February 2020 12:44 PM

නොවැම්බර් 16 ඉඳලා ආණ්ඩුව පොල් ගානවද? හොඳට තියෙන හාල් ටිකවත් බෙදලා දෙන්න තිබුණා. කල් ඉකුත් වෙන්න මාස දෙකක් තියෙන හාල් සත්ව ආහාර ලෙස වෙන්කරන කොට පාලකයින් බුදිද?

:       0       1

Bamunuarachchi Sunday, 09 February 2020 11:23 AM

"මේ ආණ්ඩුවෙන් ඒ ගැන හොයලා ඇයි වගකිවයුත්තන්ට දඬුවම් නොකළේ? පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්වත් නැති නාමල් කරුණාරත්නලාට විතරද මේ ගැන කැක්කුමක් තියෙන්නේ? අපි පත්කරලා යවන අනිත් ජනතා නියෝජිතයන් නිදිද?" ඉස්කෝල කොල්ලෝ දෙන්නෙක් ගහ ගත්තාට දඬුවම් කරන විදිහටද දඬුවම් කරන්න කියන්නේ මැට්ටා ?

:       0       3

lalithm Monday, 10 February 2020 03:27 AM

රටේ දැන් කෙරෙන සහ කරපු දේවල්වල හැටියට ඉන්නේ වැඩිපුර සත්තු කියලා තේරෙනවනේ. ඉතින් සත්ව ආහාර ගෙන්වන එකේ වරද මොකක්ද? ඔන්න ඔහේ බෙදලා දමන්න කියන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 615 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 115 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 845 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 868 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1243 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1128 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site