IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති විවේචනය කරනු එපා - අගමැතිගෙන් එජාප මන්ත‍්‍රීන්ට අවවාදයක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා විවේචනයට ලක් කිරීමෙන් වළකින ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන්ට ඊයේ (27) අවවාද කළේය.

සම්මුතිවාදී රජයේ එකඟතාවන්ට බලපෑමක් ආකාරයෙන් ප‍්‍රකාශ නිකුත් නොකරන ලෙස ද අග‍්‍රාමාත්‍යවරයා එහිදී සිය මන්ත‍්‍රීවරුනට දැනුම් දුන්නේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුනට මෙසේ දැනුම් දුන්නේ එජාප මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්විණි. තමන් ඉන්දියාවේ සංචාරය කරන අතරතුරදී එජාප මන්ත‍්‍රීවරුන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පිළිබඳව ද තමාගේ අවධානය යොමුවී ඇති බව කී අග‍්‍රාමාත්‍යවරයා තම අනුමැතියකින් තොරව මෙවැනි දේ නොකරන ලෙස ද මන්ත‍්‍රීවරුනට දැනුම් දී සිටියේය.

ඉන්දියා නිල සංචාරයෙන් පසු තමා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් ද මන්ත‍්‍රීවරුන්ට අග‍්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. එහිදී අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පක්ෂයක් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට කළ යෝජනා ප‍්‍රතික්ෂේප කිරීමට ජනාධිපති හා පක්ෂ සභාපති ලෙස තමන්ට හැකියාවක් නොමැති බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන් බවයි.

එය වැළැක්වීමට ගියහොත් පක්ෂය කඩා දැමූ නායකයා ලෙස තමා දෝෂදර්ශනයට ලක්වනු ඇතැයි ද ජනාධිපතිවරයා කී බව ද අග‍්‍රාමාත්‍යවරයා මන්ත‍්‍රීවරුනට දැනුම් දී ඇත. ඒකාබද්ධය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවීම හෝ වෙන්වීම් ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂ ජයග‍්‍රහණය සඳහා බලපෑමක් කරගත යුතු නැති බව මෙහිදී අවධාරණය කළ අග‍්‍රාමාත්‍යවරයා මේ මැතිවරණවලින් ඉහළ ජයග‍්‍රහණයක් ලබා ගැනීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.



අදහස් (15)

ජනපති විවේචනය කරනු එපා - අගමැතිගෙන් එජාප මන්ත‍්‍රීන්ට අවවාදයක්

mahinda gamage Tuesday, 28 November 2017 06:43 AM

අපූරු පක්ෂ නායකයෙක් ඕක මාධ්‍ය කිය කියා ඉන්නේ නැතිව කණ්ඩායම් රැස්වීමෙදී කණ්ඩායමට කිවුවානම් ඉවරයි නේ,හරියට අපේ අගමැති ආචාර්‍ය මර්වින් සිල්වා හරි සෙරප්පු සුප් බීපු රණසිංහ ද කියලා හිතෙන වාර අනන්තයි රටට අවශ්‍ය විහිලුකාරයන් නොව වගකීම් දැරිය හැකි නායකයන්ය.

:       662       1225

athuraTuesday, 28 November 2017 07:19 AM

මහත්මයෝ ඔබ තුමා තේරුම් අරගෙන තියන විදිහ ටිකක් හරිද කියල කල්පනා කරලා බලන්න.මට පෙන්නේ අගමැති නෙමෙයි ඔබතුමා නියම විහිලු කාරයෙක් වගේ.

:       1514       1435

Kumar (Galf)Tuesday, 28 November 2017 12:43 PM

අතුර මහත්තයෝ, අපිට පෙන විදියට අනිත් අය කෙසේ වෙතත් ඔය නම් සුපිරි කවටයා චරිතෙට රගපාන්න හදනවා වගේ

:       0       0

Rajah Tuesday, 28 November 2017 06:46 AM

ඉතා හොද ආදර්ශමත් නායකයෙක්! මෙවැනි සම්මුතියක් ඇතිකරගැනීමට කල්ප ගානක් බලාගෙන ඉන්න ඕනේ. නමුත් එය එක මාධ්‍ය සංදර්ශනයකින් නැතිකරන්නත් පුළුවන්!! ප්‍රවේසමෙන් කටයුතු කරන්න දුන් අවවාදය ඉතා හොදයි.

:       1532       1523

Hafeel Tuesday, 28 November 2017 07:16 AM

මෙතන ජනාධිපතිතුමා සඳහන් කලේ පක්ෂය කඩා දැමූ නායකයා ලෙස තමා දෝෂදර්ශනයට ලක්වනු ඇතැයි. ඒ කියන්නේ ජනාධිපතිතුමා පක්ෂයේ එකමුතුකම සඳහා පෙනී සිටින බව. නමුත් මේ ආදර්ශය රනිල් මහතා ළඟ තිබුනා නං, අද එක්සත් ජාතික පක්ෂයට මේ ඉරණම වෙන්නේ. මේ වෙනවිට දක්ෂයෝ කිහිප දෙනක් පක්ෂය අත හැරිලා ගිහින්. තවද පහුගිය ජනාධිපතිවරණ දෙකටම තමන්ගේ පක්ෂයෙන් අපේක්ෂකයක් ඉදිරිපත් කරන්න බැරි තරමට පක්ෂය කඩා වැටිලා. එකේ ප්‍රතිඵල තමයි අද අනුන්ගේ කරේ එල්ලිලා අගමැති වෙලා ඉන්නවා.

:       208       180

amith Tuesday, 28 November 2017 07:21 AM

මෙමෙ ඡන්දෙදි ඔබතුම අනිවාර්යෙන් දිනනවා. නමුත් ශ්‍රී ලංකා කාරයෝ ටික මහින්ද ගාවට යනවා. මහින්ද එකුතුවෙලා අවොත් ශ්‍රී ලංකා කාරයෝ ඡන්දෙ දිනන්නේ ඉතාම අඩුවෙන් .එ්නිසා ජවිපෙ දෙවෙනි තැනට එනවා .2020 එජාපයෙන් තනි අපේක්ෂකයෙක් දැම්මා ගමන් නිදහස් පක්ෂේ අපේක්ෂකයා කපෝතියි. එ්නිසා 2020 දී ජනාධිපති සටන පොහොටුව සහ එජාපය අතර තියුණු සටනක් වෙනවා ,මොකද? සුළුජාතික ඡන්ද එජාපය වැඩියෙන් සහ සිංහල ඡන්ද වැඩිපුර පොහොට්ටුව ගන්න නිසා. 2020 උදා වනතුරු ජනාධිපතිතුමා එක්ක සහයෝගයෙන් ඉන්න එක හැරෙන්න දැනට කරන්න දෙයක් නැත.එකේ වාසිය කොටිහිතවාදීන් ගන්නවා .එක තම මහා විරු සතියේ එළිපිට සමරන්නේ.මේක තම සත්‍යය...

:       156       140

Daham Tuesday, 28 November 2017 07:21 AM

"එය වැළැක්වීමට ගියහොත් පක්ෂය කඩා දැමූ නායකයා ලෙස තමා දෝෂ දර්ශනයට ලක්වනු ඇතැයි ද ජනාධිපතිවරයා කී බව ද අග‍්‍රාමාත්‍යවරයා මන්ත‍්‍රීවරුනට දැනුම් දී ඇත. " ඇත්ත තමයි ?

:       1       11

sasath Tuesday, 28 November 2017 07:24 AM

ගමගේ ඔයාට පැහැදිලි නැතිව ඇති අගමැති තුමා හරි දේ තමයි කරලා තියන්න.............

:       12       113

mohamed Tuesday, 28 November 2017 07:48 AM

ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට කළ යෝජනා ප‍්‍රතික්‍ෂේප කිරීමට ජනාධිපති හා පක්‍ෂ සභාපති ලෙස තමන්ට හැකියාවක් නොමැතිනම්, මොන ඉලව්වකටද පක්‍ෂ නායක කමයි සභාපති තනතුරයි දරන්නෙ?. ඕය පක්‍ෂ හදන්නද ආපි යූ එන් පී කාරයො ඕයට ඡන්දෙ දුන්නෙ?

:       1       34

Quintus perera Tuesday, 28 November 2017 07:53 AM

රනිල්ට අවශ්‍යය අගමැති කම රැකගන්න විතරයි..............

:       155       305

indra Tuesday, 28 November 2017 07:54 AM

මෙවැනි විහිලු නායකයින් අපට තව දුරටත් අවශ්‍ය නැහැ ,කොහෙන් දඩුවම් නොලැබුනත් තව නොබෝදිනකින් අපේ කතිරෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි ,මොහු තව දුරටත් සිටිය යුතුද ?.....අපේ රට අපට අවශ්‍යද ,ඡන්ද ලාභින් සැවොම වහාම සිතිය යුතු කාරණයක් ?ඉදිරියට තබා ඇති සියලු පොරොන්දු ඡන්ද ගුණ්ඩු පමණි .අපිම පත් කල මේ කණ්ඩායම අපි විසින්ම ප්‍රතික්ෂේප කරමු.......

:       255       306

nishaTuesday, 28 November 2017 10:38 AM

කතිරේ ගැහුවේ කාටද කියල කතාවෙන්ම පේනවා

:       1       27

asad Tuesday, 28 November 2017 08:05 AM

අපේ රටේ මිනිස්සුන්ට තම පක්ෂය දිනවීමට ඇති උනන්දුව රටට වැඩදායි පුද්ගලයන් පත් කර ගැනීමට තිබුනා නම් මේ අවුරුදු 70 ට අපේ රට කෙතරම් දියුණු වී ඇද්ද??

:       0       41

darshana Tuesday, 28 November 2017 08:19 AM

කවුරු කොහොම කිව්වත් ජනාධිපති පත්වුණේ ඒජාප ඡන්දයෙන් . එදා අය්යෝ සිරිසේන කියපු අයට අද අපේ ජනාධිපති වෙලා..............

:       1       58

පිස්සු සිරි Tuesday, 28 November 2017 11:01 AM

ජනපති සිරිසේන කියනා පරිදි ඔහුගේ වසර 50 ක දේශපාලන ජීවිතයේ ජනතාව සමග පාරට බැස කරන ලද එකම එක සටනක පින්තූරයක් හෝ පෙන්වන ලෙස අභියෝග කරමු. ජනතාවගේ අයිතිවාසිකම් සඳහා වූ සටනකට පාරට බැස ජීවිතයට සහාය නොදුන් ජනපති සිරිසේන දැන් ජනතාව සමග පාරට බසින බව කියන්නේය.

:       0       52

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 249 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 152 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 754 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 53 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2110 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 397 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site