IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අගමැති ඉල්ලා අස්වෙන්න යයි

(** මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි)

අද පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්වනු ඇතැයි එක්සත් ජාතික පෙරමුනේ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

ඉතාමත් විශ්වාස  කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත්තේ අග්‍රාමාත්‍යවරයා අද (20) සවස විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවයි. ඔහුගේ ඉල්ලා අස්වීම අද රාත්‍රියේ හෝ හෙට දිනයේදී  සිදු වීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියයි.
 
අගමැතිවරයා මේ පියවර ගන්නේ භාරකාර ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණයක් සඳහා පසුබිම සැකසීමට බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත්වීමත් සමඟ කැබිනට් මණ්ඩලයද විසිරී යනු ඇත.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය පරිදි නව අග්‍රාමාත්‍යවරයකු පත්කර අලුත් කැබිනට් මණ්ඩලයක් යටතේ මහමැතිවරණ තෙක් භාරකාර රජයක් පත්කරගැනීමට ඉඩ සැලසීම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමේ අරමුණ බව එක්සත් ජාතික පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදීත් විකල්පයක් ලෙස භාරකාර රජයක් සඳහා පසුබිම සැකසීමේ එකඟත්වයකට එළඹී ඇත.
 
මේ අතර නව භාරකාර රජයේ අගමැතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතය.
 
භාරකාර රජය සඳහා ඇමැතිවරුන් 15දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක්ද පත්කිරීමට නියමිත අතර, කැබිනට් මණ්ඩලයට මෙසේ පත් කෙරෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ දේශපාලනය පක්ෂවල නායකයන් බවද දැනගන්නට තිබේ.



අදහස් (43)

අගමැති ඉල්ලා අස්වෙන්න යයි

aruna Wednesday, 20 November 2019 05:02 AM

ඉල්ලා අස්වෙනවා කියන තීරණය ගන්න දවස් 4 ක් ගියා. කාර්යෂම අගමැති කෙනෙක්. ඉතින් සහරාන් ට ප්‍රතිචාර දක්වන්න ලෑස්තිවෙනකොට ඌ බොම්බේ පුපුරවාගෙන ඉවර එක අහන්න දෙයක් නොවෙයි.

:       2173       2329

ranjanee Wednesday, 20 November 2019 05:04 AM

2500ක් පමණ වූ ජනාධිපතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය වෙනුවට 250ක පමණ වූ සුළු කාර්ය මණ්ඩලයක් පමණක් පවත්වාගෙන යාමට තීන්දු කර ඇත.

:       446       799

Nihal Wednesday, 20 November 2019 05:12 AM

අලුත් කැබිනෙට් මන්ත්‍රීවරු පිටරටින් ගේන්න වෙයි.

:       58       227

Leslie Perera Wednesday, 20 November 2019 05:13 AM

ධූරයෙන් විතරක් නෙමේ දේශපාලනයෙන්ම සමු ගන්න ඕනි.

:       168       2492

Raveendra Wednesday, 20 November 2019 05:20 AM

හත් දෙයියනේ කොහොමද මම මේවා දාල යන්නේ.... අනික මම මේ ලෝකෙටම ඉන්න උගතුන් ගෙන් එක්කෙනෙක්නේ. ගම්බිම් බලා යන්නත් බැහැ කුබුරු නියරවල් පාළු වෙලා. දැන් නාඩගම් මඩුව විසුරුවා හැරියොත් 225 විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නැහැ....

:       110       146

Mahesh Wednesday, 20 November 2019 05:23 AM

රටටත් වැඩක් නැති පක්ෂේටත් වැඩක් නැති තේරුමක්ම නැති ඩීල් චරිතයක්. ගහන ගහන ගැටවලට අහුවෙන්නෙම ඔහු බව තේරුමක් නැති පුද්ගලයෙක්.. දැන් ඔබ විශ්‍රාම ගන්න..

:       1621       4509

sagara Wednesday, 20 November 2019 05:24 AM

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය කැඳවීමට කටයුතු කර තිබේ. මෙම කැබිනට් රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තුවන අතර පසුව ඔහු අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වීමට නියමිතය. ( අගමැතිට කැබිනට් එක කැදවන්න බැහැ. ඒක නිසා නිලනොලත් රැස්වීමක් විතරයි. දැන්වත් මේ පිස්සු වැඩ නැවත්වුවොත් හොඳයි )

:       882       721

නිමල්Wednesday, 20 November 2019 06:45 AM

සාගර මහත්මයාණෙනි , ඔබ හුදෙක් කී බෝර්ඩ් එකෙන් කොටන්න දන්නා කෙනෙක් පමණි

:       412       303

wishwaWednesday, 20 November 2019 07:37 AM

ඉතින් ඔයාගේ ටිකිරි මොලෙන් නීතිය පහදන්න.

:       18       232

kamal Wednesday, 20 November 2019 05:26 AM

ගරු අගමැතිතුමනි ඔබට සුබ පැතුම්.!

:       5103       1237

chandima Wednesday, 20 November 2019 05:46 AM

අපටත් කියන්න. දුම්මලද ? කට්ටකුමන්ජල්ද ? නැතිනම් සාම්බ්‍රානිද වැඩ කළේ ?

:       55       98

225 Wednesday, 20 November 2019 05:51 AM

රට වනසන එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරන්න.

:       132       367

sharm warn Wednesday, 20 November 2019 05:54 AM

අපෝ ඇති යන්තම් . . . දැන්වත් තමන්ගේ වැරදි පෙනෙනවා නම් පෙනිලා හැදෙනවා නම් ..

:       147       41

Channa Wednesday, 20 November 2019 06:00 AM

ලංකීය දේශපාලනයේ අසාර්ථකම නායකයා. 1994 සිට දැවන්ත පක්ෂයක නායාකයා. 2001-2003 යාන්තම් අගමැති වුණා එවකට ශ්‍රීලනිපයේ ලේකම් ඇතුළු කණ්ඩායමක් ආපු නිසා. ඊට පස්සේ ඉතින් අවුරුදු දෙකෙන් ගෙදර. ආයෙත් යාන්තන් ඇගමැති වූනා ආයෙත් ශ්‍රීලනිපයේ ලේකම් සිරිසේන මහත්මයා ආපු නිසා. ආයෙත් ඉතින් හතරෙන් ගෙදර. පාක්ෂිකයාට සලකපු නැති මෙලෝ වැඩක් නොකරපු කෙනෙක්.

:       114       506

raviWednesday, 20 November 2019 06:29 AM

මේ මාසයට එතුමා පක්ෂ නායකත්වයට පත්වී වසර 25 යි

:       0       129

KANDEPOLA Wednesday, 20 November 2019 06:01 AM

රටටත් ජාතියටත් කළ හැකි උපරිම විනාශය කරලා තනතුරෙන් ඉවත් වී යන නිහතමානී නායකයා.

:       121       551

wishakaWednesday, 20 November 2019 07:59 AM

මුදල් ඇමති අස්වූ නිසා රනිල්ට කරන්න දෙයක් නැහැ අස්වෙනවා හැර. මුදල් ඇමති කෙනෙක් නැතිව ආණ්ඩුවක් ගෙනියන්න බැහැනේ.

:       15       21

Suranjith Wednesday, 20 November 2019 06:25 AM

ඔබතුමා ගත්ත අත්තනෝමතික තීරණ පාරා වළල්ලක් වගේ ආපසු පැමිණ ඇත. සජිත් මැතිතුමාට ඔබතුමා හරියට කෙනෙහිලි කම් කරා අපි ඒ ගැන ඉතාම කලකිරුණා. ඔබතුමා පක්ෂේයෙනුත් විශ්‍රාම යන එක තමයි කල යුත්තේ.

:       118       1318

nimalWednesday, 20 November 2019 08:51 AM

සජිත් වේදිකාවේ කතා කළේ පහළම මට්ටමේ සිටින මිනිසුන්ටයි. හැමදේම නිකම් දෙනවා කිව්වා. උගත් පිරිසට ඔහුව එපාවුණා. රනිල් 2005 උතුරේ ඡන්ද නැතුව පැරදුණේ ඉතා සුලු ගණනකින්.අගමැතිකම නැතිවුණ වෙලාවේ ලේ බිංදුවක් හොල්ලන්නෙ නැතුව ලස්සනට අගමැතිකම ගත්තා. සජිත් ඉන්නේ රනිල්ට වඩා ගව් ගණනක් දුරින්. එජාප මන්ත්‍රීවරුමයි රනිල්ව පහළට දාලා තියෙන්නේ. පොහොට්ටුවේ අයට 70 පැනපු ගෝඨා, මහින්ද හොඳ නම් එජාප අය රනිල්ගේ වයස ගැන කතා කරන්නේ ඇයි ? මන්ත්‍රීවරු රනිල්ට අඩු තක්සේරුවක් නොදී ඉන්නවා නම් පාක්ෂිකයෝ සජිත්ට වඩා රනිල්ව පිළිගන්නවා.

:       0       511

ධම්ම Wednesday, 20 November 2019 06:31 AM

වෙන කළ හැක්කක් නොමැතිවෙන තුරු ඉන්නේ ඇයි ? නම්බුව රැකගෙන වේලාසනින්ම ගියා නම් ඉවරයිනේ.

:       95       133

Bandara Wednesday, 20 November 2019 06:35 AM

දැන්නම් පරක්කු වැඩියි. ඒත් කමක් නැහැ. ඉක්මනට යන්න.

:       85       246

‍චතුරංග Wednesday, 20 November 2019 06:44 AM

රනිල් මහත්තයල හිතන්නෙ ආණ්ඩුව කර ගන්න බෑ කියල. ඒකයි ඔය කැමැත්තෙන්ම දෙන්නෙ ඊලඟ ඡන්දෙට කලින්.....

:       1       4

Uditha - London Wednesday, 20 November 2019 06:53 AM

සියලු දේ අනිත්‍ය බව මෙනෙහි කරන්න.. එවිට අතහැරීම පහසු වෙනවා...

:       0       51

Daham Wednesday, 20 November 2019 07:00 AM

පක්ෂ නායකත්වය නවීන් ට භාර දෙන්න.

:       943       29

siri Wednesday, 20 November 2019 07:05 AM

අපි බලන් ඉන්නවා ඔබගේ කතාවේදී රටට කල එක හොදක් වත් අඩුම වශයෙන් කියන තුරු.

:       35       49

wasulu Wednesday, 20 November 2019 07:12 AM

ඇමතිවරු ඉල්ලා අස්වීම වැරදි ආදර්ශයක්-මනෝ ගනේෂන් මහතා පවසයි.

:       11       18

Rata Perata Wednesday, 20 November 2019 07:16 AM

බිත්තර ඔක්කොම එක මල්ලකට දාන්න උනන්දු වෙන පිරිස්, බැරි වෙලාවත් මල්ල වැටුනොත් වෙන දේ ගැනත් මතක තියා ගන්න. විශේෂයෙන්ම එක පවුලක් රට කරන්න සුදානම් වෙන මොහොතක.

:       387       314

waruna Wednesday, 20 November 2019 07:40 AM

මේවා බැලුවම තේරෙන්නේ මේ රටේ මිනිස්සු කොතරම් කුහකද ? අමනද? දේශපාලන පිළිකාව කොතරම් දරුණු ලෙස වැළදී ඇත්ද යන්න පමණයි.

:       2       27

Pradeep Wednesday, 20 November 2019 08:06 AM

අග්‍රාමාත්‍ය ධුරයෙන් පමණක් නොව 25 වසරක් තිස්සේ දරන එජාප නායකත්වයෙන් සහ සමස්ත දේශපාලනයෙන්ම සමුගැනීමට ඔබට කාලයයි මේ.. සුවබර විශ්‍රාම දිවියක් මැතිදුණි..

:       0       26

janahitha Wednesday, 20 November 2019 08:46 AM

ඒ කියන්නේ 225 කගේ බඩට ගහන්න කියලා නේ.

:       0       4

manaranjani Wednesday, 20 November 2019 08:48 AM

රංජනී, හොද්ද ලිපේ තියලද ආවේ කොමෙන්ට් දාන්න ?

:       2       2

Kumar (Galf) Wednesday, 20 November 2019 09:01 AM

මේක නම් සමරන්න ඕනේ.

:       1       25

Soma dubayi Wednesday, 20 November 2019 09:06 AM

ගරු අගමැතිතුමනි ආණ්ඩුව පොහොට්ටුවට දෙන්නනම් එපා. ජනමතය එජාපය සමගයි.

:       17       3

indra Wednesday, 20 November 2019 09:11 AM

මෙතුමා ගියාට පස්සෙවත් හොද ප්‍රතිපත්තියක් හදන්න, විදේශියට ගැති නොවන, ජාති බේදයක් නැති රටේ සියලු පුරවැසියන්ට එකම හැන්දකින් බෙදිය හැකි යුඑන්පි රජයක් සදහා දැන් පෙළගැසෙන්න.

:       0       9

banda Wednesday, 20 November 2019 09:48 AM

අගමැති කමෙන් අස් උනාට කමක් නෑ පක්ෂ නායක කමෙන් අස් වෙන්න එපා.

:       0       0

Mahee Wednesday, 20 November 2019 10:04 AM

මම කවදාවත් රනිල්ට පක්ෂ වුනේ නැහැ. දැනුත් නැහැ. ඔහු දක්ෂ පාලකයෙක් නොවෙයි. නමුත් රනිල් 19 වැනි සංශෝධනයෙන් ඇතිකළ ස්වාධීන කොමිෂන් සභා බාගෙට හරි ඉටුකළ සේවය විශිෂ්ටයි. මැතිවරණ කොමිසම උදාහරණයක්. කිසිම දේශපාලන බලපෑමකින් තොරව ඡන්දය පැවැත්වුණෘ. අපේ වෘත්තීය සමිති හිතේ හැටියට නිදහස භුක්ති වින්දා... කිසිම මාධ්‍ය කාරයෙක් මැරුම් කෑවේ නැහැ. කිසිම මාධ්‍ය ආයතනයක් ගිනිගත්තේ නැහැ. ජනාධිපතිට පුළුවන් වුණා ආණ්ඩුවේම වැරදි හොයන්න කොමිෂන් සභා පත්කරන්න. මොහුගෙන් කිසිම අකුල් හෙලීමක් නැතිව. මහත්වරුනි, අපට හරි ලේසියි යන මිනිහව පතුරු ගහන්න. නමුත් ඇස්දෙක විවෘතව තබාගන්න.

:       0       0

sudelmi Wednesday, 20 November 2019 10:12 AM

එජාප නායකත්වයෙන් සහ සමස්ත දේශපාලනයෙන්ම සමුගැනීමට ඔබට තිබු කාලය යල්පැන ගොස්ම අවුරුදු 20 ක් වෙනවා. මේ මනුස්සයා මේ තනතුරේ තියන් ඉන්නේ මහින්ද රාජපක්ෂ. රටක පැවැත්මට ශක්තිමත් ආණ්ඩුවක් වගේම හොද විරුද්ධ පක්ෂයකුත් ඕන. උගත් නවීන අය පත්කර අපේ රට ගෝඨාභය සමග ඉදිරියට ගෙනයන්න මේ කාලකන්නි එළවල දන්නා ඕන. ගෝඨාභය උනත් හොද විරුද්ධ පක්ෂයක් නැතිවෙනකොට මහින්ද වගේ වෙන්න පුළුවන්.

:       3       3

amila chathuranga Wednesday, 20 November 2019 10:15 AM

දවස් පනස් ගානක් හොරාට අගමැති වෙච්චි එක නොදැකපු අය දවස් හතරක් හිටපු එක ලොකුවට දැකලා තියෙනවා.

:       28       30

pathminiWednesday, 20 November 2019 12:38 PM

ඔබ විතරයි සිහි කල්පනාවෙන් ඉන්නේ. හඳපානේ අගමැති කම් අරගෙන පීචං වෙලා උසාවියෙන් දොට්ට බැහැපු අයට වඩා මේ මිනිසා උසස් .

:       0       0

Weera Wednesday, 20 November 2019 10:33 AM

සුද්දාගෙන් නිදහස ලබාගත් ශ්‍රී ලංකාව කියන්නේ හරියට ව්‍යවස්ථාවක් හදාගන්න බැරි රටක්... කෝටි 750ක් වියදම් කරලා එක පුද්ගලයෙක් තෝරාගත්තා. තව 225ක් තෝරන්න කීයක් වියදම් කරන්නද? ලෝකයෙන් ණයට සල්ලි අරගෙන ජීවත්වෙන්නේ. මොකක්ද මේ විහිළුව...? ඔය දැන් ඉන්න අයට එකතුවෙලා එක මැතිවරණයකින් ජනපති සහ පාර්ලිමේන්තුව (160 හොඳටම ඇති) තෝරන ව්‍යවස්ථාවක් හදන්න බැරිද?

:       0       0

gunasekara Wednesday, 20 November 2019 10:42 AM

රටට වෙන්නේ මොකක්ද කියන්න තවම කල් මදි.. අනාගතයේ යහපතක් බලාපොරොත්තු වෙනවා. පාලනයට සහායකයින් තෝරාගැනීමේදී නව ජනාධිපතිතුමා තුන්කල් දැකිය යුතුය.

:       0       0

Bamunuarachchi Wednesday, 20 November 2019 10:44 AM

අනේ අපරාදේ ඇයි අස්වෙන්නේ? ඔබ අස්වුණා යැයි කියලා එජාපෙට සුගතියක් වෙන්නේ නැත.

:       0       0

Warnakulasuriya Wednesday, 20 November 2019 10:45 AM

හරියට හොරකමක් කරගන්න බැරි නිසා හරියට රටක් කරගන්නත් බැරි බව නම් පැහැදිළියි. කොහොම වුණත් 60 පැන්න මහල්ලෝ ටික ගෙදර ගිහින් බණක් භාවනාවක් කරගෙන ඉන්න බලනවා නම් ඒක රටේ වාසනාව. අද අප පව් ගෙවන්නේ මේ වයසක දේශපාලන සීයලා නිසාය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 174 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 472 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1174 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1449 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 468 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 216 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site