IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අල්ලස් ගත් හිටපු විදුහල්පතිනිය වසර 20 කට හිරේ

(මනෝප‍්‍රිය ගුණසේකර)
මාතලේ විජය විද්‍යාලයේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා  රුපියල්  ලක්‍ෂ  දෙකක අල්ලසක්   ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ 1 1/2ක් ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකාරිය වු එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියට වසර 20ක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඇයට රුපියල් 20,000/- ක දඩයක් ද නියම කළේය.

2014 වසරේදී මාතලේ විජය විද්‍යාලයේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා දරුවාගේ පියාගෙන් ලබා ගන්නා ලද  රුපියල්  ලක්‍ෂ 1 1/2ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද විනිසුරුවරයා නියම කළේය.

චෝදනාවන්ට වරදකාරිය වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මාතලේ විජය විද්‍යාලයේ 2014 වසරේදී විදුහල්පතිනිය ලෙස කටයුතු කළ කළුආරච්චිගේ දයාවතී (47)  මහත්මියටය.

2014 පෙබරවාරී මස 08 වැනිදා මාතලේ දී මාතලේ විජය විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී එම විදුහලේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා දරුවාගේ පියාගෙන් රුපියල්  ලක්‍ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ 1 1/2ක් ලබා ගන්නා ලදැයි චෝදනා හතරක් යටතේ විත්තිකාරියට එරෙහිව  අල්ලස්  කොමිසම විසින් නඩු පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකාරියට එරෙහි සියළුම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.

විත්තිකාරියට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් චෝදනා හතරටම ඇය වරදකාරිය බවද විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ චන්ද්‍රිකා ජයසේකර මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් දරුවන් පාසලට ඇතුලත් කර ගැනීම සඳහා අල්ලස් ගැනීම මේ වන විට අප රටේ එක්තරා කලාවක් වී ඇතැයි කීවාය.

අල්ලස් ගැනීම සමාජය වෙළාගත් පිළිලයක් බවට පත්ව ඇතැයි කී අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ චන්ද්‍රිකා ජයසේකර මහත්මිය සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකාරියට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකාරියට එක් චෝදනාවකට වසර 05 බැගින් චෝදනා හතරට වසර 20ක 
සිරදඬුවමක් නියම කර එය වසර 05ක කාලයකින් ගෙවෙන ලෙස නියම කළ අතර විත්තිකාරියට එක් චෝදනාවකට රුපියල් 5,000/- බැගින් චෝදනා හතරට රුපියල් 20,000/- ක දඩයක්ද නියම කළේය.

අල්ලස් වශ්‍යයෙන් ගත් රුපියල් ලක්‍ෂ 1 1/2ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීම නියම කළ විනිසුරුවරයා දඩ මුදල් හා දණ්ඩන මුදල නොගෙවුව හොත් අමතර වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.

අල්ලස් කොමසමේ පොලිස් පරීක්‍ෂක අබේසිංහ මහතා විසින් මෙම සිද්ධියට අදාළ වැටලීම සිදුකර විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබු අතර පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ චන්ද්‍රිකා ජයසේකර මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.



අදහස් (21)

අල්ලස් ගත් හිටපු විදුහල්පතිනිය වසර 20 කට හිරේ

sirimal Friday, 23 March 2018 12:27 PM

නීතිය ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා. බොහොම අගෙයි. මේ වගේම බයිසිකලයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් දැන් කොළඹ සුඛෝපභෝගී නිවාස අයිති කෝටිපතියෙක් වෙලා ඉන්න කෙනා ගැන හරි කෝච්චියේ මාල කඩපු දැන් ප්‍රකෝටිපතියෙක් වෙලා ඉන්න කෙනා ගැන හරි ඡන්දෙ කාලේ පිටරට ඉඳලා දිනුවට පස්සේ ලඟට කිට්ටුවෙලා අවුරුදු දෙක තුනක් යනකොට කොළඹ සුපිරි නිවාස හදලා කෝටි ගණන්වලට විකුණන්න පිටරට පත්තරවල දැන්වීම් දාන අතිවිශේෂ උපදේශකවරු ගැන හරි මෙකී නොකී නොසණ්ඩාලයෝ ගැන හරි තීන්දු දෙන්න මේ වගේ උනන්දුවක් නැත්තේ මොකද කියලා තමයි හන්දියේ කඩේ ළඟ පරණ ලෑල්ලේ දාන් අදින ගමන් කට්ටිය කතාවෙන්නේ...

:       30       1040

SunilFriday, 23 March 2018 05:10 PM

එකී මෙකී නොකී අය ඇති කලේ අපිමනේ මහත්තයෝ.

:       0       0

bimalFriday, 23 March 2018 10:50 PM

අයථාලෙස වත්කම් රැස්කල වසරින් දෙකෙන් පෝසත් වුණු රජයේ නිලධාරින් ගැනත් සොයා බලා මෙලෙසම නිතිය ක්‍රියාත්මක කරන්න..............

:       0       0

bicycal podda Saturday, 24 March 2018 03:42 AM

මම විතරද? දැන් ඔය මහබැංකුව කාපු අය හොඳින්ම ඉන්නේ ප්ලේන් නොගන්න වන්දි දීලා. එ්කෙනුත් කෝටි ගණන් ගහපු කට්ටිය රටේ සම්පත්, වරාය, ගුවන් තොටුපළවල් විකුණලා කොමිස් ගහපු රටේ එක බෝක්කුවක් හදාපු නැති අය ඔය ඉන්නේ යසට...

:       0       203

sathyapala Saturday, 24 March 2018 04:54 AM

මේ තැනැත්තියගේ සැමියා මා කුඩා කල සිට "ඉතා" හොඳින් හඳුනනවා. එසේම එම දේශපාලන බලවතාද මා "ඉතා" හොදින් හඳුනනවා. මේ චෝදනාවට ඇයව ලක් වන විට ඇය එවකට පැවති රජයේ මාතලේ දේශපාලන බලවතා සමග ගැටුමක් පැවතුණාලු. ඒ ඔහු විසින් කියන අයවලුන් පාසලට නොගැනීම නිසාලු. ඒ නිසා ඔහු විසින් මෙය සැලසුම් සහගතව කල දෙයක්ලු. මේ සිදුවීම වූ දිනවල මට ඔවුන් හරහා අසන්නට ලබුණු දෙයයි. අනිත් අතට එවැනි සැලසුමකට අසුවන්නට ඇය මුදල් ගත්තාද නොගත්තාදැයි මම නොදනිමි. එහෙත් හැම සිදුවීමකම තවත් අතුරු කතා රැසක් ඇති බව පාඨකයාට දැනගැනීමට පමණක් මෙය කියමි. එසේ නැතිව ඔවුන් කරන චෝදනාව ඇත්ත හෝ බොරු බව නොදනිමි. මා දන්නා ඇය වුවද නොදන්නා දෙයකට කාටවත් මඩ ගැසීම හෝ චරිත සහතික දීම නොකරමි. ඒ මා සත්‍යපාල නිසායි.

:       0       69

sirimalSaturday, 24 March 2018 06:29 PM

සත්‍යපාලගේ අලුත් තොරතුර ඉතා වටිනවා. ඔහු කියන " එහෙත් හැම සිදුවීමකම තවත් අතුරු කතා රැසක් ඇති බව" ඉතාම නිවැරදි ප්‍රකාශයක්. ඔබ දන්නා කරුණු ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි.

:       0       3

Paras Friday, 23 March 2018 01:10 PM

ඉතා විශිෂ්ඨ තීන්දුවක්...

:       157       165

Nishantha Friday, 23 March 2018 01:10 PM

ඔය එක එක්කෙනාගේ කුණු හෝදන්න දඟලන්නේ නැතිව මේ තීන්දුවට ප්‍රසිද්ධියක් දෙන්න. අඩුම ගානේ ඔප්පු වූ නඩුවක් නිසා මේක හොද පූර්වාදර්ශයක් වේවි !!!

:       3       76

samurai Friday, 23 March 2018 01:17 PM

පව් වැඩේ, අහුවෙලා තියෙන්නේ හාල් මැස්සෙක්ව තෝරු, මෝරු මෙහෙ පිනුම් ගහනවා. අපි විසිල් ගහගහ බලාගෙන ඉන්නවා.

:       0       107

pali Friday, 23 March 2018 02:27 PM

ලොකුම පාසැල්වල මේ වගේ නීති නැද්ද? එක් උසස් විද්‍යාලයක අල්ලස් ගත් කෙනා තවත් ලොකු එකක විදුහල්පති වෙන්නේ කොහොමද?

:       0       44

sas Friday, 23 March 2018 03:50 PM

ඉතාම හොඳ නඩු තීන්දුවක්... හුඟක් විදුහල්පතිවරු අල්ලස් ගන්නවා...

:       0       47

Sunil Friday, 23 March 2018 05:08 PM

මේ වගේ නීතිය පොඩි අයට අකුරටම ක්‍රියාත්මක වෙන රටක් ලෝකේ වෙන කොහේ ඇතිද? ඒ අතින් ලෝකයේම පලවෙනි තැන හිමිවෙන්න ඕනි අපිට.

:       0       0

Aarachchi Friday, 23 March 2018 09:16 PM

මේ නඩු තීන්දුව ගැන අදහස් දාන්න ටිකක් ඉක්මන් උනා වැඩියි කියලයි මට හිතෙන්නේ. මොකද මේ විත්ති කාරියට නීතියෙන්ම ප්‍රතිපාදන සලස්වලා තියනවා ඇගේ නඩු තීන්දුවට එරෙහිව ඇපැල් ගැනීමට අවස්ථා දෙකක් ලැබෙන විධියට. මුලින්ම අභියාචනා අධිකරණයට යන්න පිළිවන්. එහිදී ඇයට අවාසි දායක තීන්දුවක් ලැබුනොතින් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ත් යන්න පිළිවන්.

:       0       0

Lapaya Saturday, 24 March 2018 01:24 AM

ලක්ෂ 1 1/2 ට අවුරුදු 20ක් හිරේ නම්.....මහ බැංකුව කඩපු එවුන්ගෙන් මිලියන 165 ක ගෙයක් පගාවට ගත්ත කෙනාව ජීවිත කාලයේම හිරේ යවයිද? නැත්නම් නීතිය නවයිද?

:       0       0

indika Saturday, 24 March 2018 04:25 AM

රාජ්‍ය ආයතන වලින් 95% කම අල්ලස නැත්නම් සාමාන්‍ය මනුස්සයෙකුට යම් කිසි දෙයක් කරගන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම නගර සභා වගේ තැන්... හැමෝටම මේ වගේ වුනා නම් ලංකාව තව ඉස්සරහට යනවා. නඩුකාර තුමියට ජයවේවා!!!.

:       133       6

daya hemantha Saturday, 24 March 2018 09:20 AM

විදුහල්පතිතුමියට ඔහොම නම් හිටපු රාජපක්ෂලාට බැඳුම්කර හොරුන්ට මොනවද කරන්න ඕනේ.. මට හිටගන්න බැහැ. මොකද පොඩි වැරදිවලට හිරේ යනවා. ලොකු අය අපෙන් කකා එල්ලිලා ඉන්නවා.. යකාට ගිය පාර්ලිමේන්තුවක්..

:       0       1

Sugath Saturday, 24 March 2018 12:14 PM

ලංකාවේ වැඩියෙන්ම තියෙන දූෂිත ආයතන වලින් එකක් තමයි කස්ටම් එක. ඒකේ ඉන්න සියයට 95ක්ම අල්ලස් ගන්නවා ඕනෑම වැඩකට... කරුණාකර මේ ගැනත් සොයා බලන්න.

:       0       86

Sathya Sunday, 25 March 2018 12:55 AM

හොර කන තෝරු මෝරු වර්ණනා කර කර ඉන්න අපි.......හාල් මැස්සෙක් අල්ලා ගත්තම ගොඩක් සන්තෝස වෙනවා රට දැන් යන්නේ හරි අතට කියල. අනේ පව් අපි.

:       0       0

ahinsaka minissu Sunday, 25 March 2018 01:01 AM

ගුරුවරයෙක් වෙලා හොර කන්න බැහැ......... එහෙම කරන්න ඕනි නම් කොහොම හරි හිරෙන් නිදහස් උනාම ඡන්දෙ ඉල්ලන්න. එතොකොට හරි. වැරදීමක් උනොත් අඩු තරමේ රෝහලටවත් ඇතුල් වෙන්න පුළුවන් වේවි.

:       0       0

Asela Sunday, 25 March 2018 04:38 AM

ගුරු වෘර්තියටත් කැළලක් !!!!!!!!!!!!!!!!!!

:       0       0

Saman Sunday, 25 March 2018 04:44 AM

හොඳ දෙයක්, වරද කවුරු කලත් වරදමයි, නමුත් සමහරු අතුරු තහනම් නියෝග ගනිමින් සැපසේ ඉන්නව... ' පහත් තැනින් යයි ගලා ජලේ, වේගයේන්.. පහත් තැනින් යයි ගලා ජලේ '

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 208 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 57 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 562 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 606 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1057 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 989 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site