IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රුහුණු සරසවියේ සිසුවෙකුට නවක වධය දුන් සිසුන් 19 ක් රිමාන්ඩ්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ​ සිසුන් 19 දෙනෙකු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්ඉසුරු නෙත්තිකුමාර මහතා අද (06) නියෝග කළේය.

මාතර මූලස්ථාන පොලිසිය වෙත පැමිණ භාර වීමෙන් පසු එම සිසුන් පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. ඒ 1998 අංක 20 දරණ නවක වධ පනත යටතේය.

සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කළ පසු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුළදී හදීසියේම සිසුවකු අසනීප වීම නිසා බන්ධනාගාර නිලධාරීහු මහත් කලබලයට පත් වූහ.

ඔවුහු වහා ක්‍රියාත්මකවී 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අදාල සිසුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කළහ.

බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාරලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඔවුන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි දර්ශ උදයංග නැමැති 22 හැවිරිදි සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.

ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකාර සිසුන් 19 දෙනාම රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.

නවක වධයට ලක් වූ බව කියන සිසුවා පළමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළේය.

ඒ අනුව පොලිසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබුණි.

 



අදහස් (55)

රුහුණු සරසවියේ සිසුවෙකුට නවක වධය දුන් සිසුන් 19 ක් රිමාන්ඩ්

Raveendra Tuesday, 06 August 2019 06:07 PM

අප ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙවන් මෙලෙච්චයන්ට අහිංසක පුරවැසියන්ගේ බදු මුදල් වලින් තවදුරටත් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් මෙවන් වැඩ කිරීමට කිසිදු ඉඩක් ලබා නොදී සමාජයෙන් තුරන්කර දෙන මෙන්ය.

:       0       471

සාගර Wednesday, 07 August 2019 06:31 AM

ඔව්... ඔක්කොම බෙලහීන වෙන්න ඇති. වැඩේ කියන්නේ අපරාධකරුවන් මල් මාලා දාලා පිළිගන්නා රටක් නේ...

:       0       7

sunil perera Tuesday, 06 August 2019 06:51 PM

තව ටිකක් වැඩියෙන් ජංගම දුරකථන, මුහුණු පොත් භාවිතය, අන්තර්ජාල පහසුකම්, ඉන්දියාවෙන් කසිකබල් චිත්‍රපටි, ත්‍රීවිල්, ටීවී චැනල් , කසිප්පු , කුඩු හොදට අබරලා මේ රටේ තරුණයන්ට පොවන්න වැඩියෙන්. තව උසස් පෙලට ටැබ් දෙන්න වයිෆයි ප්‍රතිඵලේ තමයි

:       173       57

කපිලWednesday, 07 August 2019 08:26 AM

ඔයාගේ ළමයි ගැන දුකයි.. හිරකාරයන් වගේ ගේ අස්සෙම අැති. මහා පටු අදහස් තියෙන්නේ...

:       1       13

Amila Tuesday, 06 August 2019 06:57 PM

මේ මානසික ලෙඩ්ඩුන්ගේ නම් ගම් හෙලිකරන්න. ගමේවත් ඉන්න බැරි කරන්න. ඒවගේම මේ 19ට අවුරුදු කීපයකට සිරදඬුවමක් දෙන්න. එවිට මෙවෙනි මානසික ලෙඩ්ඩු නැතිවෙලා යාවී.

:       4       231

Vijitha Bulathsinghala Tuesday, 06 August 2019 08:00 PM

නියමයි මේක තමයි වෙන්න ඕනේ. අලුත් සිසුන්ට උදවු කරනවා වෙනුවට හිරිහැර කරනවා. ජීවිතේ අමාරුවෙන් ගෙවන රටේ තවත් බොරු කරදර ඇති කරගන්නවා.

:       0       204

මො Tuesday, 06 August 2019 08:00 PM

ඉතාම හොද වැඩක්. අනිකුත් සිසු සිසුවියනුත් පෙරට ආ යුතුයි. මේ අයට රටේ අපරාද නීතිය යටතේ නඩු අසා වැරදිකරුවන්ට සිර දඩුවම් දිය යුතුයි අනික් උදවියටත් පාඩමක් වෙන්න.

:       0       102

nihal Tuesday, 06 August 2019 08:09 PM

කරන වැඩ දිහා බැලුවම ඔය සරසවි යන මෝඩ පිරිසක් ලෙස පෙනේ. 01. නවකයන්ට හානි වෙන අයුරින් හිරිහැර කිරීම. 02සරසවියෙන් එලියට ගිහාම නුගත් දේශපාලුවන් ඉදිරියේ දෙකට නැමී රාජ්‍යයේ රැකියා ඉල්ලා සිටීම හා නියුක්තවීම 03.අබිමානවත් ශ්‍රී ලංකාව රැකගැනීම හෝ වැඩි දියුණු කිරීමට හඩක් නොනග පවතින රජයේ ඉදිරියේ නිවටයන් ලෙස පසුබා සිටීම

:       0       305

RaveendraWednesday, 07 August 2019 01:34 PM

අගනා අදහස් ගොන්නක්. නිහාල් මයා විසින් සඳහන් කිරීම පිළිබඳව අප සතුටු වන්නෙමු. අප මෙම අදහස්ද එයට එකතු කිරීමට කැමැත්තෙමු. අන්තරේ ඉන්න රස්තියාදුකාර අන්දරේලා සියල්ලන්ටම මෙම අදහස් කියවීමට හැකිවේවා...!!!

:       0       7

de silva berlin Tuesday, 06 August 2019 08:18 PM

ලංකාවේ සරසවි සිසුන් කියන්නේ ඔලුව ඉදිමිච්ච මහා කරදර කාරයන් පිරිසක්, ඉගෙන ගන්න කාලේ නොයෙකුත් වර්ජන සහ උද්ගෝෂණ, ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ රස්සා දෙන්න කියලා උද්ගෝෂණ, සරසවි සිසුන් කරන වැඩ දැක්කහම කවුද ඔවුන්ට රස්සා දෙන්න කැමති, ගොඩක් සිසුන්ට සිසුවියන්ට මේවගේ ලිංගික අතවර සරසවිය ඇතුලේ වෙනවා ඔවුන් ලැජ්ජාවට මේවා කියන්නේ නැහැ. පොලිසියට අධිකරණයට මොවුන් හදලා ගන්න බැහැ නම් බලමු හිරකාරයන්වත් ඔවුන්ව හදලා ගනිවිද කියලා

:       15       209

Mahee Tuesday, 06 August 2019 08:20 PM

මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තමයි නායක වධකයා. ඉතින් කාටද කියන්නේ? බංකොලොත් දේශපාලුවන්ගේ අතකොලු වෙලා ඉන්න මේ අයව මේච්චල් කරන්න ඒ දේශපාලුවන්ටවත් උවමනාවක් නැහැ. කියන්නේ නම් නිදහස් අධ්‍යාපනේ රැකගන්නයි සටන් කරන්නේ කියලා. නමුත් ඔන්න වැඩකිඩ.

:       0       132

සේන Tuesday, 06 August 2019 08:48 PM

දිගින් දිගටම නවක සිසුන් පැමිණිලි කළ යුතුය. පොලීසිය දිගින් දිගටම මේ මානසික රෝගීන් අත්අඩංගුවට ගත යුතුය. මේ විකාරය නතරවන තුරු එය සිදුවිය යුතුය. මානසික රෝගීන්ගේ ශිෂ්‍යභාවය පවා අහෝසි කළ යුතුය

:       0       131

රජින්ද Tuesday, 06 August 2019 09:13 PM

මේවගේ අසහනකාරයෝ රස්සාවල් කරනකොට ඒවායේ වැඩ කරන ගැහැණු-පිරිමි මොන තරම් දුක් විදියිද මේ වැඩ වලින්.

:       0       150

රාජුන් Tuesday, 06 August 2019 10:18 PM

මේ චෝදනාව හරියට විභාග කරලා මේ අයට කිසිම අනුකම්පාවක් නොදක්වා දඩුවම් කළොත් නවක වදය සදහටම තුරන් කළ හැකි වෙයි.

:       0       105

රොශාන් Tuesday, 06 August 2019 10:44 PM

පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕනේ මේ මානසික ලෙඩ්ඩුන්ට. අපරාදේ මේ රටට නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ

:       0       105

සුධර්මා Tuesday, 06 August 2019 10:55 PM

බොහොම හොඳයි. තව දඬුවම් කළ යුතුයි. සිද්ධිය හෙලි කළ සිසුවාට මගේ ගෞරවය.

:       0       132

පී. ඉලංගරත්න Tuesday, 06 August 2019 11:56 PM

නියමයි. දහනම දෙනාගේම ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි.

:       0       108

ලුම්බිණි Wednesday, 07 August 2019 12:18 AM

මේ අයට මතක හිටින දඬුවමක් දිය යුතුයි.

:       0       100

අප්පුහාමි Wednesday, 07 August 2019 12:58 AM

පසුගිද දිනක පුවතක් පලවුනා ගෙවුනු අවුරුදු දෙකතුල දෙදහසකට ආසන්න පිරිසක් නවක වදය නිසා විශ්ව විද්‍යාල අතහැර ගියා කියලා. ඒවගේම තව පිරිසක් සියදිවි නසා ගැනීම්ද සිදුකර ගත්තා කියලා වාර්තා වුනා. මෙයට අමතරව තවත් සිටිය හැකි බවද පලවුනා. නවක වදය දුන්නේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු පිරිසක් නිසා මෙම සිසුවාටත් එහෙම වෙන්න පුළුවන්. ඒවාගේම එවැනිදේ නොවෙන්න ප්‍රථිකර්ම යොදන්න. මෙතරම් නින්දිත ලෙසට නවක වදය දෙන පිරිස් මානසික රෝහලට යවා පරීක්ෂා කලොත් හොඳයි කියලා අපිටනම් හිතෙනවා. එහෙම බැරිනම් නවක සිසුවා උපාධිය රැගෙන යනතුරු මොවුන්ට විශ්ව විද්‍යාල සියල්ලම තහනම් කරන්න.

:       0       244

සාගරිකා Wednesday, 07 August 2019 01:41 AM

මේ වගේ නවක වදය දෙන අසහනකාරයින් ගැන හැමෝම පැමිණිලි කරන්න ඉදිරිපත් වෙනව නම් හොඳයි. එතකොට නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් රටටම හෙළිදරව් වෙනවා මානසික ව්‍යාධීයෙන් පෙළෙන්නේ කව්ද කියලා...ඒ වගේම ඒ අමානුෂික වද ඉදිරියේදී හෝ නැවැත්වීමට එය අනුබලයක් වේවි.

:       5       109

මහීල් Wednesday, 07 August 2019 01:43 AM

වෙලාවට මට කැම්පස් ‍යන්න බැරිවුනේ.

:       156       100

මුණසිංහ Wednesday, 07 August 2019 02:17 AM

මේ වගේ අයට දැඩි දඩුවම් දෙන්න ඕන. මේ අය තාම ඉන්නේ ගල් යුගයේ. රට වෙනුවෙන් කළ යුතු දේ කොච්චර තියෙනවද? පුද්ගලික විශ්ව විද්‍යාල අද ඉතා හොදින් තමන්ගේ කාර්ය කරමින් යන බව පේනවා. මෙහෙම ගියොත් තව අවු.5ක් යනකොට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය කඩන් වැටෙනවා සිකුරුයි. මේ අයට ඕන කරල තියෙන්නෙත් ඕකද? අද හරියට දුවන්නේ වෛද්‍ය විද්‍යාල සහ ඉංජිනේරු පීඨ ටික විතරයි.

:       63       402

Dilppa Wednesday, 07 August 2019 02:23 AM

ඇයි දරුවො මූණවල් වහගන්නෙ. කරන කොට නැති ලැජ්ජාව දැන් පහළ උනාද?

:       1       284

RaveendraWednesday, 07 August 2019 04:12 PM

දිලීප මයා වෙත, ඔබට දරුවන් සහ අවජාතකයින් අතර වෙනස නොදැනීම පිළිබඳවද කණගාටු වන්නෙමු. මේ තිරිසනුන් 19 දෙනා සදහටම සරසවියෙන් එලවා දැමිය යුතුය.. අනේ ඇත්තටම පව් මේ අයගේ දෙමාපියන් ඉන්නවා නම්... ඒ මිනිස්සු මොනතම් දහසක් බලාපොරොත්තු ඇතිවද මේ අවජාතකයන්ව සරසවිවලට එවලා තියෙන්නේ. කාලකන්නි තමන්ට වැඩකුත් නැති, උපන් රටටත් වැඩක් නැති උද්දච්ඡ ගොබ්බයන්...

:       2       12

සමරේ Wednesday, 07 August 2019 02:54 AM

පොලිසියෙන් මේ අයව අත් අඩංගුවට ගන්න, මේ ළමයා මාධ්‍ය සකාච්ච්වක් තියෙනකම් ඉන්න වුනා. මීට සැහෙන කාලකෙට කලින් මේ ළමයා මාතර පොලිසියට මේ ගැන පැමිණිලි කරලා තියෙනවා. මේ පාරත් අල්ලාගෙන තියන්නේ පොලිසියට බාර වුනාට පස්සේ. පොලිසියේ කාර්යක්ෂමතාව ගැන මේක හොද උදාහරණයක්. සහරාන් වුනත් මේ විදියට පොලිසියට ඇවිත් භාර වුණා නම් පොලිසියෙන් අල්ලා ගනීවි.

:       0       351

shantha Qatar Wednesday, 07 August 2019 03:16 AM

නීතිය ක්‍රියාත්මක කරන මහත්වරුනි, තදින්ම ඉන්න. මේක මහා අපරාදයක් ළමයි වෙනුවෙන් දෙමව්පියනුත් පෙළ ගැහෙනවානම් තවත් හොඳයි. විශ්ව විද්‍යාලය කියන්නේ ජ්‍යෙෂ්ටයන්ගේ ආධිපත්‍යට යටත් වුන තවත් රාජ්‍යක් නෙවේ.

:       0       154

lalithm Wednesday, 07 August 2019 03:18 AM

කාට වුනත් කමක් නැහැ හරියටම වැරදි කරපු අය නම් අවුරුදු දෙකක්වත් මහා උළු ගෙදරට යවන්නම ඕනේ.

:       1       144

රොශාන් Wednesday, 07 August 2019 03:20 AM

මෙයාලව අවුරුදු පහක් වත් හිරේ දාන්ඩ ඕනෙ අනිත් අයව හැදෙන්න. සුලුවෙන් හරි නවක වදය දෙන ඕන කෙනෙක් අවුරුදු දෙකක් පහලට දැම්මනන් තමන් නවක වදය දුන්න අයෙගෙන්ම නවක වදය ලැබෙනව.

:       5       184

sas Wednesday, 07 August 2019 03:36 AM

මේ සියලු දෙනාම විශ්ව විද්‍යාලයෙන් නෙරපා දැමිය යුතුය. මේ සියලු දේ වන තෙක් උප කුලපති ඇතුළු පාලන බලධාරීන් නිදා ගෙනද හිටියේ ?

:       22       175

janahitha Wednesday, 07 August 2019 03:38 AM

අපරාධමය වරදක් .

:       0       85

Bandula. Wednesday, 07 August 2019 03:52 AM

ඇත්තටම මෙයාලා උගතුන්ද? මේවගේ පහත් ක්‍රියාවන් කරන අයගේ සදහටම උපාධිය අවලංගු කරන්න ඕනේ

:       4       95

Ariyathilaka Wednesday, 07 August 2019 04:28 AM

මා දන්නා පවුලක උසස් පෙළ සමත් වූ (IT ) ගැහැණු ළමයෙක් නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාලය අධ්‍යාපනය අත හැරියා. මුලින් දින කීපයක් ගිහින් බයටම නොගිහින් පසුව බාහිර වෙනත් අධ්‍යාපනයට යොමුවුණා. අපට මෙය පුද්ගලිකම ඇය විසින් කියන ලද බැවින් සුපැහැදිලි සත්‍යයක්. මෙය ඒ ළමයාට වූ බලවත් පාඩුවක්. අපරාධයක්.

:       0       42

Raveendra Wednesday, 07 August 2019 05:21 AM

මේ අයට සිසුන් කීමත් පාපයකි. පව් මේ 19 දෙනාගේම අහිංසක දෙමාපියන් සහෝදර සොහොදරියන්. සදහටම සරසවි වලින් පන්නා දැමිය යුතුය. තවද මෙම නිවට ක්‍රියාව සදහා කිසිදු ආචාර්ය, මහාචාර්ය කෙනෙකු වචනයකින් හෝ සම්බන්ද නම් එයාගේ විස්තරද අප දැනගැනීමට කැමැත්තෙමු.

:       0       6

Sarath Wednesday, 07 August 2019 05:54 AM

හරිම සතුටුයි. අනාගතේ දී මේවා නොකරන්න හොඳ පාඩමක් ඉගැන්විය යුතුය.

:       0       0

Raveendra Wednesday, 07 August 2019 06:02 AM

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම සැකකරුවන් ගැන සියලුම විස්තර තොරතුරු බදු ගෙවන අහිංසක පුරවැසියන් හැටියට අපි දැනගැනීමට කැමැත්තෙමු. කරුණාකර අදාළ ආයතන මෙම සැකකරුවන් 19 දෙනාගේ සියලුම විස්තර ඡායාරුප සමගම පළකරන මෙන් ඉල්ලා සිටින්නෙමු.

:       0       6

sandy123 Wednesday, 07 August 2019 06:15 AM

හෙනම ගහන්න ඕනේ.. පලයව්කෝ වෙන දිහාවකට. කාගෙන්වත් බාධාවක් නැහැ.

:       0       1

smith Wednesday, 07 August 2019 06:32 AM

මෙච්චර කල් අපි හිතාගෙන හිටියේ ලංකාවේ විශ්වවිද්‍යාලවලට යන්නේ රටේ සාරය කියලා. බලාගෙන යනකොටනේ තේරෙන්නේ විශ්වවිද්‍යාලවල ඉන්නේ අමු පිස්සන් ටිකක් කියලා. හොයලා බලන්න වටිනවා අධ්‍යාපන ක්‍රමේ හරි, විභාග ක්‍රමේ හරි වරදක් නිසා මේ අය වෙනුවට, මානසික රෝගීන් ටිකක් තෝරලා යවනවද කියලා. එහෙම නැතිනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනේ වරදක් නිසා එ්කට යන අය මානසික රෝගීන් වෙනවද කියලා හොයලා බලන්න. කොහොම වුනත් ඔය විශ්වවිද්‍යාලවලින් පස් වෙලා එන අයට රස්සා නෙවෙයි දෙන්න ඕනේ. යවන්න ඕනෑ අංගොඩ මානසික රෝහලට...

:       0       3

කුමාර Wednesday, 07 August 2019 06:47 AM

මෙන්න එල්ලුම් ගහට යවන්න නියම සුදුස්සන් ටිකක්...

:       0       11

BamunuarachchiWednesday, 07 August 2019 11:40 AM

නැහැ හලෝ ඉනේ බඳින පටියෙන් එල්ලන්න ඕනේ...

:       0       0

vijitha Wednesday, 07 August 2019 07:23 AM

මේවා දේශපාලකයන්ගේ වැඩ... ජනතා විමුක්ති පෙරමුණ විශ්වවිද්‍යාල තුළින් අතුගා දමන්න..

:       0       24

Bamunuarachchi Wednesday, 07 August 2019 07:33 AM

මගේ ළමයෙකුට කළානම් අනේ පුතාලා ඔහොම කරන්න එපා කියලා මේ පුතාලට කියනවා.

:       1       0

චමින්දWednesday, 07 August 2019 10:14 AM

නවක වදය දුන් අය අම්මා, අප්පා කියන දෙයක්වත් අහන්නේ නැහැ...

:       0       2

BamunuarachchiWednesday, 07 August 2019 11:34 AM

මම ඒ පණිවිඩය දෙන්නේ IRC ඩිග්‍රීකාරයෙකු මාර්ගයෙන් එක්‌ එක්‌කෙනාට පුද්ගලිකව පාළු තැන්වලදී...

:       0       0

RaveendraWednesday, 07 August 2019 12:28 PM

එසේ අම්මා අප්පා කියනදේ නොඅසනවා යනු මේ 19 දෙනාම " අවජාතකයන්" කියන එක නොකියා කීමකි.. ඇත්තෙන්ම මේ19 දෙනාම අවජාතකයන් ලෙස පැහැදිලිය. මේ සියලුම කරදරවලට මුහුණ දුන් ඒ දරුවාගේ රත්තරන් අම්මා මියපරලොව ගියේ මේ අවජාතකයින්ගේ නොහොබිනා වැඩවලින් බව ඉතාම හොඳින් පැහැදිලිය. කරුණාකර අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අවජාතකයන් 19 දෙනාගේ අක් මුල් මහජනතාවට දැනගැනීමට සලස්වන ලෙසයි. මේ අවජාතකයින් 19 දෙනා කිසිවිට අනාගතයේ අප සමාජයේ සිටිය යුතු තිරිසනුන් නොවන බැවින් 88/89 සිහිකිරීම අනාගත පරපුරට කරන මහඟු සේවයකි...

:       0       46

BamunuarachchiWednesday, 07 August 2019 01:08 PM

මොවුන්ට කරන්න ඕනෑ දේ මම දන්නවා.

:       0       20

Nari jeppa Wednesday, 07 August 2019 08:07 AM

මේ අය විශ්වවිද්‍යාලෙන් පාස් වෙලා රස්සාවලට අවහම, ඉස්සෙල්ලම කොහුමිටෙන් දීලාතමයි රස්සාවට දාන්න ඕනේ.

:       0       6

Prabha Wednesday, 07 August 2019 08:23 AM

මේ දේවල්වලට සම්බන්ධ වෙන බහුතරයක් දුෂ්කර ප්‍රදේශවලින් එන දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ..

:       0       3

BamunuarachchiWednesday, 07 August 2019 11:39 AM

ප්‍රශ්නය නවක වදයට භාජනය ඌවන්ගේ දෙමව්පියන් නිශ්ශබ්දව සිටීමයි. මගේ දරුවෙකුට වුණා නම්...!

:       0       1

anil Wednesday, 07 August 2019 10:43 AM

ජනතා විමුක්ති පෙරමුණ රටේ බලයට අවොත් ලංකාවේ හැමෝටම නවක වදය අනිවාර්ය වෙයි.

:       0       0

Krishan senarath Wednesday, 07 August 2019 10:50 AM

අපි හිටියේ රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ... අපි අදටත් අඩත්තේට්ටම් කරන්න යන්නේ නැහැ... විවාහ වෙලා ඉන්නෙත් වෛද්‍යවරියක් සමග වුණත් එකම බැච් එකේ හිටපු අදටත් විවාහ වෙලා අවුරුදු 8ක්.. ළමයින් නැහැ. ඉතිං මට ඉතිං රෝහලට වඩා වටින්නේ ආදායම් ලබන එක.. එ් නිසා පුළුවන් තරම් වැඩ කරමින් ආදායම් රැස්කරනවා. මට නම් අපේ විශ්වවිද්‍යාලයේ නම ආර්ට් කාරයින් අගෞරවයට පත්කළා. ඒ ගැන කණගාටුදායකයි. ඔවුන්ට උපරිම දඬුවම් කළයුතුයි.

:       0       0

දිනිත් විද්‍යාරත්න Thursday, 08 August 2019 08:12 AM

තිර රචනය, අධ්‍යක්ෂණය සහ මෙහෙයවීම : පෙරටුගාමී සමාජවාදී පක්ෂය .

:       0       2

vidya Thursday, 08 August 2019 05:48 PM

දඬුවම වශයෙන් හිරේ දමන්න එපා. තරුණ ශ්‍රමය පාවිච්චි කරලා නගර පිරිසිදු කිරීම , අගල් කැපීම, ගඩොල් කැපීම වැනි සමාජයට වැඩ දායක වැඩ කොටසක් භාර දෙන්න. අව්වේ දවස් පහක් වැඩ කරනොකොට දකින අනිත් අයත් මේවා කරන්න හදන්නේ නැනේ. අඩුම තරමේ මාස 6ක් මෙම දඬුවම දිය යුතුයි. නැතිව මේ කට්ටිය පාඩම් ඉගෙන ගන්නේ නැහැ. විශ්ව විද්‍යාලයට ඇතුල් වෙනකොටම, අයදුම් පතේ වැරදි වැඩ කරපුහම දෙන දඬුවම් මාලාව ලකුණු කරලා අත්සන් කරවා ගන්න.

:       0       3

nihal Friday, 09 August 2019 01:32 AM

රවීන්ද්‍ර... මම නිතරම ඔබ පලකරන අදහස් කියවමි. ඒවා සියල්ලක්ම රට, ජාතිය ගැන හැඟීමක් ඇති.. සහ රට ආපස්සට යමින් පැවතීම ගැන වේදනාවෙන් කතා කරන ඉහළ ගුණාංගයක් ඇති ශ්‍රී ලාංකිකයකු ලෙස මනාව දිස්වේ..

:       0       0

RaveendraFriday, 09 August 2019 06:13 PM

ඇත්තෙන්ම ඔබ ඉතාම නිවැරදිය. ඔබ අප පිළිබඳව සඳහන් කර ඇත්තේ සත්‍යයකි. (අප අප පිළිබඳව කතා කිරීම එතරම් නුසුදුසු වුවත් මීට පෙරද සඳහන් කළ පරිදි අපගේ වතගොත කෙටියෙන් කියන්නෙමු) අප නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙලාගෙන අපගේ මව්බිමට කෘතගුණ සලකමින් එහිද සේවය කර දැනට විදේශ රටවල ඉතා ඉහළ වැටුප් ලබමින් සේවය කරමින්.." ලක්මවගේ සියලුම දරුවන්ට තුන්වේල කුසගින්න නිවාගැනීමට " උදව් කරන්නෝය. අපගේ දරුවන් සමග අප මෙහි ජීවිතය විඳින්නෝය. අපගේ දරුවන් විදේශ සරසවිවල හොඳින් ඉගෙනීමේ යෙදෙන අතර අපට අපගේ මාතෘභූමියේ වෙන සෑමදෙයක් පිළිබඳව ඇත්තේ හරිම කණගාටුවකි, වේදනාවකි. අපට නිශ්ශබ්දව සිටිය හැක... මක්නිසාදයත් අප මෙහි ඉතා සැපපහසු ජීවිත ගත කරන බැවිනි. නමුත් අපගේ මුල් ඇත්තේ ලංකා මාතාවගේ ඇඟ ඇතුලේ බැවින් එහි වෙන සෑම සිදුවීමක්ම අපට හොඳින් දැනෙන බැවිනි.. කෙසේ වෙතත් ඔබට අප පිළිබඳව සත්‍ය තේරුම් ගැනීම පිළිබඳව ස්තුතිවන්ත වන්නෙමු. අපගේ සුන්දර මාතෘභූමියට අප සැමවිටම ජය පතන්නෙමු.

:       0       7

de silva berlin Friday, 09 August 2019 09:44 AM

මේක හරිම භයානක තත්වයක්, විකෘති ආශාවන් ඇති පිරිස් විශ්වවිද්‍යාලයට ගියොත් ඔවුන් අලුතෙන් විශ්ව විද්‍යාලයට එන අයටත් මේවා කරනවා නේද? බොහෝදෙනෙකු බියවී මෙම පීඩා විඳදරාගෙන ඉඳලා, ජීවිතය පුරාම මානසිකව විඳවනවා ඇති නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 754 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1771 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 845 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 157 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 636 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 371 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site