(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ලංකා විදුලිබල මණ්ඩලය සතු රුපියල් ලක්ෂ ගණනක් වටිනාකමක් ඇති උපකරණ තොගයක් කල්එළියේ නිවසක සඟවා තිබියදී විදුලිබල මණ්ඩලයේ විමර්ශන ඒකකය සහ පල්ලෙවෙල පොලීසිය අද(26) දහවල් සොයා ගත්තේය.
කල්එළිය නගරයට සමීපයේ පිහිටි ඉඩමක මෙම උපකරණ සඟවා තිබිණි.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලද තොරතුරක් අනුව මෙම වැටලීම කෙරිණි. මෙම දේපළ සොයා ගනු ලැබූයේ අවිවාහක 60 හැවිරිදි පුද්ගලයෙකුගේ නිවසේ හා ඒ අවට පරිශ්‍රයේ සඟවා තිබියදී ය.
විදුලි රැහැන්, විදුලි කම්බි, කේබල්, ඇණ මුරිච්චි, ප්ලේට් ඇතුළු විවිධ අයිතමයන් ගණනාවක් සොයාගත් දේපල අතර විය. ඒවායේ වැඩි කොටසක් ලංකා විදුලිබල මණ්ඩලය සතු බවට හැඟවෙන ලාංඡන ද සටහන් කර තිබිනි. විදුලිබල මණ්ඩලයේ විමර්ශන නිලධාරීහු ඒවා එකින් එක ගණනය කර අනතුරුව සියල්ල වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන යාමට පියවර ගත්හ.
නිවස හිමිකරු මීට වසර 30 කට පෙර විදුලිබල මණ්ඩලයේ සේවය කර ඇතැයිද ඒ අවස්ථාවේ අනතුරකට පත්වීමෙන් පසු සේවය හැර ගිය පුද්ගලකු බවට ද තොරතුරු ලැබී ඇත. ඔහුට විදුලිබල මණ්ඩලය සතු මේ සා විශාල අයිතමයන් ප්‍රමාණයක් ලැබුණේ කෙසේද යන්න හෙළිකර ගැනීමට වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
රුපියල් ලක්ෂ ගණනක් වටිනා බව කියන මෙහි ස්ථිර වටිනාකම ඉදිරි පරීක්ෂණ වලදී හෙළි කර ගැනීමට විමර්ශන නිලධාරීහු කටයුතු කරමින් සිටිති.
වැටලීම කරනු ලැබූ නිවසේ ඉදිකිරීම් බොහොමයකට විදුලිබල මණ්ඩලය සතු කොන්ක්‍රීට් කණු ඇතුළු දේ යොදාගෙන ඇති බව මෙහිදී දැකිය හැකි විය. එක් ගොඩනැගිල්ලක බාල්ක සඳහා ද විදුලි කණු යොදා තිබිණි.
නිවස හිමිකරු ඊයේ (25) නිවසේ සිටි බවට තොරතුරු ලැබී ඇති අතර, මේවනවිට ඔහු ආගිය තැනක් පිළිබඳව සොයා ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විදුලි බල මණ්ඩලයේ උපකරණ තොගයක් කල්එළියේ නිවසක සඟවලා