IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවෙන් විකිරණශීලිතාව අධික කලාප 12 ක්

(බිඟුන් මේනක ගමගේ) 

විකිරණශීලිතාව අධික කලාප දොළහක් මෙරටින් හඳුනාගෙන ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ විකිරණශීලී ඛනිජ පිළිබඳ මේ දිනවන සිදුකෙරෙන ගවේෂණයකදී මෙම හඳුනාගැනීම සිදුවිණි යැයි ද එයින් කලාප තුනක් මාතලෙන් ද නවයක් නැගෙනහිර වෙරළ තීරයෙන් ද වාර්තා වන්නේ යැයි ද එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවැසීය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මගින් පරිත්‍යාග කරන ලද ජංගම විකිරණමාන පද්ධතියක් හා එක්ස් කිරණ ප්‍රතිදීප්තතා වර්ණාවලීක්ෂනමානයක් උපයෝගී කෙරෙන මෙම ගවේෂණයට ශ්‍රී ලංකා පරමාණුක ශක්ති මණ්ඩලයේ සහයෝගය ලැබෙන්නේ යැයි ද ඒ මහතා කීවේය.

විකිරණශීලීතාවය සම්බන්ධව දිවයිනම ආවරණය වන පරිදි සිතියම් පිළියෙල කිරීම මෙමගින් සිදුවන්නේ යැයි කී හෙතෙම දඹුල්ල, පල්ලේගම, හඟුරන්කෙත යන ප්‍රදේශවල ඊට අදාළ සමීක්ෂණ කටයුතු අවසන් කර ඇතැයි සඳහන් කළේය.

විකිරණශීලී ඛනිජ පිළිබඳව මූලික අධ්‍යයනයක් මුලින්ම සිදුකර ඇත්තේ 19 වැනි සියවසේ මුල් කාලයේදී යැයි ද 1904 දී ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා විසින් තෝරියනයිට් හා තෝරයිට් යන විකිරණශීලී ඛනිජ මෙරටින් සොයාගනු ලැබ ඇතැයි ද අධ්‍යක්ෂවරයා කීය.

ලෝකයේ ප්‍රථම වරට තෝරියනයිට් හා තෝරයිට් යන විකිරණශීලී ඛනිජ සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කරන ලද මෙම සමීක්ෂණයෙන් යැයි ද ඒවා භාවිතා කරගෙන ලොව ප්‍රකට විකිරණ විද්‍යාඥයන් පරීක්ෂණ රැසක්ම කර ඇතැයි ද සිල්වා මහතා කීවේය.

ඊට අමතරව මෙරටින් බහුලව හමුවන මොනසයිට් ඛනිජය සම්බන්ධයෙන් 1910 දී මූලික පරීක්ෂණ සිදුකර ඇතැයි ද පසුව බෙන්තොටට ආසන්න කයිකාවල ප්‍රදේශයේදී මොනසයිට් ඛනිජය නිස්සාරණය කිරීමේ නියමු කර්මාන්ත ශාලාවක් පිහිටුවිණි යැයි ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

ශ්‍රී ලංකාවෙන් විකිරණශීලිතාව අධික කලාප 12 ක්

prabha Sunday, 12 August 2018 12:57 PM

අංක 1 දියවන්නාවයි....

:       0       481

norman senanayakeMonday, 13 August 2018 03:43 AM

අංක එක දියවන්නාව කියන කියමන අසන්නට ලැබුණු හොදම කියමනක් .... එකට ලැබුණු ප්‍රතිචාර වලින් තේරෙනවා දියවන්නාව ගැන ජනතාව කෙතරම් අකමැතිද කියනඑක.

:       0       0

lalith Sunday, 12 August 2018 05:06 PM

දැන් එහෙනම් ඒ විකිරණ පාෂාණ වැඩිදුර අධ්‍යයනයට කියලා විදේශිකයෝ බුරුතු පිටින් ගෙන්නාගෙන ඒ ටිකත් කුණු කොල්ලෙට විකුණලා දායි.

:       22       27

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 708 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1677 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 805 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 153 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 602 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 359 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site