IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වැලිකඩ සමුහ ඝාතන නඩුව 14 සිට විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු සමුහ ඝාතන කළ බවට චෝදනා කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකුට හා එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහි නඩුව ලබන 14 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (10) තීරණය කළේය.

ලබන 14 වැනිදායින් පසු බදාදා සහ සිකුරාදා දිනවල මෙම නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරු මඬුල්ල එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පැමිණිල්ලේ සාක්කිකරුවන් සිව්දෙනෙකුට සිතාසි නිකුත් කළේය.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලදී.

නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  පත් කරන ලදී.

2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේ දී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපති විසින් නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් කේෂ්ත‍්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.

පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බලමින් නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරු මඩුල්ල නඩුව ලබන 14 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ මාධව තෙන්නකොන්, රජයේ නීතීඥ කසුන් සරත්චන්ද්‍ර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පෙනී සිටියේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ රෙක්සි පියදාස මහතා සමඟ නීතීඥ සේනක පෙරේරා මහතා පෙනී සිටියේය.

පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ අසිත් සිරිවර්ධන, නීතීඥ සෞම්‍ය මුතුකුඩ මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතීඥ නලීන්ද ඉන්දතිස්ස මහතා පෙනී සිටියේය.

දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ජගත් අබේනායක, නයනා දිසානායක, ඉරෝමී ජයරත්න, කෞෂල්‍යා නානායක්කාර, ඉමාෂා සේනාධීර, යසස් ඒකනායක සහ ඉෂාන් හාම්පලගේ මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය.



අදහස් (11)

වැලිකඩ සමුහ ඝාතන නඩුව 14 සිට විභාගයට

Chathuri Thursday, 10 October 2019 10:59 AM

මරුවා ඡන්ද එකතු කරනවා. මරුවා හිතන්නේ අයියා හදලා දුන්න සුරයයි, මල් වට්ටියයි ගත්තම මිනිසුන්ට අමතකයි කියලා මේ හුරේ දමන ජනතාව නූගත්කමට හෝ බලකිරීමකට මොහුගේ රැස්වීමවලට එනවා. පොහොට්ටුවේ නඩේ.. දැන් නඩ දෙකම එකතුයි, මොවුන් දන්නේ නැත්ද? ගෝඨා හිරගෙදරට මිසක් රජගෙදරට නොවන බව, මෛත්‍රී. මේ බව කලිනුත් කිව්වා දැන් නොකියා ස්වාධීන වෙලා භාවනා කරනවා.. මේ නඩේගේ එකෙක්වත් නැත්ද කොන්දක් තියෙන පිරිමියෙක් මේ දේ වැරදියි කියන්න. මිනීමරුවෙක් ඉස්සර කරගෙන එන්න තරම් මෝඩද? නිමල් සිරිපාලව ඉදිරිපත් කරන්න තිබුණානේ..., මේ පක්ෂේ නායකකම් දරන්න පුළුවන්... රාජපක්ෂලාට විතරදයි..? ඒක ඇත්ත ඒ නිසානේ මෛත්‍රීට විරුද්ධ වුනේ..!!!

:       1344       1526

samanwimal Thursday, 10 October 2019 11:52 AM

මේවට කියන්නේ මරු විකාරෙන් මරු කියවනවා කියලයි...

:       92       243

MamaThursday, 10 October 2019 01:15 PM

තිත්ත වුණාට එ්කයි ඇත්ත දරුවෝ...

:       174       62

Lion Thursday, 10 October 2019 12:01 PM

එකල පොළව නුහුලන අපරාධය කල පුද්ගලයා අද ඔබ ඉදිරියට පැමිණ ඇත. ඔහු පැමිණ ඇත්තේ අපේ ගැලවුම් කරුවාගේ වේශයෙනි. ඔහුව හොඳින් අඳුනාගන්න. අපේ රට එම අපරාධකරුවගෙන් බේරාදෙන්න.

:       260       306

saaliThursday, 10 October 2019 01:02 PM

නායකයෙක් ඕන එයාලව හදන්න. නීති ගරුක අයට තමයි නීතියක් නැති රටක දුක් විඳින්න වෙන්නේ.

:       1       2

sirimal Thursday, 10 October 2019 12:14 PM

මේවගේ ප්‍රවෘත්ති අඩුගණනේ හෙට හැන්දෑව වෙනකල්වත් සිංගප්පූරුව පැත්තට ආරංචි වෙන්න තියන්න එපා. නැත්නම් පපුවේ අමාරුව වැඩිවෙන්න පුළුවන්...

:       70       142

Mahee Thursday, 10 October 2019 12:17 PM

යට ගැසුණු නඩු එකින් එක අධිකරණය ඉදිරිපිටට එනවා. පාට, පක්ෂ නැතුව යුක්තිය ඉටු කිරීමට වෙහෙසෙන නව නීතිපති දප්පුල ද ලිවේරා මැතිඳුන්ට මගේ ආචාරය...!

:       26       44

isuru Thursday, 10 October 2019 02:02 PM

මේවා මෙහෙයවපු මහා මොළකරු කවුද?

:       71       110

sirimalThursday, 10 October 2019 02:39 PM

එයාට පපුවේ අමාරුවක් හැදිලා එයා වෙනුවෙන් දර දිය අදින අපේ රටේ වෙද මහත්තුරු ගැන විශ්වාසයක් නැති නිසා බෙහෙත් ගන්න සිංගප්පූරු ගිහිල්ලා කියලා කියනවා. ඇත්තද දන්නේ නැහැ....

:       85       112

lion Friday, 11 October 2019 12:48 AM

මොහුට තිබෙන චෝදනා බරපතලෛ.ඇයි ඔහුට මහත්තයෙක් විදියට තමන් නිර්දෝෂි කියල උසාවියට ඇවිල්ල ඒවාට මුහුණදීලා තමන්ගේ නම සුද්ද කර ගන්නේ නැත්තේ .එහෙම කලානම් මිනිසුන්ගේ ගෞරවය ඔහුට ලැබෙනවා නේද .ඔහු මෙරටේ අපේ නායකයා වෙන්න යන්නේ, අපේ ඡන්දෙ ඔහුට දෙන්න කියනවා, ඔහු අවංක විය යුතුනේද, ඔහු තමන්ගේ දෙමව් පියන්ගේ සොහොන් රට්ටුන්ගේ සල්ලි වලින් හැදුවකියල උසාවියේ තියෙන නඩුවලට කෙලින් මුහුණ දිය යුතු නේද ? නඩුවේ එක එක අඩුපාඩු පෙන්න පෙන්න කල්දාගන්න යන කොට මිනිසුන්ට ඔහුව කෙලින් කටයුතු නො කරන කෙනෙක් කියල හිතෙන එක වලක්වන්න අමාරුයි. කෙනෙකුට චන්දෙ පාවිච්චි කරන කොට ඔහු කියන දේට වඩා ඔහු කල දේ දිහා බලන්න .පාට පාට කන්නාඩි දාන්නා එපා, කිසි කෙනෙකුගේ වහලෙක් වෙන්න එපා .අපි කන්නේ අපි හම්බ කරගෙන. ඔය කොයි කෙනෙක් වත් තමන්ට ජය ලබුනයින් පස්සේ අපේ දිහා බලන්නේ නැහැ .එකයි තිත්ත ඇත්ත. අවුරුදු 70 අපකලේ ඔකයි.

:       0       0

sharm warn Friday, 11 October 2019 05:33 AM

කවුරු හරි කටින් දුන්න නියෝගයක් නිසා කරපු දේවල් වලට වෙන කවුරු හරි පව් ගෙවන එක දැන් මේ රටේ සාමාන්‍ය දෙයක් වෙලා. මේ රටේ උගත් බුද්ධිමත් රජයේ සේවකයන් ඔක්කොම තව ටික කාලෙකදී එකම තැනක දී දකින්න ලැබේවි... ඒ තමයි බන්ධනාගාරය... එයාලව එතෙනට යවන්න පාර හදපු කට්ටිය මල් වට්ටි අරගෙන පන්සල් පල්ලි ගානේ යාවි. දරුවන්ගේ මගුල් එහෙමත් හැම දෙයියෝ ඉස්සරහම කරාවි. තමන් කරපු කියපු දේවල් දන්නේ තමන් ම නේ... ලෝකෙට මොනවා කිව්වත්. අනිත් උන්දැලත් එච්චරම තමයි. අඩු ගානේ දරුවෙක් ඉන්නවා නම් හෙටක් ගැන සැලැස්මක් තියා ගන්න හිතනවනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 638 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 239 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 298 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 276 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 472 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4015 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site