IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වෙල්ගම ඉල්ලා මතුගම සත්‍යග්‍රහයක්

(බන්දු තඹවිට සහ ප්‍රේමතිලක පෙරමුණ)
 
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී මෙවර ජනාධිපතිවරණයට සහයෝගය දක්වන ලෙස ඉල්ලා භික්ෂුන්වහන්සේලා දෙනමක් සහ තවත් ආධාරකරුවෝ තිදෙනෙක් අද(17) මතුගම නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
 
මෙම සත්‍යග්‍රහයට තෙබුවන ග්‍රන්තාකර පිරිවෙන් විහාරාධිපති තෙබුවන ඥානින්ද නායක හිමියන්, බොන්දුපිටියේ නාගතිස්ස හිමියන්, මාවිට ඤාණරතන හිමියන් සමග ප්‍රභාත් විජේවර්ධන, දුමින්ද දයාශාන්ත සහ නාලක සමර සිංහ යන පිරිසද එක්ව සිටියහ.
 
 මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සහ අධාරකරුවෝ පිරිසක් එක්වී සිටියහ.
 
මෙහිදී අදහස් දැක්වූ තෙබුවන ඥානින්ද නායක හිමියන් පැවසුවේ කළුතර දිස්ත්‍රික් ජනතාවගෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගෙන තේරී පත්වූ කුමාර වෙල්ගම මහතාගේ සහයෝගය මේ අවස්ථාවේ රටේ අනාගතය තීරණය කිරීමට ඉතාම අවශ්‍ය බවත්, ඒ මහතා තවදුරටත් නිහඬව නොසිට ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය යුතු බවත්ය. ඒ සඳහා  මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන බවත් ඒ සඳහා අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් නොමැති වූවහොත් සත්‍යග්‍රහයේ යේදී සිටින පිරිස මාරාන්තික උපවාසයක් දක්වා ගෙන යාමට තීරණය කර ඇති බවත් හිමියෝ ප්‍රකාශ කළහ.

(ඡායාරූප - බන්දු තඹවිට) 

 (ඡායාරූප - ප්‍රේමතිලක පෙරමුණ)



අදහස් (37)

වෙල්ගම ඉල්ලා මතුගම සත්‍යග්‍රහයක්

sirimal Thursday, 17 October 2019 09:30 AM

පවුල් පාලනයකට ඒ මහත්තයා සහයෝගයක් දෙන්නේ නැහැ කියල කියනවා නේද? මොකටද ඉතින් මේ කාලේ නාස්ති කරන්නේ ? මේ කට්ටිය රටට ආදරයක් තියෙනවානම් කරන්න තියෙන්නේ වෙල්ගම මහත්තයත් එක්ක එකතුවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගන්න එකයි. නැත්නම් වෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ ඒ පක්ෂයත් එක පවුලක බුදලය බවට පත්වෙන එකයි.

:       508       1472

nimalThursday, 17 October 2019 10:49 AM

සංවිධායක කවුද කියා පැහැදිලියි...!!!

:       2       305

chinthakaThursday, 17 October 2019 11:34 AM

ආදරණිය පියාණන් හිටපු ජනපති, මස්සිනා සංස්ථා සභාපති, දුවත් රජයෙන් වැටුප් ලබනවා. පුත්‍ර රත්නය මෙවර ජනාධිපති අපේක්ෂක... එතකොට සහෝ ඒ පවුල් පාලනයක් නෙමෙයිද? එතකොට සහෝ ඒ පවුල් පාලනයක් නෙමෙයිද? වහල්කම දුරලා මේ අවස්ථාවේදීවත් රට ගැන සිතමු...

:       322       690

senaThursday, 17 October 2019 12:04 PM

ඒ මනුස්සයගේ දේශපාලන ජීවිතේ විනාශ කරන්නද හදන්නේ? රාජපක්ෂ හූවට අහුවෙච්ච කිසිම දේශපාලකයෙක්ගේ දේශපාලන ජිවිතේ සාර්ථක වුනේ නැහැ...

:       531       492

samFriday, 18 October 2019 05:53 AM

පවුල් පාලනයට එතුමා සහයෝගය දෙන්නේ නැත්නම් තමන්ගේ පුතා සේනාල්ව දේශපාලනයට ගෙනත් පළාත් සභාවට යන්න ලාස්තිකරේ ඇයි. එයා උඩින්ම පළාත් සභාව දිඅලා ඉන්නේ. අනික් පුතා ශෂී ප්‍රවාහන මොකක්ද තනතුරකට ගත්තේ වෙල්ගම මහත්තයා ප්‍රවාහන ඇමති කාලේ. දැන් තමයි ඔක්කොම නරක.

:       0       108

එරංග Thursday, 17 October 2019 09:32 AM

තැඹිලි වතුර ලෑස්තිද?

:       90       360

parakumba Thursday, 17 October 2019 09:34 AM

කවටයෝ

:       265       537

Abey Thursday, 17 October 2019 09:36 AM

වර්ණපාල තියරිය වෙන්නැති

:       106       281

kap Thursday, 17 October 2019 09:38 AM

පිස්සුද හැටිද..? මේ රට දියුණු කරන්නේ කොහොමද? ගොන් වැඩ කරන්න මෙච්චර වෙලාව කන්න තියෙද්දී...

:       80       223

චන්න Thursday, 17 October 2019 09:39 AM

NGO සහ බටහිර අධිරාජ්‍යවාදීන් සමග අැමරිකානුවන්ගේ සල්ලි...

:       267       766

pj Thursday, 17 October 2019 09:39 AM

බැනරයට වියදම් කරලා තියෙන ප්‍රමාණය දැක්කාම හිතා ගන්න පුළුවන් කාගේ වැඩක්ද කියලා... කළුතර දිස්ත්‍රික්කයටම මහා සංඝ රත්නය ඉන්නේ හතර නමයිද?

:       240       552

රජින්ද Thursday, 17 October 2019 09:39 AM

වෙල්ගමයාණෙනි, පොහොට්ටුවේ පස්ස දොරින් ගියාට තැඹිලි වීදුරුවකුත් පොවලා ඉස්සරහ දොරින් ආයෙත් ගෙට ගන්න කියලා මහින්දට බල කරන්න නේද ඔහොම කරන්නේ...? අපි බබ්බු නෙවෙයි වෙල්ගමයාණෙනි.!

:       12       346

සුනිල් සමරවීර Thursday, 17 October 2019 09:43 AM

මේ පිං බතාලට වෙන වැඩක් නැද්ද? කාලකන්නි... ආගමට නිගා කරනවා.

:       39       628

ශ්‍රී Thursday, 17 October 2019 09:49 AM

ඔහු බුද්ධ චීවරයට ගිය කළ...

:       5       311

සේනක Thursday, 17 October 2019 09:52 AM

පිස්සු නැත්නම් හොඳයි.. එළිය ඉඳගෙන ලොකුකම් කතා කරලා දැන් බලනවා ඇතුළට යන්න...

:       112       289

kuma Thursday, 17 October 2019 09:53 AM

ඔක්කොම ටික මැරියල්ලා...

:       2       387

Mendis Boossa Thursday, 17 October 2019 09:54 AM

යන එන මං නෑ වගේ...!!!!

:       0       133

Ossan Salam Thursday, 17 October 2019 10:03 AM

වෙල්ගම මහතාගේ ප්‍රජාතන්ත්‍ර අයිතියට බලපෑම් එල්ල කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැත. ඒ මහතාගේ මතයට ගරුකළ යුතුවන අතර එය බලහත්කාරයෙන් වෙනස් කිරීමට යෑම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන අභියෝගයකි.

:       34       284

සෑම් Thursday, 17 October 2019 10:08 AM

ඔහොමවත් මෝඩ වහල්ලු තුන්දෙනෙක් මැරිලා යනවා නම් ලොකු දෙයක්...

:       0       631

රවින් Thursday, 17 October 2019 10:17 AM

දේශපාලකයින්ට ලැජ්ජා, බිය කියන එක ගෑවිලාවත් නැහැ. වාසියට කොන්ද සියට නැවෙයි. උදාහරණ කන්ද උඩරට පැත්තේ ඉන්න රජගෙදර කවටයා. බලමු අපි කොන්ද පණ ඇති එකෙක් හරි ඉන්නවද කියලා...

:       1       39

saliya Thursday, 17 October 2019 10:25 AM

ස්වාමීන්වහන්සේ ලා මෙලෙස බලපෑම් කිරීම විශ්වාස කල නොහැක. මෙය පිටුපස ඉන්නේ වෙල්ගම මහතා ම ද? නැතහොත් වෙන කණ්ඩායමක්ද? කෙසේ වෙතත් මේ ව්දිහට අපේ ආගම ධර්මයට කැළලක් නොකිරීමට වග බලා ගත යුතුය. බුදු දහමට පක්ෂ පාට භේද නොමැත.

:       0       307

hutanFriday, 18 October 2019 04:42 AM

මේක වෙල්ගමයගේම නාට්‍ය තිරරචනයක්. ලොකු ටෝක්ස් දීල හොම්බ බිම අනාගත්තම දැන් තම දේශපාලන පැවැත්ම උදෙසා පොහොට්ටුවට සෙට් වෙන්න දාන නරිනාටක.

:       0       5

NIMAL Thursday, 17 October 2019 10:25 AM

විගඩම් .

:       0       107

sisira Thursday, 17 October 2019 10:54 AM

මේ හාමුදුරුවරු තථාගත ධර්මයට අනුව රාග ද්වේශ හා මෝහ ප්‍රහාණය කර නිවන් මග ප්‍රගුණ කිරීම උදෙසා පැවිදිවුවාද එහමත් නැතිනම් දේශ පාලුවන්ට කඩේ යන්න චීවරය දරාගත් පිරිසක්ද යන්න තමයි මට තියෙන ගැටලුව.

:       0       331

කපුරුහාමි Thursday, 17 October 2019 11:38 AM

මොවුන්ට අමු කැවිලා. චීවරධාරීන්ටත් ලැජ්ජාවක් නැති හැටි. දූෂිත පවුල් පාලනේ ඔවුන්ව බලයට ගේන්ඩද ඕනෑ වෙලා තියෙන්නේ? තමුන් කැමැති ඕනෑම තීරණයක් ගන්න එක තමුන්ගෙ අයිතියක්.... ඒකට බලපෑම් කරන්න හදන්නේ කාගේ හරි වුවමනාවක් ඉෂ්ට කරන්ඩ වෙන්ඩ ඇති...

:       0       345

priyantha Thursday, 17 October 2019 12:08 PM

බෞද්ධ දර්ශනයට විරුද්ධ භික්ෂූන් කිහිප දෙනෙක්...

:       0       373

p.d goonawardena Thursday, 17 October 2019 12:19 PM

නියමයි වල්ගම.. ඕක තමයි පාර... දැන් කියන්න පුළුවන්නේ හාමුදුරුවරු කියන නිසා ආවා කියලා... නිකන් නෙමේ ලොකු ඩිමාන්ඩ් එකකුත් අරගෙන තමයි එන්නේ... පාඩුවේ ඉන්න හලෝ ගෙදරට වෙලා...

:       0       109

samThursday, 17 October 2019 01:22 PM

ඔහොම එකක්... ඉස්සර කටානේ කෙනෙක් කළා. තමන්ගේ ගෙදර වහලට ගමේ ගෑනු නග්ගවලා. ඒ නිසා මේ ගේම ගැනත් විශ්වාස නැහැ තමයි.

:       0       25

Bishan Thursday, 17 October 2019 12:19 PM

තවත් නරි නාටකයක්...

:       0       49

isuru Thursday, 17 October 2019 12:39 PM

මේ ගෝඨාස් ගේමක්...

:       2       75

gunarathnaFriday, 18 October 2019 01:21 AM

ඉසුරු ඔබ හරි.

:       0       0

Amila Thursday, 17 October 2019 01:29 PM

වහාම මානසික රෝහලට මේ අයව යොමු කරන්න. පවුල් අපේක්ෂකයා පරදින නිසා මේ පුද්ගලයන් මානසික ගැටළුවක් ඇතිවෙලා වගේ...

:       0       238

පාල ගාල්ලගේ Thursday, 17 October 2019 02:41 PM

චීවරයට නිඟාදෙන තකතීරුවන් බුදු සසුනට එපා 'මේකත් රණවිරු‘ උපවාසය වගෙයි...

:       0       259

Vijitha Friday, 18 October 2019 12:22 AM

කව්ද පස්සෙන් ඉන්නේ ?

:       0       2

දිනෙශ් අප්පුහාමිTuesday, 22 October 2019 04:56 AM

කවුද ඉතින් වෙල්ගම ම තමයි

:       0       0

siri Friday, 18 October 2019 03:49 AM

වෙල්ගම හොද මනුස්සය ,එය එයාගේ මතයේ ඉදගෙන කියපුව අපහු හරවගන එන්න.නැතිනම් ඔබට වගේම ඔබ වට සිටින අයට මොකද වෙන්නේ?ගෝටභය ගැන ඔබ දරන මතයට වැඩ ජනතාව දරන මතය වෙනස් නිසා, කාගෙවත් බලකිරීමට ආවා කින්න එපා..නැතිනම් ඔබට වෙන්නේ ගිලෙන නැවට වෙලා ඉන්නයි.

:       0       0

දොඩන්ගොඩ Friday, 18 October 2019 06:20 AM

සල්ලි තිබුනට බලය නැතිව ජීවත් වෙන්න බෑ ඒක නිසා තමා මේවා කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 840 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 163 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1027 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1061 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1365 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1218 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site