IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පුංචි බබෙක් මහ පාරේ දමා ගිහින්

(අමදෝරු අමරජිව සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ත්‍රිකුණාමලය උප්පුවේලි  කන්නියා - සර්ධාපුර මාර්ගයේ කිලිකුංජිමලේ වල්ලුවර් කෝට්ටන් නිවාස සංකීර්ණය අසල මාර්ගය අයිනේ දමාගිය දිනක් වයසැති බිලිදකු අද (04) සොයාගත් පොලිසිය එම බිළිදා රෝහල් ගත කිරිමට පියවර ගත්තේය.

ප්‍රදේශවාසින්ගෙන් පොලිසියට ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එස්.ලලිකාත් කුමාර මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙම බිළිදා සොයා ගැනිමට හැකිවිය.

පොහොර බෑගයක රෙදි කඩක් මත තබා තිබි ඇති අතර අයහපත් කාලගුණය නිසා ඒ අසල සිටි කාන්තාවක් බිළිදා වැස්සෙන් ආරක්ෂා කර ගැනිමට ඒ අසල ඇති ඇගේ නිවසේ පොලිසිය එනතෙක් ආරක්ෂා සහිතව තබාගෙන තිබිනැයි පොලිසිය කියයි.

පිරිමි දරුවකු මෙම බිළිදා හොදින් වැඩුනු දරුවකු වන අතර යහපත් සෞඛ්‍ය තත්වයෙන් ඇතැයි පොලිසිය අනුමාන කරයි. උප්පුවේලි පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරික්ෂක ටි.එච්.එන්.ජයමාලි මහත්මිය ඇතුලු කාන්තා පොලිස් නිලධාරිනියන් බිළිදා පොලිසියට රැගෙන විත් බිළිදාට අවශ්‍ය රෙදි පිළි ලබාදි ත්‍රිකුණාමලය රෝහලට බාරදී ඇත.

උප්පුවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එස්.ලලිත් කුමාර මහතා ගේ උපදෙස් මත ළමා හාකාන්තා ර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරික්ෂක ටි.එච්.එම්.ජයමාලි මහත්මිය ඇතුලු කණ්ඩායමක් බිළිදාගේ මව සොයා පුලුල් පරික්ෂණයක් ක්‍රියාත්මක කර ඇත.

මේ අතර බිළිදා පොලිසියට රැගෙන ඒමෙන් පසු බිළිදා හදා වඩා ගැනිමට ඉල්ලා මව්වරු තිදෙනකු එම අවස්ථාවේ පොලිසියට පැමිණි අතර තවත් දෙදෙනෙකු දුරකථනයෙන් පොලිසියට කථාකර බිළිදා හදාවඩා ගැනිමට ඉල්ලා ඇත. පොලිසිය එම මව්වරුන්ට ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් අධිකරණය හරහා ඉල්ලිම් කරන ලෙසය.රෝහලට ඇතුලත් කර සිටින බිළිදා ඉදිරි දින කිහිපය තුල අධිකරණ නියෝග මත පරිවාස භාරයට පත්කිරිමට නියමිතයි.

 



අදහස් (3)

පුංචි බබෙක් මහ පාරේ දමා ගිහින්

sisira Saturday, 04 February 2023 08:22 PM

පුංචි බබෙක් මහ පාරේ දමා ගිහින් වැනිම සිදුවීමක් ඊයේ මවක් කුඩා දරුවකු රැගෙන අරගල භූමිය වෙත පැමිණ සිටියේය. ජලප්‍රහර හමුවේ පොලිසිය එම කුඩා දරුවාගේ වැඩිහිටියන් හට ඉවත්වන ලෙස දන්වා සිටියද ඔවුන් එම ඉස්තානයේම රැදී සිට මාධ්‍ය ඉදිරියේ කල රගපෑමකි.යම් හෙයකින් එම දරුවට අනතුරක් සිදුඋවහොත් අරගලකරුවන් ලෝකයට ලබාදෙන්න වූ පණිවුඩය කුමක්ද කියා සිත ගත හැකිවේ. එමනිසා කුඩා දරුවන් අරගල වෙත ගෙන එන්නාවූ වැඩිහිටියන් වෙත අදිකරණයෙන් යලිත් මෙවැනි කට යුතු සිදුවීම වලක්වාගනිමට්ට තදින් අවවාද කල යුතුවේ.

:       3       5

චින්තක Sunday, 05 February 2023 08:28 AM

සාමාන්‍යයෙන් අධිකරණයට ඉදිරිපත් කලාම ළදරුවන් පරිවාස දෙපාර්තමේන්තුවේ බාර ගැනීමේ නිවාසයකට යවනවා ඉන් පස්සෙ පරිවාසයෙන් ඉල්ලීම් කර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වඩාත් සුදුසු කෙනෙකුට දීමට අනුමත කරනවා ඉන් පස්සෙ දරුවො ලබාගෙන කුලවැද්දුම් නඩුවක් පවරා උප්පැන්නය අලුත් දෙමාපියන් නමට සකසා ගන්න පුළුවන්.

:       0       12

Athula Sunday, 05 February 2023 04:32 PM

නන්දා මාලනිය එදා ගීත තුළින් ගැයුවා " වීසිකරන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ කියලා" මේ සාපරාධී ක්‍රමය වෙනස් කරන්න කියලා කිව්වේ. මෙන්න මේ නිසා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 48 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 138 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 684 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 69 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 235 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 225 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site