(***සුජිත් හේවාජුලිගේ)
අම්පාර පොතුවිල් මුහුදු මහ විහාර භූමියේ මැනුම් කටයුතු යළි කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා හා මැනුම්පති ශ්‍යාමලී පෙරේරා මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිතය.
මුහුදු මහා විහාර භූමියේ යළි මැනුම් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ලංකාදීපයට ඊයේ (19) පැවැසීය.
මුහුදු මහා විහාරයට අයත් අක්කර 62 ක භූමි භාගයක් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ලබන බව කී පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර එම භූමි භාගය නිවැරදිව මැන ගත යුතු වන බවද ප්‍රකාශ කළේය.
මුහුදු මහා විහාරයේ වර්තමාන තත්ත්වය දැන ගැනීම සඳහා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ලබන 27 වැනිදා එම ප්‍රදේශයට යෑමටද නියමිතය.
මුහුදු මහා විහාර භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමටද කටයුතු කරගෙන යන බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා කීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුහුදු මහා විහාරයේ මායිම් දාන්න සාකච්ඡාව අද
Indhika Wednesday, 20 May 2020 11:01 AM
සෙනරත්ම නේද ඕක පවරලා දුන්නේ? එයා නේද ඕකට වග කියන්න ඕනේ? එයා නේද ඕකේ පුරාවස්තු නැහැ කියල නිර්දේශ කලේ? එයා නේද ඔය ඉඩමෙන් අක්කර 30ක කනත්තක් දුන්නේ? දැන් එයාම දාලා මන්නවන්නද යන්නේ... ?
Bamunuarachchi Wednesday, 20 May 2020 01:00 PM
මෙම පන්සල් භූමියට අයත් අක්කර 71ත් අදාළ පිඹුරුපත් දෙපාර්තමේන්තුවේ තිබෙනවා. එහෙමනම් එම භූමියේ බිම් ලකුණු කිරීම අමාරු කාර්යයක් නොවෙයි.
pohottu balavgea urumayaWednesday, 20 May 2020 01:21 PM
ඡන්දෙකුත් ළඟළඟම එනවා. මහජාතිය එක පැත්තකට වෙලා අපේ බලය රැක දෙනවා නම් හරි විදිහකට මනීනම් ජාතිය, ආගමට වඩා අපේ බලය පෙරමුණේ නේ...
BamunuarachchiFriday, 22 May 2020 03:30 AM
මේ චන්දෙට කලින් සිංහල බෞද්ධයා තමන්ගේම නායකයෙක් පත් කර ගත්තේ. දැන් තිබෙන්නේ එහි දෙවැනි එපිසෝඩ් එක. එමනිසා චන්දෙ බලාගෙන කලයුතු අමුතු දෙයක් නැත. මෙතන මහා ජාතිය කියාදෙයක් නැත. සුළු ජාතිය පැමිණීම නිසයි සිංහලයා මහා ජාතිය ලෙස පෙනෙන්න ගත්තේ... නැතිනම් තම්බපන්නියේ සිටි එකම ජාතිය සිංහල. මෙරටට පැමිණි පළමු කල්ලතෝනියා විජයන්. අක්කර 71 මෙම පුරාවිද්‍යා බිමට අයිතිනම් හොඳින් හෝ නරකින් එය නැවත ලබා දිය යුතුයි. බලෙන් ඉන්න හදනවා නම් කනෙන් අල්ලා මුහුදට දැමිය යුතුයි.
පතිරආරච්චි Wednesday, 20 May 2020 09:47 PM
සෙනරත් - චාමලී ඕක කිරීම විහිලුවක්... විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදාගෙන ඕක කරන්න..