IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රාජිතට ඇප දීමේ නියෝගය වැරදි බව මහාධිකරණය කියයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

 
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගය දෝෂ සහිත බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එම නියෝගය ප‍්‍රතිශෝධනය කිරීමට  අද  (13) නියම කළේය.
 
සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත්  කර සිටියේය. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය 2019 දෙසැම්බර් මස 30 වැනිදා ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධන කරන්නැයි ඉල්ලමින් නීතීපතිවරයා මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම්පත‍්‍රය ඉදිරිපත් කර තිබිණ.
 
 
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ක‍්‍රියාකලාපය අනුව ඔහු අධිකරණය මගහැරයෑමේ හැකියාවක් ඇති බවට නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු නොසලකා හරිමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය කටයුතු කළ ආකාරය ඉතා කණගාටුදායක බව අවධාරණය කළ විනිසුරුවරයා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියගේ නියෝගයෙන් යුක්තිය බිඳී යාමක් සිදුවී ඇති හෙයින් එම නියෝගය ඉවත දමන බවද සදහන් කළේය.
 
අදාළ ප‍්‍රතිශෝධන ඇයැදුම්පත‍්‍රයේ වගඋත්තරකරුවකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද නම් කොට ඇත.
 
මෙම පෙත්සම් විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද  මීට පෙර අවස්ථාවක මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ.  එම කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝගය ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා පැය බාගයකට ආසන්න කාලයක් පුරා එම නියෝගය සම්පුර්ණයෙන්ම අධිකරණය හමුවේ ප‍්‍රකාශයට පත් කළේය.
 
රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී දෙසැම්බර් 26 වැනිදා රෝගී තත්වයක් බව පවසමින් ඔහු ලංකා පෞද්ගලික රෝහලට ඇතුලත් වී ඇති නමුත් වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයකු විසින් දෙසැම්බර් 27 වැනිදා ඔහු රිමාන්ඞ් බාරයට පත් කිරීමෙන් අනතුරුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය විසින් දෙසැම්බර් 30 වැනිදා ඔහුට ඇප නියම කර තිබිණ.  රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගනු ලැබ සිටියේ ඇප ලබාදිය හැකි වරදක් සම්බන්ධයෙන් වුවත් එලෙස ඇප නියම කිරීම ඇප පනතේ 14 වැනි වගන්තියට අනුකූලදැයි ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය සිය අධිකරණ මනස මෙහෙයවා කළ යුතු බවද නියෝගයේ වැඩිදුරටත් සදහන් කොට ඇත.
 
රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කළ පසු එම වරෙන්තුව ක‍්‍රියාත්මක කිරීමට කොළඹ 07 සහ බේරුවල නිවෙස්වලට රහස් පොලිස් නිලධාරීන් ගොස් ඇති නමුත් දින කිහිපයක්ම ඔහු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන්ට නොහැකි වී තිබේ. තමා කොළඹින් පිටත සිය මිතුරෙකුගේ නිවසේ සිටි බවට රාජිත සේනාරත්න මහතා මෙම අධිකරණයේදී පවසා ඇති නමුත් ඔහු නැවති සිටි නිවස ඔහුගේ බිරිද සහ සහෝදරයා දැන සිට නැතැයිද ඔහුගේ දුරකථනයක් හෝ ක‍්‍රියාත්මකව තිබී නැතැයිද නියෝගය සදහන් කළ විනිසුරුවරයා රාජිත සේනාරත්න මහතා සිය බිරිද සහ සහෝදරයා අනුදැනුම ඇතිව හෝ නොමැතිව ඔහු සිටින තැන හෙළි නොකිරීමට සුක්‍ෂම අයුරින් කටයුතු කොට ඇතැයිද නියෝගයේ සදහන් කළේය.
 
රාජිත සේනාරත්න මහතාට එරෙහිව වරෙන්තු නිකුත් වී තිබියදී ඔහු අධිකරණයට ඉදිරිපත් නොවී සැඟවී සිටි තත්වයක් තුළ පෞද්ගලික රෝහලකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔහුගේ මෙම ක‍්‍රියාකලාපය ඇප පනතේ 14 වැනි වගන්තිය කඩකිරීමක් බව රහස් පොලිස් නිලධාරීන් වැඩිදුර වාර්තා මඟින් අධිකරණයේ අවධානයට ලක් කොට තිබියදීත් මහෙස්ත‍්‍රාත්වරිය ඒ පිළිබඳව සැළකිල්ලක් නොදක්වා ඔහුට ඇප නියම කොට ඇතැයිද නියෝගයේ සඳහන් කළ විනිසුරුවරයා විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන වැඩිදුර වාර්තා කෙරෙහි සියළුම මහෙස්ත‍්‍රාත්වරුන් අවධානය යොමු කිරීම අනීවාර්්‍ය වුවත් රාජිත සේනාරත්න මහතාට ඇප නියම කිරීමේදී කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගේ අධිකරණ මනසින් ඒ තත්වය ගිලීහි ගොස් ඇතැයිද සදහන් කළේය.
 
රාජිත සේනාරත්න මහතාට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය නිකුත් කළ නියෝගය ඉවත දැමීමට නියම කළ විනිසුරුවරයා සැකකරු කැදවා අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියට නියම කළේය.
 
යම් අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් අවස්ථාවකදී ඔවුන් රෝහල්ගතවීමේ ප‍්‍රවනතාවයක් ඇති බවත් එයට තිත තැබිය යුතු බවත් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා හෙයින් එවැනි නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විනිසුරුවරයාට, නීතීපතිවරයාගේ ප‍්‍රණාමය පුද කළේය.
 
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ යොහාන් අබේවික‍්‍රම මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.



අදහස් (15)

රාජිතට ඇප දීමේ නියෝගය වැරදි බව මහාධිකරණය කියයි

මහසෙන් Wednesday, 13 May 2020 10:08 AM

මේ පාර කොයි ඉස්පිරිතාලෙද?

:       0       0

Deepal Nirosh Wednesday, 13 May 2020 10:22 AM

දැන් ඉතින් පොලිසිය අධිකරණ නියෝගය අතේ ලබාගෙන රාජිත හොයාගෙන යාවි. හොයාගන්න බැරිවේවි... නැවත පුද්ගලික රෝහලක හෘද රෝග, දැඩි සත්කාර ඒ්කකයෙක රාජිත ප්‍රතිකාර ගනීවි. ආයේ ඇප අයදුම්පතක් ඉදිරිපත් කරන රාජිත ඇප ලබා නිදහස් වේවි. නීතිපති ආයේ අධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරාවි. දෙවන ඇප නියමයත් නීති විරෝධී බව අධිකරණය තීන්දු කරාවි. කෙළවර කොතැනද? නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගේ....

:       0       0

සේන Wednesday, 13 May 2020 11:09 AM

එතකොට ඒ වැරදි නියෝගය දුන්න කෙනාට දඬුවම් නැද්ද?

:       0       0

ravin Wednesday, 13 May 2020 11:10 AM

මේ සැරේ දතාට පපුවේ අමාරුවක් නොවෙයි වෙන අමාරුවක් කියලා හොර ප්‍රයිවට් හොස්පිටල් එකක නවතීවි...

:       0       0

lanka Wednesday, 13 May 2020 11:31 AM

රාජිත සේනාරත්නව රිමාන්ඩ් බාරයට පත් කරලා තිබුනේ කොහේ මොන රිමාන්ඩ් එකේද ? හෝටලයක් වැනි රෝහල් කාමරේක නේද දිගටම හිටියේ? එ්වාටත් කියන්නේ රිමාන්ඩ් කියලද? අනික තමයි ඔය දුප්පත් අයටත් බැරිද අත්අඩංගුවට ගත්තම ඇප ලැබෙනකන් මහා ඉස්පිරිතාලේ හරි රෝහල් ගත වෙන්න...

:       0       0

Sugath Wednesday, 13 May 2020 11:43 AM

"පින් පව් එනවා.... අපි පසුපස්සේ..."

:       0       0

skt Wednesday, 13 May 2020 11:46 AM

රස කරකර ලියන්න පුළුවන් ප්‍රවෘත්තියක් ලැබුණා නේද? වයසක මනුස්සයා ගෝඨාභයගෙන් සල්ලි මෙච්චර ගන්නේ මොකටද?

:       0       0

Wasantha Wednesday, 13 May 2020 12:31 PM

සල්ලිවලට, බලයට යටවෙලා ඉවරයි. මිනිසුන්ට ඒක තේරිලා ඉවරයි. අධිකරණය සුද්ද කිරීමට කාලයයි.

:       0       0

surath Wednesday, 13 May 2020 12:32 PM

දැන්වත් අපරාධකරු අත්‍අඩංගුවට ගන්න...

:       0       0

dilan Wednesday, 13 May 2020 12:35 PM

පසුගිය යහපාලන ආණ්ඩුව රටත් කෑවා, බැංකුත් කෑවා, අන්තිමට අධිකරණ පත්ධතිය ගැන රටේ මිනිස්සුන්ගේ තිබුණු විශ්වාසයත් කෑවා.

:       0       0

ගැමුණු Wednesday, 13 May 2020 12:46 PM

නීතිය දන්නේ නැතුවද?. පක්ෂපාතීද? නොසැළකිල්ලද?

:       0       0

Raveendra Wednesday, 13 May 2020 01:00 PM

බියනොවන්න නුදුරු අනාගතයේදී මෙලෙස ම " සත්ගුණවත් සියලු වැරදිවලින් නිදොස්කොට නිදහස් කරන ලදී."..

:       0       0

නෙවිල් Wednesday, 13 May 2020 01:03 PM

මොනවා වුණත් විවිධ බෙහෙත්වර්ගවල සහ වෛද්‍ය උපකරනවල මිළ අඩු කිරීමට හෝ අහොසි කිරීමට එතුමා සෞඛ්‍ය අමාත්‍ය වශයෙන් බහු ජාතික සමාගම්වලින් විය හැකි ජීවිත තර්ජන නොතකා, ගරු සේනක බිබිලෙ වෛද්‍යතුමන් අනුගමනය කරමිින් කටයුතු කළ හැටි අමතක කරන්න බැහැ. එවැනි පුද්ගලයෙක් තුට්ටු දෙකේ දේශපාලන වැඩවල නියැලෙන එක තමයි අපට දුක.

:       0       0

tikiri Thursday, 14 May 2020 01:04 AM

කුමට මෙහෙම අධිකරණය.., නීතිය සහ විනිසුරුවන්...

:       0       0

de silva Friday, 15 May 2020 02:27 PM

දේශපාලකයන් වරදක් කලහම නඩුව අහල ඉවර කරන සිරිතක් නොමැත.. අත්අඩංගුවට ගෙන ඇපදෙමින් නිදහස් කර පසුව නඩුව පොලිසිය විසින් අලකරනු ලැබේ,.. දැනට වසර කිහිපයකට ප්‍රථම අලුතෙන්ම පැමිණි මෝස්තරය සැකකරු තමන් අත්අඩංගුවට ගැනීමට යන බව පවසා එය වැලක්වීමට වැළක්වීමේ නියෝග ගැනීමය... මම දන්නා තරමින් මේවා තිබෙන්නේ ලංකාවේ පමණි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 207 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 432 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 537 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 506 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 151 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1708 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site