(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
2020 වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාල සීමාව තව සති 2කින් කල්දැමීමට කටයුතු කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව, එම කාල සීමාව අප්‍රේල් 9 දක්වා කල් දමා තිබේ.
සිසුන්ට මාර්තු 26 දක්වා ලියාපදිංචිවීමේ කාල සීමාව බලපවත්වා බව මින් පෙර දැනුම් දී තිබුණද, රට තුළ පවත්නා තත්වය මත මෙම තීරණය ගත් බව ඒ මහතා සඳහන් කළේය.
ඉදිරියේදී මතුවන තත්වය සලකා බලා, 2020 විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියාපදිංචි වීමට අපේක්ෂිත කිසිදු සිසුවකු අපහසුතාවට පත් නොවන පරිදි, එම කාලසීමාව තවදුරටත් කල්දැමීමට වුවද විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිසම සූදානම් බව සභාපතිවරයා මෙහිදී පැවසීය.
මේ හා සම්බන්ධ ඉදිරි සැලසුම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හා ජනමාධ්‍ය ඔස්සේ මහජනතාව වෙත දැනුම්දීමට පියවර ගන්නා බවද අමරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සරසවි ප්‍රවේශ ලියාපදිංචිය කල් යයි