IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මැදමුලන නඩුව ඔක්තෝබර් 15 දා සිට දිනපතා විභාගයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනි දා සිට  දිනපතා  විභාගයට ගැනීමට අද (30) අධිකරණය නියම කෙරිණි.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට විශේෂ මහාධිකරණයේ නඩු පවරා තිබිණි.



අදහස් (66)

මැදමුලන නඩුව ඔක්තෝබර් 15 දා සිට දිනපතා විභාගයට

jayasekara Friday, 30 August 2019 06:39 AM

පාස්කු බෝම්බ වලට රාජ්‍ය අනුග්‍රහය දක්වපු අය එළියේ... අනේ මෙහෙමත් රටක්....

:       6351       7155

lion Friday, 30 August 2019 10:19 AM

ජයසේකර මහත්තයෝ පාස්කු ඉරිදා කතන්දරේ අම්මගේ තාත්තගේ සොහොන් කෝටිගණන් වියදම් කරලා හදපු එකයි පටලවාගන්න එපා. අපේ නායකයා වෙන්න හදන මේ මනුස්සයා උසාවි ගිහිල්ලා තමන් නිර්දෝෂයි කියලා පෙන්නන්න ඕනේ නේද?

:       1466       1679

ChathuriFriday, 30 August 2019 01:05 PM

පාස්කු බෝම්බයට රජයේ මුදල් ගත්තේ නැහැ. මිලියන ගණනින් ත්‍රස්තවාදීන් මැද පෙරදිගින් මුදල් රැස් කරගෙන තිබුණු ඒවා ඔප්පු වුණා. මේ අයියා මලෝ ආදරණිය දෙමව්පියන්ගේ සොහොන හැදුවේ රටේ... දුප්පත් ජනතාවගේ මුදලින්.., ඔයාට ඒ ගැන දුක නැතිනම්, අධිකරණයට ගිහින් මේ ණය ගෙවලා මේ දෙන්නා නිදොස් කරන්න. මලගිය අයට දුප්පත් වැසියන් ජීවත් වෙන ගමක් හදන්න පුළුවන් මුදලක් සොහොනට යට කරලා, වැඩියෙන් වියදම් වෙලා තියෙන්නේ අකුණුසැර නොවදින කුළුණුවලට සහ ඔක්සිජන් බට වලට...

:       2682       2584

kelumFriday, 30 August 2019 06:04 PM

ඔයගොල්ලෝ වගේ බත්කන හරක් ඉන්නකම් මේ රට හදන්න බැහැ. මෙච්චර කල් ඉඳලා මොකද දන්නේ නැහැ. හදිසියේම නඩු මතක් වුනේ. මේවා දේශපාලන තීන්දු මිසක් රටට ආදරේට ගත්තු තීන්දුද?

:       1579       1676

Chanak los angelesSaturday, 31 August 2019 03:31 PM

චතුරි.. ඔබ හරියටම හරි..

:       74       44

SamanSunday, 01 September 2019 05:26 PM

අකුණු නොවදින කුළුණු හයිකලේ... එයා දන්නවා මේකට හෙණ ගහන බව, මොකද ජනතාවගේ මුදල්වලින්නේ හැදුවේ...

:       225       192

Chanak los angelesFriday, 30 August 2019 09:06 PM

නීතියට විරුද්ධ දෙයක් කල පුද්ගලයෙකුට කොපමණ කල් ගියත් ඔහුව අත්අඩංගුවට ගන්න. විමර්ශන කටයුතු සිදුකරන්න කිසිම තහනමක් නැහැ නේද? කැලුම් පාඩුවේ ඉන්න නීතිය ඒවා බලාගනියි...

:       2       161

Rata PerataSaturday, 31 August 2019 07:36 AM

ජයසේකරගේ, කැලුම්ගේ අදහස් දැක්කම බත්කන හරක් කවුද කියලා පේනවා. අපේ සල්ලි හොරකම් කරලා අම්මගේ සොහොන් හැදුවේ අපිද? පහුවෙලා හරි නීතිය ක්‍රියාත්මක වෙනවා නම් එ්ක කොච්චර දෙයක්ද මේ රටේ...?

:       614       559

Chanaka Los AngaleseSaturday, 31 August 2019 08:57 AM

"චතුරි", "රට පෙරට" වගේ එවුන්ගේ අදහස් දකිද්දි අපිට කියන්න තියෙන්නෙත් "රට පෙරට යන හරක්" කියලම තමා...

:       89       128

YakaSaturday, 31 August 2019 11:54 AM

නීතිය? නිදොස් කොට නිදහස් තමයි...

:       0       129

GunasekaraSunday, 01 September 2019 09:18 AM

අනේ චානක උන්නැහේ, ඇමෙරිකාවට වෙලා සන්තෝසෙන් ඉන්න ගමන් අපේ රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් තාත්තලාගේ සොහොන්කොත් හදන අය ගැනත් සන්තෝස වෙනවා ඇති නේද? අනික ඉතින් ඇමෙරිකන් කාරයන්, ඇමරිකන්කාරයින්ට අදින්නේ නැත්නම් මොකාට අදින්නද, නේද? පිටරට ඉඳන් අපට දත නියවන ඔහෙලා වගේ හරක් වහල්ලු හින්දා තමයි මේ රට වලපල්ලට යන්නේ මහත්තයෝ...

:       47       189

dare Friday, 30 August 2019 06:40 AM

බාලගිරි දෝෂය වගේ තමා

:       148       168

Perera Friday, 30 August 2019 07:18 AM

එහෙමවත් කරලා අපි මෙයාව හිරකරලා බලමු නේද. එතෙකොට ඡන්ද වැඩ ටිකයි සද්දෙයි අඩු වෙයිනේ.

:       783       1014

බද්රානි Friday, 30 August 2019 07:23 AM

නඩු වැඩිවෙන තරමටනෙ අපේ රටේ ජනාධිපති කමට සුදුසු වන්නේ? නඩු අහන කාලෙට අසනීප වෙයි කියලයි මට තියන භය???

:       894       1371

sirimal Friday, 30 August 2019 07:37 AM

දැන්නම් ඉතින් ඇත්තටම පපුවේ කැක්කුමක් හැදුනත් සිංගප්පුරු යන්න බැරිවෙයි. තරඟෙට නම දාලනේ තියෙන්නේ.

:       1012       1256

Sanath Kandy Friday, 30 August 2019 07:40 AM

දැන් පරක්කු වැඩියි. සිරිසෙනයි රනිලුයි චන්දෙ දුන්නු ජනතාවගේ බලාපොරොත්තු පාවා දුන්නා. මේ හැමෝම එකම ජාතියේ බඩු. මේ සැරේ ජනතාව විකල්පයක් ගැන හිතන එක වලක්වන්න බැහැ.

:       95       939

lalithm Friday, 30 August 2019 08:08 AM

විකල්පය තවත් චුදිතයෙක් වීම සුදුසු නැහැ නේද? චෝදනා නැති විකල්ප රටේ නැතිද? ඉන්න ඔක්කොම පක්ෂ නායකයෝ චුදිතයෝද ?

:       245       241

Bishan Friday, 30 August 2019 08:40 AM

මේ සෙල්ලම් බලලා අපිටත් එපා වෙලා. අල්ලලා හිරේට දාන්න. මේ රටේ වෙන මිනිස්සු නැතුව නෙමෙයිනේ ඡන්දේ ඉල්ලන්න .

:       2354       2319

siri Friday, 30 August 2019 09:31 AM

ඡන්දයක් ළංවෙන කොට තමයි මේවගේ විහිළු. පුළුවන් නම් මේ වෙලාවේ මහබැංකු මංකොල්ලයත් ගත්තොත් මොකද?

:       0       20

sunil milano Friday, 30 August 2019 10:13 AM

මේ බිෂාන් කියන්නේ ඊයේ ඉපදුණු කෙනෙක්ද? මෙලෝ රහක් නැහැ ලියන ඒවා...

:       525       161

BishanFriday, 30 August 2019 07:54 PM

රස නැත්තම් කන්නේ නැතුව ඉන්නකෝ?

:       0       14

යාපා Friday, 30 August 2019 10:14 AM

ඔන්න ආයෙත් අපිට බලාගන්න පුලුවන් මිනී ගොඩගැනීම්, නඩු දැමීම්. අවුරුදු 5ක් ගිහිල්ලත් ඉතිහාසේ දූෂිතම දේශපාලනීකරනයක්... 2015 සමයේ කළ බොරු චෝදනා ඔප්පු කිරීමට නොහැකි වීමම ඒවා පට්ටපල් බොරු බව ඔප්පු කිරීමට හොඳටම ප්‍රමාණවත්ය.

:       62       402

Dayan Friday, 30 August 2019 10:31 AM

වැරදි කළා නම් දඬුවම් හිමිවිය යුතුයි. නැත්නම් ජනාධිපති වුණාම මොනවා කරාවිද?

:       115       165

නොකවුට් Friday, 30 August 2019 10:32 AM

අවුරුදු 5ක් නොතිබුණු උනන්දුවක් දැන් තියෙන්නේ...

:       1       274

LionSaturday, 31 August 2019 09:56 AM

නඩු පිට නඩු කෙලින් පෙනී හිටලා මම නිර්දෝෂයි කියලා පේන්නේ නැහැ. අපේ නායකයා වෙන්න යන්නේ මේ වගේ මනුස්සයෙක්ද? 225ම එලවලා දාන්න ඕනේ..

:       0       14

Ranil Friday, 30 August 2019 10:46 AM

සිරිකොතේ ඉඳුල් කන ආණ්ඩුවේ බත් බැලයන් බය වෙලා තියෙන තරම මේකේ දාලා තියෙන අදහස් වලින්ම පේනවා. අනේ අනිච්චන් මෙහෙමත් බයවීමක්. මොනව කළත් වැඩක් නැහැනේ. කොටියව පැරැද්දුව ගෝඨාභය මහත්තයව ඕවාගෙන් බය කරන්න පුලුවන් කියලා. සමනල්ලුන්ගේ සිහින කොච්චර සුන්දර වුණත් මේ ගමන යූ.එන්.පී බයිලා පක්ෂය හේදිලා යන එක නවත්තන්න පුළුවනෑ...

:       387       1137

kolam boss Friday, 30 August 2019 10:50 AM

අපි නෙමෙයි, මෙයාලමයි කිව්වේ රාජපක්ෂලා සල්ලි හෙව්වේ ඩොලර් බිලියන් ගණන් කියලා. එහෙම කියලා දැන් නඩු දාන්නේ ස්මාරකයක් හැදුවා කියලා. ආණ්ඩුවම කියන විදියට ඩොලර් බිලියන ගණන් සල්ලි හොයපු පවුලක් තමන්ගේ පියාගේ ස්මාරකය හදන්න කෝටි 4-5ක් වියදම් කළේත් රජයේ සල්ලිද? මම නම් හිතන්නේ නැහැ.. එහෙම ආදායමක් තියෙන කෙනෙක් මේ වගේ පුද්ගලික වැඩකට මෙච්චර සුළු මුදලක් රජයේ මුදල් වලින් වියදම් කරයි කියලා. මම හිතන්නේ මේ නඩුවෙන් ආණ්ඩුව අසුචි ගාගන්නයි හදන්නේ...

:       314       804

Appabransa Friday, 30 August 2019 12:02 PM

සිරාගේ ඇමක්... මිනිහ දැන් කොහොමත් පොහොට්ටුවේ අගමැතිනේ..

:       5       21

Hafeel Friday, 30 August 2019 12:06 PM

මේකටත් මොන ආකාරයෙන් හරි තහංචියක් ගනීවි.

:       133       166

Jaya Friday, 30 August 2019 01:14 PM

ඔක්තෝබර් කියන්නේ ටිකක් පරක්කු වැඩියි... මම නම් හිතන්නේ. එතකොට නාමයෝජනා බාරදීලත් ඉවරයිනේ...

:       4       15

Chathuri Friday, 30 August 2019 01:17 PM

දැන්වත් නීතිය ක්‍රියාත්මක කරන්න. නඩු තියෙන කිසිම හොරෙකුට, දූෂිතයෙකුට, ජනාධිපතිවරණයට තරග කිරීම තහනම්... දැන් ඉන්න නායකයින්ට මේ දේවත් කරන්න බැරිනම් ඔය බලයෙන් වැඩක් නැහැනේ..., මේ රටේ වෙන දූෂණ දිහා බලනකොට මේ ලොක්කන් වැඩ කරන්නේ, ගුවන් විදුලි ලයිසන් එකෙන්ද? ඒකනේ කිසිම විසඳුමක් නැත්තේ... මේ මැතිවරණය නතර කරලා රටේ නීතිය රජ කරන්න. කිසිම නීතියක් නැතිව එක එක රජ්ජුරුවන්ට ඕනෑ විදියට වැඩ කරන්න බැහැ. හිස්බුල්ලත් ජනාධිපති තරගෙට එනවලු... නියමයි, වැරදි තිබුණත් අත්අඩංගුවට ගන්න බයනෑ... රටේ නීති, පක්ෂයෙන් පක්ෂයට වෙනස් වෙනවා. අපිට හැමදාම එකයි. ඒ කියන්නේ ජනතාව සැබෑ මිනිස්සු... මේ කට්ටිය තිරිසන්නු කියන එකද?

:       58       151

Chanaka Los AngaleseFriday, 30 August 2019 02:57 PM

අනේ මෙහෙමත් සිරිකොතේ ඉඳුල් කන බත් බැලයන් බයවෙලා තියෙන තරමක්...

:       51       223

Chanak los angelesFriday, 30 August 2019 05:10 PM

නමවත් හරියට කොපි කරගන්න බැරිවෙලා .

:       34       24

SamanSunday, 01 September 2019 05:15 PM

මේ වැරදියට චානක් ගෙ නම කොපි කරල ලියන්නෙ අර බමුණ තමයි.

:       14       7

SenaSunday, 01 September 2019 05:20 PM

චතුරි බය නැතුව ලියන්න ඕනෑදේ ලිව්වා.. පත්තරේ බය නැතුව ඒක දැම්මා. චතුරි වගේම බය නැති තවත් ගැහැණියක් ඉන්නවා ඇමෙරිකාවේ 'අහිම්සා' කියලා. ඒ ලසන්තගේ දුව. එයා බය නැතුව දාපු නඩුව නිසා තමයි ගෝඨා ගෙයත් විකුණලා මෙහාට පැන්නේ.., එයා දන්නවා ඇමෙරිකාවේ නීතියත් එක්ක වෙට්ටු දාන්න බැහැ කියලා මෙහෙ වගේ.. නඩුව පරාද වුණොත් තියෙන දේපල විකුණලයි ගෙවන්න වෙන්නේ...

:       24       84

Don Friday, 30 August 2019 01:52 PM

ලංකාවේ අධිකරණයට මෙයාට විරුද්ධව නඩු අහන්න බලයක් නැහැ කියලා එයා ඇමෙරිකාවේදී ඉගෙන ගත්තලු...

:       124       17

chandima Friday, 30 August 2019 01:59 PM

දවස ගානේ අැහැව්වත් වැඩක් වෙයිද? ඔව්වා ඉඩම් නඩු වගේ තමයි. ඡන්දෙට කලින් ඉවර කරගත්තොත් ලොකු දෙයක්... නඩු තියෙන කට්ටියට රටේ ජනාධිපති වෙන්න බැරි කරන්න හිතාගෙන තමයි බැරිවෙලාවත් ජනාධිපතිකමට ඉල්ලයි කියලා හිතන හැමෝටම නඩු පටලවලා අන්තිමට ඡන්දෙ කිට්ටු වෙනකල් නඩු අහන එක පසුකලේ...

:       21       258

රජින්ද Friday, 30 August 2019 02:29 PM

ගේම් එක පැහැදිලියි.. අවුරුදු පහක් ඉඳලා අපේක්ෂකයා වෙලා ඉල්ලනකොට ඒ මිනිහව දුෂිතයෙක්, වංචනිකයෙක් කරලා නැති කරලා දාන්නයි හදන්නේ. එකපාර අදෘශ්‍යමාන හස්තයක් විසින් මේ දේශපාලන මාෆියාවෙන් මේ රට නිදහස් වෙනවා නම් මිසක් නැතිනම් ගොඩඒමක් නැහැ. අපි වගේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් ඉදිරියට එන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නේ නැහැ.

:       1       233

රොෂාන් Friday, 30 August 2019 02:42 PM

නඩු මතින්, මළමිනී උඩින්, බෝම්බ හඬින්, මතුවෙන ජනපතිට වහල්කම් කරන්න අපේ රටේ වහලුන් කොතරම් නම් පෙරුම් පුරනවද?

:       224       271

chinthaka Friday, 30 August 2019 03:00 PM

"කස පුපුරන හඩ" "ලඟම ඇහෙන කොට" "පෙරහැර එන බව අැඟවෙනවා" වෙනවෙන නම්වලින් "මානසික වහල්ලු" තෙතුන් දෙනෙක් කමෙන්ට් දැම්මට රටේ බහුතරක් දන්නවා ඇත්ත මේ සංදර්ශනවල ඇත්ත තත්වේ... රටේ ජනතාවගේ අපේක්ෂාව, පැතුම "ගෝඨා". අනෙක් අය පට්ටම පට්ට හොරු කියලා ජනතාව 2015 දී දැනගත්තා..

:       27       491

අශෝක මංජුල Friday, 30 August 2019 04:11 PM

මොනවා වුනත් පැහැදිලිවම පේනවා ගෝඨාභයට කට්ටිය හොඳටම බය වෙලා කියලා... ආණ්ඩුව අරං දැන් අවුරුදු 5ක් වෙනවා. දැං තමයි නඩු පටං ගන්නේ හිටන්...

:       5       501

ධනුෂ්කSaturday, 31 August 2019 05:22 AM

මෙච්චර කල් නිදාගනද හිටියේ.? මේ නඩුව දැන් කොච්චර කල් ඉඳලද? අහන්නේ. කවුද විවිධ හේතු දක්වමින් නඩුව කල් යැව්වේ...? මෙතුමාම තමයි. උසාවියට විවිධ හේතු කියලා නඩුව මෙතැනට ගෙනැල්ලා හේත්තු කලේ. පොහොට්ටුවේ දේශපාලන වහලුන්ට මේවා මතක නෑ. තමන් නිවැරදි නම් සිංහයෙක් වගේ ඉදිරිපත් වෙලා නඩුවෙන් නිදහස් වෙන්න තිබුණානේ. අනික මතක තියාගන්න මේ පක්ෂ දෙක ඉතිහාසයේ කවදාවත් හොරා හොරා කියලා මිනිස්සුන්ට අැහෙන්න බැන ගත්තට මේ වෙනකන් කිසිම හොරෙකෙට දඬුවම් දීලා නෑ. එකම එක මිනීමරුවෙනකුට විතරක් දඬුවම් දීලා තියනවා...

:       116       4

Medamuulana Ralahami Friday, 30 August 2019 05:22 PM

මේ ඔක්කෝ‌ම රනිල්ගෙයි, සිරාගෙයි අහිංසක ජනතාව රවට්ටන්න දාපු කපටි ප්ලෑන්... මේ අවස්ථාවේ හො‌රුයි, පල්හො‌රුන්ට වහල්කම් කරන අයයි තවත් උදම් වෙනවා මිසක් වෙන දෙයක් නැත...

:       0       153

rohana Friday, 30 August 2019 05:25 PM

ගෝඨාට බයවෙලා නෙවෙයි..., මෙයාගේ හැටි මෝඩ මිනිස්සු දැනගන්න ඕනෑ.

:       168       218

Bandara Friday, 30 August 2019 06:49 PM

ගෝඨාව අල්ලන්න වගේ හදන්නේ...

:       0       36

රවිඳු Friday, 30 August 2019 07:06 PM

මෙතුමා යම්කිසි වරදක් සිදුකල බව, මෙතුමා විසින් පිළිගත්තත්, මානසික අන්ධභාවයට පත්වෙලා ඉන්න වහල්ලු සෙට් එක නම් ඒක කීයටවත් පිලි ගන්න එකක් නැහැ. බෙලිඅත්ත පැත්තේ මෙතුමාගේ පිළිරුවක් වත් ඉදිකළා නම් මේ වහල් සෙට් එකට වන්දනාවේ ගොස් වන්දනාමාන කරන්නත් ඉඩ තිබුණා.

:       1       60

SusilSunday, 01 September 2019 05:32 PM

හරියට හරි.. කතරගමට යන්න කලින් මල්මාලයක් දාලා, පූජා වට්ටියක් තියලත් යාවි වහල්ලු සෙට් එක.

:       0       10

WarnakulasuriyaMonday, 02 September 2019 04:11 PM

මේ යුගයේ වහල්ලු ගැන අහපු හොඳ ප්‍රකාශයක්. වහල්කම ගැන ලැජ්ජා හිතුනාම දේශප්‍රේමය නැත්නම් යුද්ධය ඇදගැනීම පොහොට්ටු වහලුන්ට ආවේනික ලක්ෂණයකි.

:       0       0

Chanak los angeles Friday, 30 August 2019 08:56 PM

දූෂණ, අපරාධ නඩු කප්පරක් ගොනුකර තිබෙන පුද්ගලයෙකුට මැතිවරණයක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධකයක් නැති ලෝකයේ එකම රට අපේ ශ්‍රී ලංකාව පමණි .

:       14       107

BamunuarachchiMonday, 02 September 2019 11:48 AM

ඒකනේ ඇමෙරිකාවේ ඉඳුල් කන, සුද්දන්ගේ රෙදි අපුල්ලන, එහෙ ඉඳන් සිරිකොතෙත් රෙදි අපුල්ලන අය තවමත් අගමැතිලා වෙලා ඉන්නේ...

:       20       0

Ajith NissankaMonday, 02 September 2019 04:05 PM

ඒකනේ එහෙව් එකේ පවුල් පිටින් ගිහින් ඇමෙරිකාවේ ඉඳුල් කන කෙනෙක් ඇමෙරිකන් විරෝධී පොහොට්ටු බලකායේ අපේක්ෂකයා වෙන එකේ වරද මොකද ! මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ මෙයා!

:       0       1

rohana Saturday, 31 August 2019 02:48 AM

යුද්ධය ඉවර කලේ සරත් ෆොන්සේකා මිස බලෙන් ලකුණු දාගත්ත සහෝදර සමාගම නෙවෙයි. මෙයා යුද්ධයට බයේ ඇමරිකාවට පැනලා ගිය කෙනෙක්.. මම හමුදාවේ යුද්දේ කාලේ හිටපු කෙනෙක්. කවුද යුද්දේ කලේ කියලා මම දන්නවා.

:       120       64

ranasinghe Saturday, 31 August 2019 02:57 AM

අවුරුදු 100ක් පරණ නඩු..! අවුරුදු 200 ක් පරණ ඉඩම් නඩු මේ පරිදිම අසා හෝ නිම කරමුද?

:       0       2

Muhan Saturday, 31 August 2019 04:04 AM

දැන් ගෝඨයි, සිරිසේනයි, මහින්දයි එකට ඉන්නේ, තදියමේ සිරිසේන මෙම නඩු උඩට ගන්නේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන්නේ...

:       0       331

Warnakulasuriya Monday, 02 September 2019 04:22 PM

ඊළඟ මැතිවරණයෙන් ශ්‍රීලංකා නි.පක්ෂයට අගමැතිකම බලපොරෝත්තුවෙන්වත්ද කියලා හිතෙනවා.

:       0       0

Sugath Premalal Saturday, 31 August 2019 04:26 AM

ලංකාවේ නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකට හොඳම නිදසුනක් තමයි මේක.. කෝ එතකොට මහා බැංකු කොල්ලයට අදාල නඩු...?

:       90       73

rihan Saturday, 31 August 2019 05:20 AM

ඇතුළට දැම්මොත් ගෝඨා අතඋඩින් ජනාධිපති වේ...

:       9       62

ranjith Saturday, 31 August 2019 06:02 AM

අනේ දෙමළුන්ට මුස්ලිම් අයට මේ රට වෙඩි බලයක් හිමිවූ දාට මේ විනාශයේ තරම තේරෙයි. එහෙමම තමා වෙන්න ඕනේ...

:       4       4

Priyantha Saturday, 31 August 2019 06:11 AM

ජනතා මුදල් හොරාකාපු හොරුන්ට අනිවාර්යයෙන් දැඩි දඬුවම් දිය යුතුයි..

:       0       215

sirimal Saturday, 31 August 2019 07:36 AM

ඔය එක්කම "වැලිකඩ" නඩුවත් එනවලු ඔන්න. එක්කෝ නීතිය පසිඳින්නයි යන්නේ නැත්නම් " චූදිතයින් සියලුම දෙනා නිදොස් කොට නිදහස්" කරන්නයි යන්නේ. නීතිය ක්‍රියාත්මක කළොත්" මෙන්න මෙන්න දේශපාලන පළිගන්නවෝ" කියලා කෑගහයි. නිදහස් කළොත් "මේ ආණ්ඩුවට කොන්දක් නැහැ" කියල කෑගහයි. අර විනෝද සමයේ කිව්වා වගේ තමයි. "දෙකම එකයි හැබැයි වෙනස්.."

:       0       169

ranga disanayake Saturday, 31 August 2019 08:28 AM

මේ තව රංගනයක්... අගමැති රංගනයේම කොටසක් මිසක්.. වෙනදෙයක් නැහැ. හොරුත් ඔවුන්ගේ, බඩුත් ඔවුන්ගේ...

:       0       5

Prabha Saturday, 31 August 2019 01:08 PM

මේක යූ.එන්.පී වැඩක් නොවේ. හීන් නූල් සිරාගේ වැඩක්.

:       1       1

තුසිත Saturday, 31 August 2019 03:01 PM

ඡන්දයක් කිට්ටු වෙද්දි හැමදාම කියපු දේනේ...

:       1       0

Susil Sunday, 01 September 2019 05:22 PM

අවුරුදු 17ක් ඇමෙරිකාවේ හැංගිලා ඉන්නකොට අම්මා, තාත්තා මතක් වුනේවත් නැහැ.. 2005 අයියා ජනාධිපති වුණාට පස්සෙ මෙහෙට ඇවිල්ලා.. ස්මාරකත් හැදුවා.. හැබැයි අපේ සල්ලිවලින්..

:       0       4

Sena Sunday, 01 September 2019 05:29 PM

හරියට නඩුව ඇහුවොත් ගොට්ලර් පරාදයි, මොකද වියදම් කරපු රජයේ මුදලින් කොටසක් ගෙව්වේ වැඩේ වැරදි නිසයි.

:       0       4

sunil Sunday, 01 September 2019 08:25 PM

ඕක ඉතින් හැමදාම කරනවනේ ...ඔය සේරම අපිව රවට්ටන්න ..උන් උන් සේරම යාලුවෝ .උන්ට දිනන්න ඕනේ උනාම උන් ඒ පැත්තට බනිනවා නඩු දානවා .මේ පැත්ත දිනුවම මොකුත් නැහැ ..පට්ටම හොරු ඉන්නේ .මුන් දන්නවා මිනිස්සුන්ව රවට්ටන්න හරිම අපුරුවට දැන් ගොටා සජිත් කියා කියා මිනිස්සු මර ගන්නවා මේකේ වාසිය සුළු ජාතීන්ට ..අපේ මිනිස්සු හැමදාම අසරණයි ....

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 690 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1563 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1787 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 997 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 262 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2151 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site