IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වරෙන්තු නිකුත් කිරීමේ තීරණය 2.30ට

(නිමන්ති රණසිංහ)

 හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනාට වරෙන්තු නිකුත් කරනවාද  නැද්ද යන්න  පිළිබඳ  නියෝගය  ලබා දීම  අද  (6)  දහවල්  2.30  තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  රංග දිසානායක  මහතා  නියෝග කළේය.

මහබැංකු බැඳුකර සිද්ධිය සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේදී  මහේස්ත්‍රාත් වරයා මේ බව  ප්‍රකාශ කළේය.

වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන්  මහෙස්ත්‍රාත්වරයා විසින් නීතීපතිට  ප්‍රශ්න 7 කින් යුත්  ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා පිළිතුරු දිය හැකි දැයි  විමසු අවස්ථාවේදී  පිළිතුරු දීමට හැකියාවක් ඇතැයි නීතීපතිපති  නියෝජන කරමින් පෙනී සිටි  නියෝජ්‍ය සොලිසිටර්  ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැවසූ අතර ඒ වෙනුවෙන්  වේලාවක් ලබා දෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළාය.

ඒ අනුව  නඩුව යළි 2.30 ට කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

• අදාල වර්ෂයේදී බැදුකර වංචාවට අදාළව කොපමණ බැඳුකර නිකුත් කර තිබුණාද?  
• එයින් කොපමණ වංචාවක් සිදු වූවාද?
• සේව අර්ථසාධක  අරමුදලේ ආයෝජනය සඳහා කොපමණ මුදලක් යොදා  තිබුණාද? 
• අර්ජුන්  මහේන්ද්‍රන්  සමඟ  පර්පෙචුවල් ටෙෂරීස් සමාගම ඇති සබඳතාවය   කුමක්ද? 
• මහ බැංකු බැඳුකර සිද්ධිය සම්බන්යෙන් සැකකරුවන් ලෙස නම්කර සිටින මහ බැංකුවට සම්බන්ධ නිලධාරීන්ට වරෙන්තු නිකුත් කිරීමට අදාල සාක්ෂි  කෙසේ පදනම් වනවාද? ආදී ප්‍රශ්නාවලියක්  නීතීපතිට යොමු කර තිබේ.

බැඳුකර වෙන්දේසි වලසිදු කරන ලද අපරාධමය වැරදි වලට  සම්බන්ධයෙන්  චෝදනා එල්ල වු  සැකකරුවෝ 12 දෙනා පහත පරිදිය .

පසුගිය 4 වැනිදා ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම්  කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්

2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක

3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්

4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්

5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි

6 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්

7 .චිත්ත රංජන් හුළුගල්ල

8 .මුත්තුරාජා සුරේන්ද්‍රන්

9 .අජාන් ගාර්දියෙ පුංචිහේවා

10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර

11.සංගරපිල්ලේ පදුමනාපන්

12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර

 
 



අදහස් (18)

වරෙන්තු නිකුත් කිරීමේ තීරණය 2.30ට

Raveendra Friday, 06 March 2020 05:26 AM

තම උපන් රටට අවංකව ආදරය කරන ලාංකිකයන් මොහුට වරෙන්තුව නිකුත්කර තිබෙන්නේ දශක කීපයකට පෙර.

:       2       118

Hafeel Friday, 06 March 2020 05:41 AM

මේ රටේ විශාලතම වංචා මේ මහබැංකු බැදුම්කර වංචා බව කවුරුත් දන්නා සිද්ධියක්. නමුත් අත්අඩංගුවට ගන්න තියන අමාරු. පොල් අඹ ගෙඩි හොරුන්ටත් මේ වරප්‍රසාද තිබුණුත් සාධාරණයි.

:       43       72

පුරවැසියා Friday, 06 March 2020 05:49 AM

මෙතුමාට වරෙන්තු නිකුත් නොකරන්න හේතුවක් තියෙනවද? අපි වසර ගණනක් තිස්සේ මෙතුමාගෙන් රටට අහිමි වූ ධනස්කන්ධය කවදාද අයකරගන්නේ කියලා...

:       16       145

RaveendraFriday, 06 March 2020 06:15 AM

පුරවැසියා මයා වෙත කරුණාකර මෙතුමා යන ගෞරවාන්විත වචනයේ නියම තේරුම සොයා බලන්න එවිට ඔබ පිලිබදව ඔබම කනගාටු වෙනවා නියතය. දියවන්න ඔයේ 225 කිසිලෙස මෙම වචය භාවිතා කර ආමන්ත්‍රණය කිරීම ඉතාම නුසුදුසු ලෙස අප සියලුම ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. මක්නිසාදයත් ඒ සදහා ඔවුන් සුදුසුකම් ලබා නොමැති බැවිනි.

:       38       135

AkilaFriday, 06 March 2020 10:35 AM

රවින්ද්‍ර මහතා වෙත, ඔබ පොදුවේ 225 දෙනාටම හැල්ලුවට ලක්කර තිබේ. නමුත් මා දකින ලෙස අපි දැකිය යුත්තේ වරද හා වැරදිකරුවා පමණි.

:       0       27

sam Friday, 06 March 2020 06:12 AM

මම පහුගිය අවුරුදු ගානක් පුරාම යහපාලනයට විරුද්ධව පොහොට්ටුව වෙනුවෙන් ලංකාදීපයට කමෙන්ට් දාපු කෙනෙක්. ඒ නිසා මේ ලියන කමෙන්ට් එකෙන් මම රවී කරුණානායකට පක්ෂයි කියල හිතන්න එපා. නමුත් මට නීතිපතිතුමාගේ (දප්පුල ලිවේරා) ගැන අහන්න ප්‍රශ්නයක් තිබෙනවා. එතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ සේවකයෙක් හැටියට බැඳුම්කර මගඩිය එළිකරන්න රට වෙනුවෙන් විශාල සේවයක් කරපු රටට ණය නැති ලංකා පුත්‍රයෙක්. නමුත් ඔහු ඒ කරපු දේ ගැන අද නීතිපති තනතුරේ ඔහුම ඉඳගෙන තවදුරට හොරු අල්ලන්න කියන එක ඉංග්‍රීසි භාෂාවේ එන කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් (තනතුරු දෙකම එක තැනැත්තෙක් දැරීම නිසා එන විනිවිද භාවයේ ප්‍රශ්න) යන තත්ත්වය ඇතිවෙනවා නේද?

:       1       38

sharm warn Friday, 06 March 2020 06:21 AM

ඒ කියන්නේ... මෙගොල්ලොත් මේ නඩුව අපිව නටවන්න තමයි පාවිච්චි කරන්නේ. කවදාවත් අත්අඩංගුවට ගන්නෙත් නැහැ. බැඳුම්කර හොරුන්ව අල්ලන්නෙත් නැහැ. අපි ත් මැරිලා අපේ ළමයින්ගේ ළමයි ඉන්න කාලේවත් මේවා විසඳන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නත් එපා. මේ දෙගොල්ලෝ කරන්නේ දෙගොල්ලන්ගේ පිටවල් කහ ගන්න එක විතරයි.

:       0       58

rasikaFriday, 06 March 2020 07:01 AM

ආණ්ඩුව නෙමෙයිනේ වරෙන්තු නිකුත් කරන්නේ.. එක කරන්න ඕනේ උසාවියෙන්... හැබැයි ආණ්ඩුව කරන්න ඕනේ උසාවිය දේශපාලනයෙන් නිදහස් කරලා තියන්න.

:       1       39

vidya Friday, 06 March 2020 06:58 AM

එතකොට 2015ට ඉස්සර හොරු නඩේට මොකද කරන්නේ..?

:       1       32

saneshFriday, 06 March 2020 10:39 AM

2020 දීද මතක් වුනේ...?

:       67       0

මුණසිංහ Friday, 06 March 2020 06:59 AM

වරෙන්තු කොහොම වෙතත් රටේ ජනතාව බලා සිටිනවා. අදාල පුද්ගයින්ට එරෙහිව ගන්නා නීතිමය පියවර පිළිබඳව.... එය අධිකරණය කෙරෙහි රටේ ජනතාව තබන තීන්දුවට බෙහෙවින් බලපානවා. අනාගතයට එය තදින්ම බලපාවි...

:       0       2

de silva berlin Friday, 06 March 2020 07:29 AM

ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය බැලුවාම මට හරිම කණගාටුවක්, කලකිරීමක් ඇතිවෙනවා..

:       0       1

keppetipola Friday, 06 March 2020 08:08 AM

අනේ මෙහෙමත් නාටක. පුදුම මහේස්ත්‍රාත් ගොයියෝ ලංකාවේ ඉන්නේ. අහිංසක මිනිසුන්ට පොඩි වරදකට හරි දඬුවම් දෙන්න නම් දන්නවා. කෝටි ගණන් හොරකම් කරපු අයට වරෙන්තු නිකුත් කරන්නත් බයයි. යටින් ඩීල් යනවද දන්නේ නැහැ. අර අහලා තියෙන හතරවෙනි ප්‍රශ්නේ දිහා බැලුවම හිතනවා මහේස්ත්‍රාත්වරයා ඉන්නේ මේ රටේද කියලා..? අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනා පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් කියලා මුළු රටම දන්නවා. නමුත් මහේස්ත්‍රාත්තුමා දන්නේ නැහැ.

:       0       152

සනත් ඉතාලිය Friday, 06 March 2020 08:31 AM

ඇත්තම කියනවනම් අපේ රටේ සැමට පොදු නීතියක් නැහැ. ලොකු ලොක්කො වෙනුවෙන් උසාවියෙන් නිකුත් කරන නීති තර්ක එක්ක සාදාරන විනිශ්චක් දකින්න පුලුවන කන කැස්බෑව වියසිදුරින් අහස දකිනව වගේ අවස්තාවක පමනයි

:       0       4

lalithm Friday, 06 March 2020 08:57 AM

බලන්න නම් ලිස්ට් එක. හොරකම් කරනකොට සුළු මහා ජාති නැහැ. දෙකම එකතු වෙලා.

:       0       42

de silva Friday, 06 March 2020 11:22 AM

සහතික ඇත්ත ඩොලර් කෝටි ගණනින් හොරකම් කරනකොට නම් සුළු, මහ ජාති නැහැ... හැමෝම එකතුවෙලා වැඩේ දීලා තිබෙන්නේ.... ලංකාවේ මහා බැංකුවේ ලොකුම තනතුර දරමින් ලංකාවේ ලොකුම මූල්‍ය වංචාව කරන්න සුළු ජාතිකයෙකුට පුලුවන් නම්..., මේ ජිනීවා ගිහින් නටන නාඩගම කුමක්ද?

:       0       0

de silva Friday, 06 March 2020 12:14 PM

ඔය ඔක්කෝටම කලින් වරෙන්තුව නිකුත් කරනවද කියලා කලින් විනිසුරුතුමා රන්ජෙක් එක්ක කළා වගේ විනිසුරුතුමා දැන් පාර්ලිමේන්තුවේ බලේ ඉන්න ජොනී හෝ රත්‍රන් කෙනෙකු එක්ක දුරකථන සාකච්ඡාවක් කරන්න ඕනේ..., ඊට පස්සේ ඔහු රවීට කතාකරලා ඩීල් එක දමනවා. ඊට පස්සේ ජොනී හෝ රත්‍රන් විනිසුරුට ඕකේ එක හෝ නොට් ඕකේ එකදෙනවා. මේ ඔක්කොම කරන්න පැය කිහිපයක් යනවා. දැන් ඉස්සර වගේ කෝල් දෙන්න බයනිසා අදාල පුද්ගලයින් මුණ ගැහිලාම කතා බහ කරගන්නම ඕනේ... ගමේ පොඩි සොරකමක්, රුපියල් 10000 -15000 චෙක් සොරකමක්... ක්‍රෙඩිට් කාඩ් සොරකමක් කරපු කෙනෙකුට වරෙන්තු කරන්න ජෝනීගෙන් අහන්න ඕනේ නැහැනේ කෙලින්ම කරන්න පුළුවන්... ඒවා උදේ වරුවේම දෙනවා. රවීගේ එක දෙන්න වෙන්නේ උසාවියේ වැඩ ඉවරවෙලා... හවස 5ට විතර.. සමහරවිට රතු සිග්නල් අාවොත් වරෙන්තුව නිකුත් කරන්නෙම නැහැ...

:       0       0

de silva Friday, 06 March 2020 08:49 PM

මම කලින් කිව්ව වෙලාව හරිනේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 0 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 1 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2327 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1241 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 942 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 409 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site