IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් උතුරේදී සැමරීමට සූදානම්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින්  සිහිකරමින් මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් මෙවරද උතුරේ සංවිධානය වී තිබෙන බව උතුරේ ආරක්ෂක අංශ අවධාරණය කරයි.

උතුරේ දෙමළ දේශපාලඥයින්ගේ සහ සිවිල් සංවිධාන මූලිකත්වයෙන්  21 වනදා සිට ලබන 27 වනදා තෙක් ඇති  මහවිරු සතිය පුරාම මෙම  සැමරුම් සංවිධානය කර ඇති අතර යාපනයේ පමණක් සැමරුම් 20කට අධික සංඛ්‍යාවක් සංවිධානය කර තිබෙන බවද  එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

මෙවරද ප්‍රධානතම මහවිරු සැමරුම් මියගිය කොටි සාමාජිකයින් 7000ක් පමණ මිහිදන් කර ඇති කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේදී ලබන (27) වනදා සවස සිදුකිරීමට නියමිතව ඇත්තේ  දෙමළ ජාතික සන්ධාන යාපන දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලිකත්වයෙනි.

මේ ආකාරයෙන් ලබන 27 වනදා යාපනය විශ්ව විද්‍යාලය,කයිඩස්  සාටි වෙරළේ පිහිටි එල්.ටී.ටී.ඊ සුසාන භූමිය, කෝපායි,හි පිහිටි යුද හමුදා 51වන සේනාංකය ඉදිරිපිට, වේළුපිල්ලේ ප්‍රභාකරන් උපන් වැල්වැටිතුරෙයි නිවස ආදී ස්ථාන   කේන්ද්‍රගතව මහවිරු සැමරුම් සංවිධානය වී ඇති අතර ඇතැම් ස්ථානවල එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපත යෙදෙන (26) දින උපන්දින සැමරුම් ද සංවිධානය වී ඇතැයි ද පැවසේ.



අදහස් (8)

මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් උතුරේදී සැමරීමට සූදානම්

Adam Monday, 25 November 2019 11:44 AM

සැමරුම් සංවිධානය කලාට සමරන්න වෙන්නේ නැහැ.. දැන් කොන්ද පණ තියෙන පිරිමියෙක් ලංකාවේ ජනාධිපති වෙලා ඉන්නේ...

:       1121       1285

GuneTuesday, 26 November 2019 04:13 AM

ආණ්ඩුවට පක්ෂ දෙමළ දේශපාලනඥයන් වගේම ඔවුන්ට කතාකළ හැකි බුද්ධිමත්, දෙමළ නොවන ජන නායකයින් සහභාගී කරවාගෙන හෝ සාමාන්‍ය දෙමළ ජනතාවට යථාතත්වය අවබෝධ කර දිය යුතුයි. කොහෙද ඉතින්.....අපේ කොයි දේශපාලුවටද එහෙම උවනාවක් තියෙන්නේ ? ජාතිවාදයෙන් බැරිනම් ඕන වාදෙකින් බලය රැකගන්න හිතනවා මිසක්.........නායකයෙකුට ලැබෙන, ලැබිය හැකි ශක්තිමත්ම බලය රටේ සමස්ත ජනතාවගේම ආදරයයි. මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ටයන්ට සුද්දන් හිසනැමුවේ ඔහු පසුපස තිබුණ ජනාදරය නිසයි.

:       0       6

NishanTuesday, 26 November 2019 04:44 AM

සිවාජිලිංගම් මේවා කරවන්නේ කාට ලකුණු දාලා දෙන්නද? මේවට ලොකු ප්‍රචාරයක් දීලා ආණ්ඩුවෙන් නවත්තන එකටත් ලොකු ප්‍රචාරයක් දුන්නම කොන්ද පණ තියෙන පිරිමියාට ලකුණු ගොඩයි.

:       1       57

Don Monday, 25 November 2019 01:21 PM

සමරන්න පටන්ගත්තොත් අපේ හාමුදුරුවරු උපවාස කරාවි, කඳුළු ගෑස් ප්‍රහාර වල‍ට බියනොවී ජනතාව වීදි බහීවි.

:       205       50

සෙනෙවිරත්න Monday, 25 November 2019 01:24 PM

මෙතනදි කොන්දෙ හයිය ගැන කතා කරලා වැඩක් නැහැ. කළ යුත්තේ නුවණින් කටයුතු කර ඛේදවාචකයක් සිදු නොවන ආකාරයට කටයුතු කිරීමයි. දෙමළ සාමාන්‍ය ජනයා ඉතා ලෙහෙසියෙන් යම්යම් දේවලවලට සම්බන්ධ කරගත හැකි බව අත්දැකීමයි. ප්‍රභාකරන් කලක් අල්ලාගෙන සිටියේ එබැවිනි. නායකයන් පසුපසින් සිටින බැවින් තත්වය සංකීර්ණයි. ආපසු අංක 1 කොටුවට නොයාමට කටයුතු කළයුතුයි.

:       80       106

Rohana Monday, 25 November 2019 02:09 PM

කොටියා ඔලුව උස්සයිද?

:       15       15

raviMonday, 25 November 2019 03:05 PM

කොටියා කෙසේවෙතත් බලු සිංහයා නම් ඔලුව උස්සාවි ගෝත්‍රිකයින්ගේ පිහිටෙන්...

:       286       349

ගල්මංගොඩ Monday, 25 November 2019 02:34 PM

මිය ගිය දමිළ ජනතාව සැමරීමේ වරදක් නෑ. තහනම් සංවිධානයක් බැවින් LTTE මහවිරු සැමරීමයි ගැටලුව.

:       88       115

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 85 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 778 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2193 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1545 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 888 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2111 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site