(බුද්ධික කුමාරසිරි)
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් මිලදී ගත් සැමන් ටින් එකක් තුළ රබර් පටි කිහිපයක් තිබූ බව පවසමින් එම සැමන් තොග ලබා ගත් පිටකොටුව 4වැනි හරස් වීදියේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 2ක කප්පමක් ගැනීමට පැමිණි බව කියන තිදෙනකු අද (23) අත් අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි.
තමන් මිලදී ගත් සැමන් ටින් එකක රබර් පටි කිහිපයක් තිබූ බව පවසමින් මෙය කිසිවෙකුට නොපැවසීමට හා පාරිභෝගික සේවා අධිකාරියට නොදන්වා සිටීමට නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දෙන ලෙස ඇමතුමක් ලැබුණු බවට අදාළ ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය වැටලීම කර ඇත.
ව්‍යාපාරිකයා ලෙස වෙස්වලා ගත් පොලිස් නිලධාරියෙකු එහි ගොස් මෙම සැකකරුවන් තිදෙනා සමග කප්පම් මුදල පිළිබඳ සාකච්ඡා කර රුපියල් ලක්ෂ එකහාමරක් දක්වා එම මුදල අඩු කර ගැනීමෙන් පසු මුදල් ලබා ගන්නා අතරතුර දී සැකපිට අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.
පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල
ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කප්පම් ගන්න ගිය තිදෙනෙක් පොලිස් දැලේ