IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මැදමුලන උප තැපල් කාර්යාලයට හොරු පනී

(චන්ද්‍රසේන ගමගේ)

මැදමුලන මංසන්ධියේ පිහිටි උප තැපල් කාර්යාලය සොරු බිද ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

පසුගිය ඇදිරි නීතය ක්‍රියාත්මක වු කාලය තුළදි උප තැපල් කාර්යාලයේ ජනේලයක් ගලවා උප තැපල් කාර්යාලයට ඇතුළු වු සොරුකු එහි ඇති සේප්පුවද කඩන්නට උත්සාහ ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.

ඇදිරි නීතිය අවසන් වූ අද (11) දින උප තැපල් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව උප තැපල් කාර්යාලයට සොරකු ඇතුළුවී ඇති බව එහි ගිය සේවකයින්ට දැක ගන්නට හැකි වි තිබේ.

තංගල්ල කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් පැමිණ අද (11) සවස විමර්ශන සිදු කළ බවද සිද්ධිය සම්බන්ධයෙන් පොලීස් විමර්ශන ආරම්භ කර ඇති බවද දැන ගන්නට තිබේ.

මැදමුලන උප තැපල් කාර්යාලය පිහිටා ඇත්තේ ඩී .ඒ. රාජපක්ෂ කෞතුකාගාරයට ආසන්නයේ වන අතර ඊට නුදුරුව පොලිස් මුරපොලක්ද මේ දිනවල පිහිටුවා තිබේ.



අදහස් (29)

මැදමුලන උප තැපල් කාර්යාලයට හොරු පනී

chandima Monday, 11 May 2020 05:59 PM

වෙන්ඩ බෑනේ? කට්ටිය කොළඹනේ උන්නේ? කොරෝන හින්ද ගමේ ගියාද?

:       7       1822

raviMonday, 11 May 2020 07:38 PM

ඔයාට වැරදිලා. කට්ටිය හිසතෙල් ගාන්න ගියාට පස්සේ තාම එහෙලු....

:       0       0

KKMonday, 11 May 2020 07:53 PM

තවම ඡන්ද කාර්ඩ් තැපැල් කරලත් නැහැ නේද.?

:       0       0

AppachchiTuesday, 12 May 2020 02:01 AM

මේකට අන්ලයික් කරලා තියෙන්නේ පැනපු හොරු ටිකද මන්දා...

:       0       0

ass charyaTuesday, 12 May 2020 03:45 AM

ජාතික ආරක්ෂාව තර කරලා තියෙන්නේ. ඒකයි ගෙවල් ලග තැපැල් කන්තෝරුවටත් හොරු පැන්නේ.

:       3       422

HemanthaTuesday, 12 May 2020 04:47 AM

මා දුටු හොඳම කොමෙන්ට් එක...

:       0       0

Sumith Tuesday, 12 May 2020 06:34 AM

එ්කනේ බලනකොට තව හොරු ඉන්නවනේ මැදමුලනේ...

:       0       0

නන්නාදුනන හාදයා Monday, 11 May 2020 07:37 PM

මැදමුලන කොහෙද - හොරු එතන , හොරු කොහෙද - මැදමුලන එතන. මේ ගැන මුළු ලෝකෙම දන්නවා. ඒ නිසා තමයි දැන් දැන් විදේශ ආධාර භාණ්ඩ වශයෙන් දෙන්නේ... ඉස්සර දුන්නේ කෑෂ් වලින්. එ්ත් සුනාමි කෑෂ් වලට කෙළියට පස්සේ, සුද්දෝ ආධාර වශයෙන් කෑෂ් දෙන්නේ නැහැ. දැන් එවන්නේ භාණ්ඩ පමණයි. මේකට ඒ නායකයාගේ හිත රිදිලාලු තියෙන්නේ.

:       0       0

හරේන් Monday, 11 May 2020 09:38 PM

හොරුන්ට ප්‍රසිද්ධ පළාතක් නේද...?

:       0       0

dhammika perera Monday, 11 May 2020 11:43 PM

ඔය තුට්ටු දෙකට ඒ අය මහන්සි වෙන්නේ නෑ. කුට්ටිය කඩාගන්න තමයි මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් එක චීනෙට දුන්නේ සද්දේ වහලා.

:       0       0

Nishan Tuesday, 12 May 2020 12:53 AM

පොඩි අය පොඩි හොරකම් කරනවා... ලොකු අය මහා පරිමාණ හොරකම් කරනවා.

:       0       0

sadis Tuesday, 12 May 2020 12:58 AM

ඇයි මෙච්චර පරක්කු? චන්දිම කිව්වා වගේ කොළඹ හිටි නිසා වෙන්ටැ...!!!

:       0       0

Prasad Tuesday, 12 May 2020 02:03 AM

අපේ රජතුමා ගමේ ගිහින් වගේ...

:       0       0

ලසන්ත Tuesday, 12 May 2020 03:03 AM

බැංකු කඩලා අවසන්. කෞතුකාගාරය තමන්ගේ එකනේ. දැන් ඉතිරි තැපැල් හල විතරයි....

:       2       557

Nimal Tuesday, 12 May 2020 03:55 AM

කවුද හොරා?

:       2       55

Prasad Tuesday, 12 May 2020 04:23 AM

ඕක ගමේ පුරුද්ද...

:       0       0

Gamage Tuesday, 12 May 2020 04:27 AM

මැදමුලනේ නේ... ඕක ඔය තරම් දෙයක් නෙවෙයි.... ඒ ගොල්ලෝ ඉතිහාසගත වෙලා ඉවරයි. මොකෝ ඒ පැත්තට සුනාමි සල්ලි එහෙම හම්බ වුණේ නැහැයිලුණේ... දැන් කොරෝනා සල්ලිත් හම්බවෙලා නැහැයිලුනේ...

:       0       0

vidya Tuesday, 12 May 2020 05:10 AM

තැපැල් කාර්යාලය කඩන තක්කඩියන් ඉන්නවා නම් කොහොමද ඡන්දයක් තියන්නේ...?

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 12 May 2020 05:12 AM

හොරුන්ගෙත් හොරු.... කම්බා හොරු...!

:       0       0

Dasun Tuesday, 12 May 2020 05:13 AM

ළඟම පිහිටා ඇති වලව්වේ තමයි ඔක්කොම හොරු නවාතැන් ගත්තේ...

:       0       0

Saman Tuesday, 12 May 2020 05:27 AM

ඒ හොරුන්ට අමතරව තවත් හොරුන් එම ගමේ සිටිත්ද ?

:       1       510

Kumarasingha, Digampathaha. Tuesday, 12 May 2020 05:33 AM

ඒ හොරුන්ට අමතරව තවත් හොරුන් එම ගමේ සිටිත්ද ?

:       1       86

madamulana Tuesday, 12 May 2020 05:40 AM

ඔය පැත්තේ කට්ටිය ගැන ආයේ අහන්න දෙයක් නෑ.

:       2       329

SumithTuesday, 12 May 2020 06:30 AM

බය වෙන්න එපා... බුද්ධි අංශ ඉක්මණින් හොයාගනිවී හොරුන්... අර හතර රියන් රවියා හොයාගත්තා වගේ..

:       0       0

සරත් Tuesday, 12 May 2020 08:34 AM

ඕක පුරුදු වුනාම ලේසියෙන් අත්හරින්න හිතෙන්නේ නෑ.

:       1       1

kamal Tuesday, 12 May 2020 08:51 AM

හොරාගේ දේ හොරාගන්න තරම් දක්ෂයින් තමයි ඔය ඉන්නේ.

:       0       0

raheem Tuesday, 12 May 2020 09:18 AM

අහන්න දෙයක් නැහැ... කෞතුකාගාරයක් ළඟ තියෙන නිසා අර කොළඹ කටු ගෙයට පැන්න හොරා ඔය පැත්තේ එන්න ඇති....

:       0       0

අගුණපාල Tuesday, 12 May 2020 10:22 AM

කජුනම් - කජුගම, මැංගුස් නම් - කළුතර, හොරුනම් - ?...

:       0       0

ජහමනයා Tuesday, 12 May 2020 12:03 PM

මේ යාලු ඔයැයිලා එහෙම හිතුවට ඒක කරේ එයැයිලා නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 84 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 215 0

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 437 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 448 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 1251 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1483 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site