(අංජුල මහික වීරරත්න සහ ෙයාහාන් භාසුර)
රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදය හය වන හා හත් වන වගන්තියෙන් දැක්වෙන විධි විධාන අනුගමනය නොකර රජයේ නිලධරයකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හේතු වන වරදක් බව අදාල චක්‍රලේඛයේ දැක්වේ.
තවද දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධරයකු විසින් සිදු නොකළ යුතු බවට දක්වා ඇති ක්‍රියාවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකිරීමද විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව අදාල චක්‍රලේඛයේ සඳහන් ව ඇත.
එවැනි වරදවල් කරන නිලධරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියා මාර්ග ගත යුතු බව ද අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අලුත් චක්‍රලේඛයට පිටින් සමාජ මාධ්‍යවලට කට ඇරියොත් නිලධාරීන්ට වැඩ වරදී
චන්දන Wednesday, 28 September 2022 07:09 AM
මේවාට උඩ පැනල කෑ ගහලා වැඩක් නැහැ... ඒ වගේම අලුත් චක්‍රලේඛ නිකුත් කරන්න දෙයක්ද නැහැ. ආයතන සංග්‍රහය ඇතුලේ මේ ඔක්කොම තිබෙනවා. එහෙම නම් කළයුත්තේ ආයතන සංග්‍රහය සංශෝධනය කරන එක විතරයි...
චමින්ද Wednesday, 28 September 2022 12:46 PM
රජයේ සේවයේ සිටින හෝ සිටි කෙනෙක් නම් දන්නවා ආයතන සංග්‍රහය සංශෝධනය කියන්නේ චක්‍රලේඛ නිකුත්කිරීම කියලා. චක්‍රලේඛයක් නිකුත්වුණාම ඒක ආයතන සංග්‍රහයේ සටහන් කරන්න ඕනෑ. එහෙමයි ආයතන සංග්‍රහය සංශෝධනය වෙන්නේ... චන්දන රජයේ සේවයේ ඉන්නවා නම් ඔබේ පත්වීම් ලිපිය හොඳින්ම කියවා බලන්න. කඩයිම් විභාගයට කටපාඩම් කරලා ලිව්වාට පමණක් මදි. සෑම විටම අලුත් චක්‍රලේඛ ගැන අවධානය යොමුකරන්නම ඕනෑ. ආයතන සංග්‍රහය පමණක් නොවෙයි, මුදල් රෙගුලාසිත් භාණ්ඩාගාර චක්‍රලේඛ අනුව සංශෝධනය වෙනවා. එහෙම නැතුව එම පොත් මුද්‍රණය කළ අවස්ථාවේ රෙගුලාසි හැමදාම වලංගු නැහැ. ඒවා වෙනස් වෙනවා..
චන්දන Wednesday, 28 September 2022 03:40 PM
මම කියපු දේ තේරුම් ගන්න බැරි වුණාට කරන්න දෙයක් නැහැ. ඔය චක්‍රලේඛයේ තියෙන්නේ ආයතන සංග්‍රහය තුළ තියෙන දේම නැවත පල කිරීමක්. එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. චක්‍ර ලේඛකයකට බැහැ ආයතන සංග්‍රහය ඉක්මවන්න. ආයතන සංග්‍රහය තුළ තියෙන දේ සෑම රජයේ සේවකයකු ම පිළිපැදිය යුතුයි. ඒවා නැවත මතක් කළයුතු නැහැ.
පන්හිද Wednesday, 28 September 2022 10:37 AM
රජයේ විධායක නිලධාරින් රටේ ඡන්දයෙන් පත්වුණු ජනාධිපති සහ අගමැති එලවන්න සමාජ මාධ්‍ය භාවිතා කළා. ඒ අය ගැන හොයලා නිසි ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. එයාලා ගොඩක් අය දේශපාලන පක්ෂවලට කඩේ යන අය...