(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනා වසංගත සමයේදී රජයේ නිල මුද්‍රා භාවිතා කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් පමණ මුද්‍රණය කළ පුද්ගලයෙක් (10) අත්අඩංගුවට ගත්බව කිරුලපන පොලිසිය පවසයි.
මෙසේ නිකුත් කළ පැරණි රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 10,000 ද, නව මාදිලියේ විද්‍යුත් රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 15,000 මුදලක් ද අය කර ඇති බව පොලිසිය කියයි.
දිවයිනේ විවිධ ප්‍රදේශ වල පුද්ගලයින්ට මෙසේ නිකුත් කළ රියදුරු බලපත්‍රය ලබා දී මුදල් ලබා ගෙන ඇතැයි ද පැවසේ.
සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරිය ඉකුත් 26 දා කිරුළපන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වටලනු ලැබිණි.
පසුව එහි තිබී ව්‍යාජ රියදුරු බලපත්‍ර 61 ,ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර 5 ක්,බැංකු කාඩ් පත් 14 , ලැප්ටොප් පරිගණකයක්, රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන යන්ත්‍රයක්,රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා භාවිතා කෙරෙන චිප් ඇතුළත් කාඩ් 925 ක්,ව්‍යාජ රබර් මුද්‍රා දෙකක්, ජංගම දුරකථන 15 ක්,සිම්පත් 40 ක්, රුපියල් ලක්ෂ 20ක ස්ථාවර තැන්පතු රිසිට් පතක්, සහ,වාහන දෙකක්, සමඟ සැකකරුවන් පස් දෙනෙකු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ විදෙස්ගත ශ්‍රමිකයන්ට සහනදායී පොළියට රජයෙන් ණය මුදල් ලබා දෙන බවට ජනාධිපති කාර්යාලයෙ නිවේදනයක් ව්‍යාජ ලෙස සකස් කරමින් අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කොට කෝටි ගණනක් මුදල් උපයා ගත් බවට සැක කරමිනි
එහෙත් එම අවස්ථාවේදී කච්චේරිය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වු අතර පසුව සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස අද (10 ) සවස රාජගිරිය ඔබේසේකරපුර මහල් නිවසක සැඟව සිටියදී මෙසේ අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මෙම ජාවාරම සඳහා සැකකරුගේ පුත්‍රයා සහ නාරාහේන්පිට පිටබැද්දර ප්‍රදේශවල පුද්ගලයන් සිව් දෙනෙකු සම්බන්ධ බව පොලීසිය පවසයි.
එලෙස නිකුත් කරන ව්‍යාජ රියදුරු බලපත්‍ර උපයෝගී කොටගෙන ,බැංකු ගිණුම් අරම්භ කර ඒ හරහා විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටින් ලබා දෙන බවට පොරොන්දු වූ ණය මුදලෙන් සියයට දහයක්,ගෙන්වාගෙන,එම මුදල් බැංකු කාඩ්පතකින් ලබා ගෙන තිබූ බව පොලිසිය කියයි.
එසේ අගතියට පත් කිරුළපන පොලිස් වසමේ කාන්තාවක් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ජාවාරමේ සුලමුල මෙසේ අනාවරණය කර ගැනීමට පොලිසියට හැකියාව ලැබුණු බව පොලිසිය පවසයි.
මෙම ජාවාරම 2019 වසරේ සිට සිදු කරගෙන විත් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පසුගිය කොරෝනා වසංගත සමයේදී පමණක් ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 පමණ නිකුත් කොට ඇති බවත් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු හෙට( 11) අලුත්කඩේ අංක 3 ,අධිකරණයට ඉදිරිපත් කොට, දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස විමර්ශන සිදුකිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට
Ananda Tuesday, 11 August 2020 05:44 AM
ලංකාවේ පාරවල්වල හැමදාම අනතුරුවීම පුදුමයක් නොවෙයි.