IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘සයිටම් අලුත් තත්ත්වය ගැන ජනපති සමඟ සාකච්ඡා කරනවා‘

(රංජන් කස්තුරි)


සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අලුත්ම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.


මීට අමතරව ලබන අඟහරුවාදා (25) හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා ගතයුතු තීරණාත්මක පියවර පිළිබඳව සාකච්ඡා කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.


සයිටම් කුණුකන්ද තමන්ගේ රජය විසඳූ බවට ජනාධිපතිවරයා ඉතා ආඩම්බරයෙන් ප්‍රකාශ කළ ද එය එසේ වී නැතැයි හෙතෙම සඳහන් කළේය.


සයිටම් ආයතනයේ පුහුණුව සහ ප්‍රමිතිය සතුටුදායක නොවන බව තාක්ෂණික වශයෙන් තහවුරු වී ඇති බව ද එම නිසා රජය පාර්ලිමේන්තු පනතක් මගින් සයිටම්  ආයතනයේ සිසුන්ට විකල්ප විසඳුමක් ලබාදුන් බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.



අදහස් (21)

‘සයිටම් අලුත් තත්ත්වය ගැන ජනපති සමඟ සාකච්ඡා කරනවා‘

ලකිත් ශ්‍යාමන් Friday, 21 September 2018 12:23 PM

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අභියෝගයට ලක්කරන්නට තරම් මේ අයට ඇති බලය මොකද්ද?

:       77       282

රවීFriday, 21 September 2018 06:29 PM

ශ්‍රේෂ්ඨාධිකරණය මොනවද දන්නේ? වෛද්‍ය විද්‍යාව ගැන ...? එ් අය කියන කියන ඒවා දොස්තරලා කරන්න ගියොත් ලෙඩ්ඩු මැරෙනවා. හෙට ඉඳලා නඩු කාරයින් ඉස්පිරිතාලවල ලෙඩ්ඩු පරික්ෂා කරාවිද දන්නේ නැහැ... මල කෝලම්...

:       10       20

JinadaasaSaturday, 22 September 2018 12:26 AM

සයිටම් එකේ වෛද්‍ය නොවන ඉංජිනේරු උපාධි ගණනාවක්ම තියෙනවා නේද?

:       0       16

හර්ෂSaturday, 22 September 2018 06:25 AM

ඒ උපාධිවලට බලපෑමක් නෑ.

:       0       4

patient Friday, 21 September 2018 12:57 PM

සයිටම් සිසුවිය ජයග්‍රහණය කරවමින් ලංකාවේ ඉහළම අධිකරණය අද ලබාදුන් තීන්දුව පැය කිහිපයක් ඇතුළත සියලු මාධ්‍යවලින් හකුලා ගත්තේ කාගේ කුමන්ත්‍රණයක්ද?

:       172       108

හර්ෂSaturday, 22 September 2018 03:09 AM

2018 අංක 17 දරන ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත මගින් අදාල නීතිමය තත්වය වෙනස් කර ඇති බැවින් මෙම තීන්දුව තවදුරටත් වලංගු නැත.

:       0       87

වසන්න Friday, 21 September 2018 01:47 PM

ප්‍රමිතිය ගැන දැනගන්න ඕනෑනම් ඔය ළමයින්ගෙන්ම අහන්න උපාධිය අවශ්‍ය සයිටම් එකෙන්මද කොතලාවලින්ද කියලා. එතකොට කාට කාටත් හරි උත්තරය හම්බ වෙයි. ඒකෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අපහසු වෙයිද මන්දා ?

:       281       309

රවිඳු Friday, 21 September 2018 02:09 PM

මාෆියා කාරයින්ගේ ග්‍රහණයට හසුකර ගනිමින් බිඳ දැමුණු සයිටම් වෛද්‍ය පීඨයෙන් නිකුත් කළ වෛද්‍ය උපාධියට හිමි ගෞරවය මේ රටේ නීතියෙන් ලැබී තිබෙනවා. ගරු අධිකරණයට අපගේ ආචාරය පුදකර සිටිනවා. දොස්තර මාෆියා වෛද්‍ය ඒකාධිකාරය පවත්වාගෙන යාමේ පටු පරමාර්ථය ඇතිව සිදුකළ අසත්‍ය ප්‍රචාර හමුවේ හා මාෆියා කාරයින්ගේ බලපුළුවන් කාරකම හා තර්ජන, ගර්ජන හමුවේ දණ නැමූ මෙරට පාලකයින් ලබා දුන් විසඳුම, තුවාලයට ඇලවූ පැලැස්තරයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පරිබාහිරව පවත්වා ගෙන යන කොතලාවල වෛද්‍ය පීඨයේ පවතින ප්‍රමිතිය කුමක්ද? සයිටම් ආයතනයෙන් අන්තර්ග්‍රහණය කළ සිසුන්ට අධ්‍යාපන පහසුකම් සැපයීමට ඔවුන්ට ආයතනික වශයෙන් පහසුකම් තිබේද? පිටරට සිසුන්ට පමණක් මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට හැකි වන්නේ කෙසේද? සයිටම් සිසුන්ට හා විදේශීය සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීම සාධාරණද? කොතලාවල රෝහලේ ඇඳන් ගණන් කිරීමට ගියේ කවුද? වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය මනින්නේ, අඛණ්ඩව වසරක් පාසා සිසුන් බඳවා නොගැනීමේ පදනම මතද?

:       757       642

හරින්ද්‍ර Friday, 21 September 2018 06:30 PM

ඔබගේ මොලේ අස්පට් එකක් වගේ.. කරුණාකරලා අංගොඩට ඇතුල්වන්න.

:       12       0

විකුම් රංගන Sunday, 23 September 2018 12:38 PM

මොළේ අප්සට් කාරයෙකුව මොනවා හරි කරලා ගොඩ දාන්න පුළුවන්... එ්ත්, හරින්ද්‍ර ඔබ වගේ අයව කප්පාදු කළ අයෙක්ව වෛද්‍ය විද්‍යාව අනුව නම් ගොඩ ගන්නම බැහැ. ඔබ දැන් මොන තනතුරක සිටියත් "අසල්වැසියා සරණන් ගච්ඡාමි" යන එක තමයි කරන්න තිබෙන්නේ! අන්න එතකොට තමයි, අනුන්ගේ සතුටේදී, අපි සතුටු වෙන තියරිය ලෝකෙටම පෙන්වන්න හැකි වන්නේ...

:       0       22

LasiSaturday, 22 September 2018 04:41 AM

යල්පැන ගිය නීතියක් ඇති රටක උසාවි ගැන කතාකරලා වැඩක් නැහැ. තවම වෛද්‍ය අධ්‍යාපනයේ අවම් සුදුසුකම් ගැසට් කර නැති රටක මොන නීතිද? කොතලාවල පීඨයේ ප්‍රමිතිය ලොව පිළිගෙන ඇත. ඔවුන් සායනික පුහුණුව කොළඹ ජාතික රොහල, ජපුර, කලුතර, හමුදා රොහල් වලින් ලැබේ.

:       0       82

බද්රානි Saturday, 22 September 2018 08:05 AM

ලැසී මහත්තයාගේ සිතේ ඇතිවන සුරතල් මනෝ භාවයට මෙතන බොරු ලියන්න එපා... 2009.02.25 දින රජය විසින් මුද්‍රණය කල ඇති විශේෂ ගැසට් පත්‍රයේ වෛද්‍ය අඥාපනත අනුව වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය සුදුසුකම වන්නේ, උසස් පෙළ ජීවවිද්‍යා අංශයෙන් විෂයන් තුනක් සමත් හෝ වසර 11 ක අධ්‍යාපනයෙන් පසුව සාමාන්‍ය පෙළ සමත් වී, වසර දෙකක ප්‍රී මෙඩිකල් පාඨමාලාව හදාරා තිබිය යුතුවීමයි. මෙන්න මේ වෛද්‍ය අඥා පනත අනුව තමයි විජයදාස රාජපක්ෂ මහතා සයිටම් සිසුන්, කොතලාවල ආයතනයට බඳවා ගැනීම සඳහා, වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට මූලික සුදුසුකම ලෙස උසස් පෙළ විෂයන් තුන සමත්වීම ගැසට් කලේ. එසේ නැතිව මෙය එතුමා අමුතුවෙන් හැදූ නීතියක් නොවේ. සයිටම් ආයතනය පටන් ගන්න අවධියේ සම්මත කරන ලද මෙවැනි එන පනත් හමුවේ නැට්ට බඩ යට ගසා ගෙන සිටි නරි රැල, පසුව සද්දේ දැම්මේ දේශපාලන නාඩගමක් බව තේරුම් ගැනීමට, මොන්ටිසෝරි මොළවලට තේරුම් ගැනීමට නොහැකි බව මතක තබාගෙනය. රවිඳු විසින් නගා ඇති ප්‍රශ්න අවඥාවට ලක් නොකර, ඔබගේ භාෂාවෙන් හූ නොකියා හැකි නම් බුද්ධිමත්ව පිළිතුරු දෙන්න.

:       155       212

ලක්සිරි Friday, 21 September 2018 04:39 PM

අධිකරණය රවට්ටන්න ලේසි නැහැ. සත්‍යය මිනිස්සු තාවකාලිකව වසන් කලාට සදහටම වල දාන්න බැහැ කොයි මොහොතක හෝ ඉස්මතු වෙනවා. ඒ කෙසේ වුවත් සයිටම් ආයතනය නම් බිත්ති ටිකත් බිමට සමතලා කරලයි මේ දුර්ජනයෝ පස්ස බලන්නේ.

:       1094       729

ටි.ඉන්දික Friday, 21 September 2018 07:09 PM

මේ අය ඇත්තටම වෛද්‍යවරුන්ද? ..ඉරිසියාව ප්‍රධානයි

:       0       2

විකුම් රංගන Friday, 21 September 2018 07:44 PM

රවිඳු, ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියට අවශ්‍ය මුලික සුදුසුකම වන්නේ, විදේශ සිසුන්ට පමණක් වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම හා මින් ඉදිරියට ලාංකික සිසුන් බඳවා නොගැනීමේ පදනම මත සයිටම් සිසුන්ට පමණක් වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමයි. ඔය කියන මූලික සුදුසුකම සම්පුර්ණ කරන, මධ්‍ය මහා විද්‍යාලයකට පවා වෛද්‍ය උපාධිය පිරිනැමීමේ බලය පවරන්න අපේ රටේ දොස්තර අයියලා කිසි විටෙකත් පසුබට වෙන්නේ නැහැ. අනිත් කාරණය තමයි රෝගීන්ට තග දමා රෝගියාට ප්‍රතිකාර කිරීමත්, ලංකාවේ වෛද්‍ය අධයාපනයේම විශේෂ පාඩමක්නේ? ඔන්න ඕකට තමයි ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය කියන්නේ...

:       0       59

ranjith Saturday, 22 September 2018 01:15 AM

අධිකරණ තීන්දුවට අභියෝග කිරීමට සුදානම් වන වෛද්‍ය සංගමයට කරන්න පුළුවන් එකම දේ නැවත වර්ජනය කරමින් සෛටම් එකට කිසිම සම්බන්ධයක් නැති අසරණ රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්කිරීම පමණයි. එයට නිසි පිළිතුරුදීමට ජනතාව දැන් පෙළගැසිය යුතු කාලයයි.

:       0       170

rocky Saturday, 22 September 2018 03:11 AM

මෙහි කොමෙන්ට් දමා ඇති සමහර උගතුන්ද සමග සියලුම `ඒ` ලෙවල් සමතුන්ට එම.බී.බී.එස්. සහතික පිරිනැමීම පුහුණුවක් නැතුවම සිදු කිරීම සුදුසුයි...

:       0       125

Chami Saturday, 22 September 2018 03:48 AM

රටේ අධිකරණ පද්ධතියේ තත්ත්වය පෙන්නුම් කල තීන්දුවක්... වෛද්‍ය සභාව දුර්වල ප්‍රමිතිය ඔප්පුකර ආණ්ඩුව අහෝසි කළාටත් පසුව තව මොනවද? රංජා කිව්වේ ඇත්ත තමයි. ඔක්කොම ඩීල් ...

:       0       154

හර්ෂSaturday, 22 September 2018 06:29 AM

මේක අලුත් තීන්දුවක් නෙවෙයි. අභියාචනාධිකරණයේ තීන්දුව එවකට පැවැති තත්වය අනුව නිවැරදි බව තහවුරු කිරීමක්. 2018 අංක 17 පනතෙන් කරපු වෙනස්කම්වලට තීන්දුවෙන් බලපෑමක් නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවේ පැහැදිලිව දක්වලා තියෙනවා.

:       0       2

[email protected] Saturday, 22 September 2018 04:29 AM

ලෝකයේ සහ ලංකාවේ පිළිගැනීමක් නැති සයිටම් උපාධිය අරගෙන උසාවිවල තමයි ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ..

:       254       203

Dr. Risna Kandy Monday, 24 September 2018 07:12 AM

රවිඳු හා බද්‍රානිගේ අදහස් අගය කරමි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය වරුන් ලෝකේ අනෙකුත් රටවල අය සමග සැසදීමේදී බොහොමත් පහල මට්ටමක බොළඳ මානසික තත්වයකින් සිටින අය බවට ඕනෑම කෙනෙකුට පෙනීයන්නේ ඔවුන් හැම ප්‍රශ්නයකදීම දුප්පත් රෝගීන් අමාරුවේ දාමින් වැඩ වර්ජන කිරීම් පමණක් තම රාජකාරිය බවට පත්කර ගෙන තිබීම නිසාය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1896 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 966 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 762 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 362 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 630 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 570 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site