IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කටාරයේ සිර වී සිටින ලාංකික ශ්‍රමිකයින්ට බෙදන්න අතවශ්‍ය අහාර ද්‍රව්‍ය පාර්සල් 1000

( තිළිණි ද සිල්වා)
 
කටාරයේ සිරවී සිටින අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට බෙදා හැරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කට්ටල 1000ක් එරටට යැවීමට විදේශ සබඳතා  අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
 
මෙම ඇසුරුම් කට්ටල කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දෝහා අගනුවර සිටින අවශ්‍යතා ඇති ලාංකිකයන් වෙත බෙදා හරින බවද එම අමාත්‍යාංශ්‍ය කියා සිටී.
 
වියළි ආහාර ඇතුළත් මෙම අත්‍යවශ්‍ය ආහාර කට්ටල කටාරයට රැගෙන යාම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් භාණ්ඩ ප්‍රවාහන විශේෂ යානයක් නොමිලේ දායකත්වය ලබා දුන් බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
දෝහා හි වෙසෙන ලාංකිකයින් මුහුණ පාන දුෂ්කරතා අවම කිරීම සඳහා වියළි ආහාර ඇතුළත් මෙම ඇසුරුම් කට්ටල බෙදා හරින අතර එම ඇසුරුම් කට්ටල 1000 ඉකුත් 21 වැනි දෝහා නුවර පිහිට ශ්‍රී ලංකා  තානාපති කාර්යාලයට ලැබී තිබේ.
 
ඒ අනුව දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අවශ්‍යතා ඇති ලාංකික ප්‍රජාවට වියළි ආහාර සලාක සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමට නියමිතය.
 
මීට අමතරව, දෝහා හි ශ්‍රී ලාංකික සංගම්, කටාර් පුණ්‍යායතනය, කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය යන ආයතනවල සහාය ඇතිව ශ්‍රී තානාපති කාර්යාලය මේ වන විට වියළි ආහාර සලාක ඇසුරුම් 5000ක් ද බෙදා දී ඇත.
 
අවශ්‍යතා ඇති ලාංකික ප්‍රජාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දෙන අතරතුර, ජනාධිපති ලේකම් කාර්යාලය හා කටාර් රජය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යාංශය දෝහා හි වෙසෙන වඩාත් අවධානමට ලක්ව ඇති ලාංකිකයන් ඉවත් කිරීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවද විදේශ අමාත්‍යාංශ කියා සිටී.
 



අදහස් (1)

කටාරයේ සිර වී සිටින ලාංකික ශ්‍රමිකයින්ට බෙදන්න අතවශ්‍ය අහාර ද්‍රව්‍ය පාර්සල් 1000

kamal Koyrala Tuesday, 23 June 2020 07:39 AM

ලක්ෂ ගණනක් ඉන්න තැනට පාර්සල් 6000කින් වැඩක් නැහැ... රැකියා, වැටුප් අහිමිව ඉන්න අය ගෙන්වා ගන්න ක්‍රමයක් හදන්න... ඡන්ද කාලෙ සහන මලු එපා. මැදපෙරදිග කඹුරලා ලංකාවට එවන්නේ... නමුත් යුරෝපයේ අය තවම ලොකුකරලා ගෙන්න ගන්නේ ඇයි අපි විතරක්... මේ එම්බසියෙන් බෙදපු අයගේ ලිස්ට් එකක් ඉදිරිපත් කරන්න කියන්න. එම්බසි වටකරගෙන ඉන්න මුදලාලිලා, හෙන්චයියලා, සංගම් කාරයින්, තමයි බෙදාගත්තේ.

:       6       115

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 20 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 288 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 177 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 121 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 202 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2137 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site