IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සාපෙළට අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය

(තරිදු ජයවර්ධන)


සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කැබිනම් සම ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද පැවසීය.
 
ඇමැතිවරයා ඒ බව පැවසුවේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. 
 
ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාෙවන් සියයට 75ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවත්, මුළු ජනගහනයෙන් 72.5%ක් එළවළු හා පළතුරු අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට නොගන්නා බවත්, කාන්තාවන්ගෙන් 44%ක් පමණ ප්‍රමාණවත් පරිදි කායික ව්‍යායාමයන්හි නොයෙදන බවත් අමාත්‍යවරයා කීවේය. මෙම තත්ත්වය මඟහරවා ගැනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රාවක් ගත කිරීම සඳහා සෞඛ්‍ය පිළිබඳ මහනා දැනුමක් තිබීම අවශ්‍ය බව ද, වර්තමාන පාසල් විෂය නිර්දේශය තුළ හය වසරේ සිට නවය වසර දක්වා පමණක් සෞඛ්‍ය විෂ්‍ය අනිවාර්ය වුවද අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සෞඛ්‍ය අනිවාර්ය නොවන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
 
ඒ අනුව, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස 'සෞඛ්‍ය විෂය' හඳුන්වා දීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න  මහතා  මෙම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර තිබේ.  
 
2023 වසරේදී සිදු කිරීමට නියමිත මීළඟ පාසල් විෂයමාලා සංශෝධනයේදී අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය දක්වා 'සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය' යන විෂය අනිවාර්ය විෂයක් ලෙස පාසල් තුළ ඉගැන්විය යුතු බවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විද්වත් කමිටුව විසින් සිදු කරනු ලැබ ඇති යෝජනාවද සැලකිල්ලට ගනිමින්, පාසල් විෂයමාලා සංශෝධනය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ බලධාරිත්වය දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.



අදහස් (9)

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සාපෙළට අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය

sudath Wednesday, 06 June 2018 07:25 AM

ඇමති මණ්ඩලයටත් ස/පෙළ අනිවාර්ය කරන්න

:       0       412

Cisco Wednesday, 06 June 2018 07:48 AM

ඉතිහාසේ නම් මේ ගොල්ලොන්ට අරහන්.

:       0       1

rama Wednesday, 06 June 2018 08:12 AM

බලාගෙන ගියාම පසුගිය කලේ 1975 පෙර තිබුණ විභාග කොච්චර හොඳද? දැන් තමයි එක එක ඇමතිය එනකොට මුළු අධ්‍යාපනයම වෙනස් කරන්නේ .....................මුන් තමා අධ්‍යාපනය විනාශ කරන්නේ...............

:       54       206

Hafeel Wednesday, 06 June 2018 09:12 AM

මේක නං හොඳ වැඩක්. නමුත් සුදත් කිව්වා වගේ සියලුම නීති රීති, සුදුසුකම් සාමාන්‍ය ජනයාට තමයි. මුළු ජනගහනයෙන් 72.5%ක් එළවළු හා පළතුරු අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට නොහන්නවා නං, දැන් හරි කල්පනා කරන්න 72.5% ජනතාවගේ ආර්ථික තත්වය ගැන... නෝනලාගේ වැසිකිළි හදන්නත්, කාර් ගන්නත්, නිල නිවාස හදන්නත් ප්‍රමුඛත්වය දෙන රජය රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය ගැන කිසිම කැක්කුමක් නැහැ...

:       1       215

Jehaan Wednesday, 06 June 2018 09:31 AM

අපි සා පෙලට ලියු 80 දශකයේ අග භාගයේ මේ විෂය අනිවාර්ය හැටියට තිබුණා. දැන් ඉතින් ඊට වැඩිය වැදගත් දේවල් දෙමව්පියනටත් තිබෙනවා. පහේ ශිෂ්‍යත්වය අල්ලපු ගෙදර ළමයට ඉහළින් පාස් කරවන්න , සාපෙළ උසස් පෙළ දිවයිනේ පළවෙනිය වී රුපවාහිනියේ මාධ්‍යයේ පෙනී සිටීම ආදී වශයෙන්. සෞඛ්‍ය හෝ ක්‍රීඩා ව්‍යායාම යකාට ගියත් කමක් නැහැ . ජීවන කුසලතා නැති, දරා ගැනීමේ හැකියාවක්නැති, මානසික අවපීඩනය ඉහලින්ම කර පින්නා ගත් උගතෙක් වුනොත් ඒ ඇති.

:       0       33

RNG Wednesday, 06 June 2018 11:59 AM

2023 දී මේවා කරන්න ඉන්නවා නම් ඉතින්‍ හීනෙන් තමයි.. තව අවුරුදු දෙකකින් ගෙදර යන්න වෙනවා කියලා අමතක වුනාද ..?

:       0       110

රුක්මාල් Wednesday, 06 June 2018 01:07 PM

හැබැයි ශරීර සුවය කියලා අනවශ්‍ය දේවල් උගන්වනවා නෙවෙයි... යූ.එන්.පී එකේ උඩ ඉන්න ඔක්කෝම ඕකට හරි මනාපයි නොවැ..

:       0       133

saliya Wednesday, 06 June 2018 01:32 PM

දැනටත් සාමාන්‍ය පෙළට ඉතිහාසයත් ඇතුළත්ව විෂයයන් 6ක් අනිවාර්යව තිබෙනවා. එය 7ක් වූ පසු, වාණිජ්‍යය, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි හෝ සිංහල සාහිත්‍යය යන ඉතාම වටිනාකමෙන් යුතු විෂය තුන ළමයින්ට තෝරා ගැනීම අපහසු වෙනවා. ඉන් එකක් අතහරින්න වෙනවා. විද්‍යාව විෂයෙහි, ජීව විද්‍යා පාඩම් වලින්, සෞඛ්‍ය සම්බන්ධ බොහෝ දෙය ඉගැන්වීම සිදු වෙනවා.

:       0       2

Appuhami Wednesday, 06 June 2018 02:10 PM

අපේ කට්ටිය හිතාමතාම වලපල්ලට යැව්ව ඉතිහාසය විෂයත් ඔය වගේම අනිවාර්ය කළොත් හොඳයි.

:       0       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 84 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 197 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 905 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 104 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 270 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site