(සුමිත් පොතුපිටිය)
කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයා පදිංචි වැලිපැන්න , බොන්දුපිටිය, කුරුන්ද පාරේ නිවසට අද දහවල් යතුරුපැදි වලින් කඩාවැදුණ සන්නද්ධ පිරිසක් නිවසේ තිබූ ජංගම දුරකථන 2 ක් , රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි .
සන්නද්ධ සාමාජිකයින් කඩාවදින මොහොතේ පොලිස් පරීක්ෂක වරයා නිවසේ සිට නැති බවත් සන්නද්ධ සාමාජිකයින් ගේ ප්‍රහාරයට ලක්ව පොලිස් පරීක්ෂක වරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බවත් පොලිසිය සදහන් කරයි.
සන්නද්ධ සාමාජිකයින් ටී 56 ගිනි අවියක් රැගෙන ආ බවත්, රන් මාලයක් සහ මුදුවක් කොල්ලකා පලාගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී හෙළිව ඇතැයි ද සදහන් වේ.
කළුතර සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශයේ ආරක්ෂක කැමරා යොදා මේ වනවිට පරීක්ෂණ පවත්වයි.
යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ
චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස
2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.
පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය
අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සන්නද්ධ පිරිසක් ඕ.අයි.සී.ගේ බිරියට පහරදී නිවෙස කොල්ලයි
කිරි පුතා Saturday, 03 December 2022 02:57 PM
අඩුම ගානේ මේ හොර කල්ලියටවත් කළ වැඩේ වැරැදියි කියලා තේරෙන තරමට දඬුවමක් ලැබේ යැයි සිතමු. උසාවි දැම්මොත් ඉතින් පුස්ස බින්දා වගේ තමයි. සාමාන්‍ය ජනතාව වඩා බිය ගන්වන සිදුවීමක්...!
ලසන්ත Saturday, 03 December 2022 07:19 PM
සාමාන්‍ය අයගෙන් අහනවා වගේ සැක කවුද කියලා ඇහුවේ නැතෙයි...
Perera Sunday, 04 December 2022 12:29 AM
අධිකරණයේ භාරව තියෙන රත්තරන් හොරකම් කරගෙන යනවානම් ඕ.අයි.සී.ගේ ගෙදර තියෙන ඒවා කජ්ජක්ද.?
sam Sunday, 04 December 2022 06:59 AM
පොලිසිය නිදිද මෙච්චර දෙයක් වෙද්දී.
sujeewarSunday, 04 December 2022 10:19 AM
හොරු කිය කිය එන්නෙත් නැහැ. අවිල්ලා අපි ආවෝ කියලා නෑ ගහන්නෙත් නැහැ. ඇවිල්ලා සද්ද කර කර හොරකම් කරන්නෙත් නැහැ. හැම ගෙදරකටම පොලිස් නිලධාරියා බැගින් යොදවන්නත් බැහැ. ඔක්කොටම වඩා හොරුන්ට මිනීමරුවන්ට ස්ත්‍රී දූෂකයන්ට මානව හිමිකම් වල ආරක්ෂාව හොඳටම තියෙනවා, ඒ අයගේ ආරක්ෂාව සැලසීමට එක එක රාජ්‍ය නොවන සංවිධානයි, එක එක ස්වාදීනයි කියාගන්නා කණ්ඩායමුත් ඉන්නවා.