IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති ඥාතියාගේ නිවසත් කොල්ලකයි

(දයාරත්න ඇඹෝගම)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඥාති සහෝදරියකගේ ඇතුළු නිවාස 40ක් පමණ කොල්ල කෑ බව කියන යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයකු අද (24)තඹුත්තේගම කොන්වැව දී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය කියයි.

සැකකරුට එරෙහිව අනුරාධපුරය,තඹුත්තේගම,මාවතවැව සහ ගිරාදුරු කෝට්ටේ යන අධිකරණවල මංකොල්ලකැම් සහ නිවාස කොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු 40කට අධික ප්‍රමාණයක් විභාග වෙමින් පවතින බව පොලිසිය පවසයි.
 
මොහු පොලිස් නිලධාරින්ගේ නිවෙස්වලට පවා ඇතුළුවී මුදල් සහ රන් භාණ්ඩ සොරාගත් අයකු බව පොලිසිය කියයි.

මිට දින තුනකට පමණ පෙර සැකකරු ජනාධිපතිගේ ඥාති නිවසකින් රන් පවුම් 20ක් සහ රුපියල් ලක්ෂ හතර හමාරක් සොරා ගෙන ඇති බවටත් තවත් නිවසකින් රුපියල් ලක්ෂ 27ක රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන ඇති බවටත් ඔහුට එරෙහිව චෝදනා පවතී.

සොරාගත් රන් භාණ්ඩ රැසක් සැකකරු විසින් උකස් කරනු ලැබ තිබේ.

 



අදහස් (6)

ජනපති ඥාතියාගේ නිවසත් කොල්ලකයි

wedage Friday, 24 November 2017 11:19 AM

රන් පවුම් 20 කියන්නේ ලොකු ප්‍රමාණයක්...

:       1       2

ධම්මFriday, 24 November 2017 04:16 PM

ඒක ලොකු වෙදගේට, ජනාධිපතිගේ ඥාතියෙකුට එක සුළු දෙයක්. එයාලා පොහොසත් මිනිස්සු.

:       29       3

ramaSaturday, 25 November 2017 12:21 PM

එ්ක ලොකු දෙයක් නම් ගෙදරත් ගන්නේ නැහැනේ

:       0       0

kAnada dissa Saturday, 25 November 2017 12:39 AM

මොනවා වුණත් සාධාරණ හොරෙක් තමයි.

:       12       0

ratna P Saturday, 25 November 2017 06:55 AM

මෙයාව හිරේට යවන්නේ නැතුව කියමුද ඇලෝසියස්ගේ මුදල් අරගෙන ඒ මුදල් රජයට දෙන්න කියලා?

:       0       34

de silva Saturday, 25 November 2017 08:55 PM

ලංකාවේ ලොකුම සහල් ව්‍යාපාරිකයා ජනාධිපති තුමාගේ සහෝදරයෙක් , අනිත් සහෝදරයා ලාල් සිරිසේන පදවපු රුපියල් කෝටිය කට වැඩි වටිනාකමක් ඇති වහනයට යට වෙලා දැනට මස කිහිපයකට උඩදී දෙදෙනකු මරුන , බලාගෙන ගියහම මුළු පවුලම කොටි පතියෝ , හැමදාම ජනතාවට සේවය කරපු අපේ ජනාධිපති තුමාට තමා මොකවත් නැත්තේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 330 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 957 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2503 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2730 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 808 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 319 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site