IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දේශීය මත්පැන් මිල ඉහළට

ශ්‍රී ලංකාවේ ඩිස්ටිලරීස් සමාගමේ සුරාබදු නිෂ්පාදනවල මිල අද (28) සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව මත්පැන් බෝතලයක මිල රුපියල් 10 කින් වැඩි කර ඇති බව එම සමාගමේ ප්‍රකාශකයකු පැවසීය.

නිෂ්පාදන පිරිවැය හේතුවෙන් මෙලෙස මිල සංශෝධනය කර ඇති බවත් ඇතැම් නිෂ්පාදනවල මිල නොවෙනස්ව පවතිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කීය.

(28535)



අදහස් (18)

දේශීය මත්පැන් මිල ඉහළට

sandy123 Monday, 28 January 2019 01:02 PM

අපරාදේ, රුපියල අවප්‍රමාණය වෙන හැටියට මම හිතුවා සෑහෙන මුදලක් යට කරන්න වෙයි කියලා. රුපියල් දහයක්ද? චාටර්නේ...?

:       2       17

පිටිගල මිලානෝ Monday, 28 January 2019 01:52 PM

බේබද්දන්ගේ දේශයේ මත්පැන් වල මිල හැකි තරම් ඉහළ දමන්න. (අපේ රටේ මත්පැන් වැඩි හරියක් නිෂ්පාදනය කරන්නේ දේශපාලකයන් නේද?)

:       75       36

BamunuarachchiMonday, 28 January 2019 05:17 PM

නිෂ්පාදකයා කවුරු උනාම මොකෝ

:       1       39

සුමුදු Monday, 28 January 2019 08:42 PM

ඇයි මිලානොවල ඉන්නේ අන්ත බේබද්දෝ නොවෙයිද? ඉතාලියේ කෝච්චියක යන්න බැහැ බේබද්දෝ පිරිලා. සමහරු නිදි වමනේ ගොඩේ.

:       0       21

kamalTuesday, 29 January 2019 02:57 AM

ඔය පිටිගලත් එහෙම කෙනෙක් තමා.

:       1       0

සමීර Monday, 28 January 2019 01:57 PM

රජයේ බදු නැත්තම් රුපියල් 500ට බෝතලය වික්කත් සමාගමට ලාබයි. ඇත්තෙන්ම බැලුවොත් ලංකාවේ සිගරට්, මත්පැන් නිසා රජය එකතු කරන අදායම, අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කරන මුදලට වඩා වැඩියි.

:       0       46

PA - RA Monday, 28 January 2019 02:10 PM

නොහැකියාව, නුගත්කම නිසා ශ්‍රී ලංකා රජය සංශෝධනය කියන වචනයටත් නිග්‍රහ කරනවා.

:       1       21

කරුණාපාල Monday, 28 January 2019 08:18 PM

කන්න, බොන්නත් පින තියෙන්න ඕන. කොහොමත් මැදපෙරදිග රටවල මෙන් ලංකාවෙත් අනාගතයේදී මත්පැන් තහනම් වෙයි. කෑමේ, බීමේ සීමාව නොදන්නා ජනතාවක් වෙසෙන රටකට එහෙම වෙන එකත් ඒක අතකට හොඳයි. කරන අපරාධ වල හැටියට අරක්කු නෙමේ, වතුරවත් ඉතුරු වෙයිද කියලයි සැක.

:       2       57

AmarasingheTuesday, 29 January 2019 06:22 AM

සහතික ඇත්ත , මම ඉන්නේ මැද පෙරදිග මෙහෙ ඉන්න ලංකාවේ අය බෝතලය බොන්නේ කටේ තියන් හරියට ලෝකේ අවසාන බෝතලේ වගේ පෙරේතකමෙන්. පුදුමාකාර පෙරේතකමක් මත්පැන් වලට තියෙන්නේ , ලංකාවට එනකොට යාලුවෝ කෝල් කරලා ඉල්ලන්නේ බෝතලයක් දෙකක් ගෙන්න කියල, නිකමට දරුවෙකුට චොකලට් එකක් ඉල්ලන්නේ නැහැ. ලෝකෙන් තුරන්වෙන ජාතියක්

:       0       32

BamunuarachchiWednesday, 30 January 2019 06:44 PM

හලෝ එහෙම කියන්නේ ලංකාවේ හොඳ චොකලට් ඕනෑතරම් තිබෙනවා නමුත් හොන්ද බීම කොහෙද ලංකාවේ. ලංකාවේ විස්කි බ්‍රැන්ඩි ජින් මොනවත් එතනෝල් වලින් හදන ඒවා. හොඳ විස්කි ටිකක් බොන්න ලැබෙන්නේ පිටරටින්ම ගෙනාවොත් තමයි.

:       0       0

roshanTuesday, 29 January 2019 06:41 AM

ඔයාගෙ ළමයින්ට ඔයා බොන්න ගෙනත් දෙනවද?

:       22       0

ලුම්බිණි Tuesday, 29 January 2019 12:23 AM

මෙම මිල වැඩි කිරීම කර ඇත්තේ රජය නොව නිෂ්පාදන සමාගම විසින්. කෙසේ වෙතත් අධික මත්පැන් බදු වලින් සිදු වන්නේ අනවසර මත්පැන් භාවිතය වැඩි වීමකි.

:       106       142

Asa Tuesday, 29 January 2019 02:42 AM

කසිප්පු වලට තිබෙන ඉල්ලුම වැඩි වෙනවා. බොන එකාට ඔනේ මත් වෙන්න ඉතිං අඩු මුදලට තියෙන ඔනේ මල ජරාවක් බොනවා. දැන් සිගරට් මිල ගණන් නිසා බිඩි බොන තරුණයෝ කොච්චර ඉන්නවාද?

:       0       2

chinthaka Tuesday, 29 January 2019 06:27 AM

සිගරට් එකක් රුපියල් 55/= වුනත් දවසට 10 ක් වත් බොන අය ඉන්න රටේ අරක්කු 10/=න් වැඩි උන එකත් මොකක්ද?

:       0       1

vipula Tuesday, 29 January 2019 07:47 AM

මේකටත් මිල සුත්තරය දාන්න බැරිද ?

:       0       0

sandy123 Tuesday, 29 January 2019 07:48 AM

සුරාසැල් 90%ක් ම අයිති දේශපාලකයන්ට නේද? මම ඉංග්‍රීසි පත්තරයක දැක්කා.... දේශපාලනයට ඇවිත් මන්ත්‍රීවරයෙක් වුනාම මුලින්ම ගන්න බලන්නේ තීරු බදු රහිත වාහන බලපත්‍රය සහ තැබෑරුම් බලපත්‍රය. වැරදිද මම කියන්නේ?

:       0       4

ලේක්කෝ ගලබඩ Tuesday, 29 January 2019 08:07 AM

ලංකාවේ කොඩියේ සිංහයාට අල්ලන් ඉන්න දෙන්න ඕනේ කඩුව නෙවෙයි බෝතලයක්.

:       19       12

Nandalal DE SILVA - France Tuesday, 29 January 2019 03:51 PM

රජය මහා භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා මත්වතුර, දුම්වැටි බදු වැඩි කරනවා. එය දිරවා ගත නොහැකි මත්පැන් නිෂ්පාදකයින් බෝතලයක විකිණුම් මිල වැඩිකර රජය වැඩිකළ බදු මුදල වක්‍රාකාරයෙන් සිය සාක්කුවට දමා ගැනීමට යොදාගත් උපක්‍රමයක් බව මින් පැහැදිලිවම පේනවා !

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 10 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 627 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 511 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 490 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 256 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 703 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site