IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා සෞඛ්‍ය නීති කාටත් එක සේ නැත්ද?

මෙරට දේශපාලනයේ කිරුළු නොපළන් රජකු වශයෙන් සැලකුණු හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගිය 31 වැනිදා දැයෙන් නික්ම ගියේය. රාජ්‍ය ගෞරව සහිත අභිමානවත් අවමංගල්‍ය උත්සවයක් තොණ්ඩමන් මහතා වෙනුවෙන් සංවිධානය කෙරිණි. ඔහුගේ මරණය මෙරට දේශපාලනය තුළ රික්තකයක් නිර්මාණය කර තිබෙන බවද නොරහසකි. ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දේ ලියැවී ඇත. අපගේ මේ සටහන ඒ කරුණු ගැන විමසීමක් නොවේ.

එහෙත් එකී මරණය සම්බන්ධ කතාබහේ යටිපෙළේ තදින්ම ලියැවී ඇති රට තුළ කතාබහට ලක්වී ඇති කරුණක් සම්බන්ධයෙනි.

තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය පිළිබඳ සැළවුණු මොහොතේ පටන් ඒ පිළිබඳව විමසිලිමත් නොවූ කිසිදු දේශපාලනඥයෙක් මෙරට සිටියේ නැත. එසේම ඒ සියලු‍ දෙනාටම ඔහුගේ දේහය දැකබලාගෙන පවුලේ අයට ශෝකය ප්‍රකාශ කිරීමටත් අවසන් කටයුතුවලට සහභාගීවීමටත් දැඩි ලෙස අවශ්‍යව තිබිණි. ඔහුට සහාය දැක්වූ සියලු‍ මහජනතාවගේත් අදහස එයම විය. එහෙත් අවාසනාවකට මෙන් මේ සියලු‍ දෙනාටම පාහේ අමතක වූ නැතහොත් ඔවුන් බොහෝදෙනකු අමතක කර දැමූ කරුණක් තිබිණි. එනම් රටේ අවමඟුල් උත්සවයක් පැවැත්විය යුත්තේ කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සඳහා පැනවුණු නීතිරීති යටතේ බවය. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමත්, සෑමවිටම මුඛ ආවරණ පැළඳීමත් එහි අත්‍යවශ්‍යම කොන්දේසි දෙකක් බවත් සැලකෙයි. එම කොන්දේසි ද ඇතුළත් මරණ ගෙදරක දී පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන ද සෞඛ්‍ය බලධාරීන් භාෂා තුනෙන්ම ප්‍රසිද්ධියට පත්කර තිබේ. මේ සියලු‍ කොන්දේසි ක්‍රියාත්මක කර ඇත්තේ රටේම ජනතාවගේ ආරක්ෂාව සඳහාය.

තත්ත්වය එසේ වුවද තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලන නායකයන් ඇතුළු සුවිශේෂී අමුත්තන් පැමිණි අවස්ථාවේ සිට අදාළ සෞඛ්‍ය ආරක්ෂක නීතිරීති උල්ලංඝනය වන ආකාරය දැකගන්නට ලැබිණි. මේ අවස්ථා සියල්ලට මාධ්‍යවලින් ද විශාල ප්‍රචාරයක් ලැබුණු බැවින් එසේ නීතිරීති කඩවෙනු මේ රටේ සියලු‍ ජනතාවට අපහසුවකින් තොරවම දැකගත හැකි විය. සමාජ දුරස්ථභාවයට ඇතැම් අවස්ථාවලදී කිසිම වටිනාකමක් නොතිබිණි. අතට අත දීම් නොතිබුණත් වැළඳගැනීම් තිබිණි. ඇතැම් අවස්ථාවලදී සමහරුන්ට මුඛවැසුම් පැළඳ සිටීමට අමතක වූ බවක් දිස්විය. අවස්ථාව කොතරම් කනගාටුදායක වුවද එය සෞඛ්‍ය ආරක්ෂක නීතිරීති අමතක කිරීමට හේතුවක් නොවන බව සියලු‍ දෙනාම තේරුම්ගත යුතුව තිබිණි. ඒ හරහා මහජනතාවට යන පණිවුඩය රජය මගින් ජනතාවට ලබාදීමට නියමිත පණිවුඩයට වඩා හාත්පසින්ම වෙනස් වූවක් බැවිනි.

මේ තත්ත්වය රටේ මාතෘකාවක් බවට පත්වෙද්දී නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා විශේෂ ඇඳිරි නීතියක් පැනවීමට ද බලධාරීන්ට සිදුවිය. ඒ වනවිට ද රටේ සෞඛ්‍ය නීතිරීති බලපාන්නේ තමන්ට පමණක් ද යන ගැටලු‍ව මහජනතාව ඉදිරියේ සාකච්ඡා වෙමින් තිබිණි. කොරෝනා රෝගයට ගොදුරුව මියගිය දසදෙනාගේ සිරුරුවලට අවසන් ගෞරවය පුද කිරීමට නොලැබුණු එම පවුල්වලට සම්බන්ධ සියලු‍ ඥාති හිතමිත්‍රාදීන්ටත්  ඇඳිරි නීති තත්ත්වය යටතේ තම සමීපතමයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට අවස්ථාව යෙදුණු සියලු‍ ජනතාවටත් කොරෝනා නීතිරීති බලපාන්නේ තමන්ට පමණක් ද යන ගැටලු‍ව ඇති නොවුණා නම් ඒ ගැන පුදුම විය යුතු නැත. විශේෂයෙන් ප්‍රභූවරුන්ගේ සියලු‍ පොදු කටයුතු මහජනතාවට ආදර්ශවත් ලෙස සිදුවීම අවශ්‍යය. එසේ නොවන විට බලය ඇති අයට එක හැන්දකිනුත්, සාමාන්‍ය මිනිසුන්ට තව හැන්දකිනුත් බෙදන බව ජනතාව තුළ හැඟීමක් ඇතිවීම වැළැක්විය නොහැක.

රටේ සෙසු සියලු‍ අවමඟුල් උත්සව සඳහා නීතිරීති පැනවීමට ඉක්මන් වූ බලධාරීන් තොණ්ඩමන් මහතාගේ අවමඟුලේදී නුවරඑළියේ දිස්ත්‍රික්කයේ වතුකර ජනතාවට සෙනඟ ගැවසිය නොහැකි බවට නීති පවතින බව මතක් කර දීමට උනන්දු වූයේ නැත. අවසානයේ සෞඛ්‍ය බලධාරීන් එම උපදෙස් තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා විටදී පවතින දේශපාලන වාතාවරණයේ ඌෂ්ණය දැනෙන ඇතැම් දෙනා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට පවා දුරකථනයෙන් තර්ජනාත්මකව කතා කර තිබූ බවද මාධ්‍ය හරහා ප්‍රචාරය විය. රටේ නීතිය සියලු‍ දෙනාටම එක හා සමාන වීම අවශ්‍යය. තොණ්ඩමන් පවුලට එක නීතියකුත් රටේ පොදු මහජන පවුලකට තවත් නීතියකුත් ක්‍රියාත්මක විය නොහැකිය.

කොවිඩ් - 19 යටතේ සියලු‍ රටවල නායකයන්ට පවා බලපාන්නේ ඒ ඒ රටවල නිරෝධායන නීතියයි. එම නීතිය කඩ කළ රුමේනියාවේ අග්‍රාමාත්‍යවරයාට පසුගියදා ඩොලර් 600ක දඩයක් ගෙවීමට සිදුවී තිබිණි. ඊට පෙර නෝර්වේ රටේ අග්‍රාමාත්‍යවරයාට සිය මවගේ අවමංගල්‍ය උළෙලට සහභාගී වීමට නොහැකි විය. නිරෝධායන නීති නොතකා සාදයකට සහභාගී වූ බෙල්ජියමේ රජ කුමරුට එරට ජනතාවගෙන් සමාව ඉල්ලීමට සිදුවිය. එම සාදයට සහභාගී වූ පුද්ගලයන්ට යුරෝ දහදාහක දඩයක් ද නියම වී තිබිණි. මේ උදාහරණ කිහිපය අප ගෙනහැර දැක්වූයේ කොවිඩ් - 19 රෝගය අවස්ථාවේ රටක නිරෝධායන නීතිය කොතරම් තදින් තරාතිරම නොබලා ක්‍රියාත්මක වන්නේ දැයි පෙන්වා දීමටය. අප රටේ නීතියද ක්‍රියාත්මක විය යුත්තේ ඒ ආකාරයටමය. එහෙත් තොණ්ඩමන්ගේ අවමඟු‍ල් උළෙලේදී එය දැකගන්නට නොහැකි වීම අවාසනාවකි.



අදහස් (18)

කොරෝනා සෞඛ්‍ය නීති කාටත් එක සේ නැත්ද?

wicky Wednesday, 03 June 2020 06:48 AM

අපේ දන්නා කියන කෙනෙකුත් නැති වුණා. එ්ත් ඒ මනුස්සයාව ගෙදරටවත් ගෙනියන්න දුන්නේ නැහැ. මල් ශාලාවක තියලා එක දවසින් කරන්න කිව්වා. එතකොට කොහොමද හැමෝටම එකම නීතිය වෙන්නේ... අඩුම ගැනේ අගමැතිතුමා ගිහින් සිප වැළඳගත්තා. එ්ක රූපවාහිනියේ නොපෙන්වා ඉන්න තිබ්බා. එ්කෙන්ම පේනවනේ කොහොමද කියලා, මොකද? අපිට අත්‍යාවශ්‍ය වැඩකට යන්න දෙන්නේ නැහැ... පොලිසි ගානේ රස්තියාදු වේවි යන්න ඕනෑ.. ඒ වුණාට මේ වගේ අවස්ථාවලදී තමයි, අැත්තටම පාලකයා ගැන තේරෙන්නේ... ඔය එක්කෙනෙක්වත් වෙනස් නැහැ.. හැමෝම තමාගේ වැඩේ කරගන්න තමයි. දුප්පත් මිනිස්සු කොච්චර අසරණ වෙලාද? අඩුම ගානේ ආච්චිලාගේ ගෙදරට යන්න විදියක් නැහැ.. එ්කටත් පොලිසියට යන්න ඕනෑ. හැබැයි මෙයාලට දවස් ගාණක් අවමංගල්‍ය උත්සව තියෙන්න පුළුවනි. කී තැනකට ගෙනිච්චද? එතකොට කොරෝනා නැහැ. හැබැයි අපෙන් තමයි කොරෝනා..

:       2       239

selvaThursday, 04 June 2020 06:15 AM

ඔයාගේ ඒ නැතිවුණු කෙනත් අපේ තොන්ඩමාන් මැතිතුමා වගේ ඔයාලගේ ජාතියට සේවය කරලා තියන කෙනෙක්ද? අපේ දේශපාලකයෝයි, ඔයාලගේ දේශපාලකයෝයි සමාන කරන්න එපා.. අපේ මිනිස්සු අපි ගැන බලාගන්නවා. එහාකොට අපි මොන නීති තිබුණත් එයාලට අවශ්‍ය වෙලාවට ගෞරව කරනවා. ඔයගොල්ලන්ගේ ඔය කියන එක දේශපාලකයෙක් ඔයගොල්ලන්ට සේවය කළාද? එක්කෝ රට විකුණන්න හදනවා.. එක්කෝ රට කනවා.. මහබැංකුව කනවා. ඉතින් ඒ ගොල්ලන්ට මේ වගේ ගෞරව ඕන නැහැ තමයි.. මැස්සේ තියලා වලකට තල්ලු දාන්න තියෙන්නේ... අපේ අය එහෙම නැහැ..

:       48       3

Bishan Wednesday, 03 June 2020 06:59 AM

තොණ්ඩමන්ගේ දුව කොහොමද නිරෝධායනය වෙන්නේ නැතුව ආවේ...? 69 ලක්ෂයේ කෙනෙක් උත්තරයක් දෙන්න මට.

:       3       326

BinkundaaWednesday, 03 June 2020 07:47 AM

මේ රටේ වැඩ සිද්ද වෙන්නේ මුඝාබේ ඉන්න කාලේ සිම්බාබ්වේ රටේ සිදුවුණු ක්‍රමයට, නිකන් අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා...

:       4       289

dilanThursday, 04 June 2020 06:21 AM

ලොක්ක, මුගාබේ හිටියේ 88/89, මතකයිනේ කොල්ලෝ, කෙල්ලෝ මරපු මැරිල්ල. දැන් ඔහෙලට වුනත් වෙන වැඩක් නොකර වුණත් ආණ්ඩුව විවේචනය කරන්න නිදහස තියනවා.. එ්ත් ඔහෙලා ආපහු මුගාබේ වික්‍රමසිංහ වෙනුවෙන් කඩේ ගියාට වැඩක් නැහැ.. ජනතාව ඡන්දෙ දෙන්නේ නැහැනේ....

:       0       2

BamunuarachchiWednesday, 03 June 2020 02:27 PM

අර චන්ද කොමසාරිස්ගේ දුව මැතිවරණ කාර්යාලයට ආවේ කොහොමද? කොමසාරිස්ගේ දුව ආවට විරුද්ධ උනේ කාර්යාලයේ නිලධාරීන්. නිලධාරීන් විරුද්ද වුණේ නැතිනම් ඔබලා අපි ඒ බව දන්නවාද? මෙතනදී තොන්ඩමාන්ගේ දුව ආවට කව්රුත් විරුද්ද වුනේ නැහැ. විරුද්ධ වුණා නම් ඔතන තත්වය වෙනස් වෙන්න තිබුනා.

:       2       2

chinthakaThursday, 04 June 2020 06:18 AM

හොඳයි, ඊට ඉස්සෙල්ලා උත්තර දෙමු බලන්න "අර්ජුන් මහේන්ද්‍රන්ව" ලංකාව පිටුවල් කරන්න එපා කිව්ව බැංකු හොරු ටික කවුද කියලා...?

:       0       3

Bamunuarachchi Wednesday, 03 June 2020 07:18 AM

කොරෝනා සෞඛ්‍ය නීති කාටත් එක සේ තිබෙනවා. නමුත් මෙතනදී ටිකක් සංවේදීව මේ ප්‍රශ්නය බලන්න. වතු දෙමළ ජනතාව ඔවුන්ගේ නායකයාට තිබෙන භක්තිය, කැමැත්ත අපේ දේශපාලකයින්ට අපි දක්වන කැමැත්තට වඩා බොහොම වැඩියි. රජය දමන්න පුළුවන් සීමා දමා බොහෝදුරට සෙනඟ රැස්වීම පාලනය කළා. තවදුරටත් බලෙන් සීමා කරන්න ගොස් කෝලාහලයක් වෙන තත්වයට ගියා නම් තත්වය භයානක වෙන්න තිබුණා. සහබාගි වුණු සියලුම දෙනා නිරෝධායනයට පත් කිරීමේ ස්ථාන අපිට නැහැ. එමනිසා " කියන දේ නොඅසන කෙනා ඉහළ ගියොත්, ඉහළ පහළ ගියොත් පහළ" කියන සිංහල කියමනට අනුව රජය වැඩකළා. දැන් කොරෝනා හැදුණොත් මුළු නුවරඑළියම ලෝකඩවුන් කරමු. චීනයේ වූහාන් වල කළා වගේ... අනික ලෙඩ හැදුනොත් ඒ අයට, අපිට නොවෙයිනේ.

:       1330       23

Bandula Wednesday, 03 June 2020 01:17 PM

කොරෝනා හැදෙන කෙනා සිංහලද, දෙමළද අදාල නෑ. ඒක රටකට තර්ජනයක්. රටේ සාමාන්‍ය කෙනෙක්ගේ මළ ගෙයකදීත් ඇයි අපිට සංවේදීව බලන්න බැරි...? තොණ්ඩමන් දෙමළ මිනිස්සුන්ට ඔය කියන තරම් වැඩ කළා නම් එයාලා මුඩුක්කුවල ඉන්නේ ඇයි තාම... තොණ්ඩමන් එයාලට හැමදාම හීන පෙන්වා ඡන්ද ව්‍යාපාර කරපු එක විතරයි. මෙවා හොඳයි කිරි බොන ළමයින්ට...

:       3       18

BamunuarachchiWednesday, 03 June 2020 02:06 PM

හලෝ තොන්ඩමන් දෙමල මිනිසුන්ට වැඩ කලාද කියන එක අපිට අදාළ නැත. මෙතනට අදාලත් නැත. ඇඳිරිනීතිය තිබෙන වෙලාවට පාරට එන මිනිසුන් සිටින රටේ තම නායකයාට අවසාන ගෞරවය දක්වන්න එන මිනිසුන් නැවත වන්න යාම කෝලාහලයක් ඇතිවීමට තරම් හේතු වෙනවා. පිට ප්‍රදේශවලින් නුවර එලියට පැමිණීම වලක්වන හැටි අපි දුටුවා. මේ එකතු උනේ අවට හා පවුලට හිතවත් මිනිස්සු. කිසියම් කෝලාහලයක් ඇතිවුණා නම් වැඩ බොහෝ දුරදිග යන්න තිබුනා. කොරෝනාවලින් මැරුණාට වඩා මැරෙන්න ඉඩ තිබුනා මොකද කෝලාහල ඇතිකරගන්නේ හමුදාවත් සමග නිසා. කොරෝන හැදුනොත් නුවර එලිය දිස්ත්‍රික්කය ලොක්ඩවුන් කරාවි. කොළඹ ලොක්ඩවුන් කලානම් නුවර එලිය දිස්තිරික්කය ලොක්ඩවුන් කරන එක වැඩක්ද?

:       1       8

චමින්දThursday, 04 June 2020 01:27 AM

මම හිතනවා බමුණුතුමා බමුණු දහම අදහන්නේ නැත්නම් බෞද්ධයෙක් විය හැකිය කියලා. බෞද්ධ අපට හාමුදුරුවන් වැදගත් වෙනවා.. මම දන්නා පළාතක නායක හිමි නමක් පසුගිය දිනක අපවත්වුණා. ඒ පළාත් මේ දක්වාම කොරෝනා නැහැ. නමුත් හාමුදුරුවන් අපවත්වූ දිනම එහි පැමිණි දේශපාලනයේ ඉහළම කෙනෙක් හෙටම ආදාහනය කරන්න නියමකරලා ගියා.. ඒ අනුව පසුදිනම ආදාහනයත් කලාළු.. ඒක හරිද බමුණෝ...?

:       0       0

dilanThursday, 04 June 2020 05:04 PM

ගොබ්බ ප්‍රශ්නයක් නේද ලොක්කා?

:       0       1

BamunuarachchiFriday, 05 June 2020 02:30 AM

ඔබත් බෞද්ධයෙක් නම් මගෙන් මොකදට ඔය ප්‍රශ්නය අහන්නේ?

:       0       0

BamunuarachchiFriday, 05 June 2020 02:40 AM

ඇයි එහෙම දෙයක් සිදු උනානම් බෞද්ධයෙක් හැටියට සිත් වේදනාවක් නැද්ද? මැට්ටෙක් වගේ කතා කොරන්න එපා හලෝ.

:       0       1

hasan Wednesday, 03 June 2020 07:56 AM

මේකට මුස්ලිම් අය සම්බන්ධ නම් දැනට ටීවීවල ඔක්කොම ආන්දෝලනාත්මක වෙලා ඇති...

:       23       166

BamunuarachchiWednesday, 03 June 2020 02:07 PM

ඔවුනට තමන්ගේ ජීවිතය හෝ අනික් අයගේ ජීවිත වටින්නේ නැත. එක ඔවුන් ඔප්පුකලා.

:       2       1

de silva Wednesday, 03 June 2020 08:52 AM

බමුණුඅාරච්චි මහත්මයා, වතු දෙමළ ජනතාව ඔය කියන තරම් මෝඩ නැහැ.. තොණ්ඩමන්ගේ මල මිනිය හෙලිකොප්ටරේකින් හරි, වාහනයකින් හරි ගෙදරට අරන් ගිහින්.. නිරෝධතා නීති අවම වශයෙන් කඩ වන විදිහට මාස්ක් දමාගෙන පෝලිමේ ඇවිත් තම නායකයාට අවසන් ගෞරව දක්වලා යන්න කියලා කිව්වා නම් ඔවුන් ඒක කරාවි.. මෙතන වැරැද්ද මේ මළමිනිය පාර්ලිමේන්තුවටත් ගෙනත් රට වටේම රාජ්‍ය අනුග්‍රහය ඇතිව පෙරහරේ ගෙන ගිය එකයි.. අගමැති රටේ විවිධ ජනකොටස් වලට විවිධ ආකාරයට සලකන්න ගියාම විවිධ ප්‍රශ්න ඇතිවෙනවා. කොරෝනා නීති නිසා රටේ බහුතරයක් විශාල මානසික, ශාරීරික සහ ආර්ථික පීඩනයකට පත්වෙලා ඉන්න අවස්ථාවේ රටේ අගමැති මෙයට වැඩිය බුද්ධිමත්ව සහ ආදර්ශමත්ව හැසිරෙන්න ඕනේ... නැතිනම් කලකිරීමට පත්වන ඡන්ද දායකයන් විසින් අගමැතිතුමා ලබන ඡන්දෙදී පරාජය කර 2015දී මෙන් නැවතත් මහාමූකලානටම යවනු ඇත. ඡන්ද දායකයින් 2019 ගෝඨාභය මහත්මයාට දුන් ඡන්ද ප්‍රතිශතයෙන් 70%වත් අගමැතිතුමාට සහ එතුමා පිරිවරාගත් පරණ ඔළුගෙඩි ටික වන, දුම්රියේ මාල කඩපු රත්තරන්ලාට, එතනෝල් කාරයින්ට, එස්.බී. , ගම්මන්පිල ඇතුළු පිරිසට නැත..

:       1       428

BamunuarachchiWednesday, 03 June 2020 02:21 PM

එ මිනිස්සු මෝඩ නැතිබව දන්නවා. එම ප්‍රදේශයට එන මිනිසුන්ගේ වාහන මගදීම හරවා යවන හැටි අපි දැක්කා. එත් වතු මැදින් එන වතු ජනතාව නවත්වන්න හැම තේගහක් ගාවම හමුදාව රඳවන්න බැහැ. අනික මාස ගානක් මුඛ ආවරණ බැඳගෙන දුරස්ථ බාවය රකින්න කියන රටේ, තම නායකයාට අවසන් ගව්රවය දක්වන්න එන ඔබ ඔය කියන බුද්ධිමත් දෙමල ජනතාවට මුඛවාඩම් පළදින්න අමුතුවෙන් මහමග සිට කිවයුතුද? මහලොකුවට නීති දාගෙන ඇඳිරි නීති දාගෙන සිටින කොළඹ කොරෝනා කාරයින් කොපමණ සිටියාද? නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොපමණ සිටියාද? මැතිවරණ කාර්යාලයටම නිරෝදායනයේ සිටිය පුද්ගලයින් පැමිණි බව දැක්ක නේද? එහෙම නැතිනම් අර ඉන්දියන් ක්‍රමයට පොලු තියාගෙන තේ ගස් අස්සේ ඉඳලා පොලු පහර දුන්නත් ඒ සෙනග නවත්වන්න බැහැ. අවස්ථාවේ හැටියට මුහුණදීලා තිබෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 176 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 57 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 135 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 180 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 244 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 354 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site