IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බීමත් රියදුරන්ගෙන් රජයට කෝටි 30 ක්

(ඉන්දිකා රාමනායක)

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා  රට පුරා කි‍්‍රයාත්මක කළ මෙහෙයුමේ දී මාස දෙකකට ආසන්න තුළ අත්අඩංගුවට ගත් රියදුරන් අධිකරණයට ඉදිරිපත්  කිරීමෙන්  දඩ මුදල් වශයෙන් රුපියල් කෝටි 30  ට අධික  මුදලක් රජයට උපයා දී ඇති බව රථවාහන පොලිසිය කියයි.


ඉකුත් ජුලි මස 5 වැනි  සිට අගෝස්තු මස 3  වැනි දින දක්වා කි‍්‍රයාත්මක කළ  මෙම මෙහෙයුමේ දී බීමත් රියදුරන් 12,199 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම මුදල්  උපයාගෙන ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බාර අධ්‍යක්ෂ  පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසයි.


මෙම මෙහෙයුමේ දී වැඩිම බීමත් රියදුරන්  පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප‍්‍රදේශයේ බවත්  එම පිරිස අතර 617 දෙනෙකු සිටින බව ද ඒ මහතා පවසයි.
 
සෙසු වැඩිම ප‍්‍රදේශ  වු ගල්කිස්ස,  මාතර,  තංගල්ල, රත්නපුර,  මහනුවර, අනුරාධපුරය,  බිමත් රියදුරන් 500 ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා පැවසීය.
 
මේ අතර  වැඩි  පිරිසක්  ති‍්‍රරෝද රථ රියදුරන් හා   යතුරුපැදිකරුවන්  බවද   පොලිසිය පවසයි. බීමත් රියදුරන් අතින් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා මෙම මෙහෙයුම් අඛණ්ඩව තවදුරටත් කි‍්‍රයාත්මක කෙරේ.



අදහස් (5)

බීමත් රියදුරන්ගෙන් රජයට කෝටි 30 ක්

samira Tuesday, 03 September 2019 08:53 AM

සලකනවා මදිනේ ....

:       1       2

Mahee Tuesday, 03 September 2019 09:02 AM

මං මේ කාරුණික ඉල්ලීම කරන්නේ බීමත් රියදුරන්ගෙන්. කරුණාකර බීමත්ව රිය පදවල අහුවුනාම ඒ දඩය ගෙවල දාන්න. එක එක පන්දම් මාර්ගයෙන් නඩුවෙන් බේරෙන්න හදන්න එපා. ඔබට අභිමානයෙන් යුතුව කියන්න පුළුවන් "රට ගොඩ නැගීමට ලොකුම දායකත්වය අපෙන්" කියල. කාටද නම්බු?

:       101       168

thilak Tuesday, 03 September 2019 09:43 AM

බීමත් රියදුරන් දිනපතා ඇල්ලීම ඉතාමත් හොඳයි. ඒ වගේම කන් බිහිරි කරන හොර්න් ගහන් යන අය අල්ලන්නේ නැද්ද? අපරික්ෂාකාරීව අධික වේගයෙන් රිය පදවන රියදුරන් අල්ලන්න . නමුත් ඉර කපන එක නෙමෙයි අල්ලන්න ඕනේ ඉර කපන්නේ පාරේ ඉඩ නැතිවුනහම...

:       0       46

Raveendra Tuesday, 03 September 2019 10:31 AM

මේ හැම දෙයකින්ම ගම්‍ය වන්නේ කුමක්ද? නුඹලා සල්ලි තියෙනවා නම් ඕනෑතරම් බීලා වාහන එලවපිය කියන එක නොවේද? එක පැත්තකින් අපේ අනාගත පරපුරටද එය හොඳ ආදර්ශයක්ද? තව පැත්තකින් බීමත්ම රියදුරු අසුනේ ඉඳගෙන වාහනය පදවන අය නිසා පාරේ නීතිගරුකව යන පුරවැසියන්ට වෙන හානිය ජීවිත විනාශය ගැන අැයි මේ ගොන්තඩියන් කතා නොකරන්නේ? ලැබුණු මුදල ගැන උඩ පැනපැන කියන එකද සුදුසු? ඇත්තෙන්ම අප ජාතියක් හැටියට කණගාටු විය යුතුයි.. මෙතරම් බේබද්දන් අපේ රටේ සිටින එක ගැන.

:       0       0

laal Tuesday, 03 September 2019 12:17 PM

ඇත්තටම අපි ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතුයි ඩෝපර් ඩ්‍රයිවර්ලාගෙන් මේ විදියට ගාන කපන එක ගැන... මොකද බීමතින් රිය ධාවනය නීති විරෝධී කටයුත්තක්... මේ මුදල් ආණ්ඩුවේ ආදායම් වලට අරගෙන දේශපාලුවන්ගේ විකාර වැඩවලට වියදම් කරනවාට වඩා බීමතින් රිය පදවන එක අඩුකිරීම සඳහා කෙරෙන වැඩවලට යොදාගන්න ඕනෑ. රිය අනතුරු වලින් කීදෙනෙක් මැරෙනවද? අනාථ වෙන්නේ දරු පවුල් විශේෂයෙන්ම ළමයින් සහ කාන්තාවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 871 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 167 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1043 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1081 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1378 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1229 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site