IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘තමන් වැරැදිකාරයන් නොවෙයි නම් පරීක්ෂණවලට ඉඩ දෙන්න‘‘

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

තමන් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ නැත්නම් වැරදිකාරයන් නෙවෙයි නම් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕනෑ. බය වෙන්න ඕන නැහැ. ජනාධිපති කොමිසම් වාර්තාව පැහැදිලිව කියා තියෙන දේවල් තෝර තෝර ඉන්නේ ඇයි. මේ අයට මොකක් හරි හංගන්න තියෙනවා. රහසක් තියෙනවා  යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමෝ පවසති.

පාස්කුදා ප්‍රහාරය සිදුවී මාස 30 ක් ගතවූ දිනය නිමිත්තෙන්  මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවැති දිව්‍ය පූජා යාගයට සහභාගි වෙමින් කාදිල් තුමෝ ඒ බව පවසති.

අගරදගරු තුමන් පැමිණෙන අවස්ථාව වනවිට පැමිණ සිටි ප්‍රදේශයේ ජනතාව පාස්කු ප්‍රහාරය හා ඒ පිලිබදව කෙරුණු පරීක්ෂණ සම්බන්ධයෙන් සදහන් වැකි සහිත පුවරු අතැතිව විරෝධය පල කළහ.

එමෙන්ම ජනතාවගේ මෙතෙක් ඉටු නොවුනු ඉල්ලීම් සම්බන්ධයෙන් නැවතත් රජයට බාරදීම සදහා වන සංදේශයක් මෙහිදී අස්සන් කෙරුනු අතර එය කාදිනල් හිමියන් වෙත බාර කරනු ලැබීය.

තමන් වැරදි කළානම් එය කියන්න එතකොට අපිට ප්‍රශ්නය නිරාකරණය කරගන්න පුලුවන් වෙයි. නැතුව ඒක යට ගහලා බලය ආරක්ෂා කරගන්න හරි බලයට එන්න හිරි කවුරු හරි උත්සාහ කරනවානම් ඒගොල්ලෝ මෝඩ මිනිස්සු හැටියට හදුන්වනනවා

 

එහිදී ජනතාව හමුවේ අදහස් පල කල උන්වහන්සේ මෙසේද සදහන් කළහ.

මේ අයගේ දුක වේදනාව තුනී කරන්නට නම් මේ ප්‍රහාරය කලේ කවුද කියා විනිවිද පේන ආකාරයෙන් සොයා බැලිය යුතුයි. පක්ෂග්‍රාහි නොවන නිදහස් බවයි අපේ හැගීම වුණේ. නමුත් අවාසනාවාට මේ ප්‍රහාරය පිලිබදව එවැනි පරීක්ෂණයක් සිදු වන්නේ සිදුවුනේ නැහැ. සිදුවන පරීක්ෂණ දේශපාලන බලවේගවලට අවශ්‍ය විදියටයි සිද්ධ වෙන්නේ. මේ පරීක්ෂණවල විනිවිද භාවය සත්‍ය ගරුක බව හරියටම තේරුම් ගන්න නැති නිසා මේ පරීක්ෂණවලින් අපිට වැඩක් නැහැ.

ජනාධිපති කොමිසන් වාර්තාව ලබාදී දවස් දෙකක් යනකොට ජනාධිපතිතුමා මට ටෙලිපෝන් කර කිව්වේ මේ ඔක්කොම නිර්දේශ කොහොම කරන්නද කියලයි. එතැනින්ම පැහැදිලි වුණා මට මේවා මට ක්‍රියාත්වක නොවන බව. ඊට දවස් කීපයකට පසු ඇමති කමිටුවක් දැම්මාම ඒක හොදටම සනාථ වුනා. ඒ ඇමතිවරු හය දෙනා ජනාධිපතිගේ පක්ෂ‍යේ අය නිසා නිගමනය කරන්න පුලුවන් වුණා. ඒ නිසා දේශපාලන මතිමතාන්තර මුදුන්පත් කරගෙන මේ පරීක්ෂණ ක්‍රියාත්මක වීම නිසා සත්‍ය හෙලිදරව් වන ක්‍රියා මාර්ගයක් නොවන බව අපේ විශ්වාසය වුණා.

 



අදහස් (34)

‘‘තමන් වැරැදිකාරයන් නොවෙයි නම් පරීක්ෂණවලට ඉඩ දෙන්න‘‘

nihal Friday, 22 October 2021 05:17 AM

මේකේ පිටිපස්සේ ඉන්න අයගේ හිත දන්නවනේ

:       2       176

don Friday, 22 October 2021 05:32 AM

පිස්සු හැදෙන රටක් මේක

:       89       43

Alfread de Costa Friday, 22 October 2021 06:39 AM

දැන් සී.අයි.ඩී එකේ පරීක්ශන කෙරෙනවනේ. කොහොමත් ඇමරිකාවෙ උනත් මේ වගේ සිද්ධියක් විමර්ෂණය කරලා ප්‍රතිඵල එන්න අවුරුදු කීපයක් යනවා. මෙයාලට මෙච්චරම හදිසිය මොකද?

:       120       217

SurainFriday, 22 October 2021 11:14 AM

ඇමරිකාවේ මේ සම්බන්ධව පරීක්ෂණ කරලා නඩු පවරලා දැන් අවුරුද්දකටත් වඩා වැඩි .දන්නා දේ නොදන්නා ලෙස රඟ පෑම් කරන්න එපා .වහලෙක් උනත් ක්‍රම වේදයක් තියනවා බොරු නම් යොදා ගන්න එපා

:       142       82

Alfread de CostaFriday, 22 October 2021 04:44 PM

තමුන් මොනවා හිතේ තියාගෙනද මගේ නම වෙනස් කරන්න හදන්නේ? මේ ආණ්ඩුවත්, විපක්ෂයත් ගැන අන්තෙටම කලකිරිලා ඉන්න මට කාටනම් වහල්කම් කරන්නද? තමුන්නාන්සේ නම් කාටහරි වහල්කම් කරන බව තමයි පේන්නේ... මේ වගේ ජාතීන් අතර ගැටලු වෙන සංකීර්ණ ක්‍රියාදාමයක අනිවාර්යයෙන් කාලය වැය වීමක් සිද්ද වෙනවා. ඇමරිකාවේ නඩු පැවරුවට විමර්ශන අවසන් නෑනේ ඔවුන්ගේත්... මේ අගරද ගුරුතුමා ඇතුළු කණ්ඩායමේ ප්‍රකාශ අවුරුදු ගාණක් මමත් නිරීක්ෂණය කරානේ... මෙයාලගේ කතාවෙන් සහ ක්‍රියාවෙන් පාස්කු ප්‍රහාරයෙන් මියගිය මිනිස්සුන්ට සාධාරණයක් කෙසේවෙතත් වෙනත් දේශපාලන ගේමක් වෙන බව නම් බොහොම පැහැදිලියි...

:       14       50

SamanFriday, 22 October 2021 06:46 PM

අපි ඉන්න ස්ටේට් එකේ මාස 6ක් තමයි සාමාන්‍යයෙන් නඩු පවරන්න ගතවෙන කාලය. අනික මේ වගේ සංවේදී සිදුවීමකදී මාස 2ක්-3ක් ඇතුලත චූදිතයින්ට දඬුවම් දෙනවා. අනික එහෙව් ඉක්මනට යුක්තිය ඉටුවෙන්නේ මිස් ශූටින්ග්ස්... එහේ බහුලව තියෙද්දීත්. ලංකාවේ මේ වගේ සිදුවීමක් වෙච්ච පලවෙනි සැරේ. සහ මැරිච්ච මිනිස්සු ප්‍රමාණය, අනාථ වෙච්චි අය අති මහත්... එහෙව් සංවේදී සිදුවීමකදීත් යුක්තිය අවුරුදු 2කිනුත් නෑ කියන්නේ පාලක පක්ෂයේ කවුරුහරි සම්බන්ධයි කියන එක. මේකට අන්තර්ජාතික අවධානයක් ලැබුණු නිසා අර තාජුදින්ගේ කේස් එක වගේ කල් ඇරලා යට ගහන්නත් බැහැ. ඒක හින්දාම මේක මතුවේවි තියනවා මිසක් නැතිනම් මේ බලපෑම් වලට මෙලහකට මේකේ සාක්කිත් නැති වෙලා. මට හිතා ගන්න බැරි අවුරුදු 2 හමාරක් ගිහිල්ලත් යුක්තියක් නැති වුණාම මොකක්ද තියන හදිස්සිය කියලා අහන කෙනා මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද කියලා... සමහර වෙලාවට ආත්මෙත් සල්ලි වලට පාවලා දෙන වහලෙක් වෙන්නැති... එහෙව් කෙනෙක්ට තව මිනිහෙක්ගේ දුක, වේදනාව තේරේවිද?

:       57       21

Alfread de CostaSaturday, 23 October 2021 03:42 AM

තමුන් ඔය කතා කරන්නේ සිවිල් නඩු ගැන. ඇමරිකාවේ සිවිල් වගේම අපරාධ නඩු වශයෙන් වර්ග 2ක් තියෙනවා. අපරාධ නඩුවකට එෆ්.බී. අයි එක පැටලුනාම ට්‍රයල් එක අවුරුදු නෙමේ දශක ගණන් ඇදෙනවා. සැප්තැම්බර් 11 නඩු තාම ඇදෙනවා කියලා දන්නවද? තමන්ගේ දැනුම ඒකෙන් හොඳට පේනවා. අපිත් කැමතියි යුක්තිය ඉක්මනටම ඉෂ්ට වෙනවා නම්. ඒත් කාටවත් අයිතියක් තියෙනවද විභාග වෙමින් පවතින නඩු කටයුත්තක් අතරතුර චූදිතයින් වරදකාරයින් ලෙස උපුටා දක්වමින් මාධ්‍ය සාකච්ඡා තියන්න? ඒකද ලංකාවේ හෝ ලෝකයේ නීති ක්‍රියාදාමය? මතකද අර හිටං පඹරාලට විරුද්ධව කෙලින්ම අපරාධකාරයෙක් ලෙස කතා කරා. තවමත් නොවිසඳුනු නීති ක්‍රියාදාමයකදී චූදිතයා සාධාරණ සැකයකින් තොරව අපරාධකරු ලෙස නීතියෙන් නම් කරන තාක් අපරාධකාරයෙක් ලෙස හුවා දැක්වීම නීතියට කරන අසාධාරණයක්. වැරදිකරු ආණ්ඩුව වේවා, විපක්ෂය වේවා යුක්තිය නීතියට කරන්න නොදී තමන් කරන්න යාමයි අපි විරුද්ධ වෙන්නේ. මොකද අපරාධකාරයා බව ලෝකෙට හොඳටම පේන්න වගේ තියෙන නඩු ගණනාවක සාක්ෂි හොයාගෙන යද්දි අන්තිමට අපරාධකාරයා කවුරුත්ම නොහිතපු අය වෙච්චි නඩු ලෝකේ ඕනෑතරම් තියෙනවා. සේයා දැරියගේ ඝාතනයට අල්ලගත්තු 17 හැවිරිදි දරුවාට වෙච්ච දේ මතකද?

:       2       3

Rathnaweera Friday, 22 October 2021 06:44 AM

ඔය කොමිසම් වාර්ථාව පිලිගන්න අමාරුයි කියලා අගරදගුරුතුමාම මාධ්‍ය සාකච්ඡාවක් තියල කතා කරා නේද? අනේ මන්දා.

:       9       121

Ranathunga Friday, 22 October 2021 06:45 AM

ත්‍රස්තවාදයෙන් මියගිය අහිංසක සිංහලයාට යුක්තිය නෑ.

:       13       144

NissankaFriday, 22 October 2021 05:02 PM

සිංහලයගේ තත්වේ හිතාගන්න පුලුවන්නේ.. 80,000ක් මැරුණා. එක බල්ලෙක් නෑ ඒ අය වෙනුවෙන් කොමිසමක් ඉල්ලන්න. කවුද කොටි හදලා, ආයුධ දීලා, විදේශ ආධාර දීලා ගෙනාවේ කියලා හොයන්න... ඕකට ලොකුම හේතුව සිංහලයා තරම් මෝඩයින් මේ ලෝකෙම නැති එක. දැන් ඉතින් රෙද්ද උස්සන් එයි ජාතිවාදේ කියාගෙන.... ඊට කලින් කියන්නේ.., සිංහල කොටිත් හිටියා.. පාර්ලිමේන්තුවේ ලොකුම පුටු වලත්...

:       3       46

NilekaFriday, 22 October 2021 06:52 PM

ඒක නේන්නම්... අර සිංහලයින් මරන්න උගුල් අටෝපු KP, කරුණා අම්මාන් වගේ අය ළංකරන් ලොකු පුටුවල ඉන්දෝලා, තනතුරු දීලා තියාගත්තොත් පිටරටවලින් පත් කරලා දුන්නු අයනේ නේද?

:       28       12

hesaFriday, 22 October 2021 09:08 PM

සිංහල කොටි එදත් උන්නා.. අදත් ඉන්නවා.. එවැනි අය රටේත් නෑ.. රටින් පැන්නා.. පැන්නුවා.. ආයේ රටට එන්නත් බෑ.

:       20       3

කලකිරුණා ඔබ කෙරේ Friday, 22 October 2021 07:12 AM

කොච්චර කාලයක් නම් පරික්ෂණ කරනවද

:       62       35

සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 October 2021 07:30 AM

සත්‍ය වශයෙන්ම,තමන් නිවැරදි නම් පරීක්ෂණ කිරීමට නිසි පියවර ගන්න.

:       35       62

Jude de Silva Friday, 22 October 2021 08:27 AM

ඔව් වැරදි නැත්නම් බය වෙන්න දෙයක් නැහැනේ

:       32       73

Lion Friday, 22 October 2021 09:24 AM

බොරුකාර , වංචාකාර ,පාලකයන් රැසකගේ පාරාදීසියක් වූ මේ ලස්සන දේශය,අද ශාපලත් භුමියක් බවට පත්ව ඇත. කාදිනල් තුමනි,මොවුන්ගෙන් අපට සාධාරනයක් සිදුනොවනු ඇත. එයට හේතුව ඔවුන් සැම එක පතේ කන මිතුරන් වීමය.

:       122       68

69lakshaya Friday, 22 October 2021 09:54 AM

පරීක්ෂණ ඉවරයි. මහමොලකරු අල්ලලා දැන් ඉන්නේ හිරේ

:       67       10

Sampath Friday, 22 October 2021 11:14 AM

ඔබ මහ මොළකරු සොයන්නේද? ඔහු රජය විසින් ආරක්‍ෂා කරන ලද තැනැත්තා..! ලංකාවේ ජීවත් වෙන සුපිරිම කෙනා.. වැරදි නැත්නම් බය වෙන්න දෙයක් නැහැනේ..!

:       85       36

Surain Friday, 22 October 2021 11:19 AM

සත්‍යය හෙළි කරන්නේ කෙසේද? එවිට සියල්ල හෙළි වෙනවා...! අපි සියලුම දෙනා ආගම කුමක් වුවත්... යුක්තිය ඉටුකර ගැනීමට පුළුවන් තරම් උපරිමයෙන් කන්නලව් කරමු...!!!

:       3       118

de silva Friday, 22 October 2021 11:53 AM

ආරක්ෂක ඇමතිකමේ වගකීම් පැහැර හැරි හිටපු ආරක්ෂක ඇමති හා සේනාධිනායක මහත්වරුන්ට වහාම නීතිය ක්‍රියාත්මක කල යුතුය

:       29       49

ගමේ එකාලා Friday, 22 October 2021 12:59 PM

බලලෝබි ,දුශිත පවුල් පාලනයක් පවතින රටක යුක්තිය ,නීතිය ,සාදරනය කිසිවිටක බලාපොරොත්තු විය නොහැකිය .පාස්කු ප්‍රහාරය කරවපු ,ඊට සම්බන්ධ වූ මහමොළකරු ඇතුලු සියලුම පව්කාරයන්ට ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබෙයි .

:       55       34

දරුව Friday, 22 October 2021 01:11 PM

කවුදෝ කොල්ලෙක් මෙතන කරල තියෙන කමෙන්ට් වලට අකමැත්ත දක්වල තියෙනව මෙි සිද්ධියේ ගැන ලියන දේවල් ගැන, ඒ ලමයට පොහොට්ටුවෙන් පඩි ගෙවනව වගේ පේන්නෙ.

:       75       35

ඉන්දික Friday, 22 October 2021 01:16 PM

දඩයම කර තියන්යන්නේ දඩයක්කරු විසිනුයි. ලංසා ඡන්දෙට කලින් විලාප දුන්නා නේද? දැන දැනම දඩයක්කාරයින්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ ඇයි? ඔබතුමා මොවුන්ගෙන් යමක් බලාපොරොත්තු වන්නේද? නැතිනම් ඔබතුමාත් වින්දිතයින් ඉදිරියේ රඟපානවාද?

:       74       23

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 22 October 2021 01:23 PM

යුද්ධය තිබුණු කාලේ අපරාධ වුණා යැයි චෝදනා කරන බටහිර රටවල් ඇයි මේ සිදුවීම ගැන නිහඬව ඉන්නේ...? ඒකෙන්ම පැහැදිලියි මේ දේට විදේශීය සම්බන්ධයක් ඕනෑවටත් වැඩිය තියෙනවා කියලා... එතකොට මේ අපරාධයේ ලින්ක් එක සෑහෙන දුරකට විහිදිලා තියෙන්න ඕනෑ... මම හිතන්නේ මේවා ඔක්කොම දැන් හොයාගෙන තියෙන්නේ කියලා... මොකද සමහර මරණවලදි හිසේ කෙස් ගහක් ඉතිරිව තිබුණත් අපරාධකාරයින්ව අල්ලන මෙරට ආරක්ෂක අංශවලට මෙච්චර සාක්ෂි තියෙන්නා මෙවැනි දෙයක් හොයාගන්න බෑ කියන එකම මහ පුදුමයක්නේ නැත්නම්... තමන් සම්බන්ධ නැතිනම්... රටට කියන්න බැරිනම් අඩුම තරමේ මේ තොරතුරු ටික කාදිනල් තුමාටවත් කියන්න... මොනවා වුණත් මා බෞද්ධයකු වශයෙන් මේ වෙන දේවල් ගැන, රටේ පාලකයින් ගැන, අතිමහත් කණගාටුවට පත්වෙනවා.. මොන බර අරගලයක් උදෙසා මොන ප්‍රබල රටක්... මේ දේ කළත් මෙය අහස පොළව නුහුලන අපරාධයක්... කර්මයෙන් ගැලවෙන්නට කිසිවෙකුටත් නොහැක... එය ගොනුන් පසුපස එන රියසකක් මෙන් හැමදාමත් තමන් පසුපස එනු ඇත..

:       6       92

සිරිබිරිස් Friday, 22 October 2021 01:33 PM

අගරදගුරුතුමාගේ කට එකපාරටම ඇරුනේ මොකද දන්නේ නැහැ. කාලයක් කඩේ ගියා නේද?

:       18       85

Sharn Friday, 22 October 2021 03:32 PM

අනේ මන්දා ? සාමය, මෛත්‍රිය කරුණාව දයානුකම්පාව ගැනමයි කතාව, ඒත් පළිගන්නකම් ඉවසීමක් නෑ

:       8       116

PramithaFriday, 22 October 2021 06:11 PM

ඔයාගෙත් කවුරුහරි ඔහොම බෝම්බෙකින් මැරිච්ච දවසක ඔයා "පළිගන්නැතුව" ඉන්න..

:       46       8

sunil Friday, 22 October 2021 04:04 PM

ත්‍රස්තවාදීන්ගෙන්, හොරුන්ගෙන් කප්පම් ගන්න රජයක්නේ අපිට ලැබිලා තියෙන්නේ...

:       50       21

TironFriday, 22 October 2021 06:12 PM

කප්පම් ගන්නවාද? සල්ලි දීලා කරගන්නවද මන්දා...?

:       34       12

පිටිගල මිලානෝ Friday, 22 October 2021 06:30 PM

මට හිතෙන විදියට අගරද ගුරුතුමා වහාම වතිකානුවේ කලක් නැවතී සිටීමට ගියා නම් එතුමාගේ ජීවිතයට හොඳයි. ලංකාවේ සිටිමින් මෙසේ කෑගැසීම එතුමාගේ ජීවිතයට හොඳ මදි...

:       1       11

සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 October 2021 07:24 PM

ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු ඔහුගේ යූටියුබ් චැනලයේ මවූලවි වරයෙකු සමග වටිනා සාකච්ඡාවක් තිබෙනවා. මවූලවි වරයා පවසන්නේ මුස්ලිම් ජනතාව පාස්කු ප්‍රහාරය සිදුවීමට ප්‍රථම ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබාදුන් බවයි.

:       54       8

SethanSaturday, 23 October 2021 03:48 AM

ඕවට ලංකාවේ කියන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියලා. ඔතැනදී නම් කෙළින්ම හොරාගෙන්ම තමයි අහලා තියෙන්නේ. අනේ වාසනාවන්...

:       0       2

Demuni Uduwara Friday, 22 October 2021 11:53 PM

අතිඋතුම් කාදිනල්තුමනි, මේ අවස්ථාවේ අපි ඔබ සමඟ සිටිමු.

:       0       0

fairoos Sunday, 24 October 2021 12:49 PM

ඊළඟ සැරෙත් මෙයාලටම චන්දෙ දෙමු

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 671 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 128 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 893 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 926 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1269 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1148 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site