IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොරෝනා පාලනයට ඇපල් - ගූගල් තාක්ෂණයෙන් විසඳුමක්

ඇපල් හා ගූගල් සමාගම් එක්ව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෘදුකාංගයක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත.

බ්ලූටූත් තාක්ෂණයෙන් බලගැන්වෙන එමගින් වෛරසය ආසාදිත පුද්ගලයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ විට දැනුම්දීමක් සිදුකෙරේ.

පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හානි නොවන පරිදි රෝගය පැතිරීම වැළැක්වීමට මෙයින් සෞඛ්‍ය බලධාරීන්ට සහාය ලැබේ.

වෛරසය ආසාදිත පුද්ගලයන් සමඟ සමීප සම්බන්ධතා මගින් වෛරසය පැතිරෙන බැවින් සම්බන්ධතා අනාවරණය කර ගැනීම වෛරසය පැතිරීම පාලනය කිරීමේ වැදගත් මෙවලමක් ලෙස හඳුනාගෙන ඇත.

එබැවින් මහජන සෞඛ්‍ය ආයතන, විශ්වවිද්‍යාල හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවක් පුද්ගල සබඳතා අනාවරණය කර ගැනීමේ තාක්ෂණය දියුණු කිරීමේ කටයුතුවල නිරත වී සිටින බැවින් ඇපල් හා ගූගල් සමාගම් ඉදිරිපත් කරන මෙම විසඳුම වඩාත් ඵලදායී වේ.

මෙහිදී අයි.ඕ.එස් සහ ඇන්ඩ්‍රොයිඩ් යන මෙහෙයුම් පද්ධති දෙක අතර තොරතුරු හුවමාරු කර ගැනීමට සහ එම තොරතුරු භාවිතා කළ හැකි පරිදි වැඩසටහන් සංවර්ධනය කෙරෙන අතර එම මෘදුකාංග ඇප් ස්ටෝර් හා ප්ලේ ස්ටෝර් වෙතින් භාගත කර ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.

මෙම මෘදුකාංග මගින් සංවර්ධනය කර ඇති තාක්ෂණය අනුව පුද්ගලයින් දෙදෙනෙකු  එකිනෙකා සමඟ භෞතිකව සමීප වූ විට ඔවුන්ගේ ජංගම දුරකථන අතර තොරතුරු හුවමාරු වීම සිදුවේ.

එක් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම් එය සිය ජංගම දුරකථන මෘදුකාංගය මගින් අනෙක් තැනැත්තන්ට දැනුම් දෙනු ලැබේ.

ඒ අනුව අනෙක් තැනැත්තන්ට ද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරික්ෂා කර ගැනීමට හෝ නිරෝධායන ක්‍රියාවලියකට යොමු විය හැකිය.
 
පුද්ගලයින්ගේ නම් හෙළිදරව් වීමෙන් තොරව මෙම ක්‍රියාවලිය සිදුවන අතර පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බවට ඇපල් හා ගූගල් සමාගම් සහතික වෙයි.

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා කවුදැයි යන්න මෙහිදී හෙළි නොකෙරෙන අතර වෛරසය ආසාදිත පුද්ගලයෙකු සම්බන්ධතාවකට නිරාවරණය වී ඇති බව පමණක් ජංගම දුරකථනයේ මෘදුකාංගය මඟින් දැනුම්දීම සිදුකෙරේ.
 
-226-
 (ඉන්දියා ටුඩේ ඇසුරෙනි) 

 



අදහස් (4)

කොරෝනා පාලනයට ඇපල් - ගූගල් තාක්ෂණයෙන් විසඳුමක්

widura Saturday, 11 April 2020 06:30 PM

ෆෝන් එක ගෙදර තියල ගියාම හරි. එහෙමත් නැත්තම් ෆෝන් එක නැත්තම් ඒත් වැඩක් වෙන්නේ නැහැ.... ටිකක් විතර ප‍්‍රායෝගික මදි වගේ .

:       5       17

agithSaturday, 11 April 2020 08:08 PM

මේක ඉතා හොඳ ක්‍රමයක්. එකිනෙකාට සියලුම දෙනාගේ තොරතුරු ජංගම දුරකථනය මගින් ලබා ගන්නවා. පසු දේට ඇති යම් අයෙකු corona ආසාදිත බවට තහවුරු වුණොත් ඔහුට සමීප වූ සියලු දෙනාට අනතුරු ඇඟවීමක් කරනු ලබනවා... කෙටි පණිවිඩයක් මගින්. එවිට ඒ සියලු දෙනාටම අවස්ථාව ලැබෙන බව වහාම පරීක්ෂණයක් කරගන්න තුමාටත් ආසාදිත වී ඇති බවට සැක හැර දැන ගැනීමට.... රෝගය පාලනය කිරීමට ඉතා වැදගත් උදව්වක් වේවි....

:       0       1

menna Sunday, 12 April 2020 01:51 AM

හැමෝටම ඩිජිටල් තාක්ෂණයේ උපකරණ තිබුනොත් කරන්න පුළුවන් වැඩක් කියල හිතනවා. ස්මාර්ට් ෆෝන්, ස්මාර්ට් අත් ඔරලෝසු නැති මිනිස්සු කොපමණ ලෝකයේ ඉන්නවද?. ලෝකයේ අදටත් ගෝත‍්‍රිකයි කියන ජන කොට්ටාශ කොපමණ ඉන්නවද? ප්‍රවෘති වලට සාමාන්‍ය මිනිසුන්ගේ අසාදිත ගණන, මියගිය ගණන පෙන්නුම් කරාට, ලෝකයේ සිටින ගෝත‍්‍රික ජන කොටස් වලට මෙම රෝගය මගින් ඇතිවී තියෙන ගැටළු පෙන්වන්නේ නැත. අනික මිනිසුන්ට හැදෙන වෛරස් කොම්පියුටරේ වයිරස් වලට සමාන කිරීමට යන ගතියක් තියෙනවා. හරියට නිකන් මෙම වයිරසය වර්තමාන ලෝකයේ ජිවත්වෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් ක්‍රියාකලාප වලට සමගාමීවූ රෝගයක් වගේ. සමහර විට එය එසේද විය හැක. මොකද වර්තමාන ලෝකයේ මිනිස්සුන්ගේ ජිවන රටාව ඩිජිටල් තාක්ෂණයත් සමග එකට බැඳී ඇති බැවින්. නමුත් මානවයව යන්ත්‍රයකට සමාන කල නොහැක. මානවයාට හැදෙන ශාරීරික රෝග සියල්ලටම දේශීයව එම භුමිය තුලම සොයා ගත හැකිය කියා සිතනවා. කොරෝන රෝගය ඩිජිටල් තාක්ෂනය හා වෛද්‍ය පරිපාලනය මගින් ඇතිවූ ප්‍රශ්නයක්ද කියා විටෙක මට හිතෙනවා. කෙසේවෙතත් මට මනුස්සයෙක් හැටියට ජිවත් වෙන්න පුළුවන් වුවහොත් හොඳයි.

:       0       0

jayath Sunday, 12 April 2020 03:02 AM

ඕනවට වඩා සර්ව අශුබවාදී වෙන්න නරකයි මේ වෙලාවේ. මොකද්ද දැන් 100% ප්‍රායෝගික ? මුහුණු ආවරණ දැමිල්ලද ? සමාජ දුරස්ථභාවයද ? ක්ලොරොකුවි නීන්ද ? ඇවිග න් ද ? pcr ද ?මේ එකක්වත් 100% ක් ප්‍රායෝගික නැහැ. මේ කාලේ ඕන කෙනෙක් ළඟ ස්මාර්ට් පෝන් එකෙක් තියනවා. මිනිස්සු නොකා නොබී හිටියත් පෝන් එක ළඟ නිසා මේක සාර්ථක වේවි කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේක ඉක්මනට ජනගත වේවා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 244 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 33 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1668 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 335 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1556 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1535 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site