IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සම්බා කීරි සම්බා වී මිල ගණන් වැඩි කරන යෝජනාවක් කැබිනට්ටුව

(යොහාන් භාසුර)

සම්බා වී කිලෝවක් රුපියල් 60 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 70 බැගින් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

එම යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව කී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ගේ ඉල්ලීමට අවදානය යොමු කරමින් පසුගිය සතියේ නාඩු වී කිලෝවක සහතික මිල රුපියල් 55 දක්වා ඉහළ දැමූ බව ද සඳහන් කළේය.

සම්බා වී කිලෝවකට රුපියල් 52 ක සහ කීරි සම්බා වී කිලෝවකට රුපියල් 55 ක සහතික මිලක් මේ වන විට රජය පනවා ඇති අතර ගෙවීන් පවසන්නේ එම මිල රුපියල් 65 ත් 70 ත් අතර මිලක් දක්වා වැඩි කරන තෙක් වී අළෙවි නොකරන බවයි.

 



අදහස් (9)

සම්බා කීරි සම්බා වී මිල ගණන් වැඩි කරන යෝජනාවක් කැබිනට්ටුව

බද්රානි Friday, 17 September 2021 09:38 PM

පුදුම ආදරයක්නේ ගොවියන්ට තියෙන්නේ? දැන් ඉතින් දේශීය දේ අගයන දේශප්‍රේමීන් වී මිල වැඩි වුණාම හරිම ෂෝක් කියයි. එ්ත් හාල් මිල වැඩිවෙනකොට තමයි තරු පෙනිලා නාහෙන් අඬන්නේ. මම නම් කියන්නේ හාල් මිල තව වැඩිවෙන්න ඕනෑ. මොලේ කළඳක් නැති ලංකාවේ දෙපාවුන්ට බත් වෙනුවට, පුන්නක්කු තමයි කවන්න ඕනෑ...

:       3       32

CITIZEN Friday, 17 September 2021 10:05 PM

මොනවද මේ විහිලු? අඩු මිලට සපයනවා කියලා නේද මහා නාට්ටියක් පෙන්නුවේ? දැන් හාල් මෝල් හිමියන් ගන්න ගාණටම මිල වැඩි කරන්න යනවානේ? එක්කෝ කලින්ම මෙහෙම කරලා, දෙගොල්ලෝ අතර තරගයක් ඇතිවෙන විදිහට කටයුතු සළස්වලා, එතකොට ඒ තරගෙ හරහාම හාල් මිල අඩු කරගන්න තිබුණා නේද? අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහන වැඩමයි අපේ අයත් කරන්නේ.

:       3       23

Sriland Saturday, 18 September 2021 02:00 AM

ගොවීන්ට සාධාරණයක් කලාට කමක් නැහැ, හැබැයි ආපහු හාල් මිල වැඩි නොකර.

:       1       15

swene Saturday, 18 September 2021 05:49 AM

තීරණ ගැනීමේදී කළමනාකරණ උපාය මාර්ග ඔස්සේ නොගැනීමෙන් හැමතැනම වාගේ අවුල් වී ඇත. යම් තීරණයක් ගැනීමේදී පහල කොටස් වලින් කරුණු විමසා ඒවාටද ගැලපෙන සේ තීරණ ගැනීමයි අද කලයුත්තේ. ඒවායේ යම් අඩුවක් වී ඇත්නම් ඉන් අනතුරුව වෙනස් වීම ද කොට කළමනාකරණය කලයුතුයි. මෙම ක්‍රියා දාමය සාර්ථක කරගැනීම සඳහා විවෘතව අදහස් පලකිරීමේ ශක්තියක් ඇති විධියටයි සාකච්චා පැවත්විය යුත්තේ. සැබෑ තත්ත්වය එවිටයි එලියට එන්නේ. නොඑසේ නම් එහෙයියන් වී තීරණය ක්‍රියාත්මක කරනවා. පොහොර වෙනුවට කසල පොහොර ගෙන්වන්නේත් ඒ නිසයි.

:       0       2

Sunil Saturday, 18 September 2021 07:15 AM

සපයුමයි ඉල්ලුමයි අටහර ඇති සම්බන්ධතාවය මේ අයට තේරෙන්නේ නැහැ. රජයට මේ වෙලාවේ කල හැකි හොඳම දේ මේවට මැදිහත් නොවී සිටීමයි.

:       0       1

විජේ Saturday, 18 September 2021 07:20 AM

නිකම්ම නිකං ඉන්ශූරන්ස් කාරයෙක් මාසෙකට ලක්ශ 50ක දික්කසාද වන්දියක් ගෙවන ගානට ආවට, බහුතරයක් මිනිස්සුන්ට ලක්ශයක් කියන්නෙත් දවල් හීනයක්.

:       0       3

Perera Saturday, 18 September 2021 08:01 AM

මේක ගොවි මාෆියාවේ වැඩක් නෙවිද?

:       0       2

චන්දන Saturday, 18 September 2021 08:25 AM

ඒ කියන්නේ හාල් මිල ආයෙමත් වැඩි වෙනවා. කීරි සම්බා 140ටවත් යාවි. ගොවින්ට සතුටුයි ද. පාරිභෝගිකයාට සැපයි ද.

:       0       4

janahitha Saturday, 18 September 2021 09:48 AM

ගොයම් පැලයක් නොහිටවපු අය මිල නියම කරනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 327 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 135 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 200 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 244 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 374 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 858 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site