IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රාජපක්ෂ නාමය නොමැතිව ඒකාබද්ධයට ගමනක් යාමට නොහැකි දැයි විමසයි

(නිමල කොඩිතුවක්කු)
 
රාජපක්ෂ  නාමය නොමැතිව ඒකාබද්ධ විපක්ෂයට ගමනක් යාමට නොහැකි දැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨයන්ගෙන් විමසා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.

 
එක්සත් ජාතික පක්ෂය සඳහා  රනිල් වික‍්‍රමසිංහ මහතා හැරුණු විට සජිත් පේ‍්‍රමදාස, නවීන් දිසානායක, හරීන් ප‍්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්, රුවන් විජයවර්ධන යන නායක  පෙළක් සිටින බවත්  මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (26) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා මෙසේද කීය.
 
‘‘ දැන් ආයේ  දවස ගානේ පතාලය ගැන කතා කරන්න පටන් ගෙන තියෙනවා. එක්කො පාතාලයේ කෙනෙක් මැරෙනවා නැත්නම්  ආරක්ෂක අංශයේ කෙනෙක් මැරෙනවා. මේ පාතාල සිද්ධීන්  මුල් කරගනිමින් අපේ විරුද්ධ දේශපාලන කණ්ඩායම්  ආණ්ඩුවට පහර දෙන්න උත්සාහ කරනවා.
 
මේ පාතාල කාරණාවේදී කරුණු  දෙකක් තියෙනවා. පාතාලය මර්දනය කළ යුතුයි කියල එක කණ්ඩායමක් කියනවා. පාතාලය වුණත් පව් අප්පා බල්ලො බලල්ලූ වගේ මරන්න හොඳ නැහැ කියලා මානව හිමිකම් ඇතුළු තව  කණ්ඩායමක් කියනවා. මේකත් අර අන්තිමේදී නෝනයි මහත්තයයි  බූරුවා කරේ තියාගෙන ගිය කතාව වගේ තමයි. පාතාලය මර්දනය කරද්දීත් අපිට චෝදනා කරනවා. නොකරන කොටත් අපිට චෝදනා කරනවා.  
 
2001 වසරේදි අපේ රජයක් යටතේ තංගල්ල බන්ධනාගාරයේ විශාල විරෝධතාවක් පැවැත්වුණා. එවිට විෂය භාර  අමාත්‍යවරයා ලෙස කටයුතු කලේ ජෝන් අමරතුංග මහතායි. ඔහුට මෙම විරෝධතාවය මර්දනය කරගන්න බැරිවුණා.  එම වකවානුවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ  මහතා පාතාල කල්ලි  නායක ජූලම්පිටිය අමරේට කතා කරලා මෙම විරෝධතාවය නැවැත්තුවා.
 
මහින්ද රාජපක්ෂ මහතා  ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ අය  පාතාලය සමඟ සුහද ඇසුරක් පැවැත්තුවා. ජූලම්පිටිය අමරේ, චන්ඩි මල්ලිලා එක්ක නිරන්තරයෙන්  ගනුදෙනු කරගෙන ගියා.
 
පහුගිය රජය  ඇතිකරපු කණ්ඩායම් තමයි අද මේ හිස ඔසවලා තියෙන්නේ. රජයක් විදියට මේවාට විරුද්ධව කටයුතු කරන විට  කවුරු හරි කිඹුල් කඳුළු හෙලනවා නම්  කවුරු හරි අපිට චෝදනා කරනවා නම්  ඒක අපේ සමස්ත ප‍්‍රජාවටම  කරන එරෙහි කමක් විදියට  අපි සළකනවා.
 
මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ සියලූම සැප සම්පත් දීලා කේ. පිව තියාගෙන හිටියා. පිල්ලේයාන්ව තියාගෙන  හිටියා,  කරුණා අම්මාන්ව තියාගෙන හිටියා.  කරුණා අම්මාන්ව ගෙනල්ලා මහින්ද රාජපක්ෂ මහතා තියාගෙන හිටිය විතරක් නෙමෙයි ඇමැති කමක් දීලා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිත් කළා.
 
අපේ එක්සත් ජාතික පක්සය මෙහෙම තනතුරක් දුන්නනම් කොහොම හිටියිද.  අපි එදා කොටි නැලෙවුවෙත් නැහැ. අද නලවන්නෙත් නැහැ කියලා අපි විශේෂයෙන්ම කිව යුතුයි. 
 
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් පාර්ලිමේන්තු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා 
 
ප‍්‍රශ්නය : 2020 ජනාධිපතිවරණය සඳහා යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවහොත් එය එක්සත් ජාතික  පක්ෂයට අභියොගයක්ද?
 
පිළිතුර :  ඔව් ඇත්තටම අපිට  අභියෝගයක් වෙයි. මොකද දැන් හිට්ලර්  කෙනෙක් එක්කනේ ඉදිරිපත් වෙන්න වෙන්නේ.  ඒ නිසා අපි මේ ගැන විශේෂ අවධානයක්  යොමු කළ යුතුයි.
 
ප‍්‍රශ්නය : බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිරගත කිරිම පිටුපස දේශපාලන සම්බන්ධයක් ඇති බවට චොදනාවක් එල්ල වෙනවා?
 
පිළිතුර : ඥානසාර හිමිගේ නඩුව ඇහුවේ අධිකරණයෙන් මිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් නෙමෙයිනේ.  මේකත් දේශපාලන වාසියට හරවගන්න ඇතමුන් උත්සාහ කළා. රැඳවියෙක් විදියට බන්ධනාගාර ගත වුණහම බන්ධනාගාර තුළ නීතියක් තියෙනවා නම් ඒ නීතියට අනුගත වෙන්න ඕනෑ. ඥානසාර හිමියන් ස්වාමින්  වහන්සේ නමක් කියලා හරි,තවත් පුද්ගලයෙක් යුද හමුදා නිලධාරියෙක් කියලා හරි, මම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් කියලා හරි නීතිය තනතුරේ හෝ වෘත්තියේ හැටියට වෙනස් වෙන්න බැහැ.
 
උන්හහන්සේ සිරගත වීම පිළිබඳවත්, යළි ඇප ලබාගෙන  එළියට ඒම පිළිබඳවත් අපේ දේශයක්, කෝපයක්, තරහක් වෛරයක් නැහැ. උන්වහන්සේට නිදුක් නිරෝගීභාවය මෙන්ම සංසුන් මනසක් ලැබේවා කියලා තමයි අපි ප‍්‍රාර්ථනා කරන්නේ.



අදහස් (19)

රාජපක්ෂ නාමය නොමැතිව ඒකාබද්ධයට ගමනක් යාමට නොහැකි දැයි විමසයි

pinhamy Tuesday, 26 June 2018 04:03 PM

මේක හරියට රනිල් නැතිව යුඇන්පීයට ගමනක් නැතුව වාගේ.

:       270       336

Kapila Tuesday, 26 June 2018 04:08 PM

යුඑන්පි එකට වික්‍රමසිංහ නම නැතුව කතා කරන්න බෑ වගේ තමයි.

:       335       446

sanathTuesday, 26 June 2018 06:51 PM

රනිල් ඉන්න යු එම් පී එක හරියට ගොනෙක් බැන්ද බෙන්ස් කාර් එකක් වගේ. මහින්ද නැති පොහොට්ටුව මනමාලය නැති මඟුල් ගෙදරක් වගෙයි.

:       0       2

sirimal Tuesday, 26 June 2018 06:22 PM

පුළුවන්. පුළුවන්. මොකැයි බැරි. යන්න පුළුවන් වළ පල්ලට.

:       0       6

priyantha Tuesday, 26 June 2018 06:47 PM

ඉතින් රනිල්ටත් කියන්නකෝ දාල යන්න කියලා

:       0       0

prakaash Wednesday, 27 June 2018 01:24 AM

නායකයෝ නොවෙයි ඉන්ෙන් හොරු.

:       0       0

සතයපාල Wednesday, 27 June 2018 02:25 AM

ඊට ඉස්සර වෙලා කියමු බලන්න යූ.ඇන්.පී.යට රනිල් එලවාගන්න පුළුවන්ද කියලා...

:       0       0

saman k Wednesday, 27 June 2018 04:20 AM

ඒකාබද්ධයට විතරක් නොවේ අපේ රටටවත් ඉදිරි ගමනක් නැහැ!

:       0       25

Bamunuarachchi Wednesday, 27 June 2018 04:37 AM

රනිල් හිටියි කියලත් යූ. එන්. පී යට ගමනක් නැහැ. එහෙම ගමනක් තිබෙනවා නම් 30 වතාවක් පරදින කොට රනිල්ගෙන් වැඩක් නැහැ කියලා අයින් කරන්න ලැහැස්ති වුනේ, සිරිකොතට ගල් ගැසුවේ, කෝ 2014 ජනාධිපති කමට ඉල්ලුවාද? විහින් තමා රවට්ටා ගන්නවද නැතිනම් ඔහේලගේම ජනතාව රවට්ටනවාද?

:       0       71

Bamunuarachchi Wednesday, 27 June 2018 04:46 AM

හලෝ ඔහේ නම් කිව්ව පෙළ ඉන්නවා තමයි. ඔවුන් දේශපාලඥයෝ මිස රටේ රාජ්‍ය නායකත්වයක් උසුලන්න පුළුවන් මිනිස්සු නොවෙයි. ඔය කියන ප්‍රේමදාසට රාජ්‍ය නායකත්වයක් උසුලන්න තිබෙන සුදුසු කම මොකක්ද? තාත්තා ජනාධිපති වෙලා හිටපු එකද? විකාර කියන්න එපා හලෝ. ජනතා මුදලින් ගෙවල් හදා පවුලේ කෙනෙකුගේ උපන් දිනේට ගෙවල් ටික බෙදෙනවා හැරෙන්නට රටේ සංවර්ධනය සඳහා ගෙනා යෝජනාවක් කියන්න...

:       0       67

Bamunuarachchi Wednesday, 27 June 2018 04:51 AM

හලෝ කාටත් නීතිය සමාන නම් කොහොමද ලංකාවේ බෞද්ධ නොවන ආගම්වල ආගමේ හැටියට නීති තිබෙන්නේ?

:       0       4

Bamunuarachchi Wednesday, 27 June 2018 04:58 AM

හලෝ කරුණා අම්මාන්, පිල්ලෙයාන්ලා එල්.ටී.ටී.ඊ. එක අතහැරලා විශාල අවදානමක් අරගෙන සිංහලයාගේ පැත්තට ඇවිත් සිංහල අපිට යුද්ධය දිනා ගන්න කරපු මෙහෙවර කළාද? අලිමංකඩ කියන්නේ පාමංකඩ කියා හිතුව ඔහෙලා යුද්දෙ ගැන මොනවාද දැනගෙන සිටියේ? අපිට කරුණා අම්මාන්, පිල්ලෙයාන්ලාට සන්සන්දනය කළාම වැදගැම්මකට නැහැනේ...

:       0       61

manoj Wednesday, 27 June 2018 05:00 AM

රාජපක්ෂ නාමය නැතුව ඒකාබද්දයට විතරක් නෙමේ මුළු ලංකාවටම ඉදිරි ගමනක් නෑ. මොකද ජනතා ප්‍රසාදය දිනාගත්ත වෙන එකම නායකයෙක්වත් නෑ අනිත් එකම පක්ෂකයවත්. රාජපක්ෂ කෙනෙක් යටතේ අවුරුදු 10ක් වේගයෙන් ඉදිරියට ගිය රට තමයි 2015 රිවස් ජියර් එකට දැම්මේ මෙයාල. දැන් අපි යන්නේ රිවස් එකට.

:       199       406

RNG Wednesday, 27 June 2018 09:29 AM

ඔබේ අදහස නම් හරියටම හරි..

:       24       115

Bamunuarachchi Wednesday, 27 June 2018 05:04 AM

ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ පාතාලයෝ බෙහෙතකට හොයා ගන්න බැරිව සිටියේ 2015 මේ ගොල්ලෝ අවා විතරයි ටිකට් එක යවලා පාතාලයෝ ගෙන්න ගත්තේ. දැන් උන් හන්දියක් හන්දියක් ගෑනී මිනී මරනවා. තංගල්ල බන්ධනාගාරයේ විරෝධතාවය නවතා ගන්න බැරි මිනිස්සුද ලෝකේ දරුණු ත්‍රස්තවාදය නවත් වන්න හැදුවේ.

:       74       146

sirimalWednesday, 27 June 2018 10:49 AM

ඕවා නිකන් හිතළු විතරයි. ඒකාලයේ පාතාලය කියල සැලකුවේ තමන්ගේ අනසකට එරෙහි නොවන කට්ටිය විතරයි කියල ඔබ හොඳටම දන්නවානේ. " කුඩු" කියන අකුරු දෙක නමේ මුලට වැටුණ කීදෙනෙක් ඒකාලයේ හිටිය බලවත් ඇමතිවරු විසින් ඔවුන්ගේ වාහනවලම කටුනායකට වැඩම්මවාගෙන ගිහින් පිටරට අරියාද? එගොල්ලේ තමා අදත් පිටරට ඉඳගෙන හොල්මන් කරන්නේ. එස්.ටී.එෆ් එකෙන් කුඩුත් එක්ක ඇල්ලුවහම හෙලිකොප්ටරෙන් ගිහින් බදාගත්තා මතක නැද්ද?

:       0       14

BamunuarachchiWednesday, 27 June 2018 05:11 PM

මටත් කියන්න තිබෙන්නේ ඕවා හිතලු විතරයි කියලා. මම කියන්න ඒ කාලේ හන්දිය හන්දියක් ගානේ මිනී මරණ පාතාලයෝ හිටියේ නැහැ කියලා. කුඩුකාරයෝ කියල දන්නවා නම් මේ ආණ්ඩුවට පුලුවනිනේ අල්ලාගෙන නඩු පවරන්න මොකද කරන්නැත්තේ?

:       0       0

රමේෂ් Wednesday, 27 June 2018 05:27 AM

වැඩකට නැති කතාවක්

:       2       36

kalani Wednesday, 27 June 2018 06:36 AM

පළමුව ඔබ ඔබගෙන් එම ප්‍රශ්නය විමසා පිළිතුරක් ලබා ගෙන සසදා බලන්න.

:       0       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 0 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1264 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3028 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1215 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 208 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 1001 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 279 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site