(රේඛා තරංගනී ෆොන්සේකා)
පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වු නිසා ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත වසාදැමූ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පවසයි.
එක්තරා පූජකවරයකුගේ සංවිධායකත්වයෙන් ඉකුත් 15 වැනිදා සුරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීම සඳහා බස් රථ දෙකකින් පිරිස රැගෙන ගොස්තිබේ. එකී ගමනට මෙම රෝග ලක්ෂණ ඇති පිරිස සහභාගී වී ඇති බව ඔහු පැවසීය.
ගමන සංවිධානය කළ පූජකවරයා පල්ලියද වසා දමා ඇති අතර ඔහු ආගිය අතක් නොමැති බවත් ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත බව ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පැවසීය.
විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සිටින පවුල් අටක්ද එම කලාපයේ නිරෝධානය වෙමින් සිටින බව සඳහන් කළ ඒ මහතා සියලු කරුණු සළකා බලා ඔබේසේකරපුර අරුණෝදය මාවත මුද්‍රා තැබීමට කටයුතු කල බව පැවසීය.
අතුරැදහන්ව ඇති පූජකවරයා සොයා මෙහෙයුමක්ද ක්‍රියාත්මක වන බව සඳහන් කල ඒ මහතා සැක සහිත රෝග ලක්ෂණ පහල කළ ළමුන් දෙදෙනා සහ වැඩිහිටි හතරදෙනා පරික්ෂණ සඳහා යොමු කෙරෙන බව වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතාගෙන්ද අප විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ මෙකී වන්දනා කණ්ඩායම වැලිකන්ද යාපනය යන ප්‍රදේශයන්හී දේව මෙහෙයන්ටද සහභාගී වී ඇති බවයි.
මාර්ග අංක 175 සහ 170 මගි බස්රථ මේ සඳහා යොදාගෙන ඇති බව සඳහන් කල ඒ මහතා මෙම ගමනට දෙහිවල ප්‍රදේශයේ පල්ලියක දේවගැතිවරයෙක්ද සම්බන්ධ වී ඇති බවද පැවසීය.
වසා දමන ලද අරුණෝදය මාවත කලාපයේ පවුල් 500 ක් පමණ ජීවත් වන බවද ඔහු පැවසීය. මෙම වැටලීමට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන, වැලිකඩ පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පියල් ගුණතිලක ඇතුලු පොලිස් කණ්ඩායමක් සහභාගි විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අරුණෝදය මාවත අගුළු දමයි
nisar Sunday, 29 March 2020 07:46 AM
ජාති ආගම් නොදා "එක්තරා" කියන වචනය භාවිතයට ගැනීම වඩාත් සුදුසුයි.
Kumara Sunday, 29 March 2020 08:01 AM
මේ මිත්යාදෘශ්ටිකයන් මුලූ රටම විනාස කරනවා.
Pradeep Sunday, 29 March 2020 08:05 AM
අපේ රටේ ඉන්නේ මහා බුරුවො ටිකක්. ලෝකේ අනිත් රටවල් වලින් වත් ආදර්ශයක් ගන්න බලන්න. හොදම උදාහරණය චීනය එය වලක්වා ගත් අකාරය සහ ඉතාලිය ඒ ගැන නිසි අවධානයක් යොමු නොකිරීම තුලින් කර ගත් විනාශය.. අපිටත් ඕන චීනය වගේ වෙන්නද නැත්නම් ඉතාලිය වගේ වෙන්නද කියලා තීරණය කල යුත්තේ ඔබම තමයි.
madhura Sunday, 29 March 2020 08:43 AM
පල්ලිය ගැන කියලා පන්සලේ ෆොටෝ දැම්මේ?
Anton austria Sunday, 29 March 2020 09:08 AM
කතෝලික සභාවෙන් නම් පූජක තුමා වහාම නිලයන්ගෙන් අයින් කළ යුතුයි... කාදිනල් තුමනි... මට අනිත් ආගමට කියන්න බැහැ. නොසැලකිල්ලයි, මෝඩකමයි කරන මෙ වගේ පූජකයින්ට නඩුදාන්න ...
Rohana Sunday, 29 March 2020 09:13 AM
මෙතන ජාති ආගම් ප්‍රශ්නයක් නැත. තියෙන එකම ප්රශ්නය කොරෝනයි