IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොහොර තහනම ලිහිල් වෙයි

(විනීතා එම්. ගමගේ)

යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් අද නිකුත් කරනු ලැබීය.

යූරිය ඇතුළු නයිට්‍රේට මිශ්‍රණ, කැල්සියම් කාබනේට් හෝ වෙනත් අකාබනික නොවන පොහොර, සුපර් පොස්පේට් සහ නයිට්‍රජන්, පොටෑසියම්, පෝස්පේට් යන මූලද්‍රව්‍ය දෙකක් හෝ තුනම අඩංගු පොහොර වර්ග ගෙන්වීම සඳහා බලපත්‍රලාභීන්ට මේ අනුව අවසර හිමිවනු ඇත.

මීට ඉහත රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා නව ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සපයන ලද නිර්දේශ අනුව මෙම පියවර ගත් බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව කියයි.

ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සකසන ලද ශාක පෝෂක ආනයනය කර ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කළ යෝජනාවට අනුව මෙම තීරණය ගත් බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනය අංක 2226/48 දරන ගැසට් පත්‍රය මගින් තහනම් කර ඇතත් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ ආනයනය කරන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව තහනම් කර තිබිණි.

ඒ අනුව හඳුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගණයට ගැනෙන භාණ්ඩ ආනයනය තවදුරටත් නියාමනය කරන බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (56)

පොහොර තහනම ලිහිල් වෙයි

Sunil Tuesday, 03 August 2021 07:35 PM

අන්තිමේදී නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ. අස්වැන්න බෙහෙවින් අඩුවී ඇත. රටම කපෝති... සර් ෆේල්...

:       371       10537

sunilTuesday, 03 August 2021 09:15 PM

කාබනික පොහොර භාවිතය පිළිබඳව ගත් තීරණයට පදනම් වූයේ, රසායනික පොහොර භාවිතයෙන් ගොවීන්ගේ වකුගඩු රෝගය පැතිරී යාම අවම කිරීමයි. එබැවින් නැවත රසායනික පොහොර භාවිතයට නැඹුරු වුවහොත්, එයින් ෆේල් වන්නේ සර් නොව, රටේ ගොවීනුයි.

:       148       191

VithanaWednesday, 04 August 2021 04:47 AM

සර් ෆේල් වෙලා රටම ෆේල් කරනවා... ඒකයි භයානකම දේ...!

:       2       235

ගොවිරාළWednesday, 04 August 2021 06:47 AM

කාබනික පොහොර ප්‍රවර්ධනයට ගිය කෘෂිකර්ම ඇමතිට කොරෝනා හැදුනා .ඒඅස්සෙ මුදල් ඇමති රසායනික පොහොර ගෙන්වන්න අවසර දුන්නා .ලැජ්ජවක් තියෙන කෙනෙක් නම් කෘෂිකර්ම ඇමතිට තවත් ඇමතිකම් කරන්න පුලුවන්ද

:       0       436

සූර ගොවියාWednesday, 04 August 2021 07:42 AM

හැන්ගි හැන්ගී වෙස්මූණු බැන්දාට, නටන්න වෙන්නේ එළියේ කියන්නේ ඕකට තමයි... පෝර සහනාධාරය නතර කරගැනීම ඉතා හොඳින් රචනා කර තිරගත කර පෙන්වා අවසානයි. දැන් අපේ ගොවිමහත්වරු පෝර ඉල්ලන්නේ සල්ලි වලට...

:       0       254

asanka Tuesday, 03 August 2021 08:10 PM

හොඳ තීරණයක්. නමුත්, ගොවිතැන් කරන්නන්ගේ වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා කාබනික පොහොර යෙදවීමට උනන්දු විය යුතුයි.

:       1546       379

සෙනවිTuesday, 03 August 2021 09:23 PM

වකුගඩු රෝගය ට හෙතුව රසායනික පොහොඑ නොව පානීය භුගත ජලයේ ඇති ෆලෝරයිඩි නිසා බව වෛද්‍ යවිද්‍යත්මකව සහතික කර ඇත.

:       3       95

ruwanWednesday, 04 August 2021 01:44 PM

ලංකාවේ රසායනික පොහොර වලින් වකුගඩු නරක් වෙනවා කියලා හොයාගත්තේ තමුන්නාන්සේද? ලෝකයේ අඩුවෙන්ම රසායනික පොහොර භාවිතා කරන ලංකාව කඩේ ගියාට ගාගන්න එපා මහත්තයා.. වකුගඩු රෝග නොහැදෙන්න වැව් සුද්ද කරන්න කියන්න ඔබේ අයට...

:       2       51

pradeepa Tuesday, 03 August 2021 08:11 PM

අයියා, මලෝ ගෙදර හැංගි මුත්තම් සෙල්ලම් කරනවා වගේ.. එක වෙලාවක අයියා හොරාවෙනවා... මල්ලි පොලිස් වෙනවා. අයියා එපා කියනවා.. මල්ලි ඕනෑ කියනවා.

:       74       2754

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 03 August 2021 08:17 PM

බුදුවෙන්නත් පෙරුම් පුරන්නට අවශ්‍යයි. එකවර බුදුවෙන්න බැහැ. රෝමය නැමැති නගරය එක දවසකින් හදන්නට බැරි වුණා." Rome was not built in a one day " යනුවෙන් ඒ කියමන මිනිස් සමාජයේ පවතිනවා. මේ කොම්පෝස්ට් පොහොර ගැටලුවත් එහෙමයි. කළයුතු ඉතා හොඳ දෙයක්. ඒත්, එකවර කරන්නට යාමෙන් මහා පරිමාණ ගැටළු රැසක් ඇතිවුණා. කොම්පෝස්ට් පොහොර වැඩේ ඉතා හොඳ දෙයක්. ගැටලුව තියෙන්නේ කරපු ක්‍රමයේ වැරැද්ද. කව්ද දන්නේ නැහැ මේ වගේ නුසුදුසු උපදෙස් දෙන උපදේශකවරුන්... පරිස්සමින් .. අනුන්ගේ කොන්ත්‍රාත් ඉෂ්ඨ කරනවද දන්නේ නැහැ...

:       123       159

සත්‍යා Tuesday, 03 August 2021 08:26 PM

ක්‍රමවත් දැනුම් දීමකින් තොරව රසායනික ද්‍රව්‍ය තහනමින් ගොවීන්ට වූ පාඩුව පියවන්නේ කවුද? ශ්‍රී ලංකාවේ ඉහළ තන්ත්‍රයේ සැලසුම් නොමැති නිදි පැදුරෙන් නැගිට ගන්නා තීරණ ශ්‍රී ලංකා රාජ්‍ය කලමණාකරණය තවමත් ප්‍රාථමික තත්වයක ඇති බව පෙන්නුම් කරයි.

:       0       54

මහසෙන් Tuesday, 03 August 2021 08:27 PM

මොනවා නැතත් ගහපු ගැසට් රිවස් කරන එක නම් කරනවා. අයියා කාබනික පොහොරමයි කියලා කියනවා. මල්ලි ගෙන්වන්න දෙනවා. කටින් බතල... ගෙයි තණකොළ...

:       0       31

bandara Tuesday, 03 August 2021 08:29 PM

කෝ දැන් සෞභාග්‍යයේ දැක්ම. කෝ දැන් 100%ක් කාබනික රට. ජනාධිපතිතුමාගේ ස්ථාවරයට මොකද වුනේ? අලුත් පොහොර ආනයනයෙන් බැසිල්ට වාසියක් ඇති... අලුතෙන් එන පොහොර වකුගඩු සහ පිළිකාවලට හොඳයිද?

:       8       1091

VithanaWednesday, 04 August 2021 04:52 AM

බැසිල්ට ලොකු වාසියක් හෝ ගෝලයෙක්ට ලොකු වාසියක් සහ බැසිල්ට ඒකෙන් කට්ටක් ඇති...

:       0       144

gunarathnaWednesday, 04 August 2021 07:20 AM

ජනාධිපතිතුමා මේ තීරණය ගත්තේ එතුමාට ගුණාත්මක කෑම කන්න නෙමෙයි .රටේ දුප්පත් මිනිස්සුන්ව වකුගඩු රෝහ වලින් බේරගන්න .මිනිස්සුන්ට ඕනේ වහ කාලා ලෙඩ හදාගන්න නම් ජනාධිපතිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ .මොකද ජනාධිපතිතුමා කන්නේ කොහොමත් කාබනික එළවලු .රාජපක්ෂ පරම්පරාවම කන්නේ තමුන්ගේ වතු වල හදපු කාබනික ආහාර

:       178       36

PereraWednesday, 04 August 2021 01:31 PM

ඒ අය කන්නේ ජරාව...!!!

:       153       214

kamalWednesday, 04 August 2021 02:20 PM

කෙනෙක් කන්නේ මොනවද කියලා දන්නේ... ඒ අයගේ අසූචි අතගාන අය තමයි.

:       0       178

සඳුන් Tuesday, 03 August 2021 08:58 PM

කාබනික රචනා ලියපු වියත් බයියන්ට හීනියට හූවක් කියමු !

:       0       143

Nihal Tuesday, 03 August 2021 09:17 PM

රට රාජ්‍යවල නායකයින් එක්ක කතා කරද්දී දුන්නු "ලොකු ටෝක්" වලට දැන් මොකද කරන්නේ? මම කිව්වේ නෑ කියනවද?

:       0       55

Tharindu Perera Tuesday, 03 August 2021 09:27 PM

දැන් මොකද මැදමුලනෙ දංකුඩ බංඩලා ටික කියන්නේ?

:       0       24

Anurudda Tuesday, 03 August 2021 09:40 PM

මොල 7 ක් කෙසේවෙතත් ස‘ ට වඩා මොළේ තියනවා කියලා පෙන්නුවා. නැත්නම් 69 කෙරුවාව හින්දා කන්න නැතිව මැරෙන්න ⁣වෙන්නේ...

:       0       41

සුජි රත්නායක Tuesday, 03 August 2021 10:22 PM

ලෝකෙම හිනස්සන ජෝකර්ස්ලා රට පාලනය කරන්නේ...!

:       2       94

සමන්ත Tuesday, 03 August 2021 11:52 PM

මේවා දකින හැමෝම හොඳින් මතක තියාගන්න. අපි මේවා කියන්නේ විරුද්ධ නිසා නෙමේ. එ්ත් මේ පවුලට බලය පිළිබඳව තිබුණු නඩුවලින් බේරෙන ප්‍රශ්නයක්... හිරේ විලංගුවේ වැටිලා, අනාගතේ නැතිවෙන ප්‍රශ්නයක්. ඒ සියල්ල නිසා බොරු කරලා, වැරදි වැඩ කරලා, මිනිස්සු රවට්ටලා, ජාතිවාදේ අවුස්සලා ආණ්ඩු බලය ගත්තාට රටේ ප්‍රශ්න ගැනවත්, විසඳුම් ගැනවත් මෙලෝ අදහසක් වත්, දැක්මක්වත් තිබුනේ නෑ. වියත් මග ජෝනීට ගිහින්, කාලකන්නි කම කෙහෙළියට ගිහින්. මිනිස්සු අතර ජනප්‍රිය රස්තියාදු කාරයින්, මැරයින් දාගෙන ආණ්ඩු ගත්තට පැහැදිලි දැක්මක් තිබුනෙත් නෑ... ඒ නිසා අද වෙනකොට රටම බංකොලොත් වෙලා.. අපි ණය ගෙවාගන්න බැරුව අනාථ වෙලා. රටේ ඩොලර් නෑ. තෙල් ගේන්න.. කන්න ගේන්න සල්ලි නෑ. තීන්දු, තීරණ ගන්නවා. ආයේ රිවර්ස් කරනවා. මේක අමුතු විහිලු රටක් වෙලා. අපිට අහන්න තියෙන්නේ දැන් සැපද කියලා විතරයි. ඔහොම යං...

:       6       275

ගමේ එකාලාWednesday, 04 August 2021 04:47 PM

පවුල් පාලනේ උදවියට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ. රටට හෙන ගැහිලා ගියත් සහෝදර සමාගම, තමුන්ගේ අය බදාගෙන කන හැටි පේනවනේ. මේ වගේ දූෂිත බලලෝභී බඩ ගෝස්තරවාදී පවුලේ ඔක්කොම රජකරන රටක් ලෝකෙම නැතුව ඇති...

:       0       40

kamal Wednesday, 04 August 2021 02:03 AM

කල යුතුව තිබුනේ වගාවට පොහොර යෙදීම නියාමනය කිරීමයි .එනම් වගාවට අවශ්‍ය පමණට පමණක් රසායනික පොහොර යොදා හොඳ අස්වැන්නක් ලබා ගන්නා අතරම අනවශ්‍ය ලෙස පොහොර යොදා තම මුදල් නාස්ති කර ගැනීමත් සෞඛ්‍යයමය ප්‍රශ්ණ ඇතිවීමටත් ඇති අවස්ථා අවම කර ගැනීමයි. මේ සඳහා කෘෂිකර්ම ක්ශේත්‍ර නිලධාරින් හරහා වගාවට යෙදිය යුතු පොහොර ප්‍රමාණය ගැන දැනුවත් කිරීමත් ඔවුන් වගාවට යෙදීමට නිර්දේශ කරන පොහොර ප්‍රමාණ සඳහන් කාඩ්පත් වල මට්ටමට වඩා වැඩියෙන් පොහොර යෙදීමට යම් නීතිමය බාදාවක් ඇති කිරීමත් (දඩයක් හෝ සහනාධාරය ඊලග කන්නයේ අඩු කිරීමක් වැනි ) කාඩ්පත් වල සඳහන් ප්‍රමාණයට වඩා පොහොර විකුණන වෙලෙන්දන් නියාමනය කිරීමට ක්‍රියා කිරීමත් කල හැකිය. කාබනික පොහොර හා රසායනික පොහොර යම් කොටස් ලෙස මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් දේශිය හා විදේශිය ප්‍රාමාණික විද්වතුන්ගේ උපදෙස් ලබා ගෙන ඉදිරි වසර 2ක 3ක කාලයේ ගොවියාගේ අස්වැන්න අඩු නොකරගෙන වැය වෙන මුදලද අඩු කර ගත හැකි උපදෙසක් නිසි පරිදි ගොවියාට ලබා දුනහොත් ජනාධිපති තුමාගේ අරමුණ ඉෂ්ට කර ගත හැකි වේ යැයි මම සිතමි.

:       0       67

Prabha Wednesday, 04 August 2021 02:58 AM

රටකට තියෙන්න ඕනේ ජාතික ප්‍රතිපත්ති මිස පුද්ගලික ප්‍රතිපත්ති නොවේ...

:       0       17

Demuni Uduwara Wednesday, 04 August 2021 03:13 AM

බැසිල් ට එදිරිව ගෝඨා!

:       0       11

Nandalal DE SILVA - FranceWednesday, 04 August 2021 04:46 PM

මේ අපබ්‍රංශ තීරණවලින් සිදු වුණේ පල්වෙලා, ෆේල්වෙලා, බැසිල් බබා තව ඉහළ ගිය එකයි.. රට පහළට ගිය එකයි...!!!

:       1       7

Don perera Wednesday, 04 August 2021 03:30 AM

අයියෝ සර්..

:       0       30

Vithana Wednesday, 04 August 2021 04:27 AM

දැන් ගොවියන්ගේ වකුගඩුවලට තිබුණු ආදරේ නැති වුණාද? කිසි පලපුරුද්දක් නැති ජනාධිපති කෙනෙක් පත් වුණාම මේ වගේ විකාර දේවල් වෙනහැටි බලන් ඉන්න වෙනවා. ගොවියන් කොච්චර දුක් වින්දාද..? පාඩු වින්දාද? මාස ගාණක් උපවාස කළා... ඒත් ඒවාට ඇහුම්කන් නොදුන්නු ජනාධිපති තමුන්ගේ මල්ලි කිව්ව ගමන් වචනේ වෙනස් කළා. පාලකයින් ඉස්සෙල්ලා තමුන්ගේ රටේ ජනතාවට ආදරය කරන්න ඉගෙන ගන්න ඕනෑ.

:       2       123

Lakitha peiris Wednesday, 04 August 2021 05:36 AM

කලකිරෙනවා මේ අය තීරණ ගන්න විදිහ දැක්කාම... හිතුවේ මේක හරියට කරයි කියලා...

:       1       38

Puppa Wednesday, 04 August 2021 06:05 AM

ආඩම්බරකාර අහංකාර කමින් ඉදිමිච්ච පාලකයින්ට ගිය රටක් මේක. මම ඔක්කොම දන්නවා කියලා සිතන මිනිසෙකුගෙන් මෙවැනි දේ බලාපොරොත්තු වෙන්න ඕනේ..

:       0       93

sam Wednesday, 04 August 2021 06:24 AM

අනේ මෙහෙමත් විහිළු...

:       0       51

Ranjith Wednesday, 04 August 2021 06:44 AM

කොහෙන් හිනා වෙන්නද?

:       0       64

මේකොයියන්නා Wednesday, 04 August 2021 07:47 AM

ඔය සෞභාග්‍ය හැමදාම තිබුණේ කොළවල, පොත්වල මිසක් ප්‍රායෝගිකව නෙවෙයි. ලංකාවට කවදාවත් මාස්ටර් ප්ලෑන් එකක් තිබුනේ නෑ. හදන්නත් බෑ. ඔක්කොම බලා ඉන්නේ තම මඩිය ගැන පමණයි.

:       0       21

සිරිබිරිස් Wednesday, 04 August 2021 08:17 AM

අර එක්කෙනෙක් පොළවේ පස් කකා කිව්ව නේද, කවුරු කිව්වත් සියලුම රසායනික පොහොර තහනම ඉවත් කරන්නේ නැහැයි කියල . මොකද දන්නේ නැහැ වෙනස් කරේ . නින්දෙන් නැගිට්ට වත්ද ?

:       0       221

පප්ප Wednesday, 04 August 2021 09:41 AM

අනේ මෙහෙමත් නාඩගම්, ආපු ගමන් කටු පොල් වගාව නවත්තනවා කිව්වා.. එ්කට මොනවා වුණාද දන්නේ නැහැ. ඊට පස්සේ දැම්ම රසායනික පොහොර තහනම් නාඩගම... දැන් එ්කත් ඉවරයි. එන්න ඉස්සෙල්ලා කිව්වේ එක නීතියයි කාටත්.. ඥාති සංග්‍රහවලට ඉඩ නැහැ කියලා. තව කිව්වා නඩු තියෙන අයට ඇමතිකම් නෑ කියලා. මේ හැම පොරොන්දුවක්ම මේ මනුස්සයා කැඩුවා අමු අමුවේ ආපු ගමන්ම... මෙහෙව් මිනිහෙක්ගේ පවුලක් මේ රට දියුණුකරයි කියලා හිතන එකත් පවක්...

:       0       308

jayath Wednesday, 04 August 2021 10:12 AM

මේකේ කමෙන්ට් දමන සමහර උදවිය මෙලෝ දෙයක් නොදැන රජරට වකුගඩු රෝගය සහ පොහොර අතර සම්බන්දයක් මවා පානවා .ඔය මහත්තුරු හොයල බලන්න "රජරට වකුගඩු රෝගය " තවමත් මූලය හදුනා නොගත් එකක්, මොලේ කචල් වෙච්ච මහාචාර්ය වරු , සමහර නන්නත්තාර වුන ගණිත මහාචාර්යවරු ස්වකීය පැවැත්ම උදෙසා සමාජගත කල ශුද්ද බොරුවක් ඕක. ලෝක සව්ක්ය සංවිදානය සහ තවත් පිළිගත් වාර්තා කියවල බලන්න එතකොට දැනගන්න පුළුවන් සත්‍යය

:       261       290

jayath Wednesday, 04 August 2021 10:15 AM

අහෝ අර දුන්න පොර ටෝක් .කව්රු කිව්වත් මොනම හේතුවකටවත් මේ තීරණය ආපහු හරවන්නේ නැහැ කියලයි කිව්වේ. මිනිස්සු පච වෙනවා තමයි .අනේ අපොයි මෙහෙමත් පච වීමක්

:       0       262

ase Wednesday, 04 August 2021 11:41 AM

ජයත්, සිරිලකේ දැනුමෙන් කතාකරන අයට වඩා නොදැන කෑගසන අය බොහෝය. බූරුවන්ගේ කෑගැසීමේ ශබ්දය මිනිස් ශබ්දයට වඩා වැඩි නේද?

:       0       8

pradeep Wednesday, 04 August 2021 12:15 PM

නිසි සැලැස්මක් නොමැතිව රජය ගත් නොදැනුවත්කම සහ අත්තනෝමතික තීරණ වලට ගොදුරු වූයේ අහිංසක ජනතාව පමණි

:       0       122

කොරලගෙ Wednesday, 04 August 2021 12:31 PM

ඔය පාදෙනියගේ සහ රතන හාමුදුරුවෝ දෙන්න තමයි නොදන්නා දේවල් කරන්න ගිහිල්ලා රජය අමාරුවෙ දැම්මෙ.රතන හාමුදුරුවරුවන්ට එල්ලෙන්න වැල් නතුව හිටියෙ....පාදෙනිය පොලොවෙ පය ගහල ඉන්න කෙනෙක් නෙමෙයි.දැන් ඉතින් අසරණ ගොවියන්ට පොහොර ටිකක් නැතුව වෙච්ච වගා විනාසෙට කවුද වගකියන්නෙ? දැන් මේවට වග කියන්නෙ පාදෙනිය ද ? රතන හාමුදුරුවෝද?

:       0       241

karune Wednesday, 04 August 2021 12:37 PM

මෙයාලා ඩෙංගු මදුරුවෝ වගේ ජාතියක්.. ලේ ටිකත් බීලා, මාරාන්තික රෝගයකුත් දීලා තමයි යන්නේ...

:       0       9

Rata Perata Wednesday, 04 August 2021 12:42 PM

මෙහෙමත් අපේ රට වනසන ගොන් පවුලක්. දැන් පහුගිය කාලේ අස්වැන්න අහිමි උන ගොවියන්ට මොකද කරන්නේ? සාමාන්‍යපෙළ සමත් නායකයෙක්, මුදල් ඇමති කෙනෙක් ඉන්න රටකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? අසරණ, පව්කාර රටවැසියන් ගැන දුකයි.

:       0       261

fairoos Wednesday, 04 August 2021 12:49 PM

තවත් ගැසට් එකක් .නන්දසේන ගැසට් වලින් නම් රෙකෝඩ් එකක් තියයි වගේ .සිරිසේන දීලා නන්දසේන ගත්තා වගේ

:       0       46

gagana Wednesday, 04 August 2021 01:36 PM

මම හිතුවා අප රට 'ග්‍රීන් ' ( හරිත සහතික ලත් ) රටක් හැටියට ලොකු ඉදිරි ගමනක් යන්නට අඩිතාලමක් දැම්මා නේද කියල. පරිවර්තනය දරා ගන්නට එක පාරටම රසායනික පොහොර නවත්තන්නට බෑ කියා මගේ හැගීම. ක්‍රමක් ක්‍රමයෙන් කල යුතුව තිබුනා. එසේ හරිත සහතික රටක් ලෙස අප ගමන් කලේ නම් විශාල විදේශ ආකර්ෂණයක් සහ විනිමයක් ලබා ගන්නට තිබුනා. එත්, හොඳ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට ගියහම, මේකේ ඉන්නවුන් වැලලෙන්නට ගිහින් විප්ලව කරනවා. දැන් රසායනික පොහොර එහෙනම් දාගෙන කරපියව් කියල දෙන්න ගියහමත් වැලලෙන්න යනවා. රටේ කරුමේ තමයි.

:       203       154

Nimal Wednesday, 04 August 2021 02:53 PM

ලෝකය ඉදිරියේ ගොන් කතා කියල ජනතාවට ලැජ්ජා කරන්න එපා මෙහෙම. .

:       0       31

PRASAD Wednesday, 04 August 2021 03:17 PM

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය රසායනික පොහොර…………

:       0       9

පොඩි මල්ලි Wednesday, 04 August 2021 06:20 PM

මේ සියලු ප්‍රශ්නවලට විසඳුම සජිත් ජනාධිපති කරවීම පමණි.

:       130       2

lankaWednesday, 04 August 2021 09:27 PM

මුලින්ම සාමාන්‍ය පෙළ සමත් වෙලා අවොත් හොඳයි.

:       0       0

ලොකු අයියා Thursday, 05 August 2021 06:54 AM

එයාට ඉදිරි දැක්මක් නැති බවයි පේන්නෙ. සහනාධාර වලින්ම රට දියුණු කරන්න බැහැ

:       0       2

siri Wednesday, 04 August 2021 06:39 PM

"පොහොර සමාගම් වලින් සල්ලි හම්බවෙන කට්ටිය තමයි රසායනික පොහොර ගෙන්වන්න දඟලන්නෙ" කියලා අපේ මහින්දානන්ද ඇමතිතුමා කිව්වා වගේ මතකයි. දැන් කවුද එතකොට රසායනික පොහොර ගෙන්වන්න අත්සන් කරලා තියෙන්නේ..?

:       0       129

බින්තැන්නේ අපි Wednesday, 04 August 2021 09:45 PM

කාබනික පොහොර හදන්න පටන් ගත්තා විතරයි. බොහොම අමාරුවෙන් ගොවින් කැමති කරගත්තේ. රසායනික පොහොර වල අවාසි පැහැදිලි කරලා දීලා. දැන් ඉතින් අපිටම තමයි මේවා බෙදන්න වෙන්නේ.

:       0       0

මහසෝනා Friday, 06 August 2021 05:37 PM

දුකයි කියන්න... කෘෂිකර්මය වෙනුවෙන් හරියට වැඩක් කලේ මෛත්‍රිපාල විතරයි. එතුමා කරපු මහ ලොකු දේකුත් නෑ. ඒත් වර්තමාන රජය කරන දේවල් එක්ක බලද්දී එතුමා කරලා තියෙන්නේ ලොකු සේවයක්...

:       0       4

සිසිල් ජයසින්ඝෙ Monday, 09 August 2021 09:14 AM

ඒ කියන්නෙ රසායනික පොහොර සම්බන්ධයෙන් මෙතෙක් ගෙන තිබුනේ තනි තීරණයක්ද? හරි අපූරුයි. කියලා වැඩක් නෑ.

:       0       0

තුසාර ගුණතිලක ( සභාපති, දම්සවිය ජාත්‍යන්තර පදනම ) Sunday, 12 September 2021 09:31 PM

ඉතාමත් හොඳ තීරණයක්. මොකද කාබනික වගාව හොඳයි. නමුත් ඒකට යම්කිසි කාලයක් අවශ්‍යයි. ඒ කාලය ගන්නකං රටේ ආර්ථිකමය තත්ත්වය සමතුලිතව පවත්වා ගෙන යාම සඳහා යම් තාක් දුරකට රසායනික පොහොර දැනට අවශ්‍යව ඇත. ඉතාමත් බුද්ධිමත් තීරණයක්. අප සංවිධානයේ සිටින සියළුම ගොවි සංවිධාන වෙනුවෙන් මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1152 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 509 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 448 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 277 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 492 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 465 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site