IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අරගලයට සහාය දැක් වූ සුදු තරුණියගේ විසා අවලංගුයි

(යොහාන් භාසුර)

ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ විසා අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම මස 15 වැනිදාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙස ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී තිබේ. ඇය වෛද්‍ය හේතූන් මත ලබාගත් වීසා හරහා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගාලුමුවදොර අරගලයේ සිද්ධීන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට ඇයට මීට පෙර චෝදනා එල්ල වූවාය.

 



අදහස් (27)

අරගලයට සහාය දැක් වූ සුදු තරුණියගේ විසා අවලංගුයි

ganegoda Thursday, 11 August 2022 09:01 AM

දැන් බ්‍රිතාන්‍ය රජයත් ශ්‍රී ලාංකිකයින්ට බ්‍රිතාන්‍ය වීසා නොදී හිටියා නම් හරියට හරි.. මේ ගැන අපි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට දැන්විමක් කිරීමට බලාපොරොත්තු වෙමු..

:       0       3

de silva Thursday, 11 August 2022 09:05 AM

සංචාරකයන්ට ලංකාවට එන්න කැමැතිනම් උද්ඝෝෂණවලට වුණත්, සහභාගි වෙන්න කියලා හිනා වෙවී රනිල් මාධ්‍යවලට වොයිස් කට් දුන්නා නේද? මේක මෝඩ තීරණයක්... මේ තරුණියට දෙන අනවශ්‍ය ප්‍රචාරයක්... දැන් අය ගෙදර ගිය ගමන් එහෙ මාධ්‍ය අයගේ පසුපස එනවා. ඊටපස්සේ මාධ්‍ය සාකච්ඡා තියමින්, මයිනන් කපුටන් සහ ආණ්ඩුවේ ඉන්න හොරු ගැන හොඳ ප්‍රචාරයක් දේවි.

:       1       10

ලුම්බිණි Thursday, 11 August 2022 09:36 AM

මේක ඉතාමත් වැරදි දෙයක්.

:       5       13

කිරි පුතා Thursday, 11 August 2022 09:44 AM

මේවා හරහා තමයි ව්‍යාජ අරගලයට මුදල් පොම්ප ⁣වුණේ. තව බොහෝ දේවල් එළිවිය යුතුයි .කුඩ්ඩන්ට කුඩු පවා නොමිලේ ලැබෙන්න ඇති.

:       18       9

Muditha Thursday, 11 August 2022 09:53 AM

Very bad. President told foreigners to come Sri Lanka and you may participate the Aragalaya. . Telling one thing in English and Doing another using Sinhala????

:       4       12

Lakmal Thursday, 11 August 2022 10:15 AM

රනිල් වික්‍රමසිංහගේ මතය වන්නේ අරගලයට සහය දීම වරදක් කියාද? එසේත් නැත්නම් එය වරදක් නෙමෙයිද? එය වරදක් නම්, අරගලකරුවන් සියල්ල වැරදි විය යුතුයි. එසේ නම් අරගලකරුවන්ගේ ඉල්ලීම වන GotaGoHome ද වැරදි විය යුතුය. එම නිසා අරගලකරුවන් වැරදියි කියා කියනවා නම් අරගලකරුවන් නිසා බලයට පත්වූ රනිල් මහතාද එම ධූරයෙන් ඉවත්වී පෙර සිටි ගෝඨාභය මහතාව නැවත එම ධූරයෙහි පිහිටුවිය යුතුය. එසේත් නැතිනම් අරගලයට සහය දුන් පොදු ජනතාව දඩයම් කිරීම නවත්වන්න.

:       4       11

ravin Thursday, 11 August 2022 10:19 AM

ඕනෑම රටකදි වියහැකි දෙයක්. තමන් ඒ රටට ගියා කාර්යය සඳහා පමණක් වීසා වලංගු වේ.

:       7       15

දාස Thursday, 11 August 2022 10:24 AM

මේ වැඩ වලින් අපට හොදක් නම් වෙන්නෙ නෑ , රටවල් තරහ කරගන්න කාලයක් නෙමෙයි මේක.

:       7       13

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 August 2022 10:41 AM

විදේශීය සංචාරකයන් හා රටවල් අමනාප කරගැනීමට තමයි මේ උත්සාහය. මේ රටේ මිනිසුන් අරගල හා උද්ඝෝෂණ කළේ ඇඟේ අමාරුවට නෙමෙයි. රට බංකොලොත් කළ දූෂිත පාලනයට හා දේශපාලනඥයන්ට එරෙහිවයි. ඒ දූෂිතයන් රටේ මුදල් හොරා කෑ එක, රට බංකොලොත් කරපු බව අද ජනතාවට අමතක කරවන්න පුළුවන් වේවි කියා හිතන්නට එපා. මේ විදේශීය තරුණිය උද්ඝෝෂණයට එක්වෙන්නට ඇත්තේ, මේ රටේ ජනතාවට තියෙන පීඩනය ගැන අවබෝධ කරගත් නිසා බව පෙනේ. නිකං අහක යන නයි කෝප කරගන්නේ නැතිව මේ රටේ ඇති යථා තත්ත්වය ගැන අවබෝධ කරගැනීම මුලින්ම සිදුවිය යුතු බව අදාළ අංශ අවබෝධ කරගත යුතුය.

:       4       8

Gunapala Thursday, 11 August 2022 12:10 PM

NEGO ඩොලර් වලට වැඩකරන පිල්ලියක් වගේ පේන්නේ. මෙයාත්, මේ රටේ ඉන්න නාගානන්දත් රටට කරන්නේ ලොකු හානියක්. වහාම පිටකළ යුතුයි.

:       11       3

විජිත් Thursday, 11 August 2022 12:31 PM

සමහරුන්ට මේ ආරංචිය සතුට ගෙනදෙන්නක් විය හැක. මෙය විහිළුවකට භාර ගන්න එපා. මනුෂ්‍යත්වයට විරුද්ධව සිදුකරන තාඩන පීඩනවලට විරුද්ධවීම සංවේදී විවෘත මනසක් ඇති ඕනෑම මිනිසෙකුගේ හෝ ගැහැණියකගේ යුතුකමක්. එයට තමයි කියන්නේ සැබෑ මිනිස්කම කියලා. ඒ වගේමයි පීඩනය සිදුකරන්නා හෙවත් පීඩකයා වනාහි අවාසනාවකට හෝ වැරැදීමකින් මිනිස් ආත්මයක් ලද යක්ෂයෙකි. තාක්ෂණය අද ලෝකයේ බොහොම ඉහළයි. මේ තරුණිය අරගලය ගැන සන්නිවේදනය කළත් නොකළත් අපේම රටෙන් සියලුම තොරතුරු ඒ මොහොතේදීම ලෝකයේ අදාළ ආයතන කරා සන්නිවේදනය වෙනවා. ජිනීවාවල මානව හිමිකම් ආයතනය කරා නොකඩවා සන්නිවේදනයකරණ සන්නිවේදන ජාල කිහිපයක්ම තිබෙනවා. ඔබ මම අප අමතක නොකළයුතුම තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි මේ ක්‍රියාවට විරුද්ධව ඇතිවෙන ප්‍රතික්‍රියාව. හොර නඩයක් විසින් කොල්ලකන ලද දුප්පත් රටක, අසරණවී, කරකියාගත නොහැකි තත්වයක සිටින අහිංසක මිනිසුන්ගේ දුක්බර ශෝකාලාපය තවත් තිව්‍ර කරවන යමක් මේ ප්‍රතික්‍රියාව නිසා ඇතිනොවේ කියා කාට අවධාරණය කළ හැකිද...? එය අනුමානයකට පමණක්ම සිමාවුනොත්....

:       3       13

මැක්ස් Thursday, 11 August 2022 01:26 PM

ප්‍රේමදාස මහත්තයා ග්ලැඩ්ස්ටන් එලෙව්වා වගේ මේ අයව එළවා දැමිය යුතුයි.

:       9       6

මදූ Thursday, 11 August 2022 04:00 PM

හොඳ වැඩේ. බ්ලැක් ලිස්ට්ම කරලා යවන්න තියෙන්නේ . අරගලේ නමින් සිද්ධ වුණේ කුමන්ත්‍රණයක්.

:       11       6

Bamunuarachchi Thursday, 11 August 2022 04:12 PM

මේ ලිබරල්වාදීන් පන්න දමන්න.

:       13       7

ganegodaThursday, 11 August 2022 05:38 PM

අපි බ්‍රිතාන්‍යයට කිව්වා... ඒ ඉන්න පොහොට්ටුවන්වත් එළවලා දාන්න කියලා... ආපහු කිසිම කෙනෙකුට වීසත් නොදෙන්න කියලා... ඇතිද?

:       6       13

BamunuarachchiFriday, 12 August 2022 07:15 AM

ඔව් බ්‍රිතාන්‍යයට තාවකාලික විසා මත ගිහිල්ලා එහි දේශපාලනයට ඇඟිලි ගහන්න ගියොත් පොහොට්ටුව නොවෙයි කවුරු උනත් එළවා දැම්මට ප්‍රශ්නයක් නැහැ. හලෝ සිංහල ජාතිය අතීතයේ සිටම කලේ තමන්ගේ රට තුල ඇති ප්‍රශ්න විසඳා ගන්න පිටදේශක්කාරයන්ගෙන් උදව් ඉල්ලීමයි. මාත් එක්ක වාද නොකර ඉතිහාස පොත කියවන්න.

:       2       2

chinthakaSaturday, 13 August 2022 02:55 AM

මමත් ලජ්ජා වෙනවා සිංහලයෙක් වී, මෝඩයින්ගෙන් පිරුණු, ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී, ලංකාවේ ඉපදීම ගැන... මීළඟ ආත්මයේදීවත් ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව ඇති, ආගම කියන මල ඉලව්වට රාජ්‍ය අනුග්‍රහය නොදක්වන, ලෝකයේ ධනවත් රටක ඉපදෙන්නට හේතු වාසනා වේවා...!

:       1       2

BamunuarachchiSunday, 14 August 2022 11:45 AM

ඔහොම කියලා නැවත ලංකාවේ උපදින අය තමයි පත්තෙරේ තිබෙන්නේ උපන් ගමන් වලලා, උපන්ගමන් වැසිකිලි වලට දාලා කියලා . කට පරිස්සම්. බැරිවෙලාවත් නැවත මෙරටේ ඉපදුනොත් ඉපදුන ගමන් පාරේ යන බුල්ඩෝසරයක් යටට දාලා කියා පත්තරේ තියේවි.

:       0       1

Prase Thursday, 11 August 2022 04:21 PM

අනුන්ගේ රටවල් වලට ඇවිත් දේශපාලනය කරන්න දෙන්න බෑ... වහා පිටුවහල් කරන්න.

:       11       5

ganegodaThursday, 11 August 2022 05:59 PM

කොපමණ මැරදපෙරදිග රටවල ශ්‍රී ලාංකිකයන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මැති ඇමති සහ ප්‍රාදේශීය ධූර දරනවාද?ඉන්නවාද? ඔයා වගේ ලින් මැඩියෝ ඕවා දන්නේ නැහැ.

:       2       15

BamunuarachchiFriday, 12 August 2022 10:45 AM

රටක පුරවැසියෝ වෙලා ඒ රටේ දේශපාලනය කිරීමයි තාවකාලික වීසා මත ගිහිල්ලා එහි දේශපාලනයට ඇඟිලි ගහන්න එකයි දෙකක් කියාලා මේ එළියට පැනලා ඉන්න මැඩියාට තේරෙන්නේ නැද්ද? සවුදි අරාබියේ දේශපාලනයට ඇඟිලි ගහන්න ගියොත් ඕනෑම ළිං මැඩියෙකුට වෙන්නේ බෙල්ල කපා ගන්නයි.

:       1       1

BamunuarachchiFriday, 12 August 2022 10:50 AM

හම්බයාගේ සිට සුද්ද දක්වා විදේශිකයින් මෙරටට වැද්දා ගත්තේ මේවා ගොයියෝ තමා. රට ඇතුලෙත් සිංහලයෙක් බලයෙන් ඉවත් කර ගන්න හම්බයෙක්ගේ උදව් පතනවා.

:       1       1

ravinFriday, 12 August 2022 04:53 PM

සුද්දා ලංකාවට ආවේ නැතිනම් අදත් ලංකාවේ සිංහලයින් නිරුවතින් තමයි. අනේ මගේ කට. 1900 කාලේ අපේ අය ඇන්දේ මොනවද? බාගෙට නිරුවතින් හිටියේ...

:       0       1

podi mole Thursday, 11 August 2022 06:01 PM

ලොක්කම නේද කිව්වේ සුද්දන්ට ඇවිත් අරගලයට සම්බන්ධ වෙන්න කියලා එයත් දැන් නන්දෙ වගේ රිවස් ගහන්න පටන් අරන්ද බොලේ.

:       6       13

SUNIL MILANO Thursday, 11 August 2022 07:26 PM

කවුරු මොනාව කීවත් සිදුවිය යුත්තේ මෙයයි. එයා ආවේ වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා නම් එයා ඉන්න ඕනේ එතැන. අරගලයට ආවා කියන්නේ, මෙයා හොර වැඩක් කරනවා. අනිවාර්යයෙන්ම මෙයා එන්.ජී.ඕ. කාරියක් නැත්නම් කොටි ඩයස්පෝරවට වැඩකරන්නියක්...

:       5       3

QR VISAThursday, 11 August 2022 08:10 PM

ස්කොට් ජාතික තරුණියට බැරිද අපේ මඟුල් කපුවෙක්ව අල්ලගෙන ඔය අරගලයේදි දැන අඳුනගත් කොල්ලෙක්ව කසාද බැඳ ගන්න... කසාද වීසා එක පැය 24න්ම ලැබෙයි...! එතකොට ඕන කාලයක් ලංකාවේ ඉන්න පුලුවන්....ප්‍රශ්ණයකට තියෙන්නේ කේන්දරයක් ස්කොට් ජාතික තරුණියට නැති නිසා කේන්දරය ගැලපීමට ගැටලුවක් තියෙන නිසා කොල්ලගෙ අම්මා රුධිර QR CODE එක සොයා බලන්න ඕනි කියයි... !!

:       1       0

Bamunuarachchi Sunday, 14 August 2022 11:46 AM

ෂුවර් එකටම මෙයා බ්‍රිතාන්‍ය ඔත්තුසේවාවේ එජෙන්ට් කෙනෙක් . සමහරවිට ඩබල් එජෙන්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. නැතුව මේ පිටස්තර ගැහැනිට කොහේ තිබෙන අමාරුවකටද අරගල කාරයින්ට එකතුවෙන්නේ. රටේ බුද්ධිංශ මෙය ගැන සෙව්වොත් හොන්දයි. අපේ ගොබ්බයින්ට මේවා තේරෙන්නේ නැහැ. අරගල මල්ලිලා කරපු මගුලකුත් නැහැ පස්ස පැත්තත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 860 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 866 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1040 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 419 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4539 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1243 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site