IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවික හමුදා අනු කණ්ඩයක්

(වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී.ලියනආරච්චි, යු. විජේසිංහ)

පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂව සදහා නාවික හමුදා අනු කණ්ඩයක් අද ( 15) පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ ස්ථාන ගත කිරීම සිදුවිය.

දැනට මෙම පිරිස විහාරස්ථානයේ ගොඩනැගිල්ලක නැවති සිටින අතර ඉදිරි දින කිහිපය තුලදි එම ස්ථානයේ ඇති පොදු ගොඩනැගිල්ලක මෙම කදවුර ස්ථාපිත කිරිමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

පොතුවිල් මුහුදු මහා විහාරයේ අඛණ්ඩව සිදුවන ඉඩම් මංකොල්ලය පිලිබදව මාධ්‍ය මගින් හෙලිවිමත් සමගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පොතුවිල් මුහුදු  මහා විහාරයේ ඉකුත් 14 වෙනි දින සංචාරය කර අද (15) වෙනි දින සිට නාවික හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කරන බව සදහන් කලේය.

ඒ අනුව නාවික හමුදාව විසින් අද (15) මෙම නාවික හමුදා අනු කණ්ඩය ස්ථාපිත කරනු ලැබිය.

එම ස්ථානය පැමිණි නාවික හමුදා නිළධාරින් විසින් මුහුදු මහා විහාරයේ දැනට ඇති ඉඩම් පිළිබදව නිරීක්ෂණයක් කර එම ඉඩම් හදුනා ගැනු ලැබිය.

මාධ්‍ය මගින් කරන ලද දැවන්ත හෙලිදරව්ව සමග මුහුදු මහා විහාරයේ ඉඩම් පිලිබදව අවධානය යොමුකර නාවික හමුදා මුර පොලක් ස්ථාපිත කිරිමට කටයුතු කල ජනාධිපති ගොඨාභය රාජපක්ෂ, මහතාටත්,අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් ස්තුතිවන්ත වෙන බව සදහන් කලේය.

එමෙන්ම වනජිවි වනසංරක්ෂණ කැබිනට් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න මහතාටත් , හිටපු වනජීවි අමාත්‍ය විමලවිර දිසානයක මහතාටත් , ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාටත්  යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටත්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් සමරවිර මහතාටත් , නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියටත් මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියෝ තම ස්තුතිය පුද කළහ.



අදහස් (35)

මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවික හමුදා අනු කණ්ඩයක්

nadeeka Friday, 15 May 2020 04:06 PM

බොහොම වටිනා අගනා කාර්යයක්... විහාරය අයත් බිම් ප්‍රදේශ ඔක්කොම පවරාගෙන බාර දිය යුතුයි... ජනාධිපතිතුමාට පින්... බුදු සසුන ආරක්ෂා කරනවට....

:       42       56

NishanSunday, 17 May 2020 02:28 AM

ඒත් අලුත් ගැසට් එකේ හැටියට අක්කර 40 කට වැඩියෙන් ඉඩම් විහාරයට අහිමි වෙලා

:       0       0

Rata PerataSunday, 17 May 2020 07:02 AM

හැම දේටම එක එක්කෙනාට පින් දෙන්න ඉස්සරවෙලා ටිකක් කරුණු හොයල බලන්න. 1951 සෙනරත් පරණවිතාන මහතා කොමසාරිස් හැටියට මුහුදු විහාරයට අක්කර 72 ක් වෙන් කළා. එත් මේ රජය 2020 මැයි මාසයේ එය අක්කර 32 දක්වා අඩුකරලා අලුත් ගැසට් එකක් නිකුත් කර ඇත. නීති විරෝධිව ගත් අක්කර 40 තියෙන පුරා වස්තු වලට මොකද වෙන්නේ දැන්? මේ වැඩ වලට පින් දෙන්න නෙමෙයි, කරපු අයව ගහලා එළවන්න ඕන.

:       0       35

Aris Friday, 15 May 2020 04:13 PM

නැගෙනහිර රජයේ ඉඩම් තියන තැන් වල පුළුවන් තරම් සිංහල මිනිස්සුන්ට ගෙවල් හදල දීල පදිංචි කරවන්න. අනෙක් අයට දීර්ඝ කාලයක් තිස්සේ ඉඩම් අල්ලගන්න ඉඩ දුන්නා ඇති. සිංහල මිනිස්සු ඔය පැතිවල නැත්නම්, වන්දනා මාන කරන්න නිතර එන්නේ නැත්නම්.... හාමුදුරුවන්ට දානෙත් නැත්නම් ඕවා ආරක්ෂා කරන් ඉන්න එක අමාරුයි.

:       0       70

siri Friday, 15 May 2020 04:17 PM

උතුරු නැගෙනහිර සියලුම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට මේ වෙලාවේ එකට කටයුතු කළහොත් එය අවංක චේතනාවෙන් කරන දෙයක් ලෙසට විශ්වාස කරන්න පුළුවන්. නැත්නම් "මේකත් නිකම්ම නිකන් සිංහල බෞද්ධයින්ට දෙන චන්ද ගුන්ඩුවක් විතරයි" කියලයි කියන්න වෙන්නේ.

:       27       1064

chandima Friday, 15 May 2020 04:21 PM

ඉතාම අගය කලයුතු දෙයක්. මේ වගේම රටේ අනිකුත් පළාත් වලත් සිදුව ඇති ඉඩම් අත්පත් කරගැනීම ගැන සොයා බලනවා නම්? උදාහරණයක් ලෙස ඔය පළාත්වල සිට යුද්ධය නිසා අනාත වුව යයි කියා කල්පිටියට සහ ගල්ගමුව වැනි නගර වලට පැමිණි මුස්ලිම් ජනතාව ඔවුන්ගේ දේශපලඥයන්ගේ බලපෑමෙන් ඒ තාවකාලික වාසභූමි වලට ඉඩම් ඔප්පු ලියාගෙන වටිනා ඉඩම් සියතට ගත්ත. උදාහරණයක් ලෙස ගල්ගමුව පොලිසිය පිටුපස වාරිමාර්ග අභ්‍යාස ආයතනය සතුව තිබු රජයේ භුමියේ තිබු ක්‍රීඩා පිටියට තාවකාලිකව පැමිණි පිරිස් අද ස්ථිර වාසස්ථාන සදාහෙන ස්ථිර මාවත් සහ විදුලිය පවා සහිතව ඉඩම් හිමිකමද ලබාගෙන ඉන්නවා. තම බලය පවත්වාගැනීමට මෙව්වට උදව් දුන් දුරදිග පෙනෙනවා යයි කියන දේශපාලඥයින් මේවට වගකිව යුතුයි. වරෙක කල්පිටිය ප්‍රදේශයේ රාජකාරි කටයුත්තකට රජයේ වාහනයකින් ගිය මට, කල්පිටියේ අනවසර මුස්ලිම් ජනතාවගෙන් ඉමහත් පීඩා සිදුවුණා. අනේ දැන්වත් අපේ රට බෙරගන්නව නම්?

:       312       1188

Samitha Senaka Aluthgamage.Saturday, 16 May 2020 06:21 AM

චන්දිම මහතා, අත්දැකීම් සහිතවම ලියූ ඔබතුමා අපව දැනුවත් කළා.එයට ස්තුතියි. එමෙන්ම,මේ සත් කාර්යයේදී බෞද්ධ උරුමය රැකගැනීමට කැපවූ සියලුම දෙනාට අපගේ ප්‍රශංසාව.

:       0       223

RaveendraSaturday, 16 May 2020 07:21 AM

ඔබගේ අත්දැකීම් සහිත වටිනා අදහස් අප අගය කරන්නෙමු. වැඩි දෙනෙකු ගිය තැන කරන්නෙම මෙවන් තිරිසන් වැඩමය. ලෝකයේ ඕනෑම රටක හොදින් මධ්‍යස්ථව සොයා බලන්න.. එලෙසම මෙවන් වල් ඌරන් අතරේ හරිම සාමකාමි මිනිසුන් අතලොස්සක්ද සිටින බවත් කිව යුතුමය. ඉතාම නුදුරු අනාගතයේදී මෙම ඌරන්ගේ බෝවීම මෙන්ම බුමිය අල්ලා ගැනීම ඉතාමත් සුක්ෂම අන්දමින් වේගවත් වෙනු ඇත. දේශපාලන වාසි තකා පාවා දෙනවාද? නැතහොත් අනාගත පරපුරටවත් නිදහසේ ජිවත් වෙන්න ඉඩ සලසා දෙනවාද යන්න අවංක පුරවැසියන් සිතීමට යුහුසුළු විය යුතුය.

:       0       69

sanath Friday, 15 May 2020 04:29 PM

මාධ්‍ය නොවේ සමාජ මාධ්‍ය ලෙස නිවැරදි විය යුතුය. රටේ වගකිවයුතු මාධ්‍ය රටට කරන දෙයක් නැත. දේශපාලකයන්ගේ කුනු හොයනවට වැඩිය වෙනත් දෙයක් නැත.. මේක බලන එකා හරි කියවයිනේ

:       3       1034

ධම්ම Friday, 15 May 2020 05:04 PM

විහාරයට ගම මැදින් යන පාරත් ගොඩනැගිලි ඉවත්කර නැවත සාදා දෙන්න.

:       1       256

KoralageSaturday, 16 May 2020 05:24 AM

ධම්ම...විහාරයට ගම මැදින් යන පාර නෙමෙයි...ඔන්න පරිසර ඇමති කියනවා මුහුදු මහා විහාරයේ අක්කර 72 න් අක්කර 32ක් විහාරයට දීලා ඉතුරු අක්කර 40 ය මුදලට ගන්න කනෙකුට විකුනනවලු.මේ අක්කර 72 මුහුදු මහා විහාරයට දේවත්වයෙන් වෙන් මැනල වෙන්කරේ "සෙනරත් පරණවිතාන" උත්තමයා ධම්ම...මෙහෙම ගියොත් අපේ පුරා විද්‍යා විහාරස්ථාන වලට දෙයියන්ගෙම පිහිටයි.

:       59       617

wasantha lal Friday, 15 May 2020 05:07 PM

ලෝකයේ ඕනෙම පුරාවිද්‍යා පරිසරයකටම රජයේ ආරක්ෂාව තියනවා... ඒ නැතුව තමයි මේ තරම් දුර දිග ගියේ,,, රජයේ යුතුකම කලාට ස්තුතියි...

:       34       422

Rata PerataSaturday, 16 May 2020 08:29 AM

කරුණාකර දැන්වත් අවදිවන්න. රජය කරපු කෙහෙල්මලක් නෑ... 1951 පනතින් දීල තිබුන අක්කර 72, 2020 පනතකින් අක්කර 32 ට අඩු කරපු එක ඇරෙන්න. දේශපාලුවෙක් හෝටලයක් හදන්න හදනවා ඇති... අක්කර 40 ක් අයින් කරගෙන තියෙන්නේ ඒකට. මේවා ඔක්කොම කුමන්ත්‍රණ. බයියන්ට ඇහැරෙන කොට ලංකාව වෙන රටක් විසින් යටත් කරගෙන තියේවි. (අපි ඇමෙරිකන් කාරයෙක්නේ... කොහොමත් නායකයා කර ගත්තේ.)

:       212       2

පියදාස සිරිසේන Friday, 15 May 2020 06:01 PM

නොයෙක් අන්දමින් දැනට මෙම වැඩකට නැති වතු ආදිය වගා කරන්ට යෙදෙන ලෙස දුක්පත් මනුෂ්‍යයන්ට පන්සල් වල ස්වාමීන් විසින් බෙදා දෙන්ට යෙදිය යුතුය. මක්නිසාද සාගත කාලයක් එන්ට යෙදුනොත් ආහාර ආදිය ඕනෑ කරන බැවිණි..

:       134       0

සේන Friday, 15 May 2020 06:05 PM

සියලුම රටේ ඓතිහාසික සම්පත් සුරැකිය යුතුය. වැරදි කරුවන්න දඬුවම් දය යුතුය. නැවත මෙවැනි දේ නොකෙරෙන ලෙස නීති බල ගැන්විය යුතුය. ජනතාව ඉතා අවධානයෙන් බලා සිටී.

:       0       14

vidya Friday, 15 May 2020 06:19 PM

මෙය ඉතාම කදිම දෙයක් . අන්ධ භක්තිකයෝ මෙවන් මිනිසා විසින් නිර්මාණය කල පුරාවිද්‍යා සම්පත් විනාශ කරනවා . ඇෆ්ගනිස්තානේ යුද ටැංකි යොදල විශාල පිලීම විනාශ කරා . මේවා දකින කොට අපගේ හදවත් දුකින් හඬනවා. මීට අවරුදු කීපයකට පෙර ඉතාලියේ මරිය මව්තුමියගේ පිළිමයක් විනාශ කරලා බිමට වැටිලා තිබුනේ . මෙම පිළිමය මිනිසෙකුගේ නිර්මාණයක්... ඔය අතර හින්දු කෝවිල්, පිළිම ඇති. නාවික හමුදාවේ මුර දෙවිවරුනි, මේ සම දෙයක්ම රකින්න. ඔබ සැමට මෛත‍්‍රිය, කරුණාව , දයාව ලැබේවා .

:       0       56

Wasantha Friday, 15 May 2020 10:48 PM

පහුගිය අවුරුදු10 ට ගත්ත වැදගත්ම තීරණය. ජනාධිපතිතුමනි, ඔබට තෙරුවන් සරණේ ආරක්ෂාව ලැබේවා!!!.

:       0       24

Samitha Saturday, 16 May 2020 12:42 AM

හොද වැඩක්. ස්තූතියි සර්.

:       0       0

Akila Saturday, 16 May 2020 02:29 AM

නේවි එකට විතරක් ඕක කරන්න අමාරුයි. දන්න අය දන්නවා ඔය පැත්තේ කට්ටියගේ තරම. විශේෂ කාර්ය බලකා කදවුරකුත් අනිවාර්‍යෙන්ම ස්ථාපිත කරන්න ඕනේ.

:       0       118

Lal Saturday, 16 May 2020 04:31 AM

හොදට මතක තබාගන්න. සි‍ංහල බෞද්ධයෙක් නම් යුඇන්පී ගෑවිච්ච කෙනෙක්ට ඡන්දය දෙන්න එපා.

:       1865       2071

Lal Saturday, 16 May 2020 06:47 AM

මුහුදු මහා විහාරයේ පමණක් නොවේ. සියළුම බෞද්ධ සිද්ධස්ථාන, බෞද්ධ නටඹුන් විනාශවෙලා,අරාබි ජාතික ගීයත් ශ්‍රී ලාංකාවේ ගායනය වෙනවා අහන්නවේවී යුඇන්පීය බලයට ආවොත්.

:       1272       1529

DhammaSaturday, 16 May 2020 07:13 AM

කුරගල පුදබිමත් ගැන බලනවා නම් යෙහෙකි .

:       0       27

මුණසිංහSaturday, 16 May 2020 08:50 AM

ඩිස් ලයික් වැඩි වුවත් කතාව ඇත්ත.

:       21       171

vipulaSaturday, 16 May 2020 02:48 PM

මෙතන ඩිස් ලයික් වලට අනුව මුස්ලිම් අන්තගාමීන් හුගක් ඉන්නවා වගේ, සිංහල නම් එකසත් ජාතික පක්ෂයට හෝ සමගි ජනබලයට චන්දය දෙන්න එපා . රට විනාසයි . දැක්කනේ 2015න් පස්සේ රටේ වෙච්ච විපත්...

:       266       327

Dhamma Saturday, 16 May 2020 07:03 AM

බොහොම හොඳ වැඩක් පවතින රජය කරපු... මෙය පවත්වාගෙන යාම ඉදිරි රජයවල් කලයුතුය. මෙ සමගම කුරගල පුදබිම ගැන බලනවා නම් ඉතාම යහපත්ය. මුහුදු මහා විහාරයටම නොදෙවැනි ආක්‍රමණයකට කුරගලද ලක්වී ඇත. බලධාරීන්ගේ අවධානයට මෙම කෙටි සටහන ලක්වේවා ! ස්තුතියි...

:       0       101

Rata Perata Saturday, 16 May 2020 08:23 AM

බයියන්ගේ අවධානයට,... සංචාරක කර්මාන්තය හේතුවෙන් මුහුදු වෙරළ ඉඩම් සඳහා ඇත්තේ ඉතා ඉහල මූල්‍යමය වටිනාකමකි. මුහුදු වෙරළද සමගින් මුහුදු මහාවිහාරයේ පුරාවිද්‍යා භූමිය කොල්ල කෑම,... ඊට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවීම, එම කොල්ලය වැලැක්වූ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පොලිස් විමර්ශනයක් සිදුකිරීම, තිබූ ගැසට් නිවේදනය ප්‍රකාර අක්කර 72ක පුරාවිද්‍යා භූමිය යලි තහවුරු නොකර අක්කර 30ට අඩු කිරීම, මුහුදු මහා විහාර භූමියේ ආරක්ෂාව පුරාවිද්‍යා සහ වෙරළ සංරක්ෂණ නිලධාරීන්ගෙන් උදුරාගෙන නාවික හමුදාවට පැවරීම, මේ සියල්ල කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයක් බව හොඳින්ම පෙනී යන කරුණකි...

:       554       466

sundaraa Saturday, 16 May 2020 09:09 AM

උපුටා ගැනීමකි. "ශ්‍රී ලංකාවේ බොහෝ පුරාවිද්‍යා මෙන්ම වනජීවි සහ වන සංරක්ෂිත මායිම් විධිමත් ලෙස භූමියේ සලකුණු කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඉඩම් කොල්ලකරුවන් විසින් එම රක්ෂිත බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම සහ ඒවායේ පුරාවිද්‍යා හෝ පරිසර උරුමයන් විනාශ කිරීම රටේ සැම තැනකම සිදුවන බරපතල ඛෙදවාචකයකි. ඓතිහාසික මුහුදු මහා විහාරයෙහි පුරාවිද්‍යා උරුමය රැකගැනීම වස් අක්කර 72 ක භූමී ප්‍රමාණයක් පුරාවිද්‍යා භූමියක් වශයෙන් අංක 10205 දරණ ගැසට් පත්‍රයෙන් 1951.01.26 දින ප්‍රකාශයට පත්කර ඇත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා විසින් පුරා විද්‍යා සාක්ෂි සහිතව කළ තහවුරු කිරීම් සමගිනි. සිදුවීම් එසේ සිදුවෙද්දී මුහුද මහාවිහාරයට අදාල වර්තමාන ගැසට් පත්‍රය මගින් මූලික පිඹුරු අංක 6392 යටතේ අංක 01 දරණ ඉඩම් කැබැල්ලට අයත්වන ලෙස මුහුදු මහා විහාරය පුරාවිද්‍යා භූමියක් බවට ගැසට් කර තිබියදී "පන්සලේ එක වැලි කැටයක් වත් බලහත්කාරයෙන් කාටවත් අයිති කර ගන්න දෙන්නේ නැහැ "කියමින් අක්කර 72 මුල් භූමිය අක්කර 30 ක් ලෙස අඩුවෙන් සඳහන් කරමින් නව ගැසට්ටුවක් වත්මන් රජය විසින් 2020 මැයි 14 දින නිකුත් කර තිබේ." මෙය මහා ප්‍රෝඩාවකි....

:       0       394

sundaraa Saturday, 16 May 2020 09:11 AM

උපුටා ගැනීමකි. "ශ්‍රී ලංකාවේ බොහෝ පුරාවිද්‍යා මෙන්ම වනජීවි සහ වන සංරක්ෂිත මායිම් විධිමත් ලෙස භූමියේ සලකුණු කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඉඩම් කොල්ලකරුවන් විසින් එම රක්ෂිත බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම සහ ඒවායේ පුරාවිද්‍යා හෝ පරිසර උරුමයන් විනාශ කිරීම රටේ සැම තැනකම සිදුවන බරපතල ඛෙදවාචකයකි. ඓතිහාසික මුහුදු මහා විහාරයෙහි පුරාවිද්‍යා උරුමය රැකගැනීම වස් අක්කර 72 ක භූමී ප්‍රමාණයක් පුරාවිද්‍යා භූමියක් වශයෙන් අංක 10205 දරණ ගැසට් පත්‍රයෙන් 1951.01.26 දින ප්‍රකාශයට පත්කර ඇත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා විසින් පුරා විද්‍යා සාක්ෂි සහිතව කළ තහවුරු කිරීම් සමගිනි. සිදුවීම් එසේ සිදුවෙද්දී මුහුද මහාවිහාරයට අදාල වර්තමාන ගැසට් පත්‍රය මගින් මූලික පිඹුරු අංක 6392 යටතේ අංක 01 දරණ ඉඩම් කැබැල්ලට අයත්වන ලෙස මුහුදු මහා විහාරය පුරා විද්‍යා භූමියක් බවට ගැසට් කර තිබියදී "පන්සලේ එක වැලි කැටයක් වත් බලහත්කාරයෙන් කාටවත් අයිති කර ගන්න දෙන්නේ නැහැ" කියමින් අක්කර 72 මුල් භූමිය අක්කර 30 ක් ලෙස අඩුවෙන් සඳහන් කරමින් නව ගැසට්ටුවක් වත්මන් රජය විසින් 2020 මැයි 14 දින නිකුත් කර තිබේ." මෙය මහා ප්‍රෝඩාවකි.

:       0       210

සුනිමල් Saturday, 16 May 2020 09:39 AM

මේවට අන්ලයික් කරන්නේ ඉතින් එයාල තමයි. මොකද උඩින් හොඳ මුණ පෙන්නගෙන දිය යටින් ගින්දර අරන් යන්නේ එයාල කියල මුළු ලෝකෙම දන්නවා. ඒ අයට රටක වටිනාකමක් තේරෙන්නේ නෑ. ඕනෑම රටකට පිළිලයක් වෙන්න නම් එයාලට හොඳටම පුරුදුයි. පොඩ්ඩ පොඩ්ඩ තමයි එයාල රටවල් විනාස කරන්නේ. යම් ප්‍රතිශතයකට ආපු ගමන් ප්‍රසිද්දියේ අයිතිවාසිකම් ඉල්ලන මුවාවෙන් රටවල් විනාස කරන්නේ. ලංකාවේ බහුතරයක් වටිනා පුරාවිද්‍යා ස්ථාන විනාස කරලා තියෙන්නේ සහ ඒ වටිනා ස්ථාන බලෙන් අල්ලන් ඉන්නේ එයාල තමයි. චන්ද කුට්ටියකට පෙරේත කමේ හැම වතාවකම ඔය කුඩල්ලෝ මෙට්ටේ තිබ්බෙත් අපේ දේශපාලන අයියලම තමයි. දැන් පේනවනේ වෙලා තියෙන වින්නැහිය. දැන්වත් දේශපාලුවන් සහ රටවැසියන් තේරුම් ගන්න ඕන මේ සිද්ද වෙන විනාසය ජාතියක් විදියට. නැත්තන් අර කුඩාරමට ඔලුව දාගන්න දුන්න ඔටුවා කරපු වැඩේ තමයි අපිටත් වෙන්නේ. ජාතිවාදය නෙමේ මේ කතා කරන්නේ.... රටක අභිමානය, ප්‍රෞඩත්වය ගැන විස්තරක්. එයාල මොලෙන් හිතල තීරණ ගනිද්දී අපේ අය හදවතින් තීරණ ගත්ත නිසා තමයි අද රටක් විදියට අපිට මෙහෙම වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකික සිංහල බෞද්ධ ප්‍රජාවට වෙනත් රටක් නෑ.... මේ ලෝකේ..... අපිව ගන්නෙත් නෑ කිසිම රටකින්... තියෙන දේ රැකගන්න.

:       169       635

Jay Saturday, 16 May 2020 11:10 AM

කාලයක් තිස්සේ තිබුන ප්‍රශ්නයකට විසදුමක් ලබාදීම අගය කලයුතුයි. පන්සල හෙමිහිට විනාශ කරන්න තම සැලසුම තිබුනේ. කලින් ආණ්ඩුවත් ඒ වැඩවලට සහයෝගය දුන්න. ඒ බව ඇස පනාපිට ඔප්පුවුණා. මෙතන තියෙන සමහර කමෙන්ට් වලට 1500 ට වඩා අන්ලයික් දාල තියෙන්නෙත් ඒ අයම තමයි. හොදට බලන්න එජාප වලට අබියෝග කරපු ඒවාට අන්ලයික් 1500 ට වඩා තියෙනවා. මේක සෙට් වෙලා කරන දෙයක්. එක්කෙනෙකුට ලීකේ එකකකට වඩා දාන්න පුළුවන් එක්කෙනෙක් සැහෙන අන්ලයික් ප්‍රමාණයක් දානවා. ටාගට් එක ලයික් වලට කිට්ටු වෙන්න බැරි ගානට අන්ලයික් දාන එක. මේ සෙට් එක වැඩියෙන්ම ඉන්නේ ගොසිප් ලංකා සයිට් එකේ. ආණ්ඩුව කරන හොඳ දෙයක් ගැන හෝ වෙනත් දේශපාලන නොවන ඕනෑම නිව්ස් එකකට කමෙන්ට් කරන්නේ සම්පුර්ණයෙන්ම නෙගටිව් විදිහට....

:       173       518

HelenSaturday, 16 May 2020 12:17 PM

ඇත්තම ඇත්ත...

:       0       86

sirimal Saturday, 16 May 2020 05:31 PM

හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති පුජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් විසින් පුරාවිද්‍යා කොමසාරිස් වරයාට යවා ඇති ලිපියක මෙසේ ප්‍රශ්න කර ඇත. " මේ ඓතිහාසික භුමියෙන් දැනට ඉතිරි වී ඇත්තේ අක්කර 08-10 ත් අතර භූමි ප්‍රමාණයකි. මෙවැනි තත්වයක් තුල වත්මන් ආණ්ඩුවද 2020 මැයි මස 14 දින මෙම බිම් ප්‍රමාණය අක්කර 30ක් ලෙස ලෙස ගැසට් කිරීමට තීරණය කර ඇත. මුළු අක්කර 72 ක් වූ බිම් ප්‍රමාණයෙන් අක්කර 30ක් ගැසට් කළ පසු ඉතිරි වන අක්කර 40ක පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පිලිම/නටබුන් මංකොල්ල කෑමට උත්සාහ කිරීමක්ද යන්න සමස්ථ රටවැසියාට මතුවන ගැටළුවකි. මුහුදු මහා විහාර භූමියේ අයිතිය තහවුරු කරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරුපත පිළිබඳ ඔබ දැනුවත් යැයි අප විශ්වාස කරමු. ඒ අනුව විහාරභූමියට අයත් ප්‍රදේශය සංරක්‌ෂණය නව නීති අවශ්‍ය නොවන බව පැහැදිලිය. ඔබ ඒ පිළිබදව වත්මන් ඇමැතිතුමන් දැනුවත් කරනු ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන් උරුම කර දී ඇති අයිතිය පමණක්‌ බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි. මුහුදු මහා විහාරයේ උරුමය රැක ගැනීම වෙනුවෙන් අපි නිරතුරුව අවදියෙන් සිටින බව ද දන්වා සිටිමු."

:       0       208

Rajasekaram Saturday, 16 May 2020 06:24 PM

හිස්බුල්ලගේ කාලේ හින්දු කෝවිල් වලට සිදු වූ හානිය ගැනත් විමර්ශන කලොත් පින් සිදුවෙයි...

:       0       251

Binkunndaa Saturday, 16 May 2020 07:34 PM

විහාරේ වටේ බලෙන් පදිංචි වෙලා ඉන්න, බංග්ලාදේශකාරයෝ පිටමන් කරන්න ඕනා.

:       0       78

මහජන Friday, 22 May 2020 04:24 AM

ලාංකික පවුලක උපරිම දරුවන් ගණන දෙදෙනෙකුට අනිවාර්යයෙන්ම සීමාකර නීති සහ දණ්ඩන දැඩිව ක්‍රියාත්මක කරන්න. එසේ නොකළහොත් තව වසර 30කින් සිංහල සුළු ජාතියක් බවට පත් වී අතුගෑවී යෑම නොවැලැක්විය හැකිය !!! වහාම ක්‍රියාත්මක කරනවා නම් 100%ක් බෞද්ධ ඡන්ද අත්‍යාවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 17 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 136 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2586 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1396 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1034 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 448 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site