IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රන්ජන් බේරා ගන්න කලාකරුවෝ පෙරට එති

(නිමන්ති රණසිංහ සහ නිමල කොඩිතුවක්කු)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ කලාකරු රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබාදී නිදහස් කරන ලෙස ඉල්ලමින් කලාකරුවෝ ඉල්ලති.

රන්ජන් රාමනායක මහතා සමාජ සාධාරණත්වය වෙනුවෙන් අයුක්තියට එරෙහිව විශාල හඬක් නැගූ බවත් එය සැලකිල්ලට ගනිමින් රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කරන බවත් කලාකරුවෝ පැවැසූහ.

ප‍්‍රවීණ කලාකරුවන් වන ජීවන් කුමාරතුංග, උදයකාන්ත වර්ණකුලසූරිය, දිල්හානි අශෝකමාලා, අර්ජුන් කමලනාත්, සුරංග ද අල්විස්, බුද්ධිත ජයරත්න, නදීකා ගුණසේකර, සුනිස් ටී ප‍්‍රනාන්දු, ජනිත් වික‍්‍රමගේ සරත් ද අල්විස් යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවෝ පිරිසක් එම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (24)

රන්ජන් බේරා ගන්න කලාකරුවෝ පෙරට එති

චමින්ද Tuesday, 27 July 2021 05:55 PM

පෙත්සමක් සකස් කළොත් ලක්ෂ ගණනින් අත්සන් කරාවි...

:       497       788

BamunuarachchiWednesday, 28 July 2021 08:07 AM

ඒ පෙත්සමට හඬපට කරුණුත් ඇතුළත් කරන්න. ඒ කරුණුත් බොහෝම වැදගත්....

:       0       0

BamunuarachchiWednesday, 28 July 2021 08:19 AM

පාතාලයින්ගේ සංගමය ඌරුකටා බේරාගන්න පෙරට එනවලු. පෙත්සමක් ගෙනාවොත් මමත් අත්සන් කරනවා. ඒකට එහෙම නම් මේකට මෙහෙම වුණාම මොකද?.

:       0       0

අතුල සෞදි Tuesday, 27 July 2021 06:32 PM

අනුන්ගේ පව් කරගහන්න ගියොත් ඔහොම වෙනවා. දුර ඉන්න ඥාණවන්ත සතුරාට වඩා ලඟ ඉන්න මෝඩ මිතුරාගෙන් ප්‍රවේශම් වන්න කියලා තමයි කියන්න තියෙන්නේ...

:       11       164

Sri Lanka Tuesday, 27 July 2021 06:33 PM

ලොවින් කෙනෙක් එක දෙයකට වෙයි සමත කියලා සිංහල භාෂාවේ තියෙනවා. වෙලා තියෙන්නේ අපේ අයට සිංහල බැරිකම ... නැතිනම් තවමත් රඟපානවා සිනමාවේ...

:       8       76

ලුම්බිණි Tuesday, 27 July 2021 07:13 PM

කළ යුතු දෙයක්. හැමදෙනාගේම සහාය ලබා ගන්න...

:       247       207

pakeer Tuesday, 27 July 2021 07:21 PM

නීතියක් නැතිවුණාම මේවා වෙනවා. දුමින්දලාට සමාව දෙන්න පුළුවන් නම්, රංජන්ට සමාව දෙන්න බැරි ඇයි..?

:       534       526

බද්රානි Tuesday, 27 July 2021 07:34 PM

දැන් ලංකාවේ කොහෙද කලාකාරයින් ඉන්නේ? නලා කාරයින්නේ බහුතරයක් ඉන්නේ? මෙතනත් රන්ජන්ව විකුණගෙන වීරයින් වෙන්න දඟලන අයත් ඉන්න බව පේනවා. බොරුවට මෙතන කිඹුල් කඳුළු හෙළනවා ජනතාව රවටලා ඔවුන් ගොඩයන්න. මම හිතන විදිහට රන්ජන්ට නම් මේ අයගේ උපකාරයෙන් නිදහස් වෙන්න අවශ්‍යතාවයක් නැතිව ඇති. අනික රංජනුත්, බොරුවෙන් දේශපාලකයින්ට කඩේ ගිය නලාකාරයෙක් වුණා නම්, ඔහුට සැපට ජීවත් වෙන්න තිබුණා...

:       57       207

Duminda Silva bad story Tuesday, 27 July 2021 07:44 PM

දැන් හිරේ ඉන්න හැම කෙනාම බේරගන්න අඩු වැඩි වශයෙන් කට්ටිය ඉන්නවා. කොටින්ම වෙලේ සුදා බේරලා දෙන්න කියලා අත්සන් ගත්තොත් ඕනේතරම් කුඩු මුදලාලිලා ඉඳියි. මේක වැරැදි පුරුද්දක්...!!

:       23       106

pradeepa Tuesday, 27 July 2021 07:59 PM

රංජන්ට කාගේවත් සමාව ඕනෑ නැහැ. ඔහුට සිංහයෙක් වගේ එළියට එන්න දෙන්න. ඔයාලගේ සමාවෙන් රංජන්ට වෙන්නේ ලොකු හානියක්...

:       121       84

Kasun Tuesday, 27 July 2021 08:27 PM

සිරගෙදරට නියම වුණු අය එළියට එන්න ඕනේ නීතිමය රාමුවකින් මිසක් සමාවල් වලින් නෙමෙයි නේද?

:       118       107

Raveendra Tuesday, 27 July 2021 08:34 PM

මේ නම් නියම ගොන් පාට්ය. අහසේ දැන් තරු නැත. ඒ ඔක්කොම ඉන්නේ මේ ශ්‍රී ලංකාවේය. දැන් පොඩි දරුවෙකුට පෙන්නන්න ඇත්තේ හඳ සහ ඉර පමණි...

:       90       191

Roland kuranage Tuesday, 27 July 2021 09:06 PM

ඔය වගේ අය හැදෙන්න ඕනේ තමාගේ වටිනාකම තමාම නොදන්නා කෙනෙක්, වැරැද්‍දට කථා කළ යුතුයි. නමුත් කථා කරන විටදී තමාගේ වචන හරි හැටි අවබෝධයකින් හැසිරිය යුතුයි. ඔහු ශානි අබේසේකර සමග කල දුරකතන සාකච්ඡා, විවිධ පුද්ගලයින් සමඟ කළ දුරකථන සංවාද පටි ගත කර තිබෙනවා. කොයිතරම් පහත් වැඩද? රන්ජන්ගේ පියා ජිවත්වෙලා සිටියා නම් ඔහු වහ බොනවා... ඒ තරම් නිහතමානී වැදගත් මිනිහෙක්..

:       49       192

Kumudu Abeysinghe Tuesday, 27 July 2021 10:01 PM

ඉතා හොඳ අදහසක්.ඔහුට අපේ සුභපැතුම්

:       0       0

kumudu fonseka Tuesday, 27 July 2021 10:35 PM

නීති සම්පාදකයින්ට අපහාස කිරීමේ වරද මෙවැනිම දඬුවම් ලබන වරදක් වීමේ අනාගතය වැලැක්වීමට ගන්නා මෙම පියවර අපි සියලු දෙනා අගය කරමි.

:       0       0

Ruhunu Wednesday, 28 July 2021 02:11 AM

ලංකාවේ දේශපාලනයයි, කලාවයි දෙකම එකයි. කලාවෙන් මතු පරපුරට ගන්න කිසිම ආදර්ශයක් නෑ. වර්තමාන කලාකරුවන් රටටම විෂබීජයක් වෙලා. දේශපාලකයින් රට ගැන හිතනවා නෙවෙයි තමාගේ මඩිය තදකරගන්න ඕනම ජරා වැඩක් කරාවි. ඒක නිසා මේ දෙගොල්ලන් ඇතුලේ ඉන්න තරමට හොඳයි...

:       0       0

Seetha Wednesday, 28 July 2021 07:27 AM

රන්ජන්ව බේරා ගන්න ජනතාවගෙත් සහය ඉල්ලන්න ලංකාවෙ සැම පලාතකින්ම

:       0       0

Bamunuarachchi Wednesday, 28 July 2021 08:08 AM

නිදහස් කරනවාට අපි විරුද්ධයි...

:       0       0

Bamunuarachchi Wednesday, 28 July 2021 08:09 AM

කව්ද මේ කලාකරුවෝ..? අපි නම් දැකලා නැහැ.

:       0       0

Bamunuarachchi Wednesday, 28 July 2021 08:11 AM

රන්ජන් කලා කරුවෙක්ද? දන්නේ නැති නිසයි අහන්නේ...?

:       0       0

කැලිස්ටා පරනාන්දු Wednesday, 28 July 2021 01:33 PM

රන්ජන් රාමනායක යනු?

:       0       0

කැලිස්ටා පරනාන්දු Wednesday, 28 July 2021 01:47 PM

ඇත්ත ඇතිසැටියෙන් කථා කල වරදට දේශපාලන පලිගැනීමට සිරගත කල ඔබ රටට ඉතාම වැදගත් අවශය මිනිසෙකි. සොබාදහමට රටට හා ජනතාවට ආදරය කල ඔබවැනි අය ඉතාම සුලු ය. නමුත් ඔබ කල එකම වැරැද්ද දේශපාලනයට ජරාජීරණ දේශපාලන කිරීමයි. ඔබවැනි අයට ඒ තැන සුදුසු නැත. බොරුව හොරකම වන්චාව රැවටීම ඔබට කල නොහැක. අද ඔබට ඔබේ පක්ෂයේද හතුරන් ඇත. එදා පාර්ලිමේන්තුවේ කල කථාව 225 න් 200 යකටම ඒ කථාව තිත්තය .ඔබ ජනතා දුක, කදුල ,වේදනාව හදුනාගත් උතුම් මිනිසෙකි. විජය කුමාරතුන්ගයානන්ට ද ජීවිතෙන් සමු දීමට සිදුවූයේ එනිසාමය .අද දේශපාලනය යනු අසූචි වලකි .ඔබට එය සුදුසු නැත.

:       0       4

කැලිස්ටා පරනාන්දු Wednesday, 28 July 2021 02:11 PM

රන්ජන් රාමනායක යනු විශිෂ්ට කලා කරුවෙකු , රටට ජනතාවට ආදරය කල උතුම් මිනිසෙකි. සොබාදහමට ආදරය කල ඔහු ඒවෙනුවෙන් දිවි පරදුවට තබා ගස් ,පස් ,වැලි විනාශකල නරුමයන් සමග සටන් වැදුනි. ඔහු දේශපාලනය කලේ රටට හා ජනතාවට මිස බඩ ගෝස්තර වාදයට නොව ජනතාවගේ එකදු සතයක් හොරකම් නොකලේය. ඔහු සතු සියලු දේ ජනතාවටම බේදා දුන්නේය. ඒ ඔහුකල දේවල් නොරුස්සන කාලකණ්නි නරුමයන් ඔභුට මඩ ගැසූහ. ඇත්ත ඇතිසැටියෙන් හෙලිකල නිසාම හොරු, මිනීමරුවෝ ,බොරුකාරයෝ, දූෂිත වංචා කාරයෝ ඔහුව සිරගෙට යැවූහ .නමුත් ඔහු ජනතාව ඉදිරියේ නිර්දෝෂිත මිනිසෙකි. රන්ජන් ඔබ නිදහස්ව එනතුරු අප බලාසිටිමු. එදින ඔබ රජෙකි ඔබට නින්දා අපසාස කල වුන්ට සමාව දෙනු .ඒ ජේසුස් වහන්නේ වදාල එක වාකයකි. නොදැන වරද කරන අයට සමාව දෙන්න.

:       0       0

Yasas Wednesday, 28 July 2021 03:03 PM

අධිකරණයට නොවෙයි මුළු මානව සංහතියටම අපහාස කළා. ඒ අපරාධ වලට ඔය දීලා තියෙන ඳඬුවම තව වසර 10කට දීර්ඝ කිරීමයි කළ යුත්තේ. බලපෑම් කරලා හිරේ දැම්මට ඒ හිරේ ගිය අය හිටියා වගේ දෙගුණයක කාලයක් හිරේ තියන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 22 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 92 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 482 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 26 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 184 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 170 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site