IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගෝඨාභය දුමින්දගේ නිවසට යයි

(දයාරත්න ඇඹෝගම)

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) දින  පැමිණියේය.

දුමින්ද දිසානායක  මහතා හරසරින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් අතර ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් සමඟ සුහද පිළිසදරක නිරත වූහ.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර එහිදී දුමින්ද දිසානායක මහතා කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්ද සියල්ල ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්‍රහණය කරවන බවයි.

ඒ අවස්ථාවේ දුමින්ද දිසානායක මහතාගේ නිවසේ පාක්ෂිකයින් විශාල පිරිසක්ද පැමිණ සිටි අතර ඔවුන් සමඟද ගෝඨාභය මහතා සුහද පිළිසදරක නිරත විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක,එස්.එම් චන්ද්‍රසේන,ශෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, ඩබ්.බී ඒකනායක යන  මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකවරු සහභාගි වූහ.

 

 



අදහස් (39)

ගෝඨාභය දුමින්දගේ නිවසට යයි

athula Wednesday, 09 October 2019 05:20 PM

ඉතින් මේ අයද රට හදන්නේ? 71 කළෙත් ඕකමනේ..

:       567       479

NishanWednesday, 09 October 2019 11:58 PM

දිනන්න කලින් මහගෙදරට යනවා. දිනුවට පස්සේ මහා උළු ගෙදරට යවනවා.

:       0       119

පුරවැසියා Thursday, 10 October 2019 12:16 AM

පක්ෂ, පාට කුමක් වුවත් රටේ පුරවැසියන්ගේ වටිනා ඡන්දය නින්දිත ලෙස ඉතාම හෑල්ලුවට ලක් කරමින් ඔවුන්ගේ වාසියට පමණක් ක්‍රියාකරන, කිසිම ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවාදී පමණක් නොව මේ අන්තවාදී දූෂිත අවුල් පවුල් දේශපාලන ක්‍රමයට වෙනසක් කිරීමට හැකිවන්නේ රටේ පුරවැසියන්ට පමණකි. එමනිසා ඔබේ දරුවන්ගේ අනාගතය, රටේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මේ දූෂිත අවස්ථාවාදී දේශපාලන ක්‍රමයට (ප්‍රධාන අපේක්ෂකයන් වටා අද ඉන්නේ දූෂිතව හිරගෙදරවල් වල පවා සිටි අයවලුන්ය... ගන්න අයටත් යළිත් එන අයටත් ලැජ්ජාවක් නම් නොමැත) තිත තැබීමට නම් රටට වෙනසක් වුවමනා නම් හිටපු හමුදපති මහේෂ් සේනානායක ජනපති කරවීමට සියලුදෙනාගේ ඡන්දය ඔහුට දෙන්න. එසේ නොමැති නම් ඔබේ දෙවන මනාපයවත් දෙන්න. වෙනසකට මුලපිරීමට අවස්ථාවක් පැමිණ ඇත පක්ෂ, පාට නොබලා එයින් ප්‍රයෝජන ගන්නා මෙන ඉල්ලමි. සියලු ශ්‍රී ලාංකිකයා මේ සඳහා එක්වන්න...

:       507       540

සමන් - ඕමානයThursday, 10 October 2019 05:34 AM

මහේෂ් සේනානායක ජනාධිපති කරවන්න? ..."පුරවැසියා" ගේ දවල් හීනයක් පමණයි. අනේ පව්. ඔබට දැන් ඇති දේශපාලන වාතාවරණය හා මැතිවරණ නීති ගැන කිසිම වැටහීමක් නැති බව පෙනෙනවා. දෙවන මනාපයෙන් ඔහුට සත පහක වැඩක් නැති බව තේරෙන්නේ නැද්ද? මගේ ඇස්තමේන්තුව නම් මහේෂ් ගේ ඇපේවත් බේරාගන්න බැරිවෙන බවයි. ඔහුට ලැබෙන ඡන්ද ප්‍රමාණය සියයට එකටත් (1%) අඩුවෙයි.

:       322       188

Prabha Wednesday, 09 October 2019 05:29 PM

දැන් ලැජ්ජාව ඇත්තේ අපිට විතරද?

:       421       489

athula Wednesday, 09 October 2019 05:33 PM

මෙතරම් මජර හිරිකිත දේශපාලකයන් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. මේ දෙගොල්ලට ආත්මයක්, ලැජ්ජාවක්, අභිමානයක් ගැන දන්නෙවත් නැත. මේ වගේ අයගෙන් රටක්, ජනතාවක් කුමක් බලපොරොත්තු වෙන්නද?

:       340       652

RaveendraWednesday, 09 October 2019 06:27 PM

ඔක්කොම දිනුම් අපි අන්තෙටම පරාදයි. බලන්න අද හෙටම අර අප්පච්චි මලෝ කිව්ව මගේ කොන්දේ තැටි ගෙවිලා ... ඒ නිසා හොඳ වාහන ඕනේ වැඩකරන්න කිව්ව... ඒ මලපෙරේතයත් ඇවිත් එකතුවෙනවා.. මේ 225ටම උපදිනකොටම ලැජ්ජාව කියන නහරේ තිඹිරි ගෙයින් එළියට එනකොටම කපලයි තියෙන්නේ. හැබැයි උපදිනකොටම මහජන මුදල් හොරා කන්න මොල තමයි ලැබිලා තියෙන්නේ...

:       219       432

විජිත් Wednesday, 09 October 2019 06:51 PM

සහතික ඇත්ත අතුල .මේ මිනිස්සුන්ට අභිමානය කියන එක ගෑවිලාවත් නැහැ. එබව මේ රටේ මිනිස්සු මේ පාරවත් තේරුම්ගත්තොත් අපේ රට දිනුම්. මේපාරත් මිනිස්සුන් වහල් මානසිකත්වයෙන් මේ අයට හරි කොලපාට අයට හරි ඡන්දය දුන්නොත් රට ඉවරයි.

:       0       65

Sujeewa SilvaWednesday, 09 October 2019 07:24 PM

අතුල සහ සටහන් තබා ඇති ගොඩාක් අයට ගොටාබය දිනන බව තේරුම් යනකොට හරි බයක් තිබෙන බවනම් පේනෙවා.

:       209       209

athuraThursday, 10 October 2019 05:41 AM

ගෝඨා ඔච්චර හොඳ නම් මිනිස්සු මොකද මෙච්චර බය කියලා මට ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ...?

:       9       36

fasmy Wednesday, 09 October 2019 05:36 PM

දුමින්ද ගෙදර ගිය ගෝඨා ගැන කිව්වට අනුරගේ තඹුත්තේගම රැස්වීම ගැන පොඩ්ඩක්වත් කිව්වේ නැත.

:       83       1221

සෙනෙවිWednesday, 09 October 2019 08:17 PM

මේකනේ, අද මාධ්‍යය මෙම හිරිකිත දේශපාලුවන්ටත් අන්තයට වැටී ඇති බැවින් වැල යන පැත්තට මැස්ස ගහනවා විනා ජනතාවට යථාර්තය හෙලිකිරීමක්, මිත්‍යාවන්ගෙන් දුරු කිරීමක්, වැනි සමාජ යුතුකම් ඉටු නොවේ. රටේ මොන කර්මාන්තයද මොන නිෂ්පාදනයද ධෛර්යමත් කලේ? අපට 2015 වැඩි දුරක නොවේ. මෙම නාඩගම් බලාසිටිනවා හැර කුමක් කරන්නද? රටේ බහුතරය පතන්නේ මෙය නම් කුමක් කරන්නද? උගතාට සහ මෝඩයාට ඇත්තේ ඡන්ද එක බැගින් බැවින් වෙනසක් සිදු නොවේ...

:       0       44

සෙනෙවිරත්න Wednesday, 09 October 2019 05:36 PM

අයියා මහින්ද හිටියේ නැතෙයි? දුමින්දගේ පියා බර්ටිගේ සොහොනටත් ගියාද?

:       202       285

Raveendra Wednesday, 09 October 2019 06:20 PM

අනේ අයියේ ඕනෙ උදව්වක් කරන්නම්... අර ගොඩනැගිල්ලේ හුටපටේ බේරලා දෙන්න අයියේ... මේ එක එකා ඒ ගැනමයි කතාව. ඒ අය ඔක්කොම ගාන කපාගත්තා. ඉතින් අයියේ ඒ උදව්ව කරනවා නේද මට..?

:       291       562

Chanak los angeles Wednesday, 09 October 2019 08:06 PM

මොවුන් පොහොට්ටුවට එකතු වුනා කියන්නේ සජිත් ප්‍රශ්නයක් නැතිවම දින්නා කියන එකයි.

:       407       219

kaali Wednesday, 09 October 2019 08:11 PM

මෙයා දන්නේ නැහැ ගෝඨා කවුද කියලා අපි බලන් ඉමු...

:       0       78

thilak Wednesday, 09 October 2019 08:12 PM

17 වෙනිදායින් පස්සේ දුමින්දට බුදුසරණයි...

:       0       54

දුමින්ද Thursday, 10 October 2019 04:59 AM

අබ සරණයි...!!!

:       0       73

jaakaki Wednesday, 09 October 2019 08:15 PM

රවීන්ද්‍ර ඔයා කිව්වේ සබීතගේ ගොඩනැගිල්ල ගැනද?

:       0       5

iruni Wednesday, 09 October 2019 08:16 PM

ලැජ්ජාවේ බෑ බෑ බෑ...

:       0       14

Chathuri Wednesday, 09 October 2019 09:04 PM

මෙයා කොහොමද කියන්නේ අනුරපුරයේ සේරම ඡන්ද අරන් දෙනවා කියලා...? අපේ අම්මගේ ගම, අම්මලාගේ පරම්පරාවම යුඑන්පී කාරයෝ. ඒ ඡන්දත් දෙනවද? මගේ යාලුවන්... අනේ මෙහෙමත් නිවටයින්.., මොනවා කෙරුවටද? අපේ දෙමව්පියන්ට මිලියන ගණනින් සොහොන් හදන්න අවශ්‍ය නැහැ. බොන්න පිරිසිදු වතුර ටිකක්. ඉල්ලන්න බයයි වෙඩි කන්න වෙයි කියලා... ගෝඨා ඇමරිකාවේ ඉද්දි දැක්කේ නැත්ද? ඒ රටේ ජනාධිපතිවරු ඡන්ද කරපු හැටි.., ගෙවල් ගානේ ගිහින් රැස්වීම් වලට එන සෙනග බළලා නෙමේ කිව්වේ මම දිනනවා කියලා, ජනතාවගේ... පොරොන්දු සියල්ලම අවුරුදු 4න් ඉවර කෙරුවද කියලා... ඒවා නොකර ඉන්නෙත් නැහැ. ඇමරිකාවේ හිටියා කියලා කියන්න බැහැ. ජරා විදියට මිනිසුන්ට සලකන්නේ, හොරා කන්නේ, අවනීතිය අතට අරන්, ලෝකේ කොහේ හිටියත්... උපන් ගති අරින්න බැහැ. ඊට වැඩිය හොඳයි කට්ටියම පැදුරක් එලන් හිඟා කෑවා නම්, සුමනදාසගේ ගෙදරත් යන්න.

:       22       124

lion Wednesday, 09 October 2019 10:55 PM

මොවුන්ට ඇති එකම ප්‍රතිපත්තිය කොහේට හෝ රිංගා සැප ගැනීමයි. මොවුන් හිතන්නේ මොවුන් පනින විදියට මේ කාලකන්නිත් එක්ක මිනිස්සුත් පැති මාරුකරනවා කියයි. සබීතාගේ ගොඩනැගිල්ලෙන් ගහපු කෝටි ගණනක කොමිස්වලට මේ ආත්මේ නැත්නම් එන ආත්මේ හෝ මේ තක්කඩියන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇත. හොඳ ජෝඩුව. එක්කෙනෙක් අම්මගේ තාත්තගේ සොහොන් රට්ටුන්ගේ සල්ලි වලින් හදනවා.

:       0       21

Sabee P Thursday, 10 October 2019 12:54 AM

දැන් සැපද?

:       0       73

Senanayake Thursday, 10 October 2019 01:15 AM

එක එක්කෙනාට බැන බැන ඉන්නේ නැතිව ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මේ ක්‍රමය වෙනස් කරමු. මෙවර මහේෂ් සේනානායකව ගෙන එමු

:       942       1000

wishwa Thursday, 10 October 2019 04:34 AM

මහේෂ් ගැන කතා කරනවා මගුලක්, මේ වෙලාව ඇවිදින් තියන්නේ විනාශ මුඛයට ගිහින් තිබෙන රට නැවත හරි පැත්තට ගන්න එකයි. දුමින්ද, වීරකුමාර, දයාසිරි එස්.බී.ලා කවුරුවත් අනුමත කරන්නේ නැහැ. ඔවුන්ගේ පැමිණීම... ඒ වගේම ගෝඨා ඔවුන්ගේ ගෙවල් අස්සේ රිංගන්ට ගිය එක අනුමත කරන්නෙත් නැහැ. කොහොම හරි දැන් වුණානේ... ගෝඨාභය මහත්තයෝ ඔබගේ පිළිගැනීම හෑල්ලුවට ලක්කරගන්න එපා. මේ කියන දේ හොඳින් තේරුම් ගත්තොත් රටට හොඳයි. නැතුව තවත් ජනාධිපතියෙක් නම් වෙන්ට එපා මගේ දෙයියෝ.

:       151       5

athuraThursday, 10 October 2019 05:44 AM

ඇයි එතකොට අයියලා, මල්ලිලා, පුතාලා අවුලක් නැද්ද විශ්ව මයා...?

:       2       37

විකල්පයක් උදෙසා Thursday, 10 October 2019 05:26 AM

ආලෝකය කරා පියනගමු . අදුරෙන් එලියට පැමිණීමට දල්වමු විදුලි බුබුලක්. විකල්පයක් උදෙසා

:       2       15

kawitha Thursday, 10 October 2019 05:54 AM

දැන් කට්ටියට සනීපද ළමයිනේ? මේක තමයි දේශපාලනේ.. රට වැසියන් අනාථයි... ආවොත් කැබිනට් ඇමතිකමක්..

:       0       17

piris Thursday, 10 October 2019 06:03 AM

දුමින්දට රැස්වීමේ එල්ල වුණු ජනතා විරෝධය කලින් සූදානම් කරන ලද වැඩක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනගත යුතුයි...

:       0       3

isuru Thursday, 10 October 2019 06:05 AM

දුමින්දට රැස්වීමේදී බරපතල විරෝධයක්...

:       2       0

athuraThursday, 10 October 2019 06:35 AM

වහල් හිමිය කරන්නෙ වහල්ලුන්ට ඕනදේද වහල් හිමියාට ඕනදේද. වහල්ලුන්ට වෙන්නෙ තමන්ටම හු කියා ගත්තවගේ වැඩක්.

:       0       5

kosala Thursday, 10 October 2019 06:07 AM

අනුරාධපුරයේ රැස්වීමේදී දුමින්ද දිසානායකලට දැඩි විරෝධයක් රටම දනිති.

:       0       3

athuraThursday, 10 October 2019 06:32 AM

ඕකත් අර හිස්බුල්ල සිවාජිලිංගම් ජනාධිපතිවරනෙට ඉල්ලනවා වගේ තමයි.

:       0       4

thenuwara Thursday, 10 October 2019 06:12 AM

දුමින්දට අනුරපුර වේදිකාවේදී සැලසුම් කල විරොධයක්... අනික් අයට මේවා හොඳපාඩම්.. අපි නාඩන් ඉන්නම්...

:       0       5

banda Thursday, 10 October 2019 08:23 AM

දැන් අඩු රාජිත විතරයි.

:       0       2

Dasuni Thursday, 10 October 2019 09:23 AM

ලෙඩක් හැදුනම සින්ගපුර් ගිහින් ලක්ෂ ගානක් වියදම් කරලා බෙහෙත් ගන්න පෝලිම් වල ඉදලා කල් ඉකුත් වෙච්ච් බෙහෙත් බීලා ඉක්මනින් පරලොව යන අපේ අය ඒ වගේ නායකයන්ට කඩේ යන හැටි දැක්කම ඇත්තටම දුකයි.

:       1       3

Ramendra Thursday, 10 October 2019 09:37 AM

සුළු ජාතිකයෙක් වූ බරක් ඔබාමා ජනධිපති උනේ එම රටේ මිනිස්සු බුද්ධිමත් විධිහට තමන්ගේ ඡන්ද අයිතිය පාවිච්චි කල නිසා, අපේ රටේ ජනතාව කවද බුද්ධිමත් විධිහට ඡන්දය පාවිච්චි කරාවිද? එතකන් අපේ රටේ පාසල් යන ළමයින්ට හැමදාම උගන්නන්න වෙන්නේ ශ්‍රී ලංකාව තවමත් සංවර්දනය වෙමින් පවතින රටක්ය.

:       0       2

BamunuarachchiFriday, 11 October 2019 01:12 PM

කව්රුත් කතා වෙන්නෙන් බුද්ධිමත් විදිහට ඡන්දෙ දාන්න ඉතින් මේ 35 දෙනාගෙන් අපේ ඡන්දය ලැබීමට සුදුස්සා කව්ද ? 19 සංශෝධනය අනුව මේ පත්වෙන කෙනාට රට ගෙනියන්න තරම් බලයක් නැතිනම් පාර්ලිමේන්තු බලය සහයෝගය මෙයාට නොලැබුනොත් ඊලගට මොකද වෙන්නේ.

:       0       0

jinasiri Thursday, 10 October 2019 02:19 PM

දුමින්දගෙන් ආරම්භය කාගෙන් අවසන් කරයිද කියලා අපි බලමු? හැබැයි දින්නොත් යටම තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 137 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 331 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 318 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 337 1

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 628 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 507 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site