IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඡන්දය සලකුණු කර ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)                     

තමන් සලකුණු කළ ජන්දය තම ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙකු අද (05) අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි.
 
නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු නාවලපිටිය මධ්‍යම මහ විද්‍යාලයේ ශාලා අංක 51 දි ඡන්දය සලකුණු කර එය තම ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කරන අවස්ථාවේ ශාලාධිපති විසින් සැකකරු සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගන්නා ලදී. පසුව මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත සැකකරු භාර දී ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරු අවු 32 හැවිරිදි අයෙකි.

සැකකරු රම්බොඩ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසියේ නිලධාරියෙක් පැවසීය.



අදහස් (2)

ඡන්දය සලකුණු කර ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවට

විජිත් Wednesday, 05 August 2020 10:18 AM

මෙහෙමනේ ඔය බිස්නස් එක සිදුවෙන්නේ.. හොර, දූෂිත, මෝඩ, නූගත්, අසික්කිත, මිනීමරු දේශපාලුවන් මේ හාදයාට කියනවා "නුඹ, ඡන්දෙ මට දැම්මා කියලා ප්රූෆ් ඕනෑ. ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ එකක් ගෙනැල්ලා මගේ ලේකම්ට පෙන්නපුවාම රුපියල් 1000 ක් ගන්න පුළුවන්. තව අරක්කු වීදුරුවක් නොමිලේ දෙනවා. උදේම ගිහින් ඡන්දෙ දාලා ෆොටෝ එකක් ගහගෙන ඇවිත් සල්ලි අරගෙන, යමක් බීලා යන්න. ප්‍රතිඵල ආපුවම අපි දිනලා නම් පෙලෙපාලියේ ගිහින් අනිත් පැත්තේ අයගේ ගෙවල් කුඩු කරන්න, ගිනිතියන්න අපිත් එක්ක ආවොත් ඒවාට "වෙනම ගෙවනවා" ඒ අතරේ ඒ ගෙවල්වලින් කොල්ලකන රත්තරන් වලින් බාගයක් මට ඕනෑ. පොලිසියෙන් නුඹලාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කවුරු හරි පොලිස් කාරයෙක් නුඹලාට මොනවා හරි කළොත් එයාගේ නම අපිට කියපන්.. අපි එයාව ට්‍රාන්ස්ෆර් කරනවා..."අනේ ඉතින් අරයාව විශ්වාස කරලා ඕන දහ ජරා වැඩක් කරනවා...

:       0       36

vamshi Wednesday, 05 August 2020 01:37 PM

පුරාවස්තු විනාශ කළ අය නිදැල්ලේ... තමන්ගේ ඡන්ද පත්‍රිකාවේ පින්තූරයක් ගහපු කෙනා අත්අඩංගුවේ. පුදුම රටක්නේ මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 224 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 602 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1560 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1787 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 552 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 256 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site