බිඟුන් මේනක ගමගේ
රටත් රටේ ජාතික සම්පතුත් ගැන අවංක හැඟීමක් ඇති නම් දුම්රිය බලධාරීන්, ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් සම්බන්ධ කරගත් කඩිනම් සාකච්ඡාවක් තමන්ට ලබාදෙන්නැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ලිපියක් යොමු කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කොට එය විනාශ කිරීමට සිදුවන කුමන්ත්‍රණය ගැන කරුණු හෙළිකිරීමේ කිරීමේ අරමුණෙන් අවස්ථා ගණනාවකදීම තම වෘත්තිය සමිති ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවකට අවස්ථාවක් ඉල්ලා සිටිය ද එය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර නැති බවට ඔවුහු එමගින් චෝදනා කරති.
එයින් පෙනී යන්නේ දුම්රිය බලධාරීන් හා අනිකුත් දේශපාලන නායකයින් මෙන්ම ජනාධිපතිවරයා ද රට පිළිබඳව හෝ ජාතික සම්පත් පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන බව යැයි චෝදනා කරන දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ඇතැම් දුම්රිය බලධාරීන් හා ආණ්ඩුවේ දේශපාලන නායකයින් දුම්රිය දෙපාර්තමේන්තුව ජාවාරම් කාරයින්ගේ තිප්පොලක් බවට පත්කර ඇතැයි පවසති.
විශේෂ සුඛෝපභෝගී දුම්රිය ධාවනයේ යෙදවීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් මිලියන ගණනක් පැහැර හැර ඇති පිරිස්වලට දුම්රිය ආඥා පනතට පටහැනිව සමාගම් ලියාපදිංචි කර ජාවාරම් තවදුරටත් විධිමත් පරිදි කරගෙන යාමට ඉඩප්රස්ථා විවර කර දී ඇතැයි ද එහි සඳහන් වේ.
ආදායම් ලැබිය හැකි මාර්ග පෞද්ගලික අංශයට පවරා දී ඇති තත්ත්වයක පවා දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් රුපියල් බිලියන 13 ක් යැයි ද වසර10 කට වැඩි කාලයකින් දුම්රිය ගාස්තු වැඩිකර නැති තත්වයක් තුල වූවද මුළු වියදමින් 45% ක පමණ ප්‍රමාණයක් ආවරණය කර ගැනීමට තරම් ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුව උපයන්නේ යැයි ද එම සන්ධානය කියයි.
වාර්ෂික වියදම ඉක්මවා ආදායමක් ලැබීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාව ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙක් අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණකැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර දුම්රිය වෘත්තිය සමිති අටක් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිතය.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දුම්රිය වෘත්තිය සමිති ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි