IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඡන්දයක් තිබ්බොත් වෙන දේ ඇමැති ශෂීන්ද්‍ර කියයි

(ඩයනා උදයංගනී)

හෙට ඡන්දයක් පැවැත්වූවොත් රජය ඉන් පරාජයට පත්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවසීය.

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගත් තීරණය ‘මිනිසුන් වස විෂ කාලා මිනිස්සු මැරුනත් කමක් නෑ මගේ ඡන්දය මම දිනනවා’ කියන මතයේ සිට ගත් තීරණයක් නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

එය මැතිවරණයකට ඉදිරිපත් වන කිසිම දේශපාලන නායකයෙක් නොගන්න ආකාරයේ තීන්දුවත් බව ද ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා ලබාදෙන පළමු කාබනික පොහොර තොගය නිකුත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. කුඹුරු හෙක්ටයාර 2000 ක් සඳහා මෙහිදී කාබනික පොහොර ලබාදීම සිදුකෙරිණි.

මෙවැනි තීරණයක් ගැනීමට හැකි නායකයන් අඩු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එහෙත් හදවතින් නිවැරදි කාර්යයක් කරන්නේ නම් මොනතරම් අවලාද ආවත් අනිවාර්යයෙන්ම එම ගමන යන බව ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (27)

ඡන්දයක් තිබ්බොත් වෙන දේ ඇමැති ශෂීන්ද්‍ර කියයි

Hafeel Monday, 25 October 2021 07:56 AM

චීනුන්ට දොස් කියලත්, අපේ රටේ පාලකයන්ට දොස් කියලත් පලක් නැහැ. රටේ ජනතාව නේද දැන දැනම මේ පට්ට හොරුන්ව බලයට පත් කරන්නේ. රටේ ජනතාව දන්නවා නේ වර්තමාන ජනාධිපතිට බරපතල නඩු සහ චෝදනා තිබුණු බවත් සහ වර්තමාන ජනාධිපති, අගමැති මහින්ද, බැසිල් රටේ සම්පත් තුට්ටුවට විදේශිකයන්ට විකුණන බවත්. දැන දැනම මේ හොරුන්ව පත් කරලා, දැන් චීනුන්ටයි, ඇමෙරිකාවටත්, ඉන්දියාවටත් බැනල වැඩක් නැහැ.

:       3       27

ලලිත් අම්බලන්ගොඩ Monday, 25 October 2021 08:17 AM

කාබනික වැඩේ හොදයි. ඒත් කිසිම සැලසුමක් නැහැ.

:       2       31

Bamunuarachchi Monday, 25 October 2021 08:26 AM

ඕක කියන්න දෙයක් නොවෙයි ගෙදරක ඩිසිප්ලින් හදන්නේ තාත්තා. ළමයින්ගෙන් ඇසුවොත් කාටද ආදරේ කියලා අම්මට කියනවා. පොඩිහිටියෝ වැඩිහිටියෝ උනාම තේරුම් ගන්නවා එදා තත්තා කලදේ හරී කියල. දැන් ජනාධිපති කරන දේවල් හරී කියා තේරෙන්න කාලයක් යාවි. එතකම් ජනාධිපති හොඳ නැහැ වගේ පෙනේවි. තාත්තලා ළමයි හොඳට හදන්නේ ඔවුන්ගෙන් ජීවත් වෙන්න නොවෙයි. ජනාධිපතිත් රටට වැඩ කරන්නේ ජනාධිපති වෙන්න නොවෙයි. හැබැයි ළමයිනේ හොඳට හැදෙන්න නම් අනුර වාගෙ කොල්ලෝ ආශ්‍රය කරන්න එපා.

:       39       7

BamunuarachchiMonday, 25 October 2021 01:17 PM

හම්බ කොල්ලොත් ආශ්‍රය කරන්න එපා හොඳේ

:       10       2

naushiMonday, 25 October 2021 03:28 PM

හම්බ භීතිකාවෙන් පෙලෙන මානසික රෝගියෙක්

:       1       3

BamunuarachchiMonday, 25 October 2021 06:38 PM

භීතිකාවෙන් පෙළෙනවා නොවෙයි, හමබයින්ගේ වැඩ ගැන නොසිතන සිංහලයින්ට මොවුන්ගෙන් වෙන්න යන හානිය පෙන්වනවා. භීතියක් නැහැ... අවස්ථාවක් ලැබුනොත්.

:       0       1

Hafeel Monday, 25 October 2021 02:00 PM

ඒ කියන්නේ රටේ සම්පත් චීනුන්ට, ඉන්දියාවට, ඇමෙරිකාවටත් විකුණන එක තේරෙන්නත් කාලයක් යාවිද? අනික පොහොර නොමිලේ දෙනවයි කියලානේ කිව්වේ. ඒකත් තේරන්න කාලයක් යාවිද?

:       2       4

BamunuarachchiTuesday, 26 October 2021 07:43 AM

ලෝකේ අනික් රටවල් සමග වෙළඳ සමබන්දකම් තිබෙනරටවල් සියල්ලම දියුණුයි. සිංගප්පුරුව චීනෙට විකුනලා බොහොම කල්, ඔස්ට්‍රේලියාව වරායක් චීනෙට විකුනලා බොහොම කල්. ඇමරිකාව චීනෙට ඩොලර් ට්‍රිලියන 1.1 ණයවෙලා බොහෝම කල්. සම්පත් නැති මේ අල්ලක් වගේ පුංචි රටක් ලෝකය සමග සම්බන්ද නැතුව නැගිටින්න පුළුවන් කමක් නැහැ.

:       0       0

පිටිගල මිලානෝ Monday, 25 October 2021 08:33 AM

සාටකෙත් ඇදගෙනම එන්න ඡන්දෙ ඉල්ලන්න.

:       2       29

ravin Monday, 25 October 2021 08:45 AM

එහම කිව්වොත් මිනිසුන්ගේ අනුකම්පාව ලැබේවි. ඔක්කොම ගොන්නු කියලා හිතලාවත් සැනසෙන්නකෝ.

:       1       29

Sunil Monday, 25 October 2021 08:54 AM

හෙට නොවෙයි කවදා තිබ්බත් වෙන්නේ ඔය දේම තමයි.

:       2       30

hesaMonday, 25 October 2021 10:57 AM

එහෙම හිතාගෙන තමයි ගිය වරත් දැඟලුවෙ, හරියට ඡනාධිපති වූ ලෙසට. මැතිවරනයක් තිබිලා පහුවදාට තමා හුලං බහින්නෙ.

:       0       13

Kumara Monday, 25 October 2021 09:30 AM

ගොන්පාර්ට් තේරෙන්න අරන්, බයිලා ගහලා වැඩක් නැහැ,

:       3       21

ගජමිතුරු Monday, 25 October 2021 09:45 AM

කෘෂිකර්ම ඇමතියෙක් තවත් ඉන්නවා කියලා ගොවීන් දන්නවා නම් මොකෑ වෙන්නෙ කියන්න.

:       2       15

Nima Monday, 25 October 2021 10:36 AM

සානුකම්පිත ඡන්ද ලබා ගැනීමට උත්සාහ කිරීම......

:       1       23

sharm warn Monday, 25 October 2021 10:46 AM

වෙන්නේ මොනවද කියලා තේරුණා එකත් වටිනවා.

:       1       14

Perera Monday, 25 October 2021 11:10 AM

මොල හතාලා ගාව ඕවයින් ගොඩ යන්න සැලසුම් ඇති අහලා බලන්න.

:       1       14

ranjith Monday, 25 October 2021 11:24 AM

ඕනේ මොන්ටිසෝරි ළමයෙකුට මේක තේරෙනවා .කිරි වෙනුවට කැඳ පොවන්න කතා කරන අධ්‍යාපන ඇමතිලා ඉන්න

:       2       11

de silva berlin Monday, 25 October 2021 11:49 AM

විකාර දොඩවනවා, ලෝකයේ දියුණු රටවල කාබනික පොහොර යොදල වවන ආහාර තිබෙනවා නමුත් මේවා සාමාන්‍ය ආහාර ද්‍රව්‍ය වලට වැඩිය දෙගුණයකින් පමණ මිල වැඩි වෙනවා.

:       2       12

බණ්ඩා Monday, 25 October 2021 11:57 AM

ඔව්, ඔව්, වරෙල්ලා වරෙල්ලා. අපිත් දෙන්ඩ තමයි ලෑස්ති වෙලා ඉන්නේ. චීන අසුචි පොහොර ගහලා තමයි පන්නන්නේ. පල් හොරු.

:       2       10

sam Monday, 25 October 2021 12:29 PM

මේත් කොමිසා වගේම පට්ට හොරෙක් තමයි .මුන්ගේ පවුලේ එවුන්ට යන්න වෙනම අපායක් දැනටමත් හැදිලා තියෙන්නේ .දේවාල වලින් හොර කැපුවත් ඇතිනේ

:       2       11

sam Monday, 25 October 2021 12:43 PM

හරියට හරි .මේ වගේ රටවල් කන එවුන් ලෝකේ අඩුයි ,හැබැයි ලංකාවේ වැහි වැහැලා .මුන් චන්දෙ ගන්නේ දෙකට නැමිලා ඊට පස්සේ දිනලා රට මංකොල්ල කාලා ,රටේ කෑලි විකුණලා කොමිසුත් ගහනවා.කාලකන්නි

:       2       7

Nihal Monday, 25 October 2021 12:43 PM

ඒ ගොල්ලන්ගේ ඡන්දයේ පොහොට්ටුව කියලා ලකුණක් නැහැ...

:       1       1

de silva Monday, 25 October 2021 12:56 PM

ආයේ ඡන්දයක් තිබ්බොත් සාටකෙන් බෙල්ලේ වැල දමාගන්න තමයි වෙන්නේ... මේ සැරේ බේරගන්න එන්න රනිලුත් නැත..

:       1       2

BamunuarachchiMonday, 25 October 2021 06:40 PM

දැනටම බදියුදීන්, මරික්කාර්, රවුෆ් ලැහැස්ති වෙනවා ඇති ඔබේ ඡන්දය ගන්න.

:       2       1

Suba Monday, 25 October 2021 01:25 PM

පොහොර ඕනෙ පොහොර ඕනෙ කියලා පෙළපාලි යන උන්ම තමා පෝලිමට ගිහින් හොරුන්ට කතිරෙ ගහලා දිනුවට පස්සේ උන්ව කරේ තියාගෙන එන්නේ. අපේ රටේ බහුතරයක් ඡන්ද දායකයෝ ඇවිල්ලා නගුලටවත් බඳින්න සුදුසු නෑ. මී ගවයන්ටත් අන්තයි.

:       1       4

wahaldeepe Monday, 25 October 2021 06:55 PM

කොහොමත් එයාලා පැනගන්න තමයි දැන් බලන්නේ.. හම්බ කරලා තියෙන්නේ ඇතිවෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1142 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 368 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 438 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 359 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 535 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4438 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site