IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විශ්වාස භංගය දෙවැනි වරටත් සම්මතයි

මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ ගෙන ආ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව දෙවැනි වරටත් සම්මත වුණු බව ජාතික හෙළඋරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 
චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 
‘‘ අද මුලින්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 135 යටතේ ස්ථාවර නියෝග අත්හිටුවන්න සුමන්තිරන් මහතා යෝජනාවක් ගෙනාවා. ඒ අනුව ස්ථාවර නියෝග ‍ අත්හිටුවීම ඡන්ද 122න් සම්මත වුණා. ස්ථාවර නියෝග 47.1 තියෙනවා හ ඬ අනුව ඡන්දය විමසීම ගැන. හඬ අනුව ඡන්දය විමසනවාට මන්ත්‍රීවරයෙක් විරුද්ධ වුණොත් තමයි එම ස්ථාවර නියෝග අනුව අපි අනිත් ක්‍රමයට යන්න ඕනෑ. නමුත් කවුරුත් විරෝධයක් කළේ නෑ. 


ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණෙන් යළිත් යේජනාවක් ගෙනවා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට  විශ්වාසයක් නෑ කියලා. ඒ අනුව ඊට ඡන්දය විමසුවා.  මන්ත්‍රීවරු 122ක් නැවත කිව්වා රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව නීති විරෝධීයි කියලා. විශ්වාස භංගයක් සම්මත කළාම ආණ්ඩුවක් විසිරිලා යනවා. 

 
ජනාධිපතිගේ පුද්ගලික කැමැත්තට අගමැතිවරු පත් කරන්න බෑ. අපිට පුද්ගලිකව කැමති කෙනෙක් බඳින්න පුලුවන්. කැමති තැන යන්න පුලුවන්. නමුත් පත්කිරීම් කරන්න ඕන නීත්‍යනුකූලවයි.රට ජාත්‍යන්තරව කොන්වෙමින් තිබෙනවා.  ආර්ථිකය අගාදයට යමින් තිබෙනවා.   එනිසා අලුත් ආණ්ඩුවක් පත් කරන ලෙස අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා. ‘‘

(36698)

 

 



අදහස් (29)

විශ්වාස භංගය දෙවැනි වරටත් සම්මතයි

krishantha Friday, 16 November 2018 10:15 AM

අලුත් ආණ්ඩුවක් ඕන කියලා නේන්නම් මෙච්චර දගලන්නේ. ඔයාලා හදන්නේ කලින් තිබ්බ එක ආපහු හදන්නනේ .

:       0       0

අදුර්ශදාරි Friday, 16 November 2018 10:25 AM

ඔය තැනට වඩා විනයක් ළදරු පාසලක තියනවා. විනයක් නොමැති උදවිය රටක උත්තරීතර තැනක සිටිනවිට අනිකුත් බස් කුමට?

:       0       0

නිමල් Friday, 16 November 2018 10:32 AM

රට නම් කෑවා.

:       0       0

Nuwan Friday, 16 November 2018 11:28 AM

ඔහෙලගේ ඔය බන්ගෙන් රටට ජනතාවට වෙච්ච සෙතක් නැහැ. ලෝකෙටම විහිළුවක් වූ එකයි වුනේ...

:       0       0

Keppetipola Friday, 16 November 2018 11:51 AM

චම්පික මොකද ඔච්චර චන්දෙකට බය..? මේ පාරනම් ඇපත් නැතිවෙනවා නියතයි. රට අරාජික කළාට වග කිවයුතුයි.

:       0       0

Darshana Friday, 16 November 2018 01:02 PM

අලුත් ආණ්ඩුවක් කියන්නේ කලින් හිටපු අයටමද ? හොඳට තියෙයි ....

:       0       0

Dhammasiri himi Friday, 16 November 2018 02:37 PM

දිගටම කරගෙන යන්න.

:       472       854

Sanath KandySaturday, 17 November 2018 09:01 AM

ඔව්... සිය වතාවක් සම්මත කළත් වැඩක් නෑ. ජනාධිපති පිළිගන්නේ නෑ. දැන් ඉතින් විකල්පයකට යන්න වෙනවා. ජනාධිපති මන්දිරය වටලා ජනමතය පෙන්නන්න.

:       0       2

sena Friday, 16 November 2018 09:15 PM

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරනවා. දුන්න පොරොන්දු ඉටුකලාද ?

:       0       0

Sumith Friday, 16 November 2018 09:47 PM

කරපු දෙයක් නැහැ. ඉතුරු කාලයත් ඔහොම ගන්න හදන එක හොඳයි,

:       0       0

nishantha Saturday, 17 November 2018 02:22 AM

කොච්චර බහුතරය තියනවා කිව්වත් , මොනතරම් විශ්වාශ භංග ගෙනාවත් වැඩක් නැහැ , මොකද නඩු ටික එනවා ළඟ ලඟම. මෙහෙම බලෙන් හරි හිට්යොත් මිසක් නැත්තන් එකා දෙන්න ඇතුලට ගියොත් ආයි ඒමක් නැත.

:       0       0

gallage Saturday, 17 November 2018 03:26 AM

තියමුද අපි ලෝක වාර්තාවක්. ලෝකයේ ලොකුම විශ්වාස භංගය. මොකෝ කියන්නේ. තවම දෙපාරයි. දහයක්වත් නැතුව මදි වෙයි.

:       0       0

සෙනෙවි Saturday, 17 November 2018 04:53 AM

දවල්ද ?

:       0       0

sg Saturday, 17 November 2018 05:19 AM

ඝෝෂාවෙන්ද

:       0       0

රොමේෂ් Saturday, 17 November 2018 06:55 AM

ආණ්ඩුවට බහුතරය නැතිබව ඉතාමත් පැහැදිලියි, එසේ නොවේනම් ඔව්න් විශ්වාසභංග යෝජනාව ජයගතයුතුව තිබුනා. අපේ රටේ ඇතුළුව ලෝකේ වෙනත් රටවලත් සුළුතර ආණ්ඩු පවත්වාගෙන හිගින් තිබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම මුල්වුනේ "එකඟතාවය සහ අවබෝධය". නමුත් දැන් පවතින පාර්ලිමේන්තුවේ ඒ දෙකම නැහැ. කිසිම පක්ෂයකට බහුතරය නොමැති මෙවන් වෙලාවක රටේ ජනාධිපති කළයුතුව තිබෙන්නේ කොහෙත්ම ලබාගත නොහැකි බහුතරයක් වෙනුවෙන් මන්ත්‍රීවරුන්ව පෙළඹවීම නොව, ඉතාමත් පහසුවෙන් ඇතිකර ගත හැකිව තිබෙන "එකඟතාවය සහ අවබෝධය" වෙනුවෙන් මං සෙවීමයි. එසේ පත්කරගන්න නව අගමැති සහ ඇමතිමණ්ඩලය විසින් ගෙනෙන යෝජනාවකට අනුව පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීමයි. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවටත් ලොකු වගකීමක් තියෙනවා නිවැරදි පුද්ගලයන් පත්කරගැනීමට. හුදු තනි කැමැත්තක් වෙනුවෙන් රට තවත් අරාජික වීම මහත් අවාසනාවන්ත තත්වයක්...

:       350       1057

ගල්කටස් Saturday, 17 November 2018 08:48 AM

ඔහොම යං. පසුගිය අවුරුදු 03 තුල රටෙ අාණ්ඩුවක් නැතිව වගෙ තිබුණේ ඉතිං අපට වෙනසක් නැහැ

:       0       0

Vajira Saturday, 17 November 2018 09:04 AM

ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමයේ වියරුව මේ තරම් හොඳින් පැහැදිලි වූ අවස්ථාවක් තවත් නෑ. වහාම ජවිපෙ ගෙනා 20 වන සංශෝධනය සම්මත කරන්න.

:       0       0

thinura Saturday, 17 November 2018 09:10 AM

මෙයාට මිරිස්කුඩු පාරක් ගහන්න කෙනෙක් හිටියේ නැද්ද?

:       0       1

චමින්ද Saturday, 17 November 2018 09:12 AM

මේ දෙපිටකාට්ටුවන්ව ලබන ඡන්දෙන් විශ්වාසභංග නැතුවම ජනතාව ගෙදර යවයි.

:       0       0

Bamunuaarachchi Saturday, 17 November 2018 09:56 AM

කී සැරයක් සම්මත කර ගත්තත් නිෂ්ඵලයි මහත්තයෝ... අපි ගණන් ගන්නේ නැහැ. බහුතරයක් තිබුණත් නැතත් අපේ අගමැති මහින්ද මැතිතුමා බව මතක තියා ගන්න..!

:       1352       533

Sanath KandySaturday, 17 November 2018 11:45 AM

මෙහෙමත් වහල්ලු. පරාජයෙන් වියරු වැටිලා ඉන්නේ. මේ රටේ මූලික නීතියට ගරු කරන්න. ලෝකයා ඉදිරියේ රට අවමානයට ලක් කරන්න එපා.

:       120       1205

sandy123Saturday, 17 November 2018 12:25 PM

නියම වහල් මානසිකත්වය. වහල්කමට කදිම උදාහරණයක්... වහල් කමට ජයවේවා...!!!

:       210       1064

BamunuarachchiSunday, 18 November 2018 12:28 AM

රනිල්ව අගමැති කමේ තියන්න ඕනේ කියන දෙන්නෙක් නේද ඔය කතා කොරන්නේ. ඔය අදහස භංග වේවා! මහින්ද අගමැතිකිරීමේ අදහසට ජයවේවා.

:       0       0

Vajira Saturday, 17 November 2018 11:05 AM

තනි පක්ෂයක් හැටියට තාමත් බහුතර මහින්දටයි තියෙන්නේ. නීති ප්‍රකාරව විශ්වාස භංගය ගේනවා නම් බහුතරය පෙන්විය හැකියි.

:       0       0

sampath Saturday, 17 November 2018 11:14 AM

ඔබතුමා අගමැතිකම බාරගන්නවා නම් අපිත් එනවා ඔබතුමාට සහය දෙන්න. නැත්නම් ඉතින් මහින්ද මහත්තයා තමයි.

:       42       46

BamunuarachchiSunday, 18 November 2018 12:22 AM

මෙයාට හීනෙන්වත් අගමැති වෙන්න බැහැ . අර වාහනේ හැපුන ළමයාට තවම හොඳටම අමාරුලු.

:       0       15

sopi Saturday, 17 November 2018 11:45 AM

අනේ... ඔයාගේ කතා දැන් මිනිස්සු තුට්ටුවකට ගනන් ගන්නේ නැහැ පොදු ජනතාව අතර. ඔයාට තිබුණු පිළිගැනීම, විශ්වාසය ඔබතුමා නැති කරගෙන හුඟක් කල්...

:       137       150

Appuhami Saturday, 17 November 2018 07:44 PM

ගමේ කෝපි කඩේ ඇතුළටත් සෙන්කෝලය අරගෙන ගිහිල්ලා පනත් සම්මත කරගන්නවද? පුදුම රටක් නේ..

:       0       0

jaya Sunday, 18 November 2018 03:22 AM

මෙයා කී වතාවක් පරාදද?

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 74 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 48 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 68 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 204 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2635 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 229 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site