(ඩි.ජී.සුගතපාල)
රත්ගම පුද්ගලයින් දෙදෙනා පැහැර ගැනිමට පැමිණි බව කියන මෝටර් රථයද මාතර ප්‍රදේශයේ තිබියදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (27) සවස සොගෙන තිබේ.
මෙම සුදුපාට ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය මාතර මාකාවිට මාලගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ළඟ තිබියදි අත් අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස ගාල්ලට ගෙන එන ලදි.
පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ මෝටර් රථය හිමිකරුගේ මිතුරෙක් වන මාතර පිහිටි විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරියෙකු ගමනක් යෑමට බව පවසා ජනවාරි 22දින මෝටර් රථය ඉල්ලාගෙන පැමිණ ඇති බවය.
එසේ ඉල්ලාගෙන 23වනදිනඋදේ පුද්ගලයින් දෙදෙනා පැහැර ගැනිම සඳහා රත්ගමට පැමිණ ආපසු එදිනම දහවල් මෝටර් රථය අයිතිකරුට ගෙනගොස් බාරදි ඇති බවත් අනාවරණයවි තිබේ.
එම පුද්ගලයින් දෙදෙනා නිවෙස්වල සිට පැහැර ගෙනඑන ලද බව කියන කේ.ඩී. එච්.වෑන් රථයද ඔවුන් ඝාතනය කිරිම සඳහා අක්මිමණ ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසට ගෙන ගොස් ඝාතනය කොට මළ සිරුරු වලස්මුල්ල ප්‍රදේශයට ගෙන යාමට යොදාගත් කැබ් රථයද මෙයට පෙර අක්මිමණ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ලඟ තිබියදි අත් අඩංගුවට ගෙන ඇත.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රත්ගම පැහැර ගැනිමේ සිද්ධියේ මෝටර් රථයද සොයාගනී
de silva berlin Wednesday, 27 February 2019 03:35 PM
මේ මෝටර් රථ හිමියන් පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතුය. මේ විදිහට පොලිස් නිලධාරීන්ට ඉල්ලන ඉල්ලන වෙලාවට වාහන දෙන එක අල්ලස් ගණයට වැටෙන වරදක්. සමහර විට මොවුනුත් විවිධ ජාවාරම් වල නිරත වෙනවා වෙන්නට පුළුවන් ඒවා වහගන්න අල්ලසක් විදිහට වාහන පාවිච්චියට දෙනවා වෙන්න පුළුවන්.
Mahee Wednesday, 27 February 2019 04:52 PM
ඩි සිල්වා ලංකාවේ නැති හින්ද දන්නේ නැතුව ඇති එහෙම කාර් ඉල්ලගෙන යන එක බොහොමයක් පොලිස් ලොක්කන්ගේ සිරිතක් බව. කාර් විතරක් නෙමෙයි මස් මාළු ආදියත් එහෙමයි. අර අනුරාධපුරේ ගහක් උඩ නැගල උපවාස කරන දෙන්නගේ කතාව දකින්න ඇති නේද? ඉල්ලනකොට නොදුන්නොත් මොකකට හරි පටලවනවා.
රාජුන් Wednesday, 27 February 2019 07:17 PM
මෙය කොන්ත්‍රාත්තුවක් මත කරණ ලද ඝාතනයක් කියලයි මට හිතෙන්නෙ. මේ ව්‍යාපාරිකයන් ගැන හොඳින් සොයා බලන්න අවශ්‍යයි.
sarath perth Thursday, 28 February 2019 02:53 AM
පොලිසියෙන් හදිසි වැටලීම් වලට මෝටර් රථ ඉල්ලගෙන යන්නේ ලඟකදී ඉඳල නොව මා දන්නා තරමින් දැනට දශක හයකට පෙර සිටයි.
tikiri Thursday, 28 February 2019 07:36 AM
දැන් සුදු වෑන් කෙසේවෙතත් කළු වෑන් නම් දැක්කා , තව තියෙන්නේ ලම්බෝගිනී , රත්තරන් අශ්වයෝ , හෙලිකොප්ටර් , හංගපු රත්තරන් , මිනී මෝරු , බැංකු ගිණුම් වගේ ඔය පොඩි පොඩි දේවල් තමයි .