IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


භාරකාර ආණ්ඩුව ගැන සාකච්ඡා කරන්න ඒකාබද්ධ මන්ත්‍රීවරු හෙට රැස්වෙති

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට යෝජනා වී ඇති භාරකාර ආණ්ඩු අදහස සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල  නිවසට හෙට (11) පස්වරුවේ කැඳවා ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 5.30 ට කැඳවා ඇති මෙම සාකච්ඡාවට ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායමටද ශ්‍රීලනිපයේ සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නේද යන්න තීරණය කිරීමේ බලය හිටපු ජනාධිපතිවරයාට පැවැරීම එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ නිවසේදී පෙරේදා පැවැති සාකච්ඡාවේදී කතාබහට ලක්වු කාරණා සහ තීන්දු තීරණ අද පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේ දී දැනුම් දෙනු ඇතැයි වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් මේ මස 16 වැනිදා පස්වරු 7.00 ට ජනාධිපති මෛතීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.

ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය එක්ව පිහිටුවීමට යෝජනා වී ඇති භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ද සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි දැන ගන්නට තිබේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවද ජනාධිපතිවරයා විසින් ළඟදීම කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ



අදහස් (14)

භාරකාර ආණ්ඩුව ගැන සාකච්ඡා කරන්න ඒකාබද්ධ මන්ත්‍රීවරු හෙට රැස්වෙති

OMG Wednesday, 10 October 2018 06:12 PM

ඡන්ද තියන්නේ නැතුව මේවගේ ආණ්ඩු මාරු කර කර ඉන්නකෝ. ඡන්දවලට වියදම් කරන මුදලුත් ඉතුරු වෙනවා. අපේ මෝඩකම් වලට සීමාවක් ඉබේම පැනවෙනවා. මොකද ඡන්ද තියලා නියෝජිතයෝ පත් කළා කියලා අපිට වෙන සෙතක් තියෙනවද.

:       0       2

OMG Wednesday, 10 October 2018 06:12 PM

ඡන්ද තියන්නේ නැතුව මේවගේ ආණ්ඩු මාරු කර කර ඉන්නකෝ. ඡන්දවලට වියදම් කරන මුදලුත් ඉතුරු වෙනවා. අපේ මෝඩකම් වලට සීමාවක් ඉබේම පැනවෙනවා. මොකද ඡන්ද තියලා නියෝජිතයෝ පත් කළා කියලා අපිට වෙන සෙතක් තියෙනවද. ඒ අයට ඕනේ ඕනේ වෙලාවට පිල් මාරු කරගෙන කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි පිල්ලි ගහනවා. අපි කොට ඇදලා පත් කලාම ඒ අය විල්ලුද පලස් වල ගරු ගාම්බීරව පෙරහරේ යනවා.

:       0       15

Bamunuarachchi Thursday, 11 October 2018 12:29 AM

ඒ කියන්න දෙගොල්ලක් එකතුවෙලා කාපු රට තුන් ගොල්ලොම එකතුවෙලා කන්නද? එතකොට තවත් ඇමතියන් 20 පමණ වැඩිවෙනවාද?

:       11       36

rohana Thursday, 11 October 2018 02:08 AM

එක හොඳයි අපි පා.ම. මහින්දව අගමැති කරවමු. ටික දවසකින් අරයව පන්නලා ජනාධිපති කර ආයෙමත් පරණ සෙල්ලම පටන් ගමු.

:       0       259

BamunuarachchiFriday, 12 October 2018 05:04 AM

ඒ කාලේ ඔබ ඉපදිලා හිටියේ නැහැ නේද? ඒ නිසානේ 2013 රටේ වූ සිදුවීම දැනගෙන සිටියේ නැත්තේ.

:       0       0

BamunuarachchiFriday, 12 October 2018 05:07 AM

පරණ සිල්ලම සෙල්ලම හොඳයි බැංකු මංකොල්ල කන අලුත් සෙල්ලමට වඩා. ඊට වඩා සෙල්ලමක් මේගොල්ලෝ දන්නේ නැත. හා දන්නවනම් කියන්න.

:       0       0

Sanka Thursday, 11 October 2018 02:35 AM

මේ රට මොනතරම් සුන්දර රටක්ද? සරුසාර මහපොළොව, රට වටේම සුන්දර මුහුදු වෙරල, ලස්සන ගංගා නිම්න හැමතැනම, කදුවැටි දියඇලි කොතරම්ද. ඒත් මේ රට පාලනය කරන්නේ මොනතරම් අසුන්දර මිනිස්සුද? මේ අය දැන් මහජන මුදල් ප්‍රකෝටි ගනම් හොරකම් කර කර දැන් අවුරුදු 70ක් නිදහසින් පස්සේ මොනවද කලේ. මේ රට සුද්දා පාලනය කලා නම් අපේ රට අද හොන්කොන් වගේ ඉතාම දියුණු රටක්. දැන් රටට අවශ්‍ය වන්නේ අලුත්ම නායකයෙක් මිසක් මේ ඉන්න රට විනාස මුඛයට දමපු කම්බ හොරු නෙමෙයි.

:       0       332

Chandra Thursday, 11 October 2018 06:22 AM

මේ සාකච්චා වලට අපෙන් අයතා ලෙස ලබාගත් මුදල් යොදවන්න කියල අපි කැමැත්තෙන්ම යෝජනා කරනවා . මොකද මොවුන්ට දැන් කිසිම පිටස්තර ආදායමක් නැහැනේ .

:       0       116

kamil Thursday, 11 October 2018 06:35 AM

භාරකාර ආණ්ඩුවක් ගෙනල්ලා තුනෙන් දෙකේ බලයක් හදල දෝශාභියෙගයක් ගෙනල්ලා ඉන්න ජනාධිපති පන්නලා එයාලගේ කෙනෙක් ජනාධිපති කරන්න යන යටිපුට්ටු වැඩක් මේ .

:       0       28

Hafeel Thursday, 11 October 2018 07:43 AM

කට්ටියම විශේෂ මහ අධිකරණයට බය වෙලා වගේ.

:       0       44

sirimal Thursday, 11 October 2018 08:01 AM

මොනවට මේ විදිහට කාලේ කාදමනවද අපට නම් තේරෙන්නේ නැහැ. එක එක දවසට එක එක තැන්වල එකතුවෙලා හොඳට කාල බීල අන්තිමේට තීරණය කරනවා "මහින්ද මහත්තය කියන ඕනෑ එකකට අපි ඔට්ටුයි" කියල. කොහොම උනත් නීතියට අනුකුලව ඔය කියන එක ක්‍රමයකින්වත් "ආණ්ඩුව පෙරලන්න" බැහැ කියලනේ ඒගැන දන්නා අය කියන්නේ. ඇයි ඉතින් ඕන බොරුවක් ඇත්තවගේ මවා පාන්න සුර කතා කාරයෝ සෙට් එකක්ම ඒගොල්ලෝ ළඟ ඉන්නවනේ.

:       0       50

SHAN SAUDI Thursday, 11 October 2018 08:45 AM

ජනපතිවරයා හරි කල්පනාවක ඉන්නෙනම් කිසිම දාක මෙවන් අය සමඟ කිසිම හවුලකට යන්නේ නැහැ මේ දගලන්නේ අලුත් අධිකරණයේ ඉදිරියේ වරද කරුවන් වීම වලක්වාගන්නයි...... 2020 හෝ 2021 මැතිවරණය එන තෙක් කිසිම හවුලක් මේ අය සමග නොපවත්වන ලෙස හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදන් පැන්න හා දැන් ඔය කියන අනාථ කදවුරේ ඉන්න සියලු දෙනාගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහෝසි කර ඔවුන්ට එන ඡන්දයෙන් දිනුම ලබාගන පාර්ලිමේන්තුවට එන ලෙස දැනුම් දෙන ලෙසද ජනපතිගෙන් ඉල්ලා සිටිමි

:       0       69

sathyapala Thursday, 11 October 2018 09:10 AM

බයවෙන්න එපා භාරකාර ආණ්ඩු තියා මොන ආණ්ඩු පිහිටුවන්ණත් මෙයාලට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්න ඕනා. පාර්ලිමේන්තු ආසන 85ක් තියාගෙන භාරකාර ආණ්ඩු පිහිටුවන්න කාතාකරන මෙයාලගේ මොළය කොලොප්පන් වෙලාද කොහෙද.

:       0       7

BamunuarachchiFriday, 12 October 2018 05:02 AM

මේ ආණ්ඩුව ගෙනෙන කිසිම වැදගත් පනතක් සම්මත කිරීම 2/3 බලය දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 190 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 323 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 571 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 531 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 87 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 577 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1679 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site