(බිඟුන් මේනක ගමගේ )
දරුකමට හදාවඩාගැනීම සඳහා විදේශිකයන්ට දරුවන් දුන් මව්වරුන්ට සිය දරුවන් සොයාගැනීම සඳහා නෙදර්ලන්ත රජයේ අනුග්‍රහයෙන් ඩී.එන්.ඒ දත්ත බැංකුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ යැයි ‘දරුවන් සොයන ශ්‍රී ලංකා මවුවරු’ සංවිධානය පවසයි.
එසේ සිය දරුවන් සොයමින් සිටින මවුපියවරුන් තම සංවිධානයට තොරතුරු ලබාදෙන්නේ නම් එම දරුවන් දැන් වාසය කරන රටවල් සමඟ සන්නිවේදන කටයුතු කර ඔවුන් එකිනෙකාට මුණගැස්සවීමට කටයුතු කළ හැකි යැයි එම සංවිධානයේ නියෝජිතවරියක වන ෆන් රොසන් මෙනෙවිය ‘ලංකාදීප’ යට පැවැසීය.
සැබැු මවුපියවරුන් සෙවීමට ඇති එකම මග ඩී.එන්.ඒ තාක්ෂණය පමණකැයි කී ඇය ඒ සඳහා විශාල මුදලක් වැය වන බැවින් විදේශ රාජ්‍ය අනුග්‍රහය ලබාගත හැකි වැඩපිළිවෙලක් මගින් මෙම කටයුත්ත වඩා පහසු වන්නේ යැයි කීය.
sri lanka mothers searching for their children යන නමින් අන්තර්ජාලය විමසීමෙන් හෝ +31 64 3525 451 දුරකථන අංකයට ෆන් රොසන් ඇමැතීමෙන් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගත හැකි බව එම සංවිධානය පවසයි.
1980 දශකයේදී දරුකමට හදාගැනීම සඳහා වංචනික තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටින්දරුවන් දහස් ගණනක් විදේශයන්ට අළෙවි කර ඇතැයි නෙදර්ලන්ත වාර්තා චිත්‍රපටියකින් පසුගිය වසරේ අනාවරණය කෙරුණු අතර එම දරුවන්ගේ මවුපියන් හඳුනාගැනීම සඳහා ඩී.එන්.ඒ දත්ත ගබඩාවක් සකස් කරන්නේ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ද පවසා තිබිණි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දරුකමට හදාගන්න දුන් දරුවන්ට ඩීඑන්ඒ දත්ත බැංකුවක් පිහිටුවන්නැයි ඉල්ලීමක්