(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
වත්තල කෙරවලපිටියේ දී ඉදිකරන කසල වලින් විදුලිය නිපදවන විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදු කැරිණි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාශය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය කොරියානු සමාගමක් සමඟ එක්ව දියත් කරනු ලබන්නේ ජී එස් පී වේස්ට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම සහ ඊ එම් එල් කන්සල්ටන්ට් පෞද්ගලික සමාගම විසිනි. මෙය රුපියල් බිලියන 1200කට ආසන්න ආයෝජනයකි.
කසල මෙට්‍රික් ටොන් 700 ක ධාරිතාවක් ඇති මෙම බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 240 ක් විදුලිය එකතු කෙරෙනු ඇත.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය , මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු මහත්වරු ඊට සහභාගී වුහ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනපති කෙරවලපිටියේ විදුලි බලාගාරයට මුල්ගල තියයි
Jayatissa Thursday, 10 August 2017 10:21 AM
දැන් කුණුවලට පොරකන්න එපා.
raveendra Thursday, 10 August 2017 10:48 AM
නැවතත් අප හට කීමට ඇත්තේ මුල්ගල් තැබීමට උනත් මොනතරම් මහජන මුදල් නාස්තියක් කර ඇද්ද ??? මිනිස් පැය කොතරම් ප්‍රමාණයක් නිකරුනේ නාස්තිකාර ඇද්ද ???? නැටුම් ගැයුම් යන වාහන ඉන්දන මේ හැම එකක්ම ඔබගේ මගේ අපගේ මුදල් නොවේද ?? අවට සිටින කපටි සිනහවකින් මුව සරසාගෙන සිටින දේශපාලකයන් මේ හැමදෙයක් ම තම නාමය ප්‍රසිද්ධ කරගැනීමේ අරමුණින් හැර ජනතාවට සේවයක් කිරීමට නොවන බව ඉතා පැහැදිලිය.මින් පෙර බලයේ සිටි දේශපාලකයන් ද මෙලෙසම අපගේ මුදල් කාබාසිනියකර ඇද්ද ? මා ජිවත් වන රටේ මෙවැනි මෝඩ මුල්ගල් තැබිම්වත් විවුර්ත කිරීමවත් කිසිදිනක දැක නැත.තවද කිසිම දේශපාලකයකුගේ නම් ගම් යොදාගෙන නැත.අපේ මුල් පුරවැසිය මෙය කියවා බලාඅදහස හිතට ගෙන ක්‍රියාකිරීම ඔහුගේ දේශපාලන පැවැත්මට හොදින් බලපානු ඇත .
kumar (galf) Thursday, 10 August 2017 11:46 AM
මේකත් විහිළුවක්ද දන්නේ නෑ... නොරොච්චෝලේ වගේ.
athura Thursday, 10 August 2017 12:41 PM
අවුරුදු දෙකටම මොනවද කලේ කියල අහන කවුරුත් මේකට අදහස් දාන එකක් නැහැ.මොකද මේක මහා සංවර්දනයක් නෙමෙයි නේ.
පෙරේරාFriday, 11 August 2017 08:40 AM
මේක බලෙන් නැව් හරවා එවන වරායට හා ප්ලේන් එන්නැති එයාර්පෝට් එකට වඩා කාලීන, මුදල් උපයන හා ඵලදායි වැඩක්...
kapila Thursday, 10 August 2017 04:30 PM
සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි කියන අර්ථය මේකෙන් පේනවා. පාටලී ඇමතිතුමා මේ දක්වා භාරගත් වැඩ හරියටම කලා.
Lapaya Friday, 11 August 2017 03:58 AM
හොඳ වෙලාවට මෙතන ගල් අඟුරු නැත්තේ
arunalu Friday, 11 August 2017 04:50 AM
රණවක ඇමතිතුමා දක්ෂයෙක්, එතුමාගෙන් පුළුවන් තරම් වැඩගන්න ජනාධිපතිතුමා උත්සහ කරන්න ඕනේ