IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘කඩා වැටුණු ලෝකය ගොඩ ගන්න තනිව බෑ‘‘

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ වසංගතයෙන් කඩා වැටුණු ලෝකය ගොඩගැනීමේ සැළසුම් සකස් කිරීමට ලෝක මට්ටමේ සමුළුවක් කැඳවිය යුතු බවත් තනි තනි රටවල් ලෙස මෙම අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලෝක මුහුණ දුන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඇමරිකාවේදී එවැනි සමුළුවක් පැවැති බව කී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නමුත් ලෝකය මේ දක්වා එවැනි සමුළුවකට සූදානමක් නොමැති බව ද සඳහන් කළේය.

කොවිඩ් සමඟ ඇති වූ අර්බුදය අදට වඩා හෙට තවත් වැඩි වන බවත් තමන්ගේ රටේ මිනිස්සු පිළිබඳව විශ්වාසය තබා දේශපාලන, පක්‍ෂ සහ පාට භේදයෙන් තොරව හැම කෙනෙක්ම මොනවා හරි වැඩි වැඩියෙන් වැඩ කළ යුතු බවත් අමාත්‍යවරයා කීය.

කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ ලංකා සතොස ශාඛාව විවෘත කිරීමේ උත්සවයේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“මීට වඩා මේ අර්බුදය අඩුවෙන් තියෙන අවස්ථාවේදී දෙවැනි ලෝක යුද්ධයේදී ඒ සරළ මිනිස්සු ඒ සඳහා පිළිතුරු සොයා ගැනීමට නොහැකි නිසා අමරිකා එක්සත් ජනපදයේ සම්මේලනයක් තිබුණා. ඒ සම්මේලනයේදී ලෝක ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥායෙක් වන ජෝන් මෙනාඩ් කේන්ස් සැලැස්ම කියලා එකක් ඉදිරිපත් කළා ලොකය ගොඩගන්න. ඊට පසුව වයිට් සැලැස්ම කියලා තව එකක් ඉදිරිපත් කළා. ඒ සැළසුම් දෙක පිළිබඳව ආර්ථික විශේෂඥායො සාකච්ඡා කරලා දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ වෙච්ච ලෝක ගොඩගැනීම සඳහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයි හැදුවා”



අදහස් (12)

‘‘කඩා වැටුණු ලෝකය ගොඩ ගන්න තනිව බෑ‘‘

ravin Monday, 25 October 2021 04:48 PM

වැඩේ වරදින පොට පෑදෙනකොට ඇත්ත තේරුම් යනවා නේද? තව ටික දවසක් යනකොට තව තව යනකොට, ‘‘ අර ලංකාවට තේ ගෙනාපු ලිප්ටන්ගේ ආච්චිටවත් කරන්න බැරි වූ දේ කරාවි..‘‘. හරියට කරන ක්‍රමවේදයක් ගැනත් හිතන්න.

:       1       26

sharm warn Monday, 25 October 2021 05:01 PM

ලෝකයා ගොඩගන්න කළින් සුදුළූණු කේස් එක විසඳලා හොරුන්ව පෙන්නන්නකෝ... අර පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් එළියට ගිය මහත්මයාව ආපහු වැඩට අරගෙන... අපිට ඕනේ හොරු නෙමෙයි.., කෙළින් වැඩකරන මිනිස්සු...

:       1       31

Sunil Monday, 25 October 2021 05:55 PM

ලෝකයා කෙසේවෙතත් රට නම් දැඩි ලෙස කඩා වැටෙමින් පවතින්නේ... බොරු කතා එපා..!

:       1       30

Suba Monday, 25 October 2021 06:05 PM

නිකන් බොරු කයිවාරු කියවන්නේ නැතුව ඉන්න... දැන් තමන්ගේ වැඩබැරියාව වහගන්න එක එක ලොකු කතා කියකිය කල් මරනවා. මොහු තමයි දැනට මේ අදක්ෂ රජයේ අදක්ෂම ඇමතියා...

:       1       33

Hafeel Monday, 25 October 2021 07:00 PM

සතොසේ සුදු ළූණු වංචා සිදු වුනෙත් කොවිඩ් වසංගත නිසාද?

:       1       21

සෙනෙවිරත්න Monday, 25 October 2021 07:34 PM

ලෝකෙ ගොඩදාන්න නේද? ඔබතුමා කරදර වෙන්න එපා. මේක ගොඩදාන්න නැත්නම් රාජපක්ෂවරුන්ගෙන් අපව බේරෙන්න...

:       0       14

swene Monday, 25 October 2021 10:23 PM

ඔයා හැමදාම කියෙව්වා මිසක් කරපු දෙයක් නැහැනේ. ලෝකය අපී තරමටම කඩා වැටී නැත. අන්තර් ජාතිකව, අපේ රුපියල සීග්‍රයෙන් පල්ලම් බහින්නේ අප ලෝකයට වඩා දරුණු ලෙස කඩා වැටී ඇති නිසයි.

:       0       8

sunil Monday, 25 October 2021 10:25 PM

ඔය කට්ටියක් එක්ක අපට නම් ගොඩ යාමක් නැත .

:       0       8

Don Tuesday, 26 October 2021 01:44 AM

සතොසේ බඩු වර්ග කියියක් තියෙනවද.?

:       0       0

Perera Tuesday, 26 October 2021 02:27 AM

සක්කරයාගේ තාත්තට කියලා බැලුවානම්.

:       0       0

L.G.P.Jathunarachchi. Tuesday, 26 October 2021 07:20 AM

ගරු ඇමතිතුමනි, ඔබ විසින් කරන ලද බොරු ගෝනියෙන් තවත් එකක්.!111

:       0       1

මසිරිපාල Tuesday, 26 October 2021 11:00 AM

එළහරක් සමග මීහරක් එකට ගාල් කරලා හරියට වැඩක් කර දියුණුවක් ගන්න බැහැ ගුරුතුමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1924 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 989 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 779 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 369 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 635 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 575 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site