ප්‍රින්ස් රත්නායක
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් අරඹා ඇති වැඩ වැඩවර්ජනයට විද්‍යාල විධායක ශ්‍රේණියේ නිලධාරීහු ද සහාය දැක්වීමට තීරණය කර තිබේ. ඔවුහු මෙම තීරණය ගෙන ඇත්තේ අද (09) කොළඹදී පැවැති විධායක නිලධාරීන්ගේ සංගමයේ පැවැති රැස්වීමකින් අනතුරුවය.
මේ සම්බන්ධව අදහස් දැක්වූ වයඹ විශ්ව විද්‍යාලයේ ඩී.එච්.බී.ආර් දසනායක මහතා
“ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අරඹා ඇති වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල වල සියලු කටයුතු අකර්මන්‍ය වී ඇති බැවින් විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු ඇතුලු සියලුම කටයුතු අඩාලව තිබෙනවා.
මේ සඳහා වගකිය යුතු පාර්ශවයන් හට මැදිහත් වන ලෙස ඉල්ලා සිටීමට විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය විදිහට අද (9) දින පැවති රැස්වීමේදී තීරණය කරන්නට යෙදුණා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සහ විද්‍යාල උප කුලපතිවරුන්ට ලිඛිතව දැන්වීමට පියවරගනු ලබනවා. මෙහි දී අප සංගමය අනධ්‍යන සේවකයින්ගේ වෘත්තියේ ක්‍රියාමාර්ගයන්ට සහයෝගය දැක්වීමට තීරණය කරනු ලැබුවා.
ඒ අනුව නිලධාරීන්ගේ සංගමය ඔවුන්ට පූර්ණ සහාය දෙමින් එළඹෙන සඳුදා සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට පිවිසීමට කටයුතු කරනු ලබනවා. අද අප සංගමය මගින් ඇමතිතු තුමා වෙත ද ලිපියක් ද යොමුකර තිබෙනවා.
ඊට අමතරව ආයතන ප්‍රධානීන් සහ අදාළ පාර්ශවයන් දැනුවත් කිරීමෙන් පසු අප බලාපොරොත්තු වෙනවා ඒ අය මේ සඳහා යම් මැදිහත්වීමක් සිදුකරයි කියා එසේ නොවන්නේ නම් ඉදිරි දින තුනකට පසුව වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට පිවිසීමට බලාපොරොත්තු වෙනවා.
ඉදිරි සතිය තුළ යම්කිසි විසඳුමක් නො ලැබෙන්නේ නම් ඒ අනුව තවදුරටත් සිදුකළයුතු වෘත්තිය ක්‍රියා මාර්ගයන්ට ක්‍රියා මාර්ගයන්ට එළැඹෙන්නට පොරොත්තු වෙනවා .පළමුව අපට අදාල නොවන රාජකාරි රාජකාරී වලින් අප ඉවත් වෙනවා කෙටියෙන් කිවහොත් සදුදා සිට අප අකුරට වැඩ කිරීමේ ක්‍රියාදාමය එළඹීමට නියමිතයි.” යනුවෙන් පැවසීය.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ට විධායක නිලධාරී සහාය
Appuhami Friday, 09 March 2018 04:54 PM
ලැබෙයි ලැබෙයි. බලාගෙන ඉන්න.
Romesh Jayamanna Saturday, 10 March 2018 01:44 AM
අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප අමතරව විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය 55% දීමනා ලබා ගනී. මෙය සම්පූර්ණයෙන්ම අසාධාරණ ඉල්ලීමකි. මෙම වෘත්තීය සමිති මාෆියාවට දඬුවම් කරන්න.
අකිලSaturday, 10 March 2018 03:04 PM
අනෙකුත් රාජ්‍යය සේවකයින්ට හිමි වරප්‍රසාද ඔවුන්ට අහිමි බව ඔබ දන්නවාද?
RNG Sunday, 11 March 2018 04:20 AM
එතකොට ඔයා මේ සිසුන්ගෙ අධ්‍යාපනය පාඩු වෙන එකේ වගකීම ගන්නවද..?
Romes Jayamanna Sunday, 11 March 2018 06:24 AM
Minister ලැයිස්තුවේ කාර්යාල සහකාර සහ ලිපිකාරක කාර්ය මණ්ඩල සාමාජිකයින් ආණ්ඩ TO බඳවා ගැනීම දිගටම කරගෙන ගියේය. මේ මොහොතේ සිදු වන්නේ මෙයයි. ඇමතිවරයෙකු මාර්ගයෙන් පත්වීමක් ලබා දුන් කාර්යාල සහායකයකු කොපමණ වැටුපක් ද කියා ඔබ දන්නවාද? රුපියල්. 18000 මූලික වශයෙන් රු. 7000 COL, රු. 10,000 ක් මෑත වැටුප් වර්ධකය ලෙස, 35% මූලික වැටුප MCA, 20% අතිරේක දීමනාවක්. ඉතින්, ඔහුට රු. එෆ්එෆ්එෆ් හා විශ්‍රාම වැටුප් සඳහා UPF 15% 10% ට අමතරව මසකට රු. එබැවින් ඔහුගේ මූලික සුදුසුකම් 8 ශ්‍රේණිය වේ. ඔබ මෙය විශ්වාස කරන්නේද? මේ ගැන ජනතාව නොදන්නාවා.